ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

15 May, 2011

හැමදාම අතේ ගැවසෙන මුදල් නොට්‍ටු ගැන මේවා දන්නවාද? 01

ඇත්තටම මම මේ පොස්ට් එක දාන්න උන්නේ ටික දවසකට කලින් ඉදන් එත් ඒකට ඇත්තටම වෙලාවක් තිබුනේ නැ එක එක වැඩ නිසාම.... ඔයාලා ගොඩාක් අය දන්නවනේ සදරු එහේම නැත්නම් දේවා වැඩ කරන්නේ බැන්ක් එකක කියලා...  බැන්ක් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් දේවල් වල රහස්ය භාවය ගොඩාක් වැදගත් නිසා ඒ දේවල් ගැන මුකුත්ම කතා කලේ නැ සදරු... මේ කියන්න යන්නේ එහෙම රහසක් නම් නෙමේ... ඔයලා හැමොම දැන් ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ අලුත් මුදල් නොට්‍ටු වෙන්න ඕනනේ... ඉතින්  ඔයාලා ඒවා ගැන පොඩ්ඩක් මම දන්න විදිහට කියලා දෙන්න හිතුවා...මම හිතනවා මේක ගොඩාක් වැදගත් වෙයි කියලා ඔයාලට...
ඔයාලා හැමොම දැනටමත් දන්නවනේ අලුත් මුදල් නොට්‍ටු නිකුත් කලේ මොන මොන අගයන් වලටද කියලා...

රු 20 , රු 50 , රු 100 , රු 500 , රු 1000 , රු 5000 තමයි මහ බැංකුව තමන් නිකුත් කරපු 11 වන මුදල් නොට්‍ටු කාණ්ඩය විදිහට නිකුත් කලේ.. 2011.01.01 දිනයෙන් නිකුත් කරපු මේ මුදල් නොට්‍ටු කලින් නිකුත් කරපු මුදල් නොට්‍ටු කාණ්ඩ වලට වඩා ගොඩාක් වෙනස් වගේම ප්‍රමාණයෙන් ටිකක් කුඩායි.. එත් ඇත්තටම ප්‍රියමනාප පෙනුමක් ඒවට තියනවා... ඔන්න ටිකක් බලා ගන්නකෝ තවම දැකලා නැත්නම්


ටිකක් බලා ගත්තු නිසා දැන් එකින් එක අපි ඒ නොට්‍ටු ගැන බලමුකෝ..

රුපියල් 20....

පාට           : දුබුර ට හුරු රතු පාට
ප්‍රමාණය    : 128 මිමි * 67 මිමි
මැද රුපය  : කොළබ වරාය
පි‍ටුපස       : වෙස් නැ‍ටුම නැ‍ටුම් කරු සමග ගැට බෙර වාදකයකු
රුපියල් 50


 

පාට           : නිල් පාට
ප්‍රමාණය    : 133 මිමි * 67 මිමි
මැද රුපය  : මනම්පිටිය පාළම
පි‍ටුපස       : වඩිග ප‍ටුන නැ‍ටුම නැ‍ටුම් කරු සමග යක් බෙර වාදකයකු   


රුපියල් 100






පාට             : තැබිලි පාට
ප්‍රමාණය      : 138 මිමි * 67 මිමි
මැද රුපය    : නොරොච්චොලේ තාප විදුලි බලගාරය
පි‍ටුපස         : බහරටන‍ටුම් නැ‍ටුම නැ‍ටුම් කරු සමග  බෙර වාදකයකු    



රුපියල් 500






පාට            : දම් පාට
ප්‍රමාණය     : 143 මිමි * 67 මිමි
මැද රුපය   : ලෝක වෙලද මධස්ථානය සමග ලංකා බැංකු ප්‍රධාන  ගොඩනැගිල්ල
පි‍ටුපස        : තෙල්මේ නැ‍ටුම නැ‍ටුම් කරු සමග යක්  බෙර වාදකයකු   



රුපියල් 1000



පාට    : කොළ පාට
ප්‍රමාණය    : 148 මිමි * 67 මිමි
මැද රුපය    : රම්බොඩ බිංගෙය / උමග
පි‍ටුපස    : මල් පදය නැ‍ටුම නැ‍ටුම් කරු සමග දවුල  බෙර වාදකයකු   



රුපියල් 5000


 


පාට    : රත්ංරන්  පාට
ප්‍රමාණය    : 153 මිමි * 67 මිමි
මැද රුපය    : වෙහෙරගල වේල්ල
පි‍ටුපස    : නාගරක්ශ හා ගුරුලුරාක්ශ නැ‍ටුම් කරුවන්



මේ පොස්ට් එකෙන් මම කිවේ ඔයාලා හැමොටම අතට හම්බ වෙන මුදල් නොට්‍ටු වල ඔයාලටත් දකින්න පුලුවන් වෙන ලක්ෂණ ටිකක් තමයි... සමහරු දන්න සමහරු නොදන්න විශේෂ කාරණා ටිකක් එක්ක ඊලග පොස්ට් එකකින් හම්බ වෙමුකෝ
පුලුවන්නම් ඉතින් ෆලෝ එහෙම කෙරුවොත් මට ගොඩාක් වටිනවා

ඡායාරුප:  ශ්‍රි ලංකා මහ බැංකු වෙබ් අඩවිය



ඇත්තටම මට මෙහෙම විස්තරයක් දාන්න හිතුනේ තවම සමහරු මේවා හුරු නැති නිසා පැටලෙනවා කියලා කියන නිසා.. ඇත්තටම මේවා භාවිතයට ගොඩාක් පහසුයි.. දැකුම් කලුයි... මම හිතනවා මේක වැරද්දක් නෙමේ කියලා... කිසිම රහස් තොරතුරක් මෙහි අන්තර්ගතව නොමැත..

9 comments:

  1. නොදැන හිටි දෙයක්. ඉගෙන ගන්න ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් වටිනවා. මම දන්නා තරමට 5 වසරේ ශිෂ්‍යත්වයට නෝට්ටු ගැන අහනවා

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් ........

    ReplyDelete
  3. ස්තූතියි ර්‍!

    ReplyDelete
  4. නියම ලිපියක් !!!!
    නොදන්න ගොඩක් තොරතුරු දැන ගත්තා !!!!

    ReplyDelete
  5. All in one...... :අනිවාර්යෙන්ම මාත් ඒක එහෙමයි කියලා හිතනවා....

    ReplyDelete
  6. කල්හාර : ගොඩාක් ස්තුතියි අය්යේ

    ReplyDelete
  7. Nadun Dissanayake : තැන්කු කිවා

    ReplyDelete
  8. මධුරංග : ඒක මට ගොඩාක් ලොකු ශක්තියක් එහෙම වෙනවා නම්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....