ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 May, 2011

ඔයාට ආඩම්බර වෙන්න ඕනේ නම් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි


ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඕනේද?
එහෙමනම් කියවන්න මේ ලිපිය......................

(
කොහොමද දේවා ගේ වචන ටික...)

ඔව් ඇත්තටම දේවා කියන්නේ එක්තරා විදිහක පිස්සු කොල්ලේක්.. මගේ බ්ලොග් එක කියවන ඔයාලාට එක අමුතුවෙන් කියන්න ඔනේ නැනේ.... මෙක විකාරයක් නම් නෙමේ.. දේවාට හිතෙන අමුතු අදහස් වලින් එකක්..

ඇත්තටම........................ කවුද අකමැති ආඩම්බරෙන් ජීවත් වෙන්න...

ජීවිතේ අපිට වැඩියෙන්ම ආඩම්බර වෙන්න පුලුවන් කියලා මම නම් හිතන්නේ අපි කාගෙවත් ඉනිමගක් දිගේ උඩට නගින්න උත්සහ කරන්නේ නැතුව තමන්ගේ දෙපයින් කියන්නේ තමන්ගේම උත්සහයෙන් නැගිටින එක (නැගිටින කිවේ අපිව වැටිලා නෙමේ.. දියුනු වෙන එක)

අපිට කකුල් මාට්ටු දාන්න , මාර්ග බාධක දාන්න , බොරු වලවල් කපන්න , තල්ලු කරන්න, ඉන්න කට්ටිය අපිට උදව් කරන්න ඉන්න අය වගේ දස දහස් ගුනයකින් වැඩියි,..

ඔහොම අපිට කකුල් මාට්ටු දාන, තල්ලු කරන අයත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා.... මේ සමාජයේ අපිට බැ අය නැති ලොකේක ගිහින් ජීවත් වෙන්න... 
අපිට ජීවත් වෙන්න වෙන්නේ අය ඉන්න මේ ලොකෙම තමයි.. අපිට පුලුවන් නම් මේ සමාජයේදි ඔය සිද්ඩ වෙන දේවල් දරාගෙන අපේ දෙපයින් නැගිටලා අපිටම කියලා අනාගතයක් ජීවිතයක් හදාගෙන ජීවත් වෙන්න අන්න එහෙම ඉන්න පුලුවන් නම් අපිට පුලුවන් අපි ගැනම ආඩම්බර වෙන්න.. අපිට මේ සමාජයෙදි ගොඩක් චන්ඩි හම්බ වෙනවා... සමහරු තමන්වම වීරයා කියලා හිතින් මවාගෙන සමාජයේ පොරවල් විදිහට ඉන්නවා උනාට ඇත්තටම සමාජයේ නියම පොරවල් තමා තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් විදිහට තමන්ගේ මහන්සියෙන් වැඩ කරලා නැගිටින මිනිස්සු...

කෙනෙක්ට තමන්ගේ දෙපයින් නැගිටින්න තමන් ගැන ආඩම්බර වෙන්න නම් අනිවර්යෙන්ම එයා ලග ඉවසිම නම් ගොඩක් තියෙන්න ඔනා... වගෙම ගොඩක් ලොකු කැප කිරිම් කරන්න පුලුවන් වෙන්න ඔනා...අපිට අරමුනක් වෙනුවෙන්රැයක් දහවලක් නැතුව වෙනුවෙන් කැප වෙන්න පුලුවන්නම් වැටෙන වැටෙන හැම dරම ඊලග d කොහොමහරි නැගිටිනවා කියලා හිතලා වැඩ කලොත් ඇත්තටම අපිට අපි ගැන ගොඩාක් ආඩම්බර වෙන්න පුලුවන්...

අපි වෙනත් කෙනෙක්ගේ ඉනිමගක නගින්න ගියොත්... බැරිවෙලාවක අපි 1/2 නැගලා ඉන්නකොට හදිස්සියෙ ඉනිමග අරගෙන ගියොත්... අපි ආයෙමත් හිටපු තැනමයි..
තමන්ගේ මහන්සියෙන් අපි ගොඩ දාගන්න ජීවිතෙන් අපි ලොකු සුන්දර බවක් ජීව්ත් වෙන්න ආසාවක් අපිට අපි ගැනම ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා කාටවත් බැ එක නවත්වන්න............... ඉතින් ඇයි තවත් පරlal+? අපිත් අපි ගැන ආඩම්බර වෙන්න පුංචියට හරි අපේ උත්සාහයෙන් නැගිටින්න උත්සහ කරමු...

අද මම ලියපු දේ ගැන අනිවා කමෙන්ට් දාන්න... මොකද ඒක මට ගොඩක් වටිනවා...........

7 comments:

  1. ඔයාට ධෛර්යය හා ජය මල්ලි .......

    ReplyDelete
  2. එල එල.. ඔන්න මමනම් දැන් ආඩම්බරයි... :D :D

    ReplyDelete
  3. @කල්හාර අය්යේ: ඔයා හැමදාමත් මට ශක්තියක් අය්යේ මාව බලන්න එනවට ගොඩාක් පින්
    @ සුපර් මාරියෝ : ආවට ගොඩාක් තැන්ක්ස් හොඩේ අයේ එන්නකෝ පුලුවන් වෙලාවක

    ReplyDelete
  4. හොද දේ කොතනද මම එතනය.. සුපර් කියන්නෙ නිකන් නෙවෙයි

    මගේ එකටත් ෆලෝ එකක් දැම්මනම්... ;-)

    ReplyDelete
  5. අනිවා ඩෙෆා ඔන්න අපිත් එනවා ඔය පැත්තේ.. තොරන් බදින්න ඔනේ නැ... අද වෙසක්නේ.. තොරන් තියනවනේ ඔය පැත්තේ

    ReplyDelete
  6. මමත් පුදුම විදිහට උත්සහ කරන්නේ දෙපයින් නැගි හිටින්න ක්‍රමයක් හදන්න.
    මොකද මිනිස්සුන්ට අතපාලා ජීවත් වෙන්න බෑනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....