කාලෙකට පස්සේ ඉතින් ඔන්න බ්ලොග් ලිය ලිය උන්නු දෙන්නෙක් තුන්දෙනෙකට හිතුනලු කට්ටිය එකතුකරගෙන ඒ අයට කැම වේලක් එහෙම දීලා දානමය පින් කමක් එහෙම කරගන්න....
සාමන්යෙන් ඉතින් දානයක් දෙන්න කලින් බණක් කියනවනේ.... සැමා ඉතින් ඒක ඊයේ කරලා කියලා දන ගන්න ලැබුනේ දැන් ආයේ ෆේස් බුකියේ මැසේජ් බලනකොට,....
බන අහලා ඒ පින් ටිකත් එකතු කරන් අද (27) කට්ටිය්වම දානමය පින්කමට සහබාගි කරගෙන ( රු 200 ගානේ එකතු කරන් ) ඔන්න ඉතින් ඒ පින් කමත් කළා......
....................................................................................................................................
2013 - 01 - 27
වෙනදා හිරු උදාවෙන විදිහටම හිරු උදාවුනත් මේ දිනේ ඊට දවසකට කලින් කිතුල් ගල ගිහින් පට්ට ආතල් ගොඩක් අරගෙන අතේ පයේ අමාරු තිබුනත් උදේ 5.30 ට විතර ඇහැරිලා ඉතින් 6 ට විතර බස් එකක එන්න පිටත් උනේ බ්ලොග් කරුවන්ගේ ගේට්ටුව තියනවා කියපු ගම්පහ හෙනරත් ගොඩ මල් වත්තට
කොහොම හරි 8 විතර වෙනකොට ගම්පහ ට එන්න පුළුවන් උනත් ඉතින් කලින් සැමා ගන්න එන්නම් කිවත් ඉතින් එක නොවුන නිසා මන්තුමා සුපියල් 100 ක් දීලා විල් එකක් අරගෙන එතනට ආවේ පරක්කු වෙලා ඇති කියලා හිතලමයි....
අනේ ඉතින් මම යනකොට ලස්සන ලස්සන නංගිලා අයියලා එක්ක ගේට්ටුව ලගට වෙලා ඉන්නවා පාක් එකේ ගේට්ටුව අරිනකන්...... (ඒ නංගිලා ගැන කිවේ මම ගේට්ටුව අරින්නත් කලින් එතන කියන්න හොදේ )
ඔන්න ඉතින් වට පිට බලනකොටඑක පුරුදු ඩයල් එකක්වත් නැති නිසා මමත් පැත්තකට වෙලා ඉන්න ගමන් සැමා ටත් සිරා ටත් කතා කලහම තව විනාඩි 15න් ඔතන කියලා කිව නිසා මමත් බලාගෙන ඉන්නකොට එක මල්ලි කෙනෙක් ඇවිත් අය්යා ගේට්ටුවටද කියලා අහපු නිසා පොඩි චැටක් දාගෙන උන්නා ..(මට ඒ මල්ලිගේ බ්ලොග් එකේ නම මතක නැනේ.. මේක බැලුවොත් ලින්ක් එක කමෙන්ට් එකකින් දාන්න හොදේ )
ඔහොම ඉන්න කොට ආවාහුරු පුරුදු නංගී කෙනෙක්.... ආපු ගමන් ඉතින් වැඩි කතා බහක් නැ.. ඇතුලට යනවා එතන ගේට් එකේ අය එක්ක කතා කරනවා ආයේ එනවා යනවා මටත් ඉතින් ඉන්න බැනේ.. මොනවද බන් කරන්නේ කියලා ඇහුවා ෆිට් එකටම... මම මේ ගයිඩ් කෙනෙක් හොයනවා බන් කියලා කිවා මාත් ඉතින් ඒ නංගිට ඒ වැඩේ කරගන්න දීලා ඉන්නකොට ආවා අපේ සංවිදායක සත් ගුණවත් සිරා කොලුවා....
