ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 May, 2011

තවත් විස්තර එක්ක 3 * 3 = 3 කියන ඇඩ් එකේ කතාව....

...අද දවසේ තිබුනු බ්ලොගර් මේන්ටන්ස් ප්‍රොබ් එක හින්දා මගේ පොස්ට් 3,4ක්ම වගේ අඩු වෙලා.. ඒ හින්දා වගේම කාටවත් මේ ගැන කමෙන්ට් කරන්න විදිහක් තිබුනෙත් නැති නිසා මම ආයෙමත් ඊට වඩා වැඩි විස්තරයකුත් එක්ක මේ පොස්ට් එක දානවා... මේක ලයිෆ් බොයි ඇඩ් එක ගැන මට හිතෙන දෙයක් මිසක් වෙන කිසිම ෂැම්පු එකකට කඩේ යාමක් නම් නෙමේ... මම හොද දේවල් වලට හොද් කියනවා... ඒ වගේම මට හොද නැ කියලා හිතුනොත් අනිවා මම ඒක කියනවා..... ඔයලා හැමොම දැක්කද මම කියන මේ ලයිෂ්  බොයි ඇඩ් එක.... 3 * 3 = 3යිලු.. සතියකට තුන් පාරක් මාස තුනක් එහෙම ඒ සැම්පු ගාපුවාම සෙ.මි 3ක් දික් වෙනවලු... බඩු ටික විකුන ගන්න ඇඩ් දැම්මට කමක් නැ... එත් ඉතින් බොරු විකර කතා කියන්න ඔනේ නැනැ

ඉතින් මේ ඇඩ් එකේ කියන විදිහට 3 වරක් චක්කරේ වෙනස් කරන්නත් වෙනවා... තුන්වරක් එක තුනායි, තුන්වරක් දෙක හයයි (මම 6 යි කිවට ලයිෂ් බොයි අය්යලා මොනවා කියයිද දන්නේ නැ) එත් එයෑලා කියන්නේ නම් තුන් වරක් තුන තුනයිලු..
එතන තියන ලොකුම ප්‍රශ්නේ තමා ඉතින් ඒ ලේඩි පොඩි ගර්ල් ගෙන් තුන වැඩිකිරිම තුන කියද කියලා අහපුවම හරියට උත්තරේ කිව්ව්ත් ඉතින් ඒ ලේඩි කියනව නැ තුන වැඩි කිරිම තුන තුනයි කියලා... අම්මේ ඉතින් දැන් ඔය කතාව ඇඩ් එක බලන අපේ බාල පරම්පරවෙන් 90%ක්ම අහුවොත් 3*3 කියද කියලා කියන්නේ තුනයි කියලා... ඔහොම කතා කියලා ලමා මනස අවුල් කරන එක හොදද? පොඩි අය කොහොමත් ටිවි බලන ගමන් ඕක දැක්කහම ඒ අයටත් ප්‍රශ්නයක්.. ටිච් කියනවා 9යි කියලා.... එත් ටිවි එකේ 3යි ලු.. ඔයාලම කියන්නකො මම මේක වැරදි ඇඩ් එකක් කියන එක වැරදිද? කියලා යන්නකෝ.........


6 comments:

  1. සහතික ඇත්ත කියලා තියෙන්නෙ .........

    ReplyDelete
  2. අනිවා මේක වැරදි ඇඩ් එකක් (මෙහෙම එකක් යනවනන්), ලමයා ඊට පස්සෙ ටීච ඩයල් එකත් එක්ක ආග්‍යුකරන්න ගිහින් කනත් පලාගෙන, විභාගෙත් ඇනගෙන තමා නතරවෙන්නෙ. මමත් ඉතින් අවුරුදු 2ක් මැස්සයි මදුරුවයි කලවම් කරගත්ත මිනිහනෙ ;) :D

    ReplyDelete
  3. මටත් එදාඅ කෙල උනා. කමෙන්ටුත් ගිහින්. පෝස්ට් එකකුත් නැති උනා.

    ReplyDelete
  4. කල්හාර : හැබැයි දැන්නම් තේරුම් අරන්ද කොහෙද???? ඇඩ් එක වෙනස් කරලා වගේ

    ReplyDelete
  5. mk : මොකක්ද ඒ මැසි මදුරු කේස් එක ඇඩ් එකකින් උනු දෙයක්ද

    ReplyDelete
  6. මධුරංග : අනේ මන්දා... එත් අපිට බ්ලොග් සරනම තමානේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....