ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 May, 2011

මෙන්න වැඩ මට නම් හිතාගන්නම බෑ

දවස් 2 , 3කින් හරියට පොස්ට් එකක් දාන්නවත් බැරි උනානේ... ඔන්න ඉතින් ආයෙමත් වැඩ පටන් ගන්නයි හදන්නේ.. හැබැයි ඉතින් වෙනදා වගේ හැමදාම පොස්ට් දාන්න නම් පුලුවන් වෙයිද කියලා කියන්න  නම් බැ.. ඒත් පුලුවන් හැම වෙලාවකම ඔයාලට වටින කියන දෙයක් එක්ක පොස්ට් එකකින් හම්බ වෙන්න තමයි  මගේ බලාපොරොත්තුව..
ගොඩාක් බිසි වෙයි කියලා හිතන නිසයි එහෙම කිවේ... (ඇයි බැංකුවේ වැඩ ගෙදර ගේනවද කියලා ඔයාලා අහයි, අනේ නැ එහෙම කරන්න බැනේ... ඒවා ඉවර කරලානේ ගෙදර එන්නේ..., එහෙමනම් මොනවද මේ කියන්නේ නේද?????)
ඇත්තටම ඉතින් මේක මගේ පොඩි ස්ටඩි වැඩ වගයක්.. මම කලේ මැත්ස් නේ එත් මම මාස 6 කින් චාර්ටඩ් වල ඊකොන් . මෑත්ස් , ඉන්ග්ලිස් ඕවා ටික නම් ගොඩ.. ඒත් එකවුන්ට් එක ටිකක් විතර අවුල් වෙලා.. සැප් වල කොහොමහරි එක්සැම් එක ගොඩ දාගන්න ඕනා..ඒකට ටිකක් මහන්සි වෙන්න හිතුවා..
ඒත් අද මම මේ පොස්ට් එක දාන්න හිතුවේ එකට නම් නේමේ... ඔන්න ඉතින් ඊයේට මගේ බ්ලොග් දෙවෙනි සිසන් එකට බ්ලොග් කරනයට ඇවිල්ලා මාසයක් සම්පුර්ණ වෙනවා... පොස්ට් 40 ක් විතර ඒ මාසේ ඇතුලත මම දාලා තියනවා.. ඔයාලා 2500 සැරයකට වඩා මාව බලන්න ඇවිත් තියනවා.. මාව ෆලෝ කරන අය අද වෙනකොට 33 ක් ඉන්නවා... ඔයාලා හැමදාම මගෙත් එක්ක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.. ඒ වගේම මම දැන් සින්ඩි 5කම ඉන්නවා.
ඒ හැම එකකම ඇඩ්මින් කෙනෙකුටම මම ගොඩාක් ස්තුති කරනවා.
ඔන්න මම මේ මාසේ සම්පුර්ණ වෙනකොට පුන්චි තැග්ගක් ඔයාලට දෙනවා....කැමතිනම් බාර ගන්නකෝ... මගෙන් ඉංග්‍රිසි බ්ලොග් එකක්
ඇවිත්ම බලන්නකෝ... ENTER
ඔයාලා හැමොටම ගොඩාක් තැන්ක්ස් හැමදාම මගෙත් එක්ක ඉන්නවට

9 comments:

  1. හික්....මමද මේක කියවන පළවෙනි කෙනා...?????නැහැ වෙන්න ඇති නේ???? මරු මරු..ඔන්න මගෙන් සුභපැතුම් අය්යා....!

    ReplyDelete
  2. @ත‍ටු සිදුන සමනලි :මම හිතන්නේ නම් නංගියෝ ඔයා පලවෙනි කෙනා නම් වෙන්න බැ.එත් ඔන්න මේකට කමෙන්ට් කරපු පලවෙනියා ඔයයි.... ගොඩාක් තැන්ක්ස් හැමදාම මාත් එක්ක ඉන්නවට

    ReplyDelete
  3. අඩේ මරු මරු... මමත් මේකෙ රෙගියුලර් පොරක්... අයියගේ එකවුන්ට් 2 හැරුනම දෙවෙනියට ඉන්නේ මම.. ---->

    ඔයා ඉන්න සින්ඩි 5 මටත් කියන්නකෝ.. මම 5ක් දන්නේ නෑ නේ
    :-(

    ReplyDelete
  4. @ සුපර් : අනිවා ඔයා එහෙම කෙනෙක් තමා.. සුපර් කෙනෙක් අපිත් එක්ක ඉන්න එකත් අපිට ලොකු ශක්තියක්නේ
    සින්ඩි 5 මෙන්න
    1. ලාංකිය සිතුවිලි
    2. ලාංකිය බ්ලොග් කියවනය
    3. හත්මාලුව
    4. සින්ඩි ලංකා
    5. සීගිරි
    තව සින්ඩි 3 ,4ක් ම තියනවනේ බලමුකෝ 1 ඉයර් අනිවසරි එක වෙනකොටවත්
    හැමදාම අපිත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  5. හික් හික්... මට ලැජ්ජාවෙ බැරුවා....

    මම සීගිරි එකට දාල නෑ.. ලාංකීය බ්ලොග් කියවනයෙත් නැ.. තැනකු කිව්වට...

    මම ඔයා එන්න එපා කිව්වත් මේ පැත්තෙ එනවෝ...
    සුපර් කියන්නේ නිකන් නෙවෙයි හරිද....!!! :P

    ReplyDelete
  6. @සුපර් : ඔයාට එන්න එපා කියන්නේ නැනේ ඉතින් දිගටම හැමදාම එන්නකෝ...
    ඒ සින්ඩි ටිකටත් දාගන්නකෝ... එතකොට හරිනේ...

    ReplyDelete
  7. මගේ සුබ පැතුම් ........
    ඔබට ජය ..........

    ReplyDelete
  8. මචන් දේවා
    දැන charterd වල subjet එකින් එක ගොඩ දාගන්න පුලුවන හින්දා බ්ලොග් කෙරුවාවට අවුලක් වෙන එකක් නැ. ඉස්සර එකක් හරි ඇනුනනම් අබ සරණයි. english බ්ලොග් එකත් හොදින් කරගෙන කරගෙන යන්න මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  9. මගෙනුත් සුබ පැතුම් !!!!
    තවත් ලොකු ගමනක් යන්න ලබෙන්න කියලා පතනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....