කෝ කවුද වෙන ඇවිත් ඉන්නේ කියාගෙන ඇවිත්... අර ගරල් කෙනෙක් ඉන්නේ පවනි තරංගා කියලා තාම ඇවිත් නැද්ද එයා තමා ගයිඩ් කෙනෙක් හොයලා දෙනවා කිවේ කෝල් කලහම තාත්තා කතා කරලා කිවනේ වැඩේ හරි කියලා සිරා කීවහම ඉතින් මට හොදටම තේරුනා සිරා හොදටම නාලා ඇද ගෙනම කියලා
පවනි තරංගා ත් එතනම උන්නු නිසා ඉතින් ඒ ගැන මුකුත් නොකියා ඉන්න උනා
ඇත්තටම වෙලා තියෙන්නේ මෙකලු.....
ගාඩ්න් එක අවටින් දන්නා කියන කෙනෙක් සිරා හොයනකොට ගයිඩ් කෙනෙක් සෙට් කරගන්න මුණ ගැහිලා තියෙන්නේ පවින් තරංගා විතරයි....
පවනි තරංගා කියන්නේ කොල්ලෙක් කියලා සිරා අද වෙනකන් දැනගෙන ඉදලා නැති නිසා පවනි හොදටම සීරාව අන්දලා පවනි ගේ ම නම්බර් එක දීලා තාත්තා ගේ එක කියලා.. සිරා කෝල් කරලා
සි : හෙලෝ...
ප : හෙලෝ (පිරිමි කටහඩක් )
සි අන්කල් පවනි තරංගා ඉන්නවද?
ප : දුව නම් ගෙදර නැ කවුද කතා කරන්නේ...
සි : මම මේ සිරා කියලා කෙනෙක් නංගී සමහර විට කීවද දන්නේ නැ අපි 27 ගම්පහ ගාඩ්න් එකේ ලංකාවේ හැම පැත්තේම ඉන්න බ්ලොග් ලියන කට්ටිය එකතු වෙන්න බ්ලොග් ගේට්ටුවක් තියනවා
ප : අහ්හ් ඔව් ඔව් දුව කිවා ඉතින් ඒ වැඩේ කරලා දෙන්නම් ඒ ගැන බය වෙන්න එපා දුවත් ඒවිනෙ එදාට...
ඔන්න ඔහොමලු පවනිගේ තාත්තා එක්ක කතා කරනවා වගේ පවනිත් එක්ක කතා කරලා නාගෙන තිබුනේ...
ගේට්ටුව ඇතුලට යන්න කලින් දන්නා කියනා බ්ලොග් කරුවන් ගොඩක් එක්ක කතා කරන්න ලැබුනානේ....
|
සත් ගුණවත් සිරා , සැමා ප්‍රවේශ පත්‍ර අලවිය කම්මල ට බාර දෙමින්... | |
|
6 වෙනකොට ගම්පහ ට ආවලු චතු මිතු හැබැයිගේට්ටුවට අවේ නම් මම අවට පස්සේ | | | | | |
|
|
|
කතා නැතුව බලමු ෆොටෝ.......................................
|
බ්ලොග් ගේට්ටුවේ මුල්ම ටිකට් පත චතු මිතු මිලට ගනිමින්... |
|
ඔන්න මේ අයත් ආවලු..........
|
මෙයා මේ කියවන්නේ කා ගැනද ඉතින් කියමු බලන්න දන්නා අය |
|
වෙන ගේට්ටුවලදී මම මේක දැකලා නැ ඉතින්...... එන අය දන්නා කියන අය එක්ක කතා බහ කරලා ඉන්නවා වගේම හැමෝම ඉස්සරා තමන්කවුද කියලා හදුන්වලා දෙන්න අවස්තාවක් දුන්නඑකගොඩාක් වටිනවා
ඔහොම තමන් ගැන හදුන්වලා දුන්නට පස්සේ ඉතින් අර පවනි නංගි හොයලා දුන්න ගයිඩ් නැති උනත් සිරා කොලුවා ලංකාවේ ප්‍රථම රබර් ගහ හිටවපු තැන. (දැන් එතන ලංකාවේ දෙවෙනි රබර් ගහේ මුල විතරක් දකින්න ලැබෙන වලු ) දැනට ලංකාවේ තියන ලොකුම කද මහත රබර් ගහ පෙන්නන වත්ත වටේ එක්කගෙන ගියාලු.....
|
මේ තියෙන්නේ ඒ මුල ලු.... |
|
සත් ගුණවත් සිරා ගයිඩ් වැඩේ කරමින්.... | |
|
|
ගයිඩ් වැඩේ ගැන සැහෙන උනන්දුවෙන් බ්ලොග් පිරිස (ෆොටෝව තරියා ගෙන් හොරෙන් ) |
මෙතන සිරා රබර් ගහේ උපතේ සිට විපත දක්කවාම ඒ කාලේ උන්නා වගේ එතන තිබුන බෝඩ් එක බලාගෙන කිවේ නැ කියලා තමා මම ලග උන්නු අය කිවේ....
ඔය අතරේ අපේ ලිමෝල් හිමි බනි තුමා ඔක්කොම කද මහත ගස් වල ෆොටෝ අරගෙන ගියේ ඒවා තාත්තා ට පෙන්නලා ඉරන්න හොද ගස් තියනවා නම් ඒවා කපන්න කියලා තමා තතු දන්න අය කිවා කිවේ....
ඔන්න ඉතින් හෙට අනිද්දා ඔය ලංකාවේ ලොකුම කද මහත රබර් ගහ එහෙම නැද්ද කියලා ගම්පහ පැත්තේ ඉන්න අය හොයලා බලනවා නම් හොදයි....
ඔහොම ඇවිදලා ආවට පස්සේ බස් රේඩියෝ ටීම් එකෙන් පිරිමි අපචාරයකුත් උනාලු.... මේ තියෙන්නේ එකට ශාක්ෂි.....
|
බලහත් කාරකමට සුදානමින්... |
|
බලහත් කාරකම අතර තුර |
|
බලහත් කාරකමින් අනතුරුව... | |
|
මම හිතන විදිහට ශ්‍රීලාකික බ්ලොග් ඉතිහාසයේ ප්‍රථම වරට (කලින් වතාවක පවත්වන්න උත්සහ කරලා කරගන්න බැරි උන ) ක්‍රිකට් තරගාවලියක් මෙවර ගම්පහ ගේට්ටුවේදී පවත්වන්න යෙදුනා...
මේක ඉතින් අපි ඔය බලන කණ්ඩායමකට 11 ගානේ ඉන්න පන්දු ඕවර 50,20 තරගයක් නෙමේ කණ්ඩායමකට 2 බැගින් කණ්ඩායම් 12ක් තරග වැදුන එක පිලක් පහර දෙනකොට අනිත් ටීම් එකොළහම ඒ කියන්නේ 22ක් පිට්ටනියේ පන්දු රකින පන්දු ඕවර දෙකකට සිමා උණු පිති කරුවන් ඊට පෙර දැවී ගියොත් ඉනිම අවසන් වෙන විදිහේ කාටත් විනෝද වෙන්න පුළුවන් තරමක් අසීරු තරගයක්... (ටීම් එකක 11ක් රකිනකොට බැට් කරන්න බැරි අය 22ක් රකිනකොට ලේසි නැනේ )
ඔන්න ඒ තරගෙට මන්තුමා සමග සිංහයා ( නිරෝෂන් ) කණ්ඩායම් ගත වෙලා ක්‍රිකට් ගහන්න කියලා පිට්ටනියට ගියා..... (එකේ වැඩිය ෆොටෝ නම් නැ... ගේමට එන්ටර් වෙලානේ )
|
වලත්ත රජා එක පන්දුවකට පමණක් මුහුණ දී දැවී ගිය මොහොත |
|
|
විනිසුරු සු දී ක අවදියෙන්,... |
|
|
ලොකු ෂෝ දමමින් පිටිය සකසා පහර දී ලකුණු නොලැබූ කිකට් තරුව |
|
කඩුල්ල පිටුපස ස්කුබි... |
|
වේගවත් පහරකට සුදානමින්... |
|
තරගය කණ්ඩායම් දෙලහම පහර දීමෙන් අනතුරුව දිවා අහාරයට තරගය නතර කලේ අවසන් මහා ක්‍රිකට් ගැටුමට මම තුමා නායකත්වය දරපු වයබ ටීම් එකත් සැමාගේ බල ප්‍රදේශය කැලණිය නියෝජනය කරපු කස්සා ගේ අය්යා මලෝ ටීම් එකත් සුදුස්සන් බවට පත් කරමින්...
සැමා ගේ දානමය පුන්‍ය කර්මය ගැන ඊලගට ලියන්න ඉඩ තියලා බ්ලොග් අවකාශයේ ක්‍රිකට් සුරයන් ගැන කතා කරලා ඉමුකො...
දෙදහසක අධික බ්ලොග් කරුවන් අතරෙන් තෝරාගත් තරගකරුවන් 24 අතරේ පැවතුන මේ ක්‍රිකට් ගැටුමේ අවසාන මහා තරගයේදී කස්සා ගේ පිල ලකුණු 9කින් තියුණු ලෙස පරාජය කිරීමට නිරෝෂන් ගේ දක්ෂ පන්දු යැවීමත් දේවා නොහොත් මෙතුමා ගේ වමත් දකුණත් පන්දු පහර දීමත් හේතුවෙන් මේ වසරේ ක්‍රිකට් කිරුල වයබ පුරවරයට රැගෙන ඒමට පුළුවන් උනා.....
ලන්ච් එක දෙන්න කලින් සැමා ගේ සපත්තු දෙකහංගලා නිසා කැම ගේන්න යන්නේ නැතුව සැමා පිට්ටනියේ වර්ජනයකුත් කළා.. ඒ තරහටමද කොහෙද කැම ගෙන්න පැයක් විතර ගත්තේ බ්ලොග් කරුවන්ගේ ඉවසීමේ ගුණය කොයි තරම් තියනවද කියලා බලන්නලු..
ඔහොම කාලය ගෙවිලා ගිහින් අන්තිමේ කැම ගෙනාවත්.. කැම එක්ක දෙන්න ගෙනාපු පපඩම් පාර්සලේන කාටවත් පපඩම් නොදී එක සම්පුර්ණයෙන් ගෙදර අරගෙන යන්න සැමා සමත් උනා කියලා කිවොත් මම හරි නේද?
ආපු අයගෙන් අහන්නේ කාටවත් පපඩම් එහෙම ලැබුනද?
|
කැම වලදන බොල්ග් කරුවන්. |
|
අත් සේදීමේ යහපත් ගුණය ඇති පිරිස කැමෙන් පසු |
|
බ්ලොග් කාන්තාවන් වෙනුවෙන් පමණක් පවත්වන්නට යෙදුනු තොප්පි හුවමාරුව |
|
ජයග්රාහිකව චාතු මිතු |
|
2013 බ්ලොග් සිහින බක්මහ උළෙල අප්‍රියල් 21 බව නිවේදනය කරමින් |
|
ගියෙන් ගිය |
|
සුපිරි ඩාන්ස් සමගින් |
|
කවුද මෙයාව ඔතාගෙන ආවලු |
|
සුපිරි වීරයා ගියෙන් ගිය ජයගත් |
|
ආව අයගෙන් කොටසක් |
|
|
හවලිවීමට බොහෝ දේ තිබුනත් පොස්ට් එක ටිකක් දිගයි වගේ ඒ නිසා බ්ලොග් ඉතිහාසයේ තවත් අමතක නොවෙන දවසක් අපිඅ ලබා දුන්නු සැම් සිරා අටම් ඇතුලු සැමට ගොඩාක් ස්තුතියි කියලා අදට නවතිනවා..
ප.ලි. : මඩ ලිවේ උපහාසයට මිස අපහාසයකට නම් නෙමේ... මද නොතිබුනා නම් ආතල් එකකුත් නැනේ...