ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 September, 2011

නුවර අසිරිය වින්දෙමි සිත් සතොසින්..

ගොඩාක් හිතේ සතුටින් ලියන පොස්ට් එකක් මේක.... ඔයාලා හැමෝම වගේ දන්නවානේ මගේ උපන්දිනේ තිබුනේ මේ මාසේ 26 කියලා ඔන්න ඉතින් මගේ සුදු මැණිකත් එක්ක සෙකඩගල දලදා වදින්න ගියා.. මම 28 ඒ කියන්නේ ඊයේ...

කොහොමත් මාස 3,4 කට සැරයක් ඔන්න ඉතින් මම ඒ පැත්තේ නම් යනවාම තමයි..

නුවර දළදා මාලිගාව ගැන නොදන්න කෙනෙක් නම් නැහැනේ.... 

එත් මම කොයි තරම් දළදා වදින්න ගිහින් තිබුනත් මතක හිටින කාලෙක ඊයේ තමයි මියුසියම් එක බලන්න ගියේ....

ඇත්තටම ෆොටෝ එතන ඒවා දාන්න නම් මම ගත්තේ නැ මොකද ඉතින්
එතන ෆොටෝ ගන්න එපා කියලා

එත් එතන බලන්න වටින ගොඩාක් දේවල් එතන තියනවා..  ඔයාලත් ගිය වෙලාවක බලන්නකෝ... ඔන්න ඉතින් අද පොස්ට් එක ගොඩාක් දිග කරන්නේ නැතුව ෆොටෝ ටිකක් දානවා...
කැමති නම් බලන්න්කෝ....
















බ්ලොග් ලියන කියවන හැමෝම උදව් කරන්න මට..

ලංකාවේ බ්ලොග් ඇත්තටම 2000කට එහා ගිය ගානක් තියනවානේ සමහර බ්ලොග් තියනවා සින්ඩිවලත් නැති...  ගොඩාක් වටින බ්ලොග් සමහර වෙලාවට ඔය හේතුව නිසා මට කියවන්න ලැබෙන්නේත් නැ.. අපි බ්ලොග් එකක් ලියන්නේ අපේ හිතේ හැගිම් දැනෙන දේවල් අහන දකින හැම දෙයක්ම පිට කරගන්නනේ.. ඒත් ඒ බ්ලොග් තමන් විතරක් කියවන එක ඇත්තටම බ්ලොග් කියවන අයට අසාධාරනයක්...මම දන්නවා මටත් එහෙම ගොඩාක් වටින බ්ලොග් ගොඩාක් මිස් වෙනවා කියලා.. මම ඒ හින්දාම දේවා කියවන බ්ලොග් කියලා තැනක් පටන් ගත්තා කියලා ඔයාලා දන්නවානේ.. අද මම බ්ලොග් ලියන කියවන ඔයාලා හැමෝගෙන්ම ගොඩාක් ලොකු උදව්වක් ඉල්ලනවා මට මේකට තව ගොඩාක් බ්ලොග් එකතු කරගන්න ඕනා.. ඔයාලා දන්න කියවන වටින බ්ලොග් ගැන මට කියන්න.., බ්ලොග් එක ගැන විස්තරයක් නැත්ත කමෙන්ට් එකකින් මට බ්ලොග් එකේ ලින්ක් එක විතරක් වත් කියලා යන්න..

බ්ලොග් කලාව තව තවත් වැජබේවා...

ප.ලි : අද ලියන්න උන්නු පොස්ට් එක ලියාගන්න ඇත්තටම ඊයේ දවසේ මහන්සිය හරස් උනා.. ඒත් මේක ගොඩාක් වටින දෙයක්... මට ඔයාලා හැමෝම උදව් කරයි කියලා හිතෙනවා....

28 September, 2011

මාකටින් & ලංකාවේ ඇඩ්

හැමෝටම සුභ පැතුම් වලට ස්තුති කරන ගමන් පොඩි දැකපු අහපු දේවල් පොඩ්ඩක් ඔයාලා එක්ක බෙදාගන්න ඕනා කියලා හිතුවා.. ඒත් ඔයාලටත් මේක මේ විදිහටම දැනේනවද කියලා බලන්නකෝ....

අද මම කතා කරන්න හිතුවේ මාකටින් ගැන (කොටස් වෙළද පලක් වත් ඉන්සුවරන්ස් වත් නම් නෙමේ)

මේක උනේ සෙනසුරාදා උදේ මට පොඩිදෙයක් ගන්න ඕන වෙලා මම ටවුන් එක පැත්තේ පොඩි රවුමක් දැම්ම.

එක ශොප් එකකට ගොඩ වෙලා (මල්ලි කෙනෙක් උන්නේ ) මම මට ඕන කරන දේ තියනවද කියලා ඇහුවා... මැන් ඉතින් මුනවත් නොබලා නැ කිවා.. මම ඇහුවා ඉතින් මල්ලි කොහේ හරි මේ දේ ගන්න තියෙන්නේ කියලා....මැන් සද්දයක් නැ.... ඔන්න මිනිහගේ මාකටින්...

දැන් ඉතින් මට ඕන කරන දෙයක් ලොකේ වෙන කොහෙවත් නැ ඕකේ විතරමයි කියලා කිව්වත් මම ආයේ ඕකට යයිද??? මම දන්න කියන කෙනෙක්ට මගෙත් එක්ක යනකොට මම ඕකට යන්න එපා ආයේ කියලා නොකියයි කියලද??

ඇත්තටම ජිවිතේ කවදාවත් මට නම් එ තැනට ආයේ යන්න හිතෙන එකක් නැතිවෙයි,.. පොඩ්ඩක් කිවා නම් අනේ අය්යේ මම නම් හරියටම තැනක් දන්නේ නැ කියලා මටත් සැටිස්... ආයේ දවසක යන්නවත් හිතෙයි..

මේ මම දන්න බැන්ක් එකට එන තවත් කස්ටමර් කෙනෙක් මගෙත් එක්ක කියපු කථාවක්.. මේක හාඩ්වෙයා එකක් කියලා කියමුකෝ... සමහර බඩු තියනවානලු ගොඩාක් ලොකු ලාභයක් තියා ගන්න ගානට වඩා රුපියලක්වත් නැහැලු ගන්න ගානටම දෙන්න වෙනවලු....
ඉතින් මම ඇහුවා ඇයි ඉතින් ඒවා සේල් කරන්නේ.. ඒවට යට කරන මුදල් අපරාදෙනේ කියලා..

එතකොට කියනවා ඒ දේ ගන්න එන මගේ කස්ටමර්ස්ලා එකෙන් මට සත පහකවත් ලාබයක් නැති උනත් ඒවා ගන්න එන අය අනිත් මට ලාබයක් තියන හැම දෙයක්ම ගන්න එන්නේ මගේ ලගට... ඉතින් මට ඒකෙන් ගොඩාක් ලාබයි..
ඉතින් ඒක නේද වෙන්න ඕනේ..

අර කලින් කිවා වගේ වෙන්නේ නැතුව අපි වැඩ කරනවානම් (සේලින් විතරක් නෙමේ ඕනම ‍රැකියාවකදි මේක වැදගත්) හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුලුවන් වෙනවාමයි

මම හරිනේ....

පොඩි ඇඩ් දෙකක් මේ ටයිප් කරන අතර තුරම දැක්ක නිසා ඒවාත් මේකට ගැවෙන නිසා ලියන්න හිතුනා...

ටිවි එකේ ඇඩ් දාන්නේ ඒ භාණ්ඩ විකුනගන්න මාකට් කරගන්නේ.. එත් මම මේ දැකපු ඇඩ් දෙක මොන හේතුවක්ද දන්නේ නැ මට නම් හිතුනෙම නැ මාකට් බවක්.....

1 . **නල් ඇඩ් එකක්.. අර සුරන්ගනා කථවක වගේ කැඩපතින් ලස්සනම හිනාව ගැන අහනවා
එතකොට කැඩපත අල්ලපු ගෙදර ලතාව ඇදලා ගන්නවා.. මල පනිනකොට ඔන්න මේකෙන් පුලුවන් කියලා ** නල් එකක් දෙනවා. හරි දත් සුදු උනා කියමුකෝ... ආයේ අහපුවහම අල්ලපු ගෙදර ලතාගේ හිනහව ලස්සනම දිප්තිමත් කියලා සති දෙකකට කලින් කිව එක වෙනස් වෙලා ගෙදර වැඩ කරන ගැනු කෙනාටත් ඒ ලස්සන් හිනාව තියනවලු නොනට වගේම....
එත් ලතාගේ හිනාව සති 2න් අතුරු දහන්.. සමහර විට වැඩක් නැ කියලා ලතා **නල් අත හැරලාවෙන්න ඇති.. ඔය වගේ බොලද ඇඩ් වලට අහුවෙනවද ඉතින්...

2. මේක අලුත් ඇඩ් එකක් මම හිතන්නේ ඇන්** කියලා කිරි එකක් රු 100 පැකට් එකක් ගැන .. මේක මාකට් කරන ලේඩි කියනවානේ දවස් 5කට සැහෙන්න එකක් රු 100 කියලා..එතකොට නෝමලි කියවෙන්න ඕනේ රුපියල් 100කට දවස් 5ක් පුලුවන් ද ඒක ගොඩක් ලාභයි වගේනේ.. මේකේ කියන්නේ:"රුපියල් 100ක්" කියලා අම්මෝ ගනන් වැඩි කියලා එයලා කියනවා වගේ මට නම් තේරුනේ...

තව ලංකාවේ මාකටින් ඇඩ් නම් ගොඩාක් අවුල ඒවා මම දැකලා තියනවා එත් මේ විනාඩි 5 ට 10ට දැකපු 2ක් තමයි මේ...

ලස්සන ඇඩ් නැතුවමත් නෙමේ.. ඒවා ගැන පසුවට

26 September, 2011

සුභම සුභ උපන් දිනයක් දේවා.....

ඔන්න ඉතින් කේක් අරගෙනම ආවෝ... මොකද ඉතින් කලින් දවසක කිවා වගේ මේ මාසේ ගොඩාක් වැදගත් කියන වැඩ ගොඩාක් යෙදිලා තිබුනනේ.. බ්ලොග් එකේ පලවෙනි පොස්ට් 100 දාපු දවසේ ඉදන් එක එක වැඩ
ඔන්න අද මගේ උපන් දිනේ..


දේවා ඉපදුනේ 19....... අද වගේ දවසකනේ.... (තාම පොඩි එකෙක්නේ නේද???)

ජිවිතේ ගොඩාක් සැප සම්පත් ඒ දවස් වල තියා අදටත් දේවා ගෙවනේ නෝමල් ලයිෆ් එකක්

ගොවිතැනෙන් ජිවිතේ ගෙනියන ඒ දෙයින් මගෙත් මල්ලිගෙත් නංගිගෙත් ජිවිතේ ලස්සන කරන්න ගොඩාක් මහන්සිවෙන අංහිසක අම්මේකුගෙයි තාත්තෙකුගෙයි ලොකු පුතා විදිහට (ලොකු ම කියන්න අමාරුයි) මොකද දේවා කියන්නේ නිවුන් දරුවෙක්. කාගේ අවාසනාවකටද මන්දා මගේ සහෝ ඉපදෙනකොටම මේ ලොකෙන් යන්න ගිහින්..

දන්න කියන අය නම් කියන්නේ මම පයින් ගහලලු.. ඇත්තටම අංහිසක (අනිවා මම ගැන දන්න අය එහෙම කියනවාමයි) කොල්ලෙක් උන මට එහෙම කරන්න පුලුවන් තිබුනද කියන එක නම් සැකයි...

සහෝ ඊලග ආත්මෙදිවත් උබ මගේම අය්යා වෙලා ඉපදෙන්නකෝ....

ම උපන්දිනේ දවසේ මේ තාක් කල් ආදරෙන් මාව බලාගත්තු හදාගත්තු අම්මටයි තාත්තටයි නමස්කාර කරනවා

පුලුපුලුවන් හැමදෙයක්ම දිලා ජිවිතේ සැපවත් කරන්න අම්මයි තාත්තයි ගොඩාක් ලොකු උත්සහයක් ගත්තා කියලා 6,4 තේරෙන කාලේ ඉදන්ම මම තේරුම් ගත්තු දෙයක්..

මේ ගෙවපු අවුරුදු ක කාලේ ගොඩාක් සතු‍ටු වුනු ගොඩාක් දුක් වුනු දවස් ජිවිතේ නැතුවම නෙමේ,,....

එත් ඇත්තටම 2010 -2011 මගේ ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් කරපු මට ඕනේ නැති දේවල් අයින් කරපු මට ඕන දේවල් මට ලබලා දුන්නු කාලයක්....

කොහොම උනත් මට බ්ලොග් නිසා ගොඩාක් වටින අය්යලා අක්කලා නංන්ගිලා මල්ලිලා ගොඩාක් මුන ගැහුනා.. හැබැහින් තාම කවුරුවත් මුන නොගැහුනත් ඉක්මනටම දවසක මුන ගැහෙන්න ලොකු ආසාවක් තියනවා..

ඔන්න ඉතින් අද නම් පාටි ඉල්ලන්න එපා.. හම්බුන දවසට දෙනවාමයි.... එතකන් ඔය උඩ තියන කේක් එක කපාගෙන කන්නකෝ මෙන්න පිහිය


තව දෙයක් කියන්නම ඕනා දේවා ට මෙච්චර කාලෙකට සමහර බ්ලොග් වල පොස්ට් කියවන්න ඕනා උනත් මිස් වෙනවා... ඒ හින්දා මාතලන් වගේම මමත් වෙන කාටවත් නෙමේ මට කියවන්නම බ්ලොග් සින්ඩියක් හදා ගත්තා... ඔන්න නිල වශයෙන් ඊයේ රාත්‍රියේ එක හදා ගත්තු නිසා ගොඩාක් බ්ලොග් මට කියවන්න කමෙන්ට් කරන්න පුලුවන් වෙයි... මෙන්න ඒකට යන පාර

පුන්චි පොස්ට් එකක් දාලා මම මටම සුභ පතාගත්තට ඔයාලට වැඩක් නැති කොල්ලෙක්ගේ උපන්දිනේ ගැන පොස්ට් එකක් කියවන්න උනාට සමා වෙන්නකෝ

සුභම සුභ උපන් දිනයක් දේවා.....

24 September, 2011

කමෙන්ට් කරන්න ආස හිතෙන විදිහට කමෙන්ට් බොක්ස් එක හැඩ වැඩ දා පාට කරමු

පොස්ට් 100 දැම්මට පස්සේ තව පොස්ට් කිපයක් දැම්මත් මට පොඩ්ඩක් තාක්ශණයට බර මුකුත්ම ලිපියක් දාන්න බැරි උනානේ.. වෙලාවකට එහෙම ලිපි දාන එක වැඩක් නැ කියලත් හිතෙනවා.. ඒත් මම දන්නවා මගේ බ්ලොග් එක ෆලෝ කරපු සමහර අය මගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙනවා කියලා.. ඉතින් මේකට සමහර අයට කමෙන්ට් කරන්න දෙයක් නැති වෙයි ඒත් මගේ අනිත් පොස්ට් එක්ක ඉන්න මගේ බ්ලොග් එකෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්න නිසා ඒ අය වෙනුවෙන් මේ පොස්ට් එක..

අපි ගෙදරක් උනත් පිලිවලකට තියාගන්න ඕනා..ලස්සනට තියාගන්න ඕනා.. ගෙදර තියන හැම බඩුවක්ම අපිට හදාගන්න බැරි උනාහම අපි ඒ දේවල් පිටින් ගන්නවා.. ඉතින් බ්ලොග් එක ලස්සන කරන දේවලුත් පිටින් ගන්න වෙනවානේ.. සමහර අය කියනවා බ්ලොග් එකට ඒවා මුකුත් ඕනේ නැ ලියන දේ විතරයි ඕනේ කියලා..

ඔහේ තියන බ්ලොග් එකකට වඩා ටිකක් පිලිවලකට තියන බ්ලොග් එකකට මම ගොඩාක් කැමතියි (හැබැයි තොරණ් වලට නම් නෙමේ)
අනිත් අය මොනවා කිවත් මට හොදයි කියලා හිතෙන දේවල් මම ලිවානේ අදත් ඔන්න එහෙම දෙයක් ලියන්නයි හදන්නේ.. පොඩි වැඩ කැල්ලක්

(ඇයි මම මේ විකාරයක් උඩ ලිවේ කියලා හිතනවා නම් සමහර අය ඔය කලින් කිව දේ ගැන පොස්ට් ලියලා ලියලා දැන් තාක්ශනික බ්ලොග් එකක් දකින්නත් අඩුයි.. මම හිතන්නේ නම් ඒවත් ඕනේ.. මම වැරදිනම් බනින්න ඔයාලට තියනවා ඉඩ...)

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොකක්ද අද මේ කියන්න යන්නේ....

ඔයාලට පොස්ට් එකක් දාපුවහම ගොඩාක් වටින්නේ මොනවද කමෙන්ට් කියලා මම හිතනවා.. ඉතින් කමෙන්ට් බොක්ස් එක සුදු පාටින් ඔහේ තියනවාට වඩා පොඩ්ඩක් ලස්සන කරගන්න හැටි තමා අද කියන්නේ
මේක මොනවගේද කියලා ඔය පහල තියන මගේ කමෙන්ට් බොක්ස් එක දිහා බැලුවහමත් පෙනවනේ.. ඒවාගේ තව ඒවා තියනවා කැමති එකක් ඔයාලට දා ගන්න කැමතිනම් මෙන්න පාර

මුලින්ම ඔයාලගේ DASHBOARD යන්න

එතනින් DESIGN ---> EDIT HTML  ගිහින් මාක් එකක් දාලා මේක හොයා ගන්න



]]></b:skin>

ඒක හොයාගෙන මෙන්න මේ කොඩ් එක ඒකට ඉස්සරහින් දාගන්නකෝ...

    #mbt-form iframe{
    background:#ffffff url(IMAGE-DEVA) repeat;
    border:1px solid #ddd;
    -moz-border-radius:6px;
    -webkit-border-radius:6px;
    box-shadow: 5px 5px 5px #CCCCCC;
    padding:5px;
    font:normal 12pt "ms sans serif", Arial;
    color:#2F97FF;
    width:560px; height:213px !important;
    }

    #mbt-form a{
    color:#fff;
    }

ඔන්න ඔය කොඩ් එකේ IMAGE DEVA කියලා තියන එකට ඔයාලාගේ හිතට අල්ලන එකක් පහල තියන ඒවාගෙන් දාගන්නකෝ

ඊට පස්සේ මෙන්න මේකත් හොයාගන්න..

<div class='comment-form'>

ඒක වෙනුවට මේක දාගන්න

<div id='mbt-form'>

ඔන්න වැඩේ නම් ඉවරයි...

කැමති IMAGE මෙතන තියනවද බලන්නකෝ

1..

මෙන්න ඒකේ IMAGE කොඩ් එක : http://www.backgroundlabs.com/backgrounds/318.jpg


මෙන්න ඒකේ IMAGE කොඩ් එක : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-wrOavLoOnsX7u6BuKx8YHY4fx1okkYRN-24XkxD_KtSk9hkeH8QupAExJuySrXkdqGWjs70Wj-an7iAg2e_rYMfKbPRJsOhz3aKg7qc0ijIVaff35_zKCjS6XFUR7ngjspGiysHn1HtQ/s400/2.png

3
මෙන්න ඒකේ IMAGE කොඩ් එක : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkG6m0DDxL9n6sgeb_pnaFtrKtk50O1xDTQGcs-Y-WfOQ8go4niTPIFoEsulnb6P8NYLoqhUttrBFqOJWox7FYjxsSFj7LvKzUHjR115YER1jXvq3c_cYzOAHIZcK4kUBhFto1EUNZRgy/s400/1.png

 මේ වගේ තවත් ගොඩාක් කමෙන්ට් බොක්ස් එක හැඩ කරන්න පුලුවන් ලස්සන ඉමේජ් වල කෝඩ් ටිකක් ඔන්න පහල තියනවා... කැමතිනම් ඉතින් දාගෙනම බලන්නකෝ...

http://www.backgroundlabs.com/backgrounds/40.jpg

http://www.backgroundlabs.com/backgrounds/434.gif

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVkG6m0DDxL9n6sgeb_pnaFtrKtk50O1xDTQGcs-Y-WfOQ8go4niTPIFoEsulnb6P8NYLoqhUttrBFqOJWox7FYjxsSFj7LvKzUHjR115YER1jXvq3c_cYzOAHIZcK4kUBhFto1EUNZRgy/s400/1.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-wQiYcnxNK-YDHnjoHqrQJ3XY6al_6xHPG18Gp4VLiCNHvRPRzKdJk6Hd5MFHobQT1QV-YLQ7Y-rnWayQ_Q7TaT09fPiA-nVaG_yBGLb-EK8gO9DoO-A4WzTkTZ5NOoREwbwdqXLpK5Oa/s400/4.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9kL23pROPoqECmpUOzJX0w_gJrxIzmlrOtiX6Wrl6exEeJGBf0jz35OWQatAE53IBrIFLlljx-98x-daYwXu0cFahmHniS8cJZtp5YmtyrQVzs8PIsipMsm8cbkdKZUYCxPnpNOyybRhi/s400/7.png  (මම නම් දැම්මේ මේක)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw5N8KBia7io7RpyyNj3igY7N8sVl2VnM9P2ScXzonWoVjTPu9sk8D-0QpHV704s1IDgOMKZn_WKdE3FiCAEjarGDKI61QTXrmf7oxvGU66PzQyIeGVdOJZRSZsPUO5JXE3_iVyc6TY_y8/s400/9.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7NFKIyMpFg21Pco823SXE15C9IAwFlSsC5wtKSv48sGqPN6Q1ZEJ4dZSHDWULEc2eNjtG5rkWoo8JsroKEsOyWyBi4BijEEuYoZMK3b-6cHYSUmuL5B0qBUAiOkh889kHOGX7I_nF8XV3/s400/8.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGb_ke237hbI5Wg_KTDtBtnhadrRUgW9J-ndhjfFUAvnhC5yBUTbivh4yBt8xuG29KrrzgrtdDSGReufuMug6Dyf0pnetT_um-DnVTg6h285R6KNWx_OJv33aPuk-gTQdWL-2y9e1Jjwwk/s400/12.png  

23 September, 2011

තරහ යනවද ගොඩාක් ... ඉතින් තරහ නොගෙන කියවලා බලමුකෝ

ඔන්න ඉතින් එක්සැම් එකේ ගොඩාක් වැඩ ඉවරයි ඉතින් ඔන්න මම ආයෙත් එක්ක ඉන්න කියලා වැඩ පටන් ගන්නයි ලැස්තිය..මුලින්ම මගේ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩාක් ගෝඩාක් පින් මගේ ලග උන්නට... මට ඔයාල ගොඩාක් ලොකු ශක්තියක් උනා හැම දේකටම...

ටිකක් රිලැක්ස් වෙන්න කියලා මම ඔන්ලයින් ආව ගමන් මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් ආහ් මල්ලි කොහොමද පාඩම් ඉවරද.......... ආහ් අය්යා වැඩ ඉවරද කියලා අහලා මට ලොකු ශක්තියක් උනා..ඒ වගේම අක්කලා නම් මට මැර තර්ජන දාගෙන ආවා.. මොනවද මේකේ අස්සේ රිංගෙන කරන්නේ දුවලා ගිහින් පාඩම් කරන්න කියලා...
ඒ හැමෝටම ආයෙමත් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි...

මේ පොස්ට් එකේ වටින දෙයක් ඔයාලට තියෙයිද දන්නේ නැ.. ඔන්න ඒත් අද මම පොඩ්ඩක් මට ටිකක් වැඩියෙන් තිබුන ඉක්මනට තරහ යන එක ගැන පොඩ්ඩක් කථා කරන්න හිතුවා...

ඇත්තටම ජිවිතේ සාර්ථක කරගන්න ඕන ඕනම කෙනෙක්ට මේ තරහ කියන දේ නම් ජිවිතෙන් අයින් කරලම දාන්න වෙනවා..
ඔයාලාත් මේ වගේද??

ඇත්තටම තරහ ගත්තහම මොකද වෙන්නේ..

තරහ හරි එහෙමත් නැත්නම් බයක් වුනත් අපේ හිතට ඇතුල් වුනහම අපේ ශරිරයේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා.. ඒක වෙන්නේ ඇත්තටම ඉබේ....
නිතර තරහ ගන්න කෙනෙක්ගේ මේ විදිහට ඇඩ්‍රිනලින් රුධිරයක් එක්ක එකතු වෙනකොට සිරුරේ විවිධ අක්‍රමිකතා ඇතිවෙන්න හේතුවෙනවා එතකොට කුශ්ඨ , දියවැඩියාව , අධි රුධිර පිඩනය වගේ ලෙඩ වලටත් මේ තරහව හේතුවක් වෙනවා.. -දැන් ඉතින් තරහ ගමුකෝ ඔන්න-

තරහ ගන්න එකේ විවිධ වර්ග තියනවද?

ඔව් ඇත්තෙන්ම තියනවා මොනවද ඒ කියලා පොඩ්ඩක් කිවොත්

1. සැක සංකාමය තරහව : ගොඩාක් ආදරේ කරන අය අතරේ අනිත් කෙනාව අවිශ්වාස කරන එක නිසා ඇතිවෙන තරහව

2. ක්ෂණික තරහව : නිකන් එක පාරම අර කියන්නේ අකුනු ගහනව වගේ, වැහලා පැව්වා වගේ කියලා

3. ලජ්ජා සහගත තරහව : ගොඩාක් සංවේදි පුද්ගලයින් අතරේ ඇතිවේ. සුලු දෙයකින් උවද අන් අය තමාව ගනන් නොගනි මතයේ හිද කටයුතු කරයි., අන් අයව ලජ්ජාවට පත්කර තරහව පිට කරයි

4. මවාගත් තරහව : ගොඩාක් ආදරවන්තයන් අතර පවති.. පෙම්වතා හෝ පෙම්වතිය පැවසු දෙයකට අකමැති වු විට තරහ ගෙන ඒ තරහ නිසා අනෙක් පාර්ශවය එයට කැමත්ත පලකලවිට අර කලින් තරහව එකව එක වරම නැතිවේ...

5.පුරුද්දට තරහ විම : ඈත්තාටම හෙතුවක් නැතුව පුරුද්දටම

-දැන් ඉතින් මොන තරහද ඔයාලා ලහ තියෙන්නේ-

තරහ පාලනය කරගන්නේ කොහොමද???

තරහ ඇත්තටම සමහර වෙලාවල් වලට අපිට අහිතකර ප්‍රතිපලම පමනක් නොවේ යහපත් ප්‍රතිපලද ගෙනදෙනවානේ

අපිට තරහ යනවා කියලා අපි දන්නවා නම් අපි මුලින්ම ඒක අපේ ජිවිතේ සාමානය දෙයක් විදිහට හිතන්න පුරුදුවෙන්න වෙනවා එතකොට ගොඩක් ප්‍රශ්න විසදෙනවා

තරහ අපේ ප්‍රශ්නයකට කලින් එන සිහිකැදවිමක් වගේ අපි ඒක ශක්තියක් කරගෙන ප්‍රශ්න වලට උත්තර හොයන එක තමා කරන්න ඕනේ

අපිට තරහක් හිතට දැනුනහම අපි ඒක අනෙක් අයට වදයක් පිඩාවක් නොවන විදිහට පාලනය කරගන්න පුලුවන් තරම් උත්සහ කරන්න ඕනා කියලා මම නම් හිතනවා

තරහ ගිය වෙලාවක අපේ පරමාර්ථය වෙන්න ඕනේ අපේ තරහ අනිති අයට දැනෙන්න දෙන එකමවත් ඒ අයට දැනෙන්න නොදි ඉන්න එකත් නෙමේ...
අපි අපේ මානසික පාලනය හරියට කරනකොට ඉබේම තරහනැතිව යනවා...


ඉතින් මගේ යාලුවනේ ඔන්න ඔයාලත් කියන්නකෝ ඔයාලා කොහොමද තරහ පාලනය කරගත්තේ...
ප.ලි : ගොඩාක් බ්ලොග් කියවන්න ම බැරි උනා සමහර බ්ලොග් වලට කමෙන්ට් කරන්නවත් බැරි උනා සමාවෙන්න ඒකට මට ඒත් මේ වික් එකේ ඉදන් ම ඒ හැමදෙයක්ම ඒ කරන්නම්....

17 September, 2011

ආදරේ ගැන මේක හරිද?? එක්සැම් අස්සේ හිතෙන විකාර... කොමස් කලානම් හෙල්ප් එකකුත් දිලා යන්න

අම්මේ මොන වැඩ තිබුනත් මට මේ බ්ලොග් ලියන එක නැතුවනම් ඉන්නම බැ වගේ... කැවත් ඇගට අල්ලන්නේ නැ.. ඔන්න මම කමෙන්ට් වලට නම් රිප්ලයි දෙන්නේ එක්සැම් ඉවර වෙලාම තමා.. ඒත් ඉතින් ඔන්න කමෙන්ට් නොකර ඉන්න එපා ඉතින් (අපි යාලුවොනේ)

අද මම පොඩ්ඩක් ජිවිතේ එහෙමත් නැත්නම් ජිවිතේ කොටසක් විදිහට ගොඩාක් දෙනා කතා කරන ආදරේ ගැන පොඩ්ඩක් කියලා යන්න හිතුනා මට හිතෙන විදිහට....

ඇත්තටම ජිවිතේට  ආදරේ ඕනමද???

සමහර අයට නම් එහෙම නැතුව ඉන්න පුලුවන්ලු...
ඒත් ගොඩාක් දෙනෙක්ට ආදරේ ඕනම කරනවා මම දන්න විදිහට

ආදරේ කරන කොට මොනවද වැඩියෙන්ම ඕනේ....

ආදරේ කරන කොට අනිවර්යෙන්ම විශ්වාසේ තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ....
විශ්වාසේ කියන්නේ ආදරේන් 100%ක්ම තමා..

හිතට එන හැමදේම කියන්න.. ශක්තියක් වෙලා ලග ඉන්න ආදරේ කරන කෙනාව ආරක්ශා කරන්න ආදරේ කරන කෙනාට පුලුවන් වෙන්න ඕනා
නෙක්
ආදරේ කියන්නේ ඇත්තටම පුදුමාකාර දෙයක් කෙනෙක්ව ජිවත් කරවන කොට තවත් කෙනෙක් ආදරේ නිසා දුක් විදින එකත් වෙනවා..

ආදරෙන් ලග ඉදගෙන පරිස්සමට බලාගන්න ඒ ආදරේ වෙනුවෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕනේ

අනේ තව කියන්න දෙවල් ගොඩාක් තියනවා... ඔලුව බර වැඩි ... එහෙම වෙලාවක හිතුන පිස්සුවක් තමයි මේ..

ඔයාලට බනින්න පුලුවන් මට මේකා විකාර කියවනව කියලා.. එහෙමත් නැත්නම් තව මේකේ අඩු දෙවල් කියලා යන්නත් පුලුවන් ඔයාලටම තමා..

ප.ලි : කොමස් කරපු අය ඉන්නවානම් මට ආදායම් ප්‍රකාශනය, නිශ්පාදන ගිනුම ,ලාභාලාභ ගිනුම , ගැන පොඩ්ඩක් දන්න දෙයක් මෙතන හරි මේල් එකක් හරි දානවද?? (sadaru.world@gmail.com)

14 September, 2011

අත් අඩංගුවට... ඒත් ඇත්තටම මම ගොඩාක් ඒකට කැමතියි... අපේ අනගතේ වෙනුවෙන්

ඊයෙත් පොස්ට් එකක් දාගන්න වත් බ්ලොග් බලන්නවත් විදිහක් නැ කියලා අඩ අඩා උන්නා.. ඒ  අස්සේ අද මොනවාද මේ කියවන්නේ කියලා ඔයාලට හිතෙනවා ඇති... ඒ තියාගෙන අදත් ඔන්න පොඩ්ඩක් කොටලා යන්න  කියලා ආවේ...

කොයි තරම් පාඩම් වැඩ තිබුනත් මේ නෙට් අස්සේ රින්ගනවා කියලා අදාල බලාධාරියා දන්නවා... ඉතින් ඔන්න ඒකටත් වැට කඩොලු බදින්න කියලා හෙට සිට ක්‍රියාත්මක වෙන පරිදි ඩොන්ගල් රාජයා අත් අඩංගුවට..

ඇත්තටම ඔයාලා එක්ක ඉන්න ලැබෙන එකට පොඩ්ඩක් බාධාවක් උනත් ඔයාලා එක්ක ඉන්න තව ගොඩාක් කාලයක් තියන නිසා මේ දවස් ටික එහෙම උනා කියලා ඔයාලා මාව දාලා යන්නෙත් නැ කියලා මම දන්නවා..

ජිවිතේ සමහර තිරණ මම වෙනුවෙන් එයා ගන්නකොට ඒ දේවල් ජිවිතේ යහපත
වෙනුවෙන් කැප වෙනවා දකිනකොට මගෙන් වෙන සමහර වැරදි ගැන මට ගොඩාක් දුක හිතෙනවා..

සො එහෙමනම් ටික දවසකට හැමදේටම අයුබෝවන් කියනවා මම...

ඔයාලගේ කමෙන්ට් මට ලොකු ශක්තියක් උනා මට හැමතැනකදිම

අද ඉතින් කියන්න තරම් දෙයක් මට මතක් වෙන්නේත් නැ..

තරහ නැනේ ඉතින් මගේ යාලුවනේ

වත්කම් වගකිම්. වියදම්, මුදල් පොත් ශේෂ පත්‍ර, හර බැර,
ඕවා ඔක්කොම එක්ක මාත් ටැලලිලා...

කොහොම හරි ඔන්න මම ගියෝ.................

13 September, 2011

ටිකක් හිනාවෙන්න... උත්තරයක් දිලාම යන්න හිතත් හදලා

ලියපු බ්ලොග් ටික බලන්නවත් කමෙන්ට් කරපු සමහර අයගේ  කමෙන්ට් වලට රිප්ල්යි දාන්වත් හම්බ උනේ නැනේ.. හරියට වැඩක් කරන්නෙත් නැ.. මට හොදටම ශුවර් මේ පාර එක්සැම් අනාතයි කියලා.... ඇත්තම කියනවානම් මට තාම එකවුන්ට් වල මුල් පාඩම් ටිකවත් හරියට බැ වගේ.. මොනවා කරන්නත් චාර්ටඩ් එක්සැම් එකට දවස් 11යි ඒ උඩම බැන්කින් සබ් ටිකකුත් තියනවා.. මොලේ අවුල් වෙලා.. හිතට නිදහසකුත් නැ... මේවා ඔක්කොම කොහොම කරන්නද මන්දා.. නොකරත් බැනේ... දිග පොස්ට් එකක් දාන්නත් හිතාගන්න බැ මුකුත්...

පොඩි කතාවක් මතක් උනා..
යාලුවෙකුට ඉඩමක් බලන්න යන්න සෙට් උනා.. (තාම මට ඒ තරම් වත් කමක් නැනේ)

අපි ගියේ ඉඩමට නෙමේ.ඉඩම අය්තිකාරයාගේ ගෙදරට... එහෙන් උන කථාවක් තමා මේ... බලලා ඔයාලම කියන්නකෝ මම යාලුවට ඉඩම ගන්න කියන්නද කියලා..

මැන් ඉඩම බැලුවේ ටවුන් එක ලගමත් නැති ඇතමත් නැති තැනකින්

1 කථා බහ

මහත්තයෝ...
දැන් ඉඩමේ කොච්චරක් විතර පර්චස් තියනවද??

අනේ මහත්තයෝ ඒ තරම් ලොකු ඉඩමක් නෙමේ පර්චස් ගනන් වලින් කියන්න..

මුලු ඉඩමම අක්කර 2 හමාරයි

2 කථා බහ

දැන් ඔය ඉඩමේ ඉදන් හොස්පිට්ල් එකකට කොයි තරම් දුරද??
(ඩිලිවරි එකක් ලග නිසා ඒක අහුවේ)

හරියටම මහත්තයෝ හුවක දුර තමා තියෙන්නේ.

යාලුවා : හූවක් කිවේ කොයි වගේ එකක්ද පොඩ්ඩක් කියලා පෙන්නනවද??

අනේ මහත්තයෝ හුවක දුර කිවේ උපරිම රුපියල් 2.50ක දුර

මම අහපි බස් ගාස්තුත් අවම ගාන 6ක්ද කොහෙද නේද??

අනේ මහත්ත්යෝ මම කිවේ ටෙලිපොන් කොල් එක්ක දුර කියලානේ


ප.ලි : අනේ මන්දා.....

10 September, 2011

තැනේ හැටියට කථාව- ජීවිතේ පාඩම් II

එක දිගටම මගේ ජිවිතේ පාඩම් නම් දාන්න මම හිතන්නේ නැ.. එකත් එතකොට බොරින් වෙන හින්දා... කොහොම උණත් මට මේකත් මේ ගමන්ම දාන්න හිතුණා... මට කරන රස්සාව කරගන්නත් ජිවිතේ ගොඩාක් දේවල් වලට ශක්තියක් වුණ වැදගත් උණ කතාවක් මට ලංකාවේ ප්‍රසිද්ධ තැනක වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න ලැබුණ මගේ ජිවිතේ තවත් පාඩමක් තමයි මේ...
ඔයාලට මතක ඇති නේද සිරස ටිවි එකේ ගියා ලන්ච් ටයිම් ටිවි කියලා ප්‍රෝගැම් එකක්....
කලින් මගේ පොස්ට් එකක කිව මට ගොඩාක් උදව් කරපු සිරසේ ප්‍රාදේශිය වාර්තා කරුවෙක් උණ නිහාල් ගුණතිලක (දැන් ජිවතුන් අතර නම් නැ) අය්යා නිසා ඔය ප්‍රෝගැම් 5.6කම අත්දැකිම් ගන්න කෘව් එකත් එක්ක ඉන්න මට අවස්ථාව හම්බ උණා...
ඔය වගේ තැන් කියන්නේ කාලේ ඔනම කෙනෙක් නිකන් පොරක් වගේ වෙන කාලයක් නේ... චැනල් එක මොකක් උණත් ටිවි එකේ යන එකක්.... ඔය ප්‍රෝගැම් එකට එන උනුත් හිතන්නේ අපි ඒකේ අය කියලානේ... ඇත්තටම අපි ආශාවට අතින් වියදම් කරගෙන අයත් එක්ක ඉන්න එකනේ කළේ..
ඒත් අර පොර මානසිකත්වය නිසා අපි ප්‍රොගැම් එක කරන අයටත් නම කියලා මචං කියලා කතා කරනවා... ඇත්තටම ඒක වැරදි වැඩක්නේ.. කියන්නේ අපේ ඇදුණුම් කම් කොයි විදිහකට උණත් අපි වැඩ කරන වෙලාවට කතා කරන විදිහ ඔ‍ෆිසියල් එහෙමත් නැත්නම් විනයක් ඇතුව වෙන්න ඕනනේ...
ඕක මගෙනුයි තව කෙනෙකුගෙනුයි උණේ නැහැලු(ඇත්තටම නොදැනුවත් කම තමා) (අනිත් කෙනාත් බ්ලොග් කියවනවා කියලා හිතන නිසා පුළුවන්නම් මේකට කමෙන්ට් කරයි)
මේක අපිට හිතට වදින විදිහටම එතන ආපු ටිම් එකේ **ල් කියලා කැමරාමන් විදිහට ආපු අය්යා හැන්දැවේ සෙට් උණ වෙලාවක කිව්වා (සෙට් උණා කිවත් බොන 10 ක් එක්ක උණත් මම නොබි තමයි)(සමහර අය එහෙම ඉන්න බැ කිවත් මට හම්බ වෙන යාළුවෝ ගොඩාක් අය එහෙම උණත් මම එහෙම ඉදලා තියනවා ඕන තරම්..

"
මල්ලිලා... මේක කිවට මාත් එක්ක තරහ වෙන්න එපා...උබලා තව ගොඩාක් දුර යන්න ඉන්න අය.. මේ වගේ වෙලාවට උබලා අපිට කුණුහරපෙන් කතා කළත් කමක් නැ... ඒත් වැඩ කරන වෙලාවට ආයතනයේ නම සව්ත්තු කරන්න එපා.. කතා කරන වචනයෙන් , කරන වැඩෙන් සවුත්තු වෙන්නේ උබලගේ නම නෙමේ .. මෙහෙමයි සිරසෙන් ආපු උන් කියලා කියනවා මිසක් නමක් කියලා කියන්නේ නැ.. අදට විතරක් නෙමේ හැමදාටම මේක මතක තියාගන්න.. මෙතන ඔයාලට වඩා මටත් වඩා ලොකු පොස්ට් එකක ඉන්න කෙනෙක් උණත් තැන් වලදි පහළ කෙනාට කතා කරන විදිහක් තියනවා වැඩ කරන කොට.."
ඔහොම කියලා දුන්නු දේ අද බැංකු ජිවිතේත් මට ලොකු ශක්තියක් වෙලා...කස්ටමර් කෙනෙකුට කතා කරන හැටි.. කස්ටමර්ස්ලා ළග ඉන්න කොට ස්ටාෆ් එකේ අයත් එක්ක ඉන්න හැටි ඔය ගොඩාක් දේවල් මම එදා තේරුම් ගත්තා....
.ළි : ගොඩාක් දේවල් අපි ඉගන ගන්නේ පාඩම් අත්දැකිම් විදිහට.. මේ දේ ඔයාලට ථාරම් ලොකු දෙයක් නොවුණත් මට ගොඩාක් ලොකු වටින දෙයක්

06 September, 2011

ඕවටත් ආදරේ කරපල්ලා.... ජිවිතේ පාඩම් 1

ඔන්න මගේ ලිපි 100ක් එක්කම ඉදපු සියවෙනි ලිපිය කමෙන්ට් 100කින් එහාට ගෙනිහින් මට ශක්තියක් උනු ඔයාලා හැමෝටම ගොඩාක් පින්...

කල්හාර අය්යාගේ කමෙන්ට් එකට උත්තර දෙන ගමන් මම කිවා 100 පොස්ට් එකේ ඉදන් පොඩ්ඩක් ටොපික් වලට කඩලා පොස්ට් දාන්න හිතාන ඉන්නවා කියලා...

ටෙක් පොස්ට් විතරක්ම දාන්නේත් නැතුව... ඒවත් එක්ක.. හිතන්න දෙයක්, කරපු අහපු පිස්සුවක්, වැඩක් වෙයි කියලා හිතෙන ඒවත් එක්ක ඔයාලා හැමොටම මාත් එක්ක ඉන්න කියලා මම ගොඩාක් ආසාවෙන් ඉල්ලනවා....

අද ඉතින් මට මතක් උන ජිවිතේට මම පාඩමක් ඉගන ගත්තු දෙයක් ගැන....

දේවා ගස් වැල් වලට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. එහෙම වෙන්න හේතුව තමයි අද මම කියන්න යන්නේ....

මේක වෙනකොට මම උන්නේ 9 වසරේ... මුලින් ගියපු පාසලේ 11 වසර වෙනකන් විතරක් තිබුන නිසා 9 වසරේ කොල්ලෝ සෙට් එකටත් පොඩි තැනක් තිබුනා... ස්කොලේ පැත්තකට වෙන්න තිබුනා කෙසෙල් කො‍ටුවක්.. ඕක ඉතින් සාත්තු කරලා හදපු එකක් නම් නෙමේ... ඒත් ඉතින් ඕකේ මාසෙකට එක හමාරකට අනිවාර්යෙන්ම කෙසෙල් කැනක් දෙකක් නම් හැදෙනවා මයි... එහෙම උනා කියලා ඕකේ ඒවා කාටවත් විකුනගෙන කන්න නම් නැ... එත් ඕකට 10,11 පන්ති වල ලමයි තමයි වැඩියෙන් ඕවා කන්නේ... කොහොම හරි ඉතින් දවසක් කාටවත් නොපෙනෙන විදිහට හැදුනු කෙසෙල් කැනක් අපේ පන්තියේ සෙට් එකට අහු වුනා

මේවා කැවා කියලා මුකුත් නොකිවට 10 , 11 පන්තිවල සෙට් වලට හොරෙන් මේක කන එක තමයි ලොකුම වැඩේ... කොහොම උනත් මේක පන්තියේ කට්ටිය හොරෙන්ම පන්තියට අරගෙන ගිහින් කබඩ් එකක හැන්ගුවා...

පන්තියට ආපු සර් කෙනෙකුට ඕක මිටර්  නොවුනාම නෙමේ.. කෙසෙල් සුවදක් එන්නේ මොකද එකක් පැන්නුවද උබලා කියලා ඇහුවත් ඒක ගැන ඉතින් වැඩිය අහන්න ගිය නැ.. අපේ හොදට....

කොහොම හරි අපි ඉතින් ඔය කෙසෙල් කන කැවා කියමුකෝ...

හැබැයි ඉතින් අර ගිම්හානි අක්කලා වගේ අපි කට්ටිය විතරක් තනියම හොරෙන් කැවේ නම් නැ... කට්ටියටම දිලා තමයි කැවේ...

කාලා ඉති අපේ කට්ටිය ඉන්ටවල් එකේ අර කෙසෙල් කො‍ටුව පැත්තේ අයේම රවුමක් දැම්මා.... ඔය ලග පාතමයි අපේ කැන්ටින් එක තියෙන්නේත්

රවුමක් දාන ගමන් අර අපි කෙසෙක් කෙන කපපු කෙසෙල් ගහ ඉතින් දැන් වැඩක් නැනේ.. ඔකට කට්ටිය අල්ලගෙන නෙලන්න පටන් ගත්තා.... එක්කෙනෙක් දෙන්නෙක් කලින් ඕක කලත් පස්සේ සෙට් එකම ඕක ආතල් එකක් කරගෙන ඔහේ ගහනවා.. ගහ එහෙට වැනෙනවා අනිත් පැත්තේ ආයේ අනිත් පැත්තට ගහනවා..

ඕක ඉතින් අර එදා ක්ලාස් එකේදි  අපෙන් කෙසෙල් ගැන අහපු සර් ට වැඩේ මට්‍ටු...

ජිවිතේ සමහර තැන් වල නටපු පිස්සු වලට මම බැනුම් අහලා ඇති .... ඒත් මගේ හිතට දැනුනු ජිවිතේ පාඩමක් ඉගන ගත්තු තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ කතාවකින් මම ජිවිතේ ගස් වැල් වලට ආදරේ කරන්න්න ඉගන ගත්තේ එතනින්

තාමත් ඇහෙනවා මට මේ වචන ටික

"මොනවද මේ උබලා කරන්නේ... ඊයේ උබලා මේක හැදුනු කෙසෙල් කනා කපා ගෙන කැවා නේද?? අද ඒකට ඔහොම තලන්නේ,... උබලා හරියට උබලව හදලා වඩලා සමාජෙට දැම්මට පස්සේ අම්මලා තත්තලාව මරලා දානවා වගේ වැඩක් නේ මේ කරන්නේ.... ඔවටත් ආදරේ කරන්න පුරුදු වෙයල්ලා... ඕවා හින්දා තමයි අපි ජිවත් වෙන්නේ"

ප.ලි : මේක මෙහෙම විතරක් කියලා නිකන් උන්නේ නැ..ඊලග පිරියඩ් එකත් සර් ට තිබුන නිසා ඒකෙන් භාගයක් විතරම ඒ කෙසෙල් ගහට වැදගෙන ඉන්න උනා

ප.ප.ලි : ඒත් අන්තිමේ පාසලෙන් 11 වසරේ අස් වෙලා වෙන පාසලකටා යන්න උනත් එදා මෙදා තුර පාසලේ ගස් වැල් වලින් වෑඩි හරියක් හිටවලා තියෙන්නේ අපේ පන්තියේ උන් ටික තමයි.....

04 September, 2011

99 න් 100 ට... දේවා ගේ අඩවිය ශතකයක් ‍රැස් කල වගයි

ඔන්න දේවා ගේ අඩවිය මෙච්චර කාලයක් කියවපු ඔයාලා හැමොටම අද ටිකක් වැදගත් දවසක් වෙයි... සැප්තැම්බර් මාසේ කියන්නේ දේවා ට ගොඩාක් වැදගත් දවසක්.. මේ මාසේ 26 වෙනිදාට දේවා එයාගේ 23 වෙනි උපන්දිනේ සමරලා 24 වෙනි වසරට පා තබනවා....
ඒත් එක්කම මේ දේවා ගේ අඩවියේ 100 වෙනි ලිපිය.....

දේවා මිට කලින් බ්ලොග් එකක් ලියලා තිබුනත් මේ තරම් සාර්ථක විදිහට (ඔයාලට සාර්ථක ද නැද්ද කියන එක තිරනය කරන්න පුලුවන්...) ඇත්තටම මට නම් ඉතින් මේ ගමන ගැන මට නම් පුදුම සතුටක් තියෙන්නේ...

එදා 2011 අප්‍රියල් මාසේ 30 වෙනිදා දෙවෙනි උපතක් විදිහට මම බ්ලොග් ලොකයට ආවේ මීට කලින් සංසාරේ අපි ලියන දිල් අක්කාගේත් දැන් බ්ලොග් ලියන එකෙන් ටිකක් ඇත් වෙලා ඉන්න නදුන් මල්ලිගේ උදව් උපදෙස් වලින් ඒ කාලේ උන්නු ගොඩාක් දෙනෙක්ගේ අවවද උපදෙස් වලින් ලබා ගත්තු දැනුමත් එක්කමයි...

හා හා පුරා කියලා මම දැම්මේ මෙන්න මේ ලිපිය... මේක ඇත්තටම මට ගොඩාක් වැදගත් දෙයක් අලුතෙන් බ්ලොග් ලියන නංගිලා මල්ලිලා උනත් මේ දේ අඩුම තරමේ මාසෙකට සැරයක්වත් කරනාවනම් අපේ බ්ලොග් එක මොන ප්‍රශනයකදි උනත් ආයේ අපිට වෙන තැනක උනත් ගොඩ නගා ගන්න පුලුවන්...

මෙතනදි මම මුලින්ම මතක් කරන්නේ මගේ මේ පොස්ට් එකට මුලින්ම කමෙන්ට් කරපු අය්යාව.. ඒ අය්යා ලියන්නේ මෙන්න මේ බ්ලොග් එක...

ඔන්න ඔහොම පලෙවනි ලිපියේ ඉදන් එකම ෆලෝ වෙලා උන්නු මමත් එක්ක පොස්ට් 99 ට දවස් 126 ට ෆලෝ කරන ගාන අදට 165 වෙලා ඉතින් මට කොයි තරම් සතු‍ටුද?? 

කොහොමත් පලමු පොස්ට් ටිකට ඒ තරම් කමෙන්ට් නැති උනත් දැන් බ්ලොග් එකකට කමෙන්ට් 20ක් 30ක් විතර නම් ලැබෙනවා... සමහර බ්ලොග් එක්ක බලනකොට නම් ඒ ගාන මහ සාගරයකට වැටෙන පුන්චි වතුර බින්දුවක් තරම් වෙන්න ඇති... ඒත් ඒක මට මහ සාගරයක් තරම් වටිනවා....

මගෙත් එක්ක මගේ පලවෙනි පොස්ට් එකේ ඉදන් කමෙන්ට් වලින් ලග උන්නු තාමත් මගේ ලග ඉදන් මට ශක්තියක් වෙන අය කිප දෙනෙක් ගැන මම මේ පොස්ට් එකෙන් කතා කරනවා

මගේ පලවෙනි ලිපියට කමෙන්ට් කරපු 4,5 දෙනා අතරත් මගේ හැම ලිපියකටම වගේ මට ශක්තියක් වෙන කෙනෙක් විදිහට පන්සල් හන්දිය බ්ලොග් අඩවිය ලියන කල්හාර අය්යාව හදුන්වලා දෙන්න පුලුවන්... ඔන්න ගොඩාක් දෙනෙක් දන්න එතනට යන පාර...
මාලු ටික කාලා පැගිලා මැරුනා කිව හටි බලන්න, ලෙඩට ගැලපෙනම වෙද මහත්තෙකු ලගට යන්න, අලියා නැතුව හෙන්ඩුවෙන් වැඩ ගන්න ආදි නොයෙක් රස බර හිතන්න යමක් තියන කතා ගොඩාක් ඔයාලාට මෙකෙන් රස විදින්න පුලුවන්... මේ පොස්ට් 100 දි මට ශක්තියක් වෙලා ලග උන්නා වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා

ඊට පස්සේ විශේෂ ස්තුතියක් මම මාරයා ගේ හෝරාව ලියන මාරයා අය්යාට එහෙමත් නැත්නම් මේ දවස් වල මාර සරනිය හරහා කැම බිම හදා ගන්න හැටි පබිලිස් මාමටත් වඩා හොදට කියලා දෙන... ජිවිතේ අත්දැකිම් හිතට වදින විදිහට කියලා දෙන මාරයා අය්යාට  පුද කරන්න කැමතියි... ඔන්න මම ඒකට නම් ලින්ක් එකක් දාන්නේ නැ.. මේ බ්ලොග් කියවන කවුරු හරි එහෙට යන පාර දන්නේ නැත්නම් අද ඉපදුනු කෙනෙක් වෙන්න ඕනනේ,  ගොඩාක් ස්තුත්යි මාරයා අය්යේ හැම දේකටම මට උදව් කරාට... ගොඩාක් මට අමාරු වෙලාවල් වල ඔයා මට කියාගන්න බැරි තරම් ශක්තියක් අය්යේ... චිරාත් කාලයක් අපිත් එක්ක ජිවන අත්දැකිම් බෙදාගනිමින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

මගේ බ්ලොග් එක පටන් ගත්තු දවසේ ඉදන් මාත් එක්ක එකතු නොවුනත් කාටවත් කඩන්න බැරි උනු වාර්ථාවක් තියන මධුරංග අය්යාවත් ගොඩාක් ආදරෙන් සිහිපත් කරන්න ඕනා මේ වෙලාවේ.. මගේ බ්ලොග් එකේ මේ වෙනකන් දාපු පොස්ට් 99 කියවලා කමෙන්ට් කරපු එකම කෙනා විදිහට සිතක සංකල්පනා බ්ලොග් අඩවිය ලියන මගේ බ්ලොග් මෙන්ම සැබැ ජිවිතෙත් (බ්ලොග් නිසා හදුනා ගත්තු) අමිල සොහොයුරෙක් විදිහට මධුරංග අය්යාව හදුන්වන්න පුලුවන්... ඒ වගේම නවක බ්ලොග් වලට කමෙන්ට් වලින් දිරිමත් අය අතර ඉස්සරහින්ම ඉන්න කෙනක් කියලා කියන්නත් පුලුවන්.. ගොඩාක් ස්තුතියි අය්යේ ඔයාටත්... හැමදාම මත් එක්ක ඉන්නවා කියලා දන්නවා මම

කතන්දර කාරයා එහෙමත් නැත්නම් කකා මගේ බ්ලොග් එකේ පොස්ට් එකකට කමෙන්ට් එකක් දාපු දවසට ඇත්තටම මට ගොඩාක් සතු‍ටුයි. එහෙම දවස් ටිකක් මගේ මේ බ්ලොග් පොස්ට් 99 ඇතුලේ හිරවෙලා තියනවා... කතාන්දර ගේ බ්ලොග් එකට යන පාර අන්ධ මනුස්සයෙක් උනත් කොහොමහරි කරනවා.. මොකද ඒ තරම් කකා බ්ලොග් කලාවේ පතාක යොදයෙක්...ගොඩාක් පින් අය්යේ මේ වගේ පොඩි බ්ලොග් එකක් බලන්න එනවට

තවත් ගොඩාක් දෙනෙක් ගැන නම් මට කියන්න තියනවා.. එත් පොස්ට් එක ගොඩාක් දිග වැඩි වෙනවා එතකොට.. මේ අතරට චම්මා , මාතලන් ,මාලු ටැංකියේ ප්‍රසන්න, චතු.. ,ත‍ටු සිදුන සමනලි , සොදුරු සුව අසපුවෙන් හැමදාම මට ශක්තියක් වෙන මහේෂ් අය්යා,  දැන් පොඩ්ඩක් සයිලන්ට් වෙලා ඉන්න සුපර් මාරියෝ

තව ඩිංගෙන් අමතක වෙනවා සමාව වනා නිසා කියන්න බැනේ...හිස් අහසේ සදරු මලයා කොහොම අමතක කරන්නද... කලින් මේ බ්ලොග් එකට කිවේ සදරුගේ ලොකය කියලා.. එත් හිස් අහසේ සදරුගේ බ්ලොග් එකේ මුලින්ම මම පොස්ට් එකකට දැක්කේ අර බොස් අලුත් කාර් එකක් ගත්තු දා බයික් එක ඔ‍ෆිස් එකේ අමතක කරලා කාර් එකේ ගිය ගමන ගැන ලියපු කතාව. ඉතින් ඊට පස්සේ සදරුයි මමයි පැටලිලා මගේ බ්ලොග් එකේ අඩු පාඩු සදරු පිටින් යයි කියන බයට මම දේවා ගේ අඩවිය උනා... සදරු කියන්නේ ඇත්තටම රියල් බ්ලොග් කරුවෙක්.. ඒකට පාර දාන්න දෙයක් නැ පොඩි එකෙක් උනත් දන්නවා...

ඒ වගේම සිතිවිලි නිහඩයි එහෙමත් නැත්නම් සිනි නංගා... හැම වෙලෙම අලුත් බ්ලොග් වලට අත හිත දෙන නදි අක්කා , මේ දවස්වල අලුත් වෙලා ඉන්න තොන්සා ,කමෙන්ට් වලින් බ්ලොග් ලියන හැමෝටම ශක්තියක් වෙන කොච්චර කිවත් බ්ලොග් එකක් නොලියන ගිම්හානි අක්කා... නම් නොකිවත් හැමදාම මම ලග ඉන්න ආදරණිය ඔබ , කමෙන්ට් කරන නොකර සැම .. බ්ලොග් රෝල් වල මට ගොඩක් තැන් දිලා තියන හැමොටම

සිංහල බ්ලොග් සංසදය. ලාංකිය සිතුවිලි, නිම්නය , කොත්තු. සිගිරි ආදි එකි නොකි සින්ඩි වල සැමට

හැමදාම  මට මට නම් කියන්න බැරිවුන බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන හැම දෙනාටම ගොඩාක් පින් හැමදාම මගේ ලග ඉන්නවට

ආදරයෙන් බලා පොරොත්තු වෙනවා ඔයාලගේ සහයොගය හැමදාටම

ප.ලි : නම කියලා ඔයාලාට ස්තුති කරන්න බැරි උන අය සමා වෙන්න  මට... ඔයාලා තමයි මගේ ශක්තිය.. පොස්ට් 200 වෙන්න කලින් ෆලෝ 200ක් විතර හදාගෙන වැඩක් තියන ලිපි විතරක් ඔයාලත් එක්ක බෙදාගෙන ලොකු ගමනක් යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා මට

ප.ප.ලි : මේ පොස්ට් එක ඉක්මනින්ම දාපු නිසා ඔයාලට මගේ කලින් පොස්ට් එක මග හැරුනද මන්දා....

03 September, 2011

වැඩක් කරගන්න ඕනම ඔ‍ෆිස් එකකට යනකොට මේ ගැන හිතලා තියනවද කවදාවත්

ටිකක් විතර බ්ලොග් එකක පොස්ට් විදිහට නොගිය මාතෘකාවක් කියලා මම හිතනවා මම මේ කියන දේ නම්.... එත් මේකේ අනිත් පැත්ත ගැන නම් ගොඩාක් බ්ලොග් වල ලියලා තියනවා මම දැකලා කියවලා තියනවා......  ඔයාලටත් මොකක් හරි වැඩක් කරගන්න ගියහම මෙහෙම හිතිලා ඇති...

මුන් නම් කිසිම වැඩක් කරන්නේ නැ බොරුවට අපේ සල්ලි කකා අයිස් ගහනවා කියලා

සමහර අය එහෙමම කරන අයත් නැත්තේමත් නැතුව ඇති... එත් ඔය බනින හැමෝම බනින්නේ රටේ වැඩ කරන ජනතාවටමයි... එහෙම කරන එක්කෙනෙක්ට විතරක් නම් නෙමේ...

ඇත්ත අපි අපේ කාලේ  මුදල් වැය කරගෙන ඕනම තැනකට ගිහින් වැඩක් කරගන්න හදන්නේ ගොඩාක් ඉක්මනට... අපේ වැඩේ ඉක්මනට කරගෙන එන්නනේ අපිට ඕනේ... ඇත්ත අපිට තියෙන්නේ ඒ වැඩේ විතරක් නෙමේනේ නේද???

එත් ඔයාලා කවදාවත් මෙහෙම හිතලා තියනවද???

මෙතන ඉන්නේත් අපි වගේම මිනිස්සු ටිකක්.. අපිට වගේම මේ අයටත් අවශයතාවයන් ඇති වෙනවා.... කියලා

පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ... ඔයාලාට මොන වැඩේ තිබුනත් ඔයාලට බඩගින්නක් ආවහම කන්නේ නැද්ද????

ශරිර කෘත්යක් ඇති උනහම ඒක කරන්නේ නැද්ද???

කරනවනේ ඉතින් ඔයාලා යනවා වැඩක් කරගන්න ඔන්න එතකොට ඔය කියන කෙනා කැමට ගිහින්... ඔයාලගේ වැඩේ කරගන්න තියන හදිසියට ඔයාලා එලිපිට නොබැන්නත් හිතින් බනිනවා.. කැමට පැය ගානක් ගන්නවා නම් වැරදියි තමයි... ඒත් ඉතින් ඔයා කරගන්න ගිය වැඩේ වගේම තවත් ගොඩාක් දෙනෙක්ගේ වැඩ කරන්න ඔනේ ඔය කියන කෙනාමනේ.. ඔයාගේ වැඩේ වගේම අනිත් අයටත් එයාලගේ වැඩේ වැදගත්.. ඉක්මනට කරගන්න ඕනා.. ඉතින් හැමෝම එහෙම හිතපුවහම කැමට වෙලාවක් ඉතුරු වෙයිද???

ඇත්තටම මම වැඩ කරන්නේ බැන්ක් එකක කියලා දන්න්වනේ..... අනිත් එක දැනට මම වඩ කරන්නේත් කවුන්ටර් එකේ.. සමහර  දවස් වලදි කන්න වෙන්නේ බැන්ක් එක වහපුවහම... (3න් පස්සේ) ගෙදරින් ගෙනියන බත් එක එතකොට කන්න බැ... නොකා ඉන්න වෙලාවල් ඕන තරම්...

කස්ටමර් ඉස් කින් අපේ තියරිය...

ඇත්තටම කැමට පැයක් ගන්න පුලුවන් උනත් තවම නම් මේ මගේ ‍රැකියා ජිවිතේ විනඩි 15 කට 20 කට වඩා ගත්තු දවස් නම් තිබිලම නැ.... සමහර දවස් වල කැම එක කකා ඉන්නකොට දේවා (බැන්ක් එකෙත් එහෙම කියන අය ඉන්නවා) කවුන්ටරේ ටිකක් සෙනග වැඩි වගේ කියලා සිකියුරිටි අය්යා කියනකොට බත් එක ඩස්පින් එකට දාලා දුවපු දවසුත් ඕන තරම්....  ඇත්තටම මම මේ පොස්ට් එක ලියන්නේ මට උනු දෙයක් ගැන ලියන්න නම් නෙමේ... ඒත් මට හිතෙනවා ඕනම වැඩ කරන තැනකට ඇවිත් වැඩේ ආපු ගමන් කරගන්න බැරි උනහම බනින අය කොයි තරම් උන්නත් වැඩක් කරපුවහම ඒ ගැන කතා කරන අය අඩුයි කියලා...

ඕනම මනුස්සයෙකුට විවිදාකාරයේ අවශයතා ඇති වෙනවා.. වැඩ කරන වෙලාවට ඒවා අදාල නැති උනත් ඇත්තටම අසනිපයකට බේත් පෙත්තක් බොන්න, වතුර තිබහට වතුර ටිකක් බොන්න, හදිසි අවශයතාවයකට වොශ් රුම් යන්න, ලන්ච් එකට යන්න වෙනවා කියන එක සාධාරණයි.... සමහර වෙලා වල් වල වැඩක් කරගන්න ගිඅ ගමන් ඒ වැඩේ කරගන්න බැරි උනහම කැ ගහන අය ට පුලුවන්නම් පොඩ්ඩක් හිතන්න මේ ලොකේ මේ වැඩේ කරගන්න්න තියෙන්නේ මට විතරක් නෙමේ.. මට විතරමයි නම් මේක තියෙන්නේ කරගන්න මේ තරම් වෙලා යන එක වැරදියි එත් එහෙම නෙමේනේ කියලා හිතනවා නම් ඇත්තටම හොදයි කියලා මට නම් හිතෙනවා

තව පුන්චි දෙයක්... මොකක් හරි වැඩක කරන ප්‍රෝසිඩියර් එකක් තියනවානේ එකට උවමනා කරන ලිපි ලේඛන තියනවානේ.. එවා සම්පුර්න කරගන්නේ නැතුව වැඩක් කර ගන්න ගියහම ඒවා වෙනුවෙන් එහෙට මෙහෙට යන්න උනහම ටිකක් කෙන්ති යනවා තමයි... එත් ඉතින් කලින්ම ඒවා ගැන දැනුවත් වෙලා ඒ දේවල්වලට රේඩි වෙලා ගියොත් ඒ රස්තියාදු විම් අඩු කර ගන්න පුලුවන් නේද???


ඔයාලා ආයෙත් හිතලා බලන්න මොකක් හරි වැඩක් කරගන්න ඔයාලා කොහේ හරි ඔ‍ෆිස් එකකට යනකොට ඒ වැඩේ මේ ලොකේ තියන එකම කෙනා ඔයා විතරයි කියලා හිතන එක හරිද??

ඔයා වගේ තව කී දෙනෙක් මෙහෙම ඇවිත් එක දිගට කියක් වැඩ කරගෙන ගිහින් ඇතිද අඩුම තරමේ කැමටවත් යන්න ඕනා නේද?? අපිට කොයි තරම් වැඩ තිබුනත් කන වෙලාව ගන්නවා නේද කන්න කියලා හිතන්න පුලුවන්නම් හොදයි නේද??

තමන්ගේ අඩු පාඩු තියගෙන යන්නේ නැතුව ඒ දේවල් සම්පුර්ණ කරගෙන යන්න  පුලුවන් නම් ඒකට ගතවෙන කාලය වගේම හිතට දැනෙන සිතුවිලි පවා ලස්සන වෙනවා කියලා හිතන්න පුලුවන්නම්
(සමහර තැන් වල මටම වෙලා තියනවා වැඩක් කරගෙන එන්න ගියාහම එක තැනක් කාගෙන හරි අත්සනක් අරන් එන්න ගිහින් ආයේ දුන්නහම තව කලින් ගිය තැනම ඉන්න තව කෙනෙකුගෙන් තව අත්සනක් අරන් එන්න ඕනා කියලා කියන.. ඒක පාර කරගෙන එන්න මම දන්නේ නැනේ.. ඉතින් හොදම දේ කරන්න තියන වැඩ ඔක්කොම එක පාර අහගෙන වැඩේ කරගෙන යන එකයි)

ප.ලි : මේ ඔක්කෝම මට හිතෙන දේවල් තමා... සමහර විට මම හිතන විදිහ වැරදි ඇති... ඔයාලට පුලුවන් ඒ ගැන කියන්න

01 September, 2011

කවි කියන්නේ කොහොමද මේවට මම

මුදු කෝමල වදනින්
හිත් පොඩිය නළවන්
ඔය සොදුරු දසුනින්
ආයෙමත් මේ හිත සරසාපන්

අදුරු හිස් ආකාසේ
තරුවක් විලාසේ
දිලෙනා ආලෝකේ සේ
එලිය කරන මගේ මේ හිත් ආකාසේ

ගෙවෙනා හැම මොහොතේ
ඔබ ගයනා ගි රාව වසන්තේ
ඇහෙනවා දසතේ
මගේ දෙසවන් සනහා අනන්තේ

ප.ලි : පොස්ට් එකක් වෙනුවෙන්වත් මට කවි ලියන්න පුලුවන් කමකටවත් ලියපු එකක් නම් නෙමේ මේ... කිසිම ගැලපිල්ලක් නැතුව පාඩම් කර උන්නු පොතේ සැරෙන් සැරේ ලියපු පේලි ටිකක් තමා මේ....

ප.ප.ලි : කවි ලියන්න බැ කියලා මම දන්නව මම මට...
එත් ඔහේ ලිවා....
විකාරයක් කියලා බනින්න එපා,...

එක්කෝ බනින්න... එතකොට ආයේ මේවා බ්ලොග් එකේ නොද ඉදිවිනේ