ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 May, 2011

සදරු නංගියෝ ඔයාට උපහාරයක්ම වේවා

මේ මම ගැනවත් තවත් මේ වගේ බ්ලොග් ලියන සදරු ගැනවත් නම් නෙමේ මේ ලියන්න යන්නේ....
මම මගේ බ්ලොග් එකේ මගේ ජොබ් එකේ වෙන ගොඩාක් දේවල් ලියන්නේ නැ.. මොකද එක ජොබ් එක ගැන මම හිතන විදිහට ලිමිට් පැනලා කතා කරන්න හොද නැ.. මොකද ලංකා බැංකුව කියන්නේ ගනුදෙනු කාර භවතුන්ගේ පුද්ගලිකත්වය ,රහස්යභාවය ගොඩාක් ආරක්ෂා කරන ජාතියේ පහන් ටැබ බදු බැංකුවක්..

අද මම මේ කියන දෙයින් බැංකුවේ එහෙම දෙයක් ගැන නම් නෙමේ කියන්න යන්නේ
අද තිබුනු එක වැඩ සටහනකින් මගේ හිතට දුකක් දැනුනු ඒ දුක එක්කම සතුටක් හිතට දැනුනු සිදුවිමක් නිසාමයි මේ පොස්ට් එක ලියන්නේ

සදරු ප්‍රියංවදා....


දැසෙන් ලොව දකින්න වාසනාව අහිමි උනත් දැස් දෙකම ඇති ගොඩාක් දෙනෙක්ට හරියට කරගන්න බැරි දෙයක් ගැන අහන්න ලැබුන නිසා මගේ හිතට දුක හිතුනා.. එත් නංගියෝ ඔයා ඒ දැස් නොපෙනෙන එක බාදාවක් කරගන්නේ නැතුව අද උසස් අද්යාපනයට වරම් ලබා ගෙන තියෙන එක ගැන ගොඩාක් සතු‍ටුයි මට නම්

මිට පෙර කවදාවත් අසා නැති , දැක නැති ඔයා අද ගොඩාක් ලස්සනට ඔයාගේ හැකියාවන් පෙන්නනකොට එකට ලංකා බැංකුව ශක්තියක් වෙලා තියනවා කියලා දැන ගන්නකොට හිතට අමුතුම විදිහේ හැගිමක් දැනුනා...

ඔයාට මේ ලෝකේ දිනන්න පුලුවන් නංගියෝ, මේ බ්ලොග් පොස්ට් එකේ ඔයාගේ පොටො එකක් දාන්න බැරි උනේ.. ඔයාගේ පොටො එකක් ගන්න තරම් සමිප දුරකින් මම උන්නේ නැති නිසයි.. කැමති අයට අහන්න අද ඔයා කියපු සින්දුව මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මම දානවා (මතක් කරලා ඇවිත් කමෙන්ට් දාලා යන්නකෝ)
මම දන්නවා කවදාවත් ඔයාට මේක බලන්න ලැබෙන එකක් නැ.. එත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම දවසක් ඉක්මනටම උදා වෙන්න කියලා

මේක ඔයා වගෙම ව්ර්යෙන් ජිවිතය දිනන්න උත්සහ කරන හැම දෙනෙකුටම උපහාරයක්ම වේවා

4 comments:

  1. ලංකා බැංකුවෙන් හොඳ වැඩක් කරලා ...........

    ReplyDelete
  2. මේ අර සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිපල ගත්තු ළමයමද. මට මතකයි ටික කලකට උඩදී . ඉතාම හොඳ ලිපියක් මල්ලි. මේ වගේ සංවේදී දේවලුත් අත්විඳින්න ඕන.

    ReplyDelete
  3. @ බින්ඩි : ඔව් අක්කේ ඒ ළමයා ඕලෙවල් වලට හොද රිසාල්ට් එකක් ගත්තා තැන්ක්ස් මේ පැත්තේ ඇවිත් අපිව බලලා යනවට

    ReplyDelete
  4. ඇත්තටම මේක නම් හොද වැඩක්.
    සදරු මල්ලි වැඩ කරන්නේ ලංකා බැංකුවේද !!!!
    මම් දන්නේ අදමනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....