ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 May, 2011

මෙහෙම හිතන ගුරුවරු අදත් ඉන්නවාද?.....?

අද ඉතින් පොඩි නිවාඩුවකුත් ලැබුන නිසා පොඩ්ඩක් දේවාගේ රුම් එක අස් කරන්න කියලා හිතුනා පරන පොඩි දෙයක් හම්බ උන නිසා කලින් බ්ලොග් එකක මම ඒ ගැන කියලා තිබුන නිසා ආයේ කියන්න ඕනා කියලා හිතුනා... මේක ටිකක් විතර රිපිට් එකක් තමා... බට් කියවලා බලන්නකෝ....

O/L කරන්න කලින් පන්තියෙදි දේවා සදරු ශිෂය නායකයෙක් නේ ඊට පස්සේ උප ප්‍රධාන ශිෂය නායකයා උනේ O/L පන්තියෙදි නේ.... කොහොම හරි ඕ ලෙවල් කරන්න කලින් 10 වසරේ ඉන්නකොට දේවා ටිකක් බෑහෑලා (අමතර වෑඩ එහෙම කලා ඊලග අවුරුද්දේත් මේ පොස්ට් එක තිය ගන්න ඕනේ නිසා) මතක හිටින වෑඩ දෙක තුනක් දේවා මුල් වෙලා කලා........ එවා පස්සේ කියන්නම්කෝ අද එකක් කියන්නයි හදන්නේ...........

දේවා කරපු එක වෑඩක් තමා ලෝක ගුරු දිනේ දවසේ ගුරුවරුන්ට කලගුන සමරන්න උත්සවයක ප්‍රධාන සංවිධායක වෙලා වෑඩ කලා..... සංවිධායක වෙලා වෑඩ කලේ ගුරුවරුන්ට පෙන්න විතරයි වගෙ මට මතක...... මොකද ඔය වගෙ එකක් තනියම කරන්න බෑනේ.... කොහොමහරි අන්තිමේ වෑඩේ අනා ගන්නේ නෑතුව Grand පාටි එකක් එහෙම දිලා වෑඩේ ශේප් කර ගත්තා...

අද කාමරය අස් කරනකොට මට හම්බ උනා එදා මම ගුරුවරුන්ට දෙන්න ලෑස්ති කරපු සමරු පලකයක්... (මම ගුරුවරයෙක්ද එවා ලග තියගන්න නේද?) (අපේ ගුරුවරු ගෑන කතා කියන්න ගියොත් වෙනම් බ්ලොග් එකක් ලියන්න වෙයි එත් දේව කියන්නේ ගුරුවරුන්ට සලකන හොද කිකරු ලමයෙක් නිසා එහෙම බ්ලොග් ඔනේ නෑ....  මට කොහොමද එක සමරු පලකයක් ලබුනේ කොහොමද කියල කියන්නම්කෝ.. අපි හරියට ගානටමයි සමරු පලක හෑදුවේ.. මොක්ද ඕවට වියදම් කරන්න තරම් අපේ සෙට් එකේ අය ලග ගොඩාක් මුදල් තිබුනෙත් නෑති නිසා..... කොහොම හරි අපේ එක සර් කෙනෙක් මේක ගන්න එක ප්‍රතිච්ෂේප කලඅනේ මොකද එයාලට පඩි ආන්ඩුවෙන් ගෙවනවාලු... අපෙන් එක එක දෙවල් ගන්න ඔනේ නෑහලු.. මොනවා කලත් අපි සන්තොශෙන් දෙන දෙයක් ගන්නේ නෑතුව සර් කරපු වෑඩෙන් අපේ හිත රිදුනා.. මොක්ද එක අරගෙන ලග තිය ගන්න බෑරිනම් මොනව හරි කර ගත්තට අපිට කමක් නෑනේ

කොහොම හරි ඕවා බාරව තිබුන නිසා එක මටම උරුම උනා.. ඔවා create කලෙත් මමනේ... ඔන්න මම දෑන් කියන්න හදන්නේ එදා මම ගුරුවරුන්ට දුන්නු සමරු පලකේ හිතුන විදිහට ගොතපු නිසදෑස... (සමහර විට අර සර් හොරෙන් කියවල තිබුනද දන්නේ නෑ ඒක නරකයි කියලා හිතලා ගත්තේ නෑද්ද දන්නෙ නෑ ඔයාලාම කියවලා මට කියන්නකෝ

නිලුපුල් පුල් සේද මාවතේ
වෑටි ඈති මහනෙල් පෙති සමුහයක් සේද
සදු තරු හිනෑහෙන්නවු
ධවල මිදුම් ගෑබ් රාත්රියක
වලුක් මල් මත පතිත වු
පිණි කෑට සේද
රශ්මිය විහිදුවන්නාවු හසරදයන් සේද
අප විදු පියසට වෑඩියා නොවේද?
කඩුපුල් මල් වෑසි වසිනා බව
ඔබ අපට කියා දුන්නා නොවේද?
දිය බිදු සොයා යන මුව පෑටවුන්ට
මිරිගුවක් නොපෙන්වා
විදුරු ගිරු බිතක
ඔබ්බට ඈති සෑම
මිනිකෑටයක්ම ඉගෑන්වු
අපගේ ගුරු මව්පියවරුන්ට
අප හද පතුලින්ම
මේ උපහර දිනයේදි
තුති මල් පුදමු...

කියන්නකො ඉතින් ඔයාලගේ අදහස් එහෙම... ඉක්මනට එනවා ඔයාලව හොයාගෙන ආයෙත්.....................

2 comments:

  1. නියම ගුරුවරයෙක් !!!!
    අම්මෝ ඒකට අපේ ඉස්කෝලේ සර්ලා ටීචර් ලා !!!
    මොනාහරි දෙනවනම් පැනලා ගන්නේ.

    ReplyDelete
  2. මධුරංග : ඒත් එදා නම් මට ඇත්තටම දුක හිතුනා... අපි හිත සතුටින් දෙන දෙයක්නේ නොගත්තේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....