ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 April, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා....

සුභ අලුත් අවුරුද්දක් වේවා....

 
 



Dinen dina gewila gihin..       දිනෙන් දින ගෙවිලා ගිහින්.....
Pipuna mal para wela..          පිපුන මල් පරවෙලා.....
Aluth mal kakulu athu..         අලුත් මල් කැකුළු අතු.....
Dasa athin pibidila..               දස අතින් පිබිදිලා....
Hama ena mada pawane..      හමා එන මද පවන...
Suwada goda dawatila..          සුවද ගොඩ දැවටිලා.....
Hitha pura dalu lanna..          හිත පුරා දළු ලන්න...
Nawa hagum ekwela..             නව හැගුම් එක්වෙලා....
Me wasare bidunu sith..        මේ වසරේ බිදුණු සිත්.....
Sinahawen sarasawa..            සිනහවෙන් සරසවා....
As asse nagi kadulu..             ඇස් අස්සේ නැගී කදුළු...
Sathutakata harawala..         සතුටකට හරවලා...
Elabena nawa wasare..         එළබෙන නව වසරේ....
Aluth minisun wela..             අලුත් මිනිසුන් වෙලා....
Piliganimu nawa wasara..    පිළිගනිමු නව වසර...
Mada hasin pewila..              මද හසින් පෙවිලා...

උදාවෙන නව වසර බ්ලොග් ලියන කියවන හැමටම හැම බලාපොරොත්තුවක්ම ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා.......

09 April, 2013

දරුවන් වෙනුවෙන් දායාද නම් කරන්න ඕනෙමද?

මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පාලුවට ගිහින්.... කොහොමත් මේ සයිබර් සිහින මාසේ නේද? තව දවස් 12කින් විතර සයිබර් සිහින බක් මහ උළෙලත් තියනවා කියලා තමයි නේද ඉතින් කසු කුසුව....

තාම නම් එන නොඑන එක ගැන හරියටම තීරණයක් අරගෙන නැති උනත් පුළුවන් උපරිම උත්සහ ගන්නේ නම් එන්න තමයි...

වටෙන් පිටෙන් ඇහෙන කතා අස්සේ ඇහුන එක කතාවක් ගැන ඇහුන විදිහ ඔය බැදලා ළමයි එහෙම ඉන්න අය වෙනුවෙන් ලියන්න හිතුනා...

අපි ගොඩාක් ලොකු සල්ලි කාරයෝ නොවුනට (එහෙම ලොකු සල්ලි කාරයොත් ඉන්නවා බ්ලොග් ලියන ) යන්තම් හරි මොනවා මොනවා හරි අනාගතේ වෙනුවෙන් ඉතිරි කරනවානේ.... ඔය ඉතිරි කරන දේවල් ඉතින් යනකොට අපි ගෙනියන්න බලාපොරොත්තුවෙන් නෙමේ යනකොට දරුවන්ට දීලා යන බලාපොරොත්තුවෙන් ඉතිරි කරන දේවල් නේ....

ඇත්තටම අපි ඉඩ කඩම්, යාන වාහන ඉතිරි කරනවානම් දරුවන්ට පොඩි කාලේ ඉදලාම මේක පුතාට, මේ කොටස දුවට ,මේක ලොකු පුතා ට , මේ ඉන්න ගෙදර චුටි පුතාට කියලා වෙන් කරන එක හොදද?

මාත් එක්කහිතවත් ඉඩ කඩම් , මිල මුදල් වලින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න මිස්ටර් එන් (මේ පැත්තේ අයත් දැන් බ්ලොග් කියවනවානේ ඒ නිසා නම ඕනේ නැ ) කියන විදිහට නම් කවදාවත් එහෙම වෙන් කරලා දීල ඒ අයගේ මනසට ඒවා ඇතුළු කරන්න හොද නැහැලු....

ඒ අයගේ නිසි වයසට ආවහම ඉතින් ඒ ය වෙනුවෙන් යමක් කරලා දීලා ඒ අයට ඉතුරු කරගත්තු දෙයක් දෙන එක කරන්න ඕන දෙයක් උනත් අර විදිහට පොඩි කලේ ඉදන් අයිතිය පිළිබද දේවල් ඔලුවට දානකොට වෙන්නේ ඒ අය ඒ කාලේ ඉදන්ම ඒවා බුක්ති විදින්න පටන් ගන්න එක....

 ඔය අතරේ පොඩි දරුවා වැඩෙන අතර කාලයේ හදිසි අවශ්‍යතත්වයකට කලින් ඉදන් වෙන් කරලා තිබුණු ලෑන්ඩ් එකක් විකුණන්න උනොත්


 අර දරුවා හිතන්න ගන්නවා කියන්න ගන්නවා  තාත්තා , අම්මා ඔය විකුනන්නේ මගේ කොටස, මගේ ඒවා විකුනන්න එපා.. ඔය වගේ කතා... ඒ වගේම හිතන්න පුළුවන් අම්මා , තාත්තා මාව අයින් කරලා වගේ මට දෙනවා කියපුවත් මගේ ඒවත් විකුනනවා කියලා.... දැන් ඉතින් හිතාවි එහෙම හිතන්නේ මොකටද හදිසි අවශතාවයක් නම් ඉතින් එක දරුවට තේරුම් කරලා දෙන්න පුළුවන්නේ කියලා....

ඉතින් එහෙම කරන්න ඕනේ කමක් වෙන්නේ නැනේ කලින් වෙන් කරලා නොතිබුනානම්... ඒ දේවල් ඉතුරු කලේ අම්මා තාත්තා නම් ඒ අයට ඒ දේවල් නාස්ති නොකර කරන්න ඕනේ දෙයක් කරන්න නිදහස තියන්න ඕනා නේද?

මට හිතෙන විදිහට නම් මිස්ටර් එන් වරදිමත් නැ........