ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 May, 2011

ෆේස් බුක් ඉන්නවනේ එහෙම නම් ඉතින් මේකත් කරලා බලන්න

මේක නම් ඉතින් බ්ලොග් වලට පරණ දෙයක් කියලා මට නම් හිතෙනවා එත් ඉතින් මගේ මේ බ්ලොග් එකට අද අලුතින් එක දාපු නිසා ඔයාලටත් දාගන්නවනම් දාගන්න කියලා ඉතින් මම ඒක කියන්න කියලා හදන්නේ
නෙට් භාවිතා කරන කෙනෙක් මුනු පොත ගැන පොඩ්ඩක්වත් අහලාවත් දන්නේවත් නැත්නම් ඒ ඉතින් මේ වෙලාවේ ඉපදුනු කෙනෙක් වෙන්නම ඕනනේ.../....../............///.

අද මම කියන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට ෆැන් පේග් එකක් දාගන්න විදිහ
කියන්න එපා අපි දන්නවා කියලානේ දැන් ඔයාලා කියන්නේ නේද? එත් අනේ ඔන්න ඔහේ මම එක කියලා දාන්නම්කෝ


face book create page 


ඔන්න ඔය උඩ තියන ලින්ක් එකේ ගියහම එන වින්ඩො එකේ මෙහෙම රුපයක් ඇතිය. ඒක ඒ විදිහට සෙලෙක්ට් කරලා





මේ  විදිහට කැමති ඔයාගේ බ්ලොගේ එකේ නමින් සිංහලෙන් ඉංග්‍රිසියෙන් ඕන විදිහකට වෙනස් කර ගන්නකෝ....

ඔන්න ඊට පස්සේ ඔය ගෙට් ස්ටාර්ටඩ් කියන එක ඔබලා පිතුරයක් එහෙම දාලා එකේ කරන්න පුලුවන් කියලා තියන වැඩ ඔක්කොම කරලා දාන්නකෝ

ඒ ටික කරගත්තානම් ඔයාලා දැන් ෆැන් පි‍ටුව හදලා ඉවරයි... ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඒක බ්ලොග් එකට දාගන්න තමයි
ඒකත් කරලාම ඉමුකෝ නේද? 
දැන් ඔය හදා ගත්තු පි‍ටුවේ ඇඩ්‍රර්ස් එකෙම කොපියක් දාගෙන මෙන්න මේ ලින්ක් එකේ එන්නකෝ

ආවානම් ඔයාලට මෙන්න මේ වගේ එකක් හම්බ වේ එකේ ඔයාලාගේ අර කොපි කරගෙන ආපු පි‍ටුවේ ඇඩ්‍රස් එහෙම දාලා ඉන්නකෝ


දැන් ඕක ඕන සයිස් එකකට එහෙම හදා ගෙන ගෙට් කොඩ් කියන එක ඔබන්නකෝ
ඔන්න එතකොට එන එකේ කියන එක කොප්ය් කරගෙන බ්ලොග් Dash Board එකට ඇවිත් එන්නකෝ Design වල Page element වට add HTML/ වලට ඕක කොපි කරගෙන සේව් කරගන්නකෝ මම කාටවත් තවම සජෙස්ට් කලේ නැ ඔයාලා කැමතිනම් ඉතින් කොමෙන්ට් එකක් එහෙම දාලා මාව ෆලෝ කරලා එහෙම ආයේ එන්නකෝ



7 comments:

  1. හිතුනේ දැනුනේ මොනවද කියලා ඉතින් ලියලා යන්නකෝ

    ReplyDelete
  2. අර රයිට් ක්ලික් කරන්න බැරි කරන හැටි ලියපු ලිපියටයි මේ කමෙන්ට් එක .එතන කමෙන්ට් බලන්නෑ කියලා හිතලයි මෙතන දාන්නේ.ජාවා ඩිසබල් කරන්න ඕනා නෑ.මේ ලිපිය පොඩ්ඩක් බලන්න.http://samadeyakma.blogspot.com/2011/05/right-click-right-click.html වැඩ පෙන්නනවා නෙමෙයි හොදේ.දැන ගන්නයි කිව්වේ.

    ReplyDelete
  3. @ Ranul :තැන්කියු කිවා... එත් ඉතින් ඕක දන්නවනේ ඕන ඔයා වගේ පොඩි බබාලත්... ආපු එකේ ෆලෝ එහෙම කරලා යන්නකෝ

    ReplyDelete
  4. හේ....හේ....තෑන්කු අය්යා...මමත් හදාගත්තෝ.....ඇත්තම කිව්වොත් මම මේ ගැන දැනගෙනම හිටියේ නැහැනේ......

    ReplyDelete
  5. @සමනලි : නොදන්න යමක් කියලා දුන්නා කියලා දැනේන කොට නම් හිතට ගොඩක් සතු‍ටුයි.. මම ඔය පලාතේ එන්නම්කෝ ඔයා එක හදා ගත්තු එක බලලා යන්න

    ReplyDelete
  6. ඔන්න ඔයා කියපු නිසාම මමත් දැම්මෝ... ඒත් ඒකේ ඇඩ්මින් විදියට මගේ නම වැටෙනවනේ.. ඒක හයිඩ් කරන්න විදියක් දන්නවද..? තව FB Account එකක් හදන්නැතුව මේක ගොඩදාගන්න විදියක් දන්නවනම් කියන්න.. :D :D :D

    ReplyDelete
  7. මම නම් මේ ගැජට් එකත් දාලම නෑ.
    මගේ බ්ලොග් එකට ෆෑන් පේජ් එකක් නෑනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....