ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා බලනකොට ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම අවුරුද්දක් විදිහට හැරිලා බලනකොට ගොඩාක් පිස්සු කෙලපු අවුරුද්දක්... ජිවිතේ අවුරුද්දක ගිය වැඩිම ට්‍රිප් ගියේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මේ රෙකෝඩ් එක කඩන්න බලාපොරොත්තුවකුත් තියනවා හැබැයි.
රැකියා ස්ථානේ පොඩි වෙනසක් එක්ක වගේම කොලබ බෝඩිම් ජිවිතෙකට හුරු උන එකත් එක්ක සමහර සමහර වෙනස් කම් එක්ක ජිවිතේ ගලාගෙන ගිය එකෙත් අමුතුම දෙයක් වෙලා
නොදන්නා ගොඩාක් දෙනා ගැන දන ගන්න වගේම දැන ගෙන හිටපු අය ගැන වැඩියෙන් දැන ගන්න ඕනවට වඩා අවංක වෙන්න හොද නැ කියන පාඩමත් මම මේ අවුරුද්දේ ඉගන ගත්තා...
ජිවිතේ ගොඩක් වෙනස් කම් 2014 අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා 2013 ට වඩා 2014 ගොඩාක් ලස්සන වේවි කියලා හිතනවා... එත් කවුද දන්නේ ජිවිතේ කොහොම ගෙවෙයිද කියලා....
ආයෙමත් පරණ විදිහට 2014 බ්ලොග් ලියන්න පටන් ගන්නවා වගේමඋදාවෙන 2014 බ්ලොග් ලියන කියවන හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා