ඉතින් මේ කියන්නේ ඇත්තද කියලා කොල්ලෝ කෙල්ලෝ දන්නවා ඇතිනේ..
පොස්ට් නොලියවුනු ටයිම් කඩා ගන්න ඔන්න ලියලා දැම්මා... පොඩි වැඩක් කරගෙන යනවා මේ දවස් වල ඉක්මනට ඒකත් එක්ක මුන ගැහෙමුකෝ......
1 කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.
2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.
3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.
4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.
6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.
7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.
8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.
9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.
10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.
11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.
12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.
14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.
15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි
16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.
17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.
18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.
19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා
ඇත්ත නේද ඉතින් මේවා...............
මේ කතාව නම් කෙල්ලෝ ගැන ගොඩාක් දුරට හරි නේද?
ගිහින් ඉක්මනින්ම එන්නම්කෝ
ගිහින් ඉක්මනින්ම එන්නම්කෝ
අලේ මල් දල්ලෑ අෆ්ෆා... මූටත් හිතෙන දේවල්... ඇත්ත වගේ විස්තර ටික... එල එල...
ReplyDeleteප්‍රදිප් අයියාත් ඉතින් මේ වගේනේ නේද?.... අලේ මම දන්නේත් නැ අෆ්ෆ්ෆා
Deleteමෙවුව ටික ඇත්ත තමයි.ඒත් සමහර ඒවා ගැන පොඩි ? ක් තියනවා.මාරු ඈ...
ReplyDeleteමොනවා ගැනද නුවන් දැන් ප්‍රශ්න
Deleteමාරු මෙවුව ටික.හැම එකම වගේ ඇත්ත...
ReplyDeleteආහ් හරි හරි ප්‍රශ්ණ ටික ඉවරයි වගේ,... ජය
Deleteසිරාම කතාව ගොඩක් ඒවා මටත් ගැලපෙනවා.
ReplyDeleteමේ ලයිෆ්බෝයි කැටේ දහයට තිබ්බ ෆොටෝ එක කොයි කාලේ එකක්ද බං?
හ්ම්ම් එහෙමනම් ඉතින් බිරින්දැට කියලා දුන්නා නම් හොදායි... අහ්හ් ඇයි අර පොඩි ලයිෆ්බොයි එකක් තියෙන්නේ රු 10 ට
Deleteබිරින්දැට? :/
Deleteයකෝ මම තාම චූටි එකා උඹ මඟුලක් කතා කරනවා
චුටි එකා උනේ මිට ටික කාලයකට කලින් එහෙම නෙමේ නේද ?
DeleteNo Comment!
ReplyDeleteTactical Evasive Maneuver!
henryblogwalker the Dude
හ්ම්ම් දැන් ඉතින් පෙරලපන්කෝ මම ඩික්සනරි.....................
Deleteඔය කියන්නෙ "තවටිකක් ඉවසපන් මලේ" කියලා.. හොඳට කියවපන්..
Delete// Your comment will be visible after approval. //
Deletei hate this..
සෙන්නා : තැන්කු තැන්කු අයියා එහෙමද මේ තියෙන්නේ අපරාදේ මම පොත් පෙරලගෙන දැගලුවේ
Deleteප/ලි : මමත් ඕකට නම් හේට් කරනවා තමයි.. බට් ඉතින් පොඩි අවුලක් තියනවානේ දන්න කියන ඇනෝ ලගෙන්
මගේ තියරි එකනම් අසභ්‍ය වචන හෝ මගේ බ්ලොග් එක කියවන්ඩ එන වෙන කෙනෙකුට අපහාස කළොත් හෝ කඩුව පාවිච්චි කිරීමයි..ඒ ඇරෙන්ඩ ඕන දෙයක් කියන්ඩ පුලුවන්..
Deleteමට නම් අද වෙනකම් ඇනෝලා පාට් දාලා නෑ..
ශෙහ් මරු අදහස් ටික..!
ReplyDeleteකොල්ලෝ ගැනනේ මල්ලි.... හැමෝම කෙල්ලෝ ගැනම ලියන එකේ කොල්ලෝ ගැනත් ලියන්නම ඕනනේ
Deleteදේවා ඔයා කියපු ගොඩක් දේවල් ඇත්ත ඒත් වෙනස් දේවලුත් තියනවා. සමහර විට කොල්ලෝ කෙල්ලන්ට වඩා සංවේදි වෙන අවස්ථා තියනවා... තවත් 9 වැරදි අවුරැදු ගාණක් ලව් කරලා දාලා යන කොල්ලෝ ඕන තරම් ඉන්නවා.. ඇයි අවුරැදු ගණන් ලව් කරලා බැදලා වෙන අය ගාවට යන කොල්ලෝ...
ReplyDeleteකොල්ලෝ සමහර විට කෙල්ලන්ට වඩා සංවේදි වෙන තැන් තියනවා කියන එක අනිවා මම පිලිගන්නවා ඩොටි...
Deleteඒත් ඉතින් ගොඩාක් තැන් වල ඒක වෙනවා අඩුයි.. සමහර අයට නම් අවුරුදු ගාන වැඩක් නැ තමයි බට් ඉතින් ගොඩාක් වෙන්නේ නම් ඔය දේ තමයි නේද?
9 නම් හැමවෙලේම හරි නැ යාලු....ඩොටි කිව්වා හරි....
Deleteඒ හින්දනේ දේවා කොල්ලෝයි කෙල්ලොයි අතර තියෙන වෙනස......
ReplyDeleteමොනවා උනත් කොල්ලන්ගේ මේ දේවල් ගැන කෙල්ලෝ හිතනවා අඩුයි..... නෝමලි හිතුවොත් ඔය ඉමේජ් එකේ තියන දේ ගොඩාක් තැන් වල වෙනවා නේද ඩොටි
Deleteදැන් මේවා ඔක්කොම ඇත්තද??
ReplyDeleteගොඩාක් ඒවා නම් ඇත්ත.... මම හිතනවා ගොඩක් දුරට හරි කියලා...
Deleteඅර 9වෙනි කරුණ නම් සිරාවටම ඇත්ත කියලා දන්නවා. අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.
ReplyDeleteඅයියාට ශුවර්නේ නේද උඩ ඩොටි එක වෙන්න අමාරුයි කියලා කියලා තිබුනනේ.. සෝ සමහර අය නම් ඇති එහෙම නේද?
Deleteවයි දිස් කොලවරි කොලවරි ඩි ???
ReplyDeleteමේ මොකද? අර ඩ්‍රාමා එකක නම් කියන විදිහට කොලවරියක් කියන්නේ මරනයක් කියන එකලුනේ...
Delete"3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි."
ReplyDeleteමේ ගැන මුකුත් නොකියමි...
ඇයි ඇයි ඒ මොකෝ ????
Deleteඔන්න දිනේෂ් අයියා අපි මුකුත් කියන්න කලින්ම හේතු අහලා තියනවා දැන් ඉතින් උත්තර දෙන්නම වෙයි
Deleteආහ්... සිහින මදාරා කොහොම හරි අහ ගන්නකෝ එහෙමනම්..... ඔය ප්‍රොෆයිල් එකෙන් මේ පැත්තේ ආවමද කොහෙද නේද?
Deleteකියලා වැඩක් නෑ දේවා.. දැන් ඉතින් කොමෙන්ටු දාන්න ඕන පරිස්සමෙන්.. :)
Deleteහි හි..ඇත්තටම ඇත්තද සහෝ මේවා..මම නම් දන්නේ නැතෝ.......................... :)
ReplyDeleteහිරු හිමාවි..... ඇයි ඇයි අර අරයා එහෙම නැද්ද? අර අරයා.... පොඩ්ඩක් බලන්නකෝ හිතලා
Deleteබොහොම වටිනා ලිපියක්.:)
ReplyDeleteකොල්ලන් ගැන මෙහෙම හරි දැනගන්න එක හරියට වටිනවා. අනෙක කොල්ලෙක්ගෙනම.
//තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි//
දැන් දේවකට කරන්ට තියෙන්නේ ඔයාගේ අම්මගේ හැඩ රුව ගැනත් පොඩ්ඩක් විස්තර කරලා දෙන්ට. :D
මුලින්ම තැන්ක්ස්...... හොදේ පොඩ්ඩියේ..
Deleteආහ් තව ඉස්සරහට හොද හොද ඒවා...
හ්ම්ම් ඒකත් ඉතින් කරන්න වෙනවා නේද? ඒක එහෙමනම් ඉක්මනට දවසක කියන්නම්කෝ.....
සහතික ඇත්ත.. මේවා ඔක්කොම එක්කාසු කරපු එක නම් සුපිරි.. :)
ReplyDeleteඅම්මෝ දැකපු කල්.. මම හිතන්නේ අර එදායින් පස්සේ දැක්කාමයිද කොහෙද?
Deleteහිකිස්/
තැන්ක්ස් හොදේ
මේවායින් කීයක් වගේ ඇත්තද?? අනේ මන්දා
ReplyDeleteආහ්හ් අක්කෝ මේවා ඔක්කෝම ඇත්ත මම හිතන්නේ......
Deleteඔය ෆේස් බුකියේම කොහේ හරි තිබුනා කොල්ලෝ කියන්නේ රූස්ස ගස් වගේ කෙල්ලෝ තුත්තිරි ගස් වගේ කියලා. මහා සුළගක් ආවොත් රූස්ස ගහ පෙරලේනවලු. මොන සුළගක් ආවත් තුත්තිරි ගස් පෙරලෙන්නේ නැතිලු.
ReplyDeleteසමහර කෙල්ලෝ නම් ඉන්නවා තමයි ඔහොම සමහර කොල්ලෝත් ඉන්නවා.. උණ ගහක් වගේ උනා නම් ඇත්තටම හොදයි එහෙම බලනකොට බට් ඉතින් හැම වෙලේම එහෙම ඉන්න එකත් වැඩක් නැහැනේ
Deleteසුවර් එකටම කෙල්ලෙක් තමා කියන්න ඇත්තේ ..
Deleteමොන බොරුද..!
ඇත්තද සහෝ මේවා.. වටිනවා.. වටිනවා...
ReplyDeleteඑහෙමනම් ඉතින් ඔන්න මතක තියාගන්නකෝ.... දවසක අනිවාර්යෙන්ම ඕන වෙයි නේද?
Deleteමේවගෙන් සෑහෙන ගානක් අවතාර්ටත් පොදුයි
ReplyDeleteඅර අවසානෙට දාලා තියෙන පින්තූරේ නම් 500%ක් ඇත්ත
සමහර කෙල්ලෝ නම් ඉන්නවා ඉතින් ඔය පින්තුරේ තරම්ම නොවෙන අයත්.. බට් ඉතින් ඔය ගොඩාක් දේවල් කොල්ලන්ට නම් පොදුයි ගොඩාක්
Deleteමේක මන් බුකිදීද කොහෙද දැක්ක කලින් සමහර ඒවා එහෙම නැනේ...:(
ReplyDeleteකොහොමත් සුළුතරයක් ඉන්නවනේ වෙනස් බහුතරය මෙහෙම වෙන්න ඇති නේ..? එහෙමවත් මන් හිතා ගන්නම් යාලු....:)
ඔව් යාලු එහෙම හිතාගන්න එක තමයි මම හිතන්නේත් හොදම... ඒක (#$%^#$%%) එහෙම උනාට හැමෝම එහෙම නැහැනේ...
Deleteශ..
ReplyDeleteඇත්ත නේන්නම්..!
අනිවා ඩෙෆා.............
Deleteආහ්.. මෙන්න වටින අදහස් ටිකක් එකඟයි. සම්පුර්ණ ඇත්ත
ReplyDeleteගොඩාක් ස්තුතියි අයියා වගේ පරිණත අයෙක් මේ කතාව පිලිගත්ත එක ගැන සතුටුයි
Deleteඅම්මෝ අපි මුකුත් කියන්නෙ නැහැ !
ReplyDeleteමන් හිතන්නේ සාපේක්ෂයි . 100 % ක් හරිම කියන්න අමාරුයි. සමහර ඒවා ඇත්ත . රුපියල් 10 ලයිෆ් බෝයි විතරක් ගැන කොල්ලෝ හිඟයි . ඇයි අනේ රැවුල කපන ශේවින් ක්‍රීම් ආෆ්ටර් ෂේව් ..කෝ එව්වා . කොල්ලෝ අපි හිතනවට වඩා සංවේදියි කියන එකනම් ඇත්ත .
ReplyDeleteමචන් 15 සහ 17 ගැන මට නම් එකග වෙන්න බෑ... අම්මගෙ වගේම ගතිගුණ තියෙන කෙල්ලෙක්වම කොල්ලො බදිනවා නම් දෙන්න අතරෙ වලි යන්න විදියක් නෑනෙ...
ReplyDeleteසමහර වෙලාවල්වලට කොල්ලො කෙල්ලන්ටත් වඩා සංවේදී... කෙල්ලො අපි හිතන තරම් සංවේදී නම් බඩට බත් නැතුව පණ වගේ ආදරය කරන කොල්ලව දාලා... කාර් එකක යන එන පොෂ් කොල්ලෙක් එක්ක සෙට් වෙයිද ?
දැන් ඉතින් උඹ ගැන බොගේ නගා දැනගන්නව නේව උබත් කොරගන්න වැඩ
ReplyDeleteහෙන කාලෙකින් නේ මේ පැත්තේ ආවේ!! සහතික ඇත්ත දේවා අයියේ!!
ReplyDeleteජය වේවා!!
"කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ " කියන දේට නම් එකග වෙන්න බැහැ.
ReplyDeleteකෙල්ලෝ කැමති අකමැති දේවල් දාලා තියෙන පෝස්ට් වලට මං ඕනතරම් ගිහිල්ලා ඇති. ඒත් කොල්ලො ගැන තියෙන පෝස්ට් එකක් දැක්කෙත් අද. නියමයි
ReplyDeleteදේවා සමහර දේවල් නම් ඇත්ත වගෙ දැනෙනවා.සමහර ඒවනම් අත්ත මටත් ගැලපෙනවා.සමහර ඒවා නම් ටිකක් අමරුයි.සමහර ඒවනම් අත්ත මටත් ගැලපෙනවා.සමහර ඒවා නම් ටිකක් අමරුයි.
ReplyDelete