ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 April, 2012

සුභ පැතුමන් අරන් එන්න...... ඇවිත් බලන්න ඒ මොකටද කියලා


හැමෝම ඉතින් ඔන්න සාදරයෙන් පිලිගන්නවා.....  කවදාවත් නැතුව මුනු පොතේත් ස්ටැට්ස් එකක් දැම්මානේ අද බ්ලොග් එක පැත්තේ එන්න කියලා....

අද පුන්චි දේව්.... පලවෙනි උපන්දිනේ සමරනවා.. 

බ්ලොග් ලොකේට ඇවිත් නම් අවුරුදු 2යි මාස 3ක් විතර උනත්... දේව් ගේ අඩවිය (කලින් එක එක නම් තිබුනා තමයි )  ලියන්න පටන් ගත්තේ 2011 අප්‍රියල් 30 ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින්....

ඉතින් මේ අවුරුද්දක කාලය ඇතුලත බ්ලොග් නිසා ඇත්තටම ගොඩාක් වටින යාලුවෝ සෙට් එකක් මුන ගැහුනා...

සයිබර් අවකාශයේ මෙහෙම එකතු උනු වෙන පිරිසක් ලොකේ කොහෙවත් නැතිව ඇති... බ්ලොගර් ස්ලා මේක සයිබරයට නිකුත් කරනකොටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති....

ඒ හැම දෙයක්ම සිදු වුන මේ බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි......


අද ඉතින් ඔන්න දේව් පලවෙනි උපන්දිනේ සමරන ගමන්ම පුලුවන් තරම් කල් බ්ලොග් ලියන්න.. (ඔයාලට එපා උනත්) හිතා ගන්නවා....

නම් වශයෙන් මට මතක් කරන්න ගියොත් ඇත්තටම අද පොස්ට් එක ලියලා ඉවර කරන්න වෙන්නේ නැනේ...

ඒ නිසා මගේ බ්ලොග් එක කියවන නොකියවන ෆලෝ කරපු නොකරපු. බ්ලොග් ලියන බ්ලොග් නොලියන හැමෝටම ගොඩාක් පින්...

විශේශයෙන්ම ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා එයාට ස්තුති නොකලොත් මම කරන ලොකු වැරද්දක්... මාව බ්ලොග් ලෝකෙට  අරගෙන ඇවිත් මට හැමදෙයක්ම කියලා දුන්නු බ්ලොග් ලොකේ පරිණත මම ගොඩාක් ගරු කරන ජිවිතේ මල් බ්ලොග් එක ලියන දිල් අක්කට මම අදත් ගොඩාක් ආදරයෙන් ස්තුතියි අක්කේ මේ වගේ දෙයක් මට හදුන්වලා දුන්නට....


මේ අවුරුද්දේ ඇතුලත හිට්ස් දෙලක්ශ විසි දාහකට එහා වගේම (එක එක අය මොනවද කරලා කියලා කියනවා  අනේ මම නම් ඉතින් ඔය කියන කතා දන්නේ නෑ අනික මම දන්නේ නැ ඔය බ්ලොගර්ස්ලා දුන්නු හිට් කවුන්ටරේ ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියලාවත්)

පොස්ට්171 ලියවිලා තියනවා වගේම මේ අවුරුද්ද ඇතුලත ෆලෝ කරපු ගාන 320 වෙලා තියන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි...

කමෙන්ට් උනත් කියන්න තරම් වරදක් නොවුන එක ගැන නිහතමානි සතුටක් එක්ක මම අද මේ මගේ උපන්දිනේ (බ්ලොග්) සමරනවා....

ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගමන් හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා... මම ලියන ඒවා හොදනම්


ඔන්න පොස්ට් එක පුරා කේක් ඇති ඇති තරමක් කන්න.. මදි උනොත් කියන්න අනිවා ඊලග ගේට් එකේදි ඇති වෙන්න කන්න දෙනවා....

ඔන්න මුකුත් මම ගෙනාවේ නැ.. කැමති එකක් අරගෙන බීලා ඔන්න මට බිල් එක එවන්නකෝ

එහෙමනම් ඉක්මනට ආයේමත් පුරුදු සෙනහසින් මුන ගැහැමුකෝ..

ජය

27 April, 2012

සයිබර් සැනකෙලි පාර්ට් 2.

සයිබරයේ  මහා බක් මහ සැනකෙලිය ඉවර වෙලා දවස් 6ක් විතර ගෙවිලා තාම මුනු පොතේ බ්ලොග් වල ඒ ගැන කියවෙනවානේ.. මගේත් ඒ ගැන ලියවෙන දෙවෙනි ලිපිය.. පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් එන්න පුලුවන්

* විශ්වය මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනිය කූටප්‍රාප්තිය*

හැමෝම දන්න කියන සයිබරයේ එක එක නම් වලින් හදුන්වන සයිබර් සිහින බක්මහ උලෙලේ නිර්මාතෘ වරයා...
උදේ ඉදන්ම පට්ට බිසි චරිතයක් නිසා වැඩිය කතා කලේ නැ වගේ දැක්ක විදිහට....
ආපු ගමන් ඕනයා අයියාට අසනිපයි කියලා බලන්න යන්න උනානේ..


මම ඉන්න 4ටෝ ගොඩාක් අඩුයිනේ ඔන්න පොඩි මැන් , වැප් අය්යා එක්කම ඉන්න 4ටෝ එකක්...  ඔය ඔතන ඉන්න නංගි තමා කට මිරිස් කරලකට වඩා සැර දුශ් කියන්නේ...

ආදරේ හරියට විදිනවානම් ඒක දුකක් කියලා එදා ඔතන ලොකු වලියකුත් දාගත්තා, ආදරය නිසා දුක් විදින්නේ නැත්නම් ඔයාලා හරියට ආදරේ කරන්නේ නැහැලු මම නෙමේ දුෂ් තමා කිවේ

හැටකට ගහන්න වගේ ආවට මේ අය මේ එන්නේ අවුරුදු උත්සවෙට තමයි


අවංක පැට්ටා අයියා කෙල්ලට ලියපු ලියුම ලියලා ඉවර කරගන්න බැරි උනා කියලා පිට්ටනිය කෙලවරක ඉදන් ලියන අපුරුව ඒ ලියුම

ඔය එන්නේ ඉතින් යුගයේ තවත් ජනප්‍රිය එක දිගට පොස්ට් වැටෙන්නේ නැති පන්සල් හංදිය බ්ලොග් එක ලියන කල්හාර අයියා ඇතුලු පවුලේ පිරිවර තමා....

යන්නේ නැතිව ඉන්න උන්නු මමත් යන්න කල්හාර අය්යාගේ බල කිරිමත් හේතු උනා.. තැන්ක්ස් අය්යේ මේ තරම් දේයකට එන්න පාර කීවට


මේ ඉන්නේත් ඉතින් අර සුලැගිල්ල කියලා සාර සංග්‍රහයක් ලියන ඒ වගේ තව ඉතින් හොරෙන් බලන බ්ලොග් එකක ගොඩක් ලිපි වලට ලින්ක් වැටිලා තියන පවිත්‍ර කොලුවා තමා,,

ගාල්ලේ පිරිවර.. බනියා තුමාට කැම නොදි අනිත් අය කාලාද කොහෙද? හිම හංසි, ප්‍රාර්ථනා ඉන්නවා ඔතන

ආපහු යන්න සල්ලි නැ ඩොකි අක්කා (හසි) මේක අරන් කියක් හරි දෙන්නකෝ



සයිබර් උලෙල මාධ්‍ය ආවරනය කරමින් කටයුතු කල කිහිප පොල අතරින් වෙනි අය්යා. JD Da Shady අය්යා සමගින් කවදාවත් වයසට නොයන නාකියා

එතෙක් මෙතෙක් ලක් ඉතිහාසයේ නොවු තරමේ වේගවත් කාන්තා මීටර් 100 සියලු තරග කරුවන් එක පෙලට

ලාස්ට් රෝ නොහොත් අන්තිම පේලියේ සෙට් එක


 මෙතන හරියටම මොකද උනේ කියලා අහගන්න වෙන්නේ නම් පොඩි මැන්ගේ වෙන්න බිරියගෙන්ම තමා... දතක් කැඩෙන්න දුන්න කියලා තමා ආරංචිය


සිහින බක් මහ උලෙල අතර මැද අල්ලන් සෙල්ලම්



මේ පැණි හිනාවක් ද අහිංසක හිනාවක්ද කියලා තාම හිතා ගන්න බැ මට.. මොනවා උනත් මේ තමයි මෙවර සයිබරයේ සිහින බක් මහ උලෙලේ බර කරට අරන් කරපු රාජ් සහෝදරයා



පරිණත කමෙන්ට් කරු හෙවත් බ්ලොග් අවකාශයේ තරුණ හදවත ඔබා මාමා 
පොඩි මැන් ට උදේ පාන්දරම ඔබ්සවර් අංකල් ව අදුන ගන්න බැරිවෙලා තියෙන්නේ දැන් ඉන්න වයසට වඩා පරන වැඩි වයසක ෆොටෝවක් ප්‍රොෆයිල් එකට දාලා නිසා කියලා තමා කිවේ

ජනරග ගේ මයික්‍රෆෝනය දැන් අනුරාධ හා ගයාන් වෙත


කොයි තරම් කුප්ප කතා කිවත් බලන්නකෝ රත්ගමයාගේ තියන අංහිසක පෙම් පාට

කෙල්ලන් සමග වැඩිම ෆොටො ගනනකට මුන ඔබා ගන්න තැත් කල ඩාක්නෙට් ඉශාර මලයා සමගින් ප්‍රාර්තනා, හසි

සිහිනස් වැඩ ගොඩාක් කල එල කොල්ලෙක්... මෙතන නම් දෙහි ගෙඩිය අතේ තියාගෙන දුවගෙන ගිහිල්ලා අනිතිම මොහොතේ හැන්ද උඩ තියාගන්න ගිහින් ඒකත් වැ‍ටුනා කියලා කිවේ


දුකා අයියා... මට ඇත්තටම එක පාර අදුන ගන්න බැරි උනා අයියා දාලා තියන පින්තුර වලට වඩා ගොඩාක් ලස්සනයිනේ......


දුෂ් කට ඇරි සැනින් ජනරග  නහය වසා ගත්තේ ඇයි..... පින්තුරයෙන් ඔබේ හදවතට


රේප් මහතාගෙන් දර්ශණිය 6 පාරක් එත් මේ ක්‍රිකට් නෙමේ කණා මුට්ටි...රෙපා ඇවිත් උන්නේ ක්ලාස් යන පොතුත් අරගෙන... එහෙමයි කැපවිම



හිම හංසි & බිම්සර ඇත්තට මට දැකපු 4ටෝ වලින් අමුතු ලස්සනක් දැකපු 4ටෝවක්

කලින් පොස්ට් එකේදි මම ගත්තු 4ටෝ දානවා කිවත් මේ දවස් වල අප්ලොඩ් කරන්න නම් වෙන්නේම නැ.. ඒ නිසා හිත ගත්තු ලස්සන 4ටෝ ටිකක් බෙදා ගන්න හිතුනා....


මේ 4ටෝ වල නියම අයිතුකරුවන්ට මාගේ ප්‍රණාමය...

මේ 4ටෝ ටිකෙන් නමින් රුපයෙන් එක වර නොදැකපු කිහිප දෙනෙක් ගැන දැන ගත්තා නම් ඒ ඇති....

සයිබර් සිහින බක් මහ උළෙල 2012 පිලිබද සටහන් මෙතකින් නිමා කරන්න හිතුනා

නැවතත් දවසක සයිබරේ යහලුවන්ගේ එකතුවකින් මුණ ගැහෙමු..

ජය වේවා..




23 April, 2012

සයිබර් සිහින බක් මහ උළෙල - 2012 - මගේ ඇසින්

ලක් මව් තුරුලේ පමණක් නොව ලොකයේ කොහේවත් මෙහෙම බ්ලොග් කරුවන්ගේ එකමුතුවක් අත්විදින්න පුලුවන් වෙවි කියලා මම නම් හිතන්නේ නැ... මේ දිග හැරෙන්නේ ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ගේ සයිබර් සිහින උලෙල 2012 මම අත් විදපු හැටි...

කෙටියෙන්ම මේක හදුන්වනවානම් ඇත්තටම පට්ට....

නවක බ්ලොග් තරු වල දායකත්වයෙන්... ප්‍රවින බ්ලොග් කරුවන්ගේ අවවාද සම්පත් ශ්‍රම දායකත්වයෙන් දිග හැරුනු සයිබර් සිහින බක්මහ උලෙල 2012 වචනයේ පරිසමාප්ත අයුරින්ම සයිබරේ මිතුරන් හැමදාම අන්තර්ජාලයෙන්.. බ්ලොග් කමෙන්ට්, ෆේස්බුක් ඔන්ලයින් චැට් වලින් එකතුවෙලා ඉන්න මොහොතෙන් මිදිලා හැබැහින් එකතු වෙලා හැකියාවන් දක්ශතා පෙන්නන්න ගොඩ නංගපු සුපිරිම සුපිරි උලෙලක් කියලා කිසිම විවාදයක් නැතුව කියන්න පුලුවන්...

* විශ්වය මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනිය කූටප්‍රාප්තිය*

වචන වලින් විස්තර කල නොහැකි ආශ්වාදයක්.. හදවතට දැනෙන සමිප සොදුරු බවක් එක්ක ගෙවුනු හෝරා කිහිපයක් අකුරු කරනවාට වඩා ඒ මොහොතේ මගේ පුන්චි කැමරා කාචයේ (ලොකු කැමරා තිබුනානේ ඒවාගේ 4ටෝ ඉක්මනට එලියට ඒවිනේ) සටහන් උනු සේයාරු කිහිපයකින් මෙලෙස සයිබරයේ බක් මහ උලෙල සදාතනික සිහිවටනයක් ලෙසින් බ්ලොග් පි‍ටු අතරට එක් කරන්නෙමු..

උත්සවයේ අවසාන මොහොත තෙක් ‍රැදිමට නොහැකි ඌ නිසාවෙන් සමහර තරග පිලිබද තවත් බ්ලොග් වලින් කියවන්න ලැබේවි..


මම යනකොට එතන මැච් එකක් ග්‍රවුන්ඩ් එකේ... වෙලාවට අනිත් පැත්ත තමා අපිට වෙන් කරලා තියෙන්නේ... නැත්නම් ඉතින් උදේ පාන්දර ගේම ඉල්ලන්න වෙනවනේ


මේ සෙට් එක උදේම පිට්ටනියට බැහැලා ඕං

හැබැයි සංවිධායක මණ්ඩලය එතනට නියම කෙනාව එවලා තිබුනා වැඩ ටික බලන්න...  පොඩි උනාට කෙල්ලගේ කටේ සැර තමා බලන්න ඕනේ
පේනවානේ වැඩ..
ඇතුල් වෙන්න කැම ටෝකන් ගන්න මුලින්ම ආවේ මෙන්න මේ දෙන්නා

මේ ඉන්නේ ආව අය


මේ ඉන්නේ ආව අය
මේ තියෙන්නේ පහන

එස් එල් ටි එකෙන් ප්‍රධාන අනුග්‍රහය


කථනයෙන් බස් රේඩියෝ

මේ ඉන්නේ ආව අය
සයිබර් අවකාශයේ කනා මුට්ටියට ගහන්නේ මෙන්න මෙහෙමයි..







කනවා කියලා කන්න ඕනද මෙහෙම බනිස්...




 

සමබර බ්ලොග් කරුවෝ 


තව ගොඩාක් 4ටෝස් තියනවා... තව කියන්න දේවල් ගොඩාක් තියනවා.. කොහොමත් හැමෝම දන්නවානේ මම ඉන්න පැත්තට සුපිරි වේගයකින් අන්තර්ජාලෙට ලොග් වෙන්න ෆොටෝ අප්ලොඩ් කරන්න පුලුවන් කියලා.... ඉතින් දැන් නම් ඒවා දන්න අමාරුයි... පුලුවන් උනොත් ඊලග පොස්ට් එකෙන් දාන්නම්කෝ ඔයාලා කැමතිනම්...

සයිබර් බක් මහ උලෙල අදහස ඉදිරිපත් කරමින් එය හිනයකින් යතාර්ථයක් බවට පත් කල ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන හැමෝම දන්න කියන අභිත අයියාට මගේ ස්තුතිය...

අභිත අයියාගේ ඒ හිනේ දෙවෙනි වර දකිමින් එය මෙලෙස සාර්ථක කරගන්න වෙහෙස මහන්සි උන රාජ් සහෝදරයා ඇතුලු අනික් පිරිසටද මගේ ප්‍රණාමය..

මේ හැම කටයුත්තකටම හදවතින්ම උපකාර කරන උපදෙස් ලබාදෙමින්මග පෙන්වන බ්ලොග් ප්‍රවිනයනටද මගේ ස්තුතිය..

ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ උනු හැම දෙනෙක්ටම සම්බන්ද වෙන්න නොහැකි උනත් ඒ වෙනුවෙන් වචනයකින් හරි උදව් කල හැමටමද ගොඩාක් ස්තුතියි...

THANKS