ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

22 May, 2011

එකම අවුරුද්දේ කිරි අම්මාව 4පාරක් ම මරලා දාලලු

එක එක අයගේ එක එක වැඩ නිසා ඉතින් ඔන්න මට පොස්ට් එකක් වත් දාන්න බැරි උනානේ..
ඊයේ පෙරේදා දාපු පොස්ට් ටිකත් ඉතින් එක්කෙනෙක් නටපු පිස්සුවක් ගැනනේ ලිවේ
ඔන්න අද ඉදාන් ආයෙමත් ඔයාලට සදරුගේ ලෝකය ඔයාලත් එක්ක සුපුරුදු පරිදි ඉන්නවා.. (අනේ ඉතින් එහේම කියපුවහම ෆලෝ එකක් එහෙම දාලාල ඉතුරු ටික බලමුකෝ)
මම කලින් පොස්ට් එකක අපේ සමන් අය්යා ගැන කිවානේ... එදා මම කිවානේ සමහරවිට සිරිස් එකක්ම ලියන්න වෙයි කියලා...
අද දෙවෙනි කතාව
සමන් අය්යා ඉතින් මට වඩා අවුරුදු 12-15 ක් විතර වැඩිමල්නේ
ලංකාවේ ගොඩාක් පැතිවල වැඩ කරලා එහෙම ගොඩාක් එක්ස්පිරියන්ස් එහෙම තියන ඩයල් එකක්

මේකට කතාව්ට හේතුව උනේ වැඩ කරන නංගි කෙනෙක් තොරන් බලලා වැඩට එන්න පරක්කු උන එක තමා
මම නම් ඕවට හොද හොද හේතු කියලා තියනවා කියලා තමයි මෙන්න මේ කතාව කිවේ
සමන් අය්යා කාලෙකට කලින් ඉතින් ඔය අනූරාධපුර පැත්තේ වැඩ කරන කාලෙක තමයි මේක වෙලා තියෙන්නේ
කුරුනැගලට එහෙම එන්න ටිකක් හැමදාම අමාරුනේ...මාසෙකට විතර සැරයක්ලු එන්නේ
එහෙම ආපු දවසට (සෙනසුරාදා ඉරිදා) විතරක් ඉදලා යන එකට වඩා කොහොම හරි තව දවසක් දෙකක් ඉදලා යන්නමලු හිතන්නේ...
ඕකට කරන්නේ හැමදාම කාව හරි මරණ එක තමාලු කරන්නේ... (ඇත්තටම නෙමේ ඉතින් කියනවලු.. අත්තා , කිරිඅමාමා, මාමා. බාප්පාගේ ලොකු පුතා, ඔය වගේ කවුරු හරි ජිවත් වෙන කාව හරි මරන එක තමා ෆැක්ස් එකකින්)

දවසක් ඔහොම නිවාඩු ඉදලා එනකොට ඉහල තනතුරක් දරන කෙනෙක් ඇවිත්ලු බැංකුවට...
මොකද සමන් නිවාඩු ද? කියලා ඇහුවම කිවාලු ඔව් සර් කිරි අම්මා නැති උනනේ කිවාලු
අර ඉහල තනතුරක් දරන කෙනා ටිකක් සමන් එක්ක හිතවත් නිසා ඇහුවලු ඇයි ඉතින් අපිට කිවේ නැත්තේ කියලා.. ගත් කටටම කිවලු සර් මම ෆැක්ස් එකක් එව්වනේ කියලා

ඔන්න ඉතින් ඊට පස්සේ මේ නිළධාරියා එතන වැඩ කර සි.සි ට කතා කරලා ටිකක් බැන්නලු
මොකක්ද ඔයා කරන්නේ කවුරු හරි නැතිවුනා වැඩට එන්න විදිහක් නැ කියපුවහම නිවාඩු විතරක් ලකුනු කරලා අත පිහදා ගන්න එපා... පොඩ්ඩක් අනිත් අයවත් දැනුවත් කරලා මොනවා හරි ඒ වෙනුවෙන් කරන්න කිවලු.. ආයේ කාගේ හරි කවුරු හරි නැති වුනොත් කියන්න කිවලු
ඔන්න ටික වෙලාවකින් සි.සි දින ටිකක් කියවගෙන යනවලු
ජන 12 , මාර්තු 22 ජුනි 19 සැප් 5 කියලා ඉවර වෙලා කියනවලු
සර් මේ දවස් 4ම සමන්ගේ කිරි අම්මා නැති වෙලා තියනවා ආයේ මේ අවුරුද්දේ නැති උනොත් කියන්නම්කෝ කියලා

මේකනේ වෙලා තියෙන්නේ ඔය නිවාඩු ගිහින් එන්නේ නැතුව ඉන්න ඕනා උනාම ෆැක්ස් කරනකොට එකම අවුරුද්දේ කිරි අම්මාව 4ක් ම මරලා දාලලු
වැඩේ නම් නොන්ඩි කෝටියයි
ඔයාලත් හිතෙන දෙයක් කියලා ෆලෝ එකක් එහෙම දාලා යන්නකෝ

4 comments:

  1. සුලබ සිද්ධියක් ...... අපි ඉස්කෝලෙ යන කාලෙත් ඔහොමයි .....

    ReplyDelete
  2. onna machn subscribema kara :) btw patta post eka :) meka amma dakkoth umbawa marai ;)

    ReplyDelete
  3. @ meeya : නැ බන් එහෙම වෙන්නේ නැ... මම කිරිත් එක්ක සමහන් බොනවනේ

    හිකිස් හික්ස්

    ReplyDelete
  4. ඉස්සර අපිත් එහෙමයි.
    එකම එකාව දෙතුන්පාරක් මරලා නිවාඩු අරන් මලගෙදර යනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....