ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 June, 2011

වතුරවත් බොන්න එපා... (මට ඕනේ මහත් වෙන්න)

ඉතින් අද ඉතින් නිවාඩු දවසනේ දේවා කාලයක ඉදන් ඉතින් පොඩි වැඩක් කරන්න කියලා හිත හිතා උන්නා.. එත් ඉතින් ඒකට වෙලාවක් තිබුනේම නැනේ... එත් මේක ඒ තරම් කල් දදා ඉන්න පුලුවන් දෙයකුත් නෙමේ.. දේවාට තියෙන්නේ ඒ තරම් ලොකු සරිර කුඩුවක් නෙමේනේ.. මතකද ඒ දවස් වල ක්‍රිකට් ටිම් එකේ උන්නු උපුල් චන්දන. අහ්. කුමාර ධර්මසේන ( දැන් නම් වින්ස්චර් නිසා ටිකක් විතර ‍ෆිට් බොඩියක් ඇවිත්ද කොහෙද) ම්ම මේ කිවේ ඒ දවස් වල ටිම් එකේ සෙල්ලම් කරන කාලේ එයලගේ බොඩි එක ගැන.. අන්න ඒ වගේ තමා මාත්.. උස නම් තියනවා 5.5 ක් විතර.. එත් ඉතින් අදින්න වෙන ඇදුම් 28 , 29 වගේ තමා.. ඔය අස්සේ දේවා ගිය අවුරුද්දේ දෙසැම්බරේ 14 දිහා වුනු මාරාන්තික ඇක්සිඩන්ට් එකක්ටත් මුන දිලා දවස් 3,4ක් හොස්පිටල් ඉදලා හදා ගත්තු ඔක්කොම අසනිප ටික කාලයත් එක්ක හොදවුනා...  (කාලේත් එක්ක කිවට මම නිකන් බලාන උනේ නම් නැ.. මුනේ තිබුනු පොඩි කැලල මකා ගන්නම පඩියෙන් 6න් කොටසක් විතරම වියදම් කලා මාස 2,3ක්.. ඒකට පාඩු නැ, දැන් ඉතින් එහෙම අවුලක් පැල්ලමක් මුනේ නැ.. කැඩුනු දත් 2ත් ශේප් එකේ හදා ගත්තානේ) එත් ඔය ඔහොම යනකොට තමයි මම මේ කාලයක් තිස්සේ බලාන උන්නු වෙලාවක් නොතිබුනු නිසා හොද කරගන්න බැරි උනු ලෙඩෙත් හැදිලා තියෙන්නේ...

තවත් බලාගෙන හිටියොත් නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. මොකද මසෙකට 2ක 3ක් ඇතුලත මගේ බර කිලෝ 6,7 කින් අඩු වෙලා..



අනේ තිබුනෙත් කිලෝ 50ක් විතර... ඕකත් අඩු වෙලා ගියහම මොන දෙය්යන්ට කියන්නද?????
ඒ මදිවට අදින්න ගත්තු ගොඩාක් ඇදුම් දැන අදින්න්ත් බැ .... මාර ලොකුයි

ඉතින් ඕකට බේත් ගන්න යන්න කියලා හිතාගෙන උන්නත් වෙලාවක් හම්බ උනේම නෑනේ...
බැන්ක් එකට එන ගොඩාක් හිතවත් කෙනෙක් නිසා අදුන ගත්තු ඩොක්ටර් කෙනෙක් ලගට යන්න කියලා ඉතින් උදේම මම පිටත් උනා.. මේකට හොස්පිටල් එකක් නම් කියන්න බැ.. පුදගලික රොහලක් කියන වචනෙත් ගැලපෙන්නේ නම් නැ ඉතින්..
කොහොමහරි ඩොක්ටර් සර්ලා මිස්ලා ඉන්න ලෙඩ්ඩු ඉන්න සාත්තු කරන්න කට්ටිය ඉන්න තැනක්..
තාම රොද 4ක යන්න තරම් දේවා ලොක්කෙක් නෙමෙනේ... සුපුරුදු රෝද 2න් තමා අදත් ගමන...
යනකොට අදුන්වලා දුන්නු කෙනා (එයා වැඩ කරන්නෙත් එතන තමා) අහ්  එන්න මල්ලි කියලා ඩොක් ලගට ගියා ඔන්න

මට ඉතින් කියන්න දෙයක් නැ මේ දේ ගැන ඔක්කොම කියලා..
මම කිවා මට ගොඩාක් නෙමේ සාමන්න්යෙන් ටිකක් මහත් වෙන්න තමා ඕනේ කියලා..
ගොඩාක් දේවල් අහලා ඒ හැම දේකිනම මම නොර්මල් හින්දා ඕංංංං කරගෙන එන්න කියලා පරික්ශන ගොඩාක් ලියලා දුන්නා
ඒවා දැන් කරන්න බැ අනේ.. මොකද ඉතින් ඒක කරන්න පැය 10-12  අතර කාලයක් නොකා ඉන්න ඕනලු.. ඉතින් මම ඒ වැඩේ අනිද්දාට කල් දාගත්තා..  මොකද ඉතින් මම ඒ වෙනකොටත් කාලානේ..

ඔය අතරේ ඩොක් ලෙඩ්ඩු ටික බලන්න යන්න ඕන වෙලාවත් ලං වෙලා.. මගෙත් වැඩේ කරගත්තානේ.. ටෙස්ට් ටික කරගෙන රිපොට් ගෙනකන් බොන්න සිරප් එකකුත් දුන්නා...  මාත් එන්න එනකොටම ඩොක් එක ලෙඩෙක් ලග නතර වෙලා අහනවා ඇයි ඔයා ඔය ටොපියක් කන්නේ කියලා..

මමත් ඉතින් බැලුවා මොකද මේ ටොපි කන්න තහනම්ද කියලා දැන ගන්නත් එක්ක..

ඩොක් අහනවා දැන් මම ඔයාට මොකක්ද ඉස්සරවෙලා කියලා ගියේ  අයේ මම කියනකන් වතුරවත් බොන්න එපා කියලා නේද?
ඔව් ඩොක්ටර් මම තාම එහෙම කලේ නැනේ.
එහෙමනම් ඇයි මේ ටොපියක් කන්නේ ඉතින්

ඩොක්ටර් වතුර බොන්න එපා කියලා කිව නිසා මම වතුර බිවේ නැ ඩොක්ටර් දැන් මේ බත් එක කාලා ටොපියක් විතරයි කැවේ කිවලු
ඩොක් ඉතින් එහෙමනම් අයේ පැය 10ක් මුකුත්ම නොකා ඉන්නවා වතුර විතරක් නෙමේ කන බොන කිසිම දෙයක් කන්න බැ හොදද?

ම්ම්ම් මටත් ඉතින් ඔය දේම හෙට රාත්‍රියේ කරන්න වෙනවනේ..   මම නම් ඉතින් නිදා ගන්න ටයිම් එක තමා එකට පාවිච්චි කරන්නේ...
ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියනවද?????
මහත් වෙන්න කරන්න හොදම දේ මොනවද? කමෙන්ට් කරලා ෆලෝ කරලා යන්නකෝ

21 comments:

  1. මහත් වෙන්න....
    හොදට කාලා නිදාගෙන හිටියාම මහත්වෙනව, තව එලවළු සහ මස් තම්බලා කන්න, හ්ම්ම් තව අර ප්‍රෝටින් කිරි එකක් ගහන්න. පොඩි නිවාඩුවක් දාගෙන ඔය ටික කරානන් හරි.

    ReplyDelete
  2. මහත් වෙන්න නම් කරන්න තියෙන එකම දේ කිරි ආහාර වගේ මේදාධික ආහාර ගන්න ඕනේ. තව එකක් තමයි තෙල් සහිත ආහාර ගත්තමත් මහත් වෙනවා.

    ඕකට නියම බේතක් තියෙනවා ඌරු පෙති කියලා. ගහපු හැටියෙන්ම බඩයි පස්සයි එන්නේ. ජිම් ගිහින් ශේප් කරගත්තේ නැත්නම් අවුලක්.

    මල්ලි ඔය කිසි දෙයක් ඕනැන්නේ නෑ. මෙගා මාස් එකක් හරි ඇපටