ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 May, 2011

මට මුකුත්ම කරන්න බැරිද?


අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් 
ඔයා ගොඩාක් වෙලාවට හිතනවා නේද? මට මුකුත් කරන්න බෑ... මම දන්න දෙයක් නෑ... අනිත් අයට වගේ උත්පතියෙන් මට ලෑබුන දෙයක් නෑ කියලා... ඔයා එහෙම හිත හිතා ඔහේ හිටියොත් හෑමදාම ඔයාට පරාජයම තමයි.. ඔයාට ජන්මෙන් මුකුත් ලෑබුනේ නෑ කිය කියා දුක් වෙනවට වඩා ඔයා මොකක් හරි දෙයක් පුරුදු වෙන්න පුලුවන්නම් එක ඔබේ ජාන වලට ඈතුල් කරගන්න තරම් ඔබ දක්ශයෙක්නම් ඔබ දුක් උනා වගේ ඔබේ පරම්පරාවෙ කාටවත් දුක් විදින්න වෙන ඒකක් නෑ.. කොහොම උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි...
හින්දා අපි උත්සහ කරන්න ඔනේ අලුත් පුරුදු වලින් ජිවිතේ ජයගන්න
ජිවිතයක් දිනන්න නම් අනිවාර්යෙන්ම ජිවිතයට ඉලක්කයක් ඕනා.... ඉලක්කයක් නෑති ජිවිතය හරියට හබලක් නෑති පාරුවක් වගේ... ඔහේ ගමන් කරනවා මිසක් උවමනා කරන තෑනට ගමන් කරන්න බෑ..
ඉලක්කයක් නෑතිව ජිවත් වෙන ඕනෑම පුද්ගලයෙක් මනුස්සයෙක් කියලා හදුන්වන්න බෑරි තත්වයක් තමා තියෙන්නේ.....
අද සමාජයේ කාලය තත්පර, විනාඩි,පෑය,දවස්,සති,මාස,අවුරුදු, කියලා බෙදලා වෙන් කරගෙන තියෙන්නෙත් අපිට යම් යම් ඉලක්ක සදහා යාමට ලේසි වෙන්න තමයි....
ඉලක්කයක් නෑති කටවත් මේ වෙනකන් හොද තෑනකට ඈවිත් තියනවා කියලා මම නම් අහලා නෑ... වගෙම කිසිම කෙනෙක්ට ඉලක්ක නොකල කිසිම දෙයක් මේ වනතුරු සාර්තකව කරගන්න ලෑබිලා නෑ කියලායි මගෙ නම් හෑගිම.... ඉලක්කය අපිට විවිධ නම් වලින් හදුන්වන්න පුලුවන්... ( පෑතුම , ආශාව , ප්‍රාර්ථනාව ........... )
කොහොම උනත් ජිවිතයක් සාර්තක කරගන්න නම් අපිට අනිවාර්යෙන්ම ඉලක්කයක් ඔනා වෙනවා....
....................
ජය...............................

5 comments:

  1. හොඳ අදහසක් තියන ලිපියක් .........

    ReplyDelete
  2. 100% ක් එකඟයි සහෝ...
    නැතිදේ ගැන දුක් නොවී තියෙන දේ වැඩිදියුණු කරගෙන ඒකෙන් වැඩක් ගත්තොත් ලොකු දෙයක් කරන්න පුළුවන්...

    ReplyDelete
  3. ඇත්ත තමයි අය්යේ ඔයා කියන්නේ ඔයාලගේ අදහස් මට ශක්තියක්

    ReplyDelete
  4. වටින කියන අදහසක් !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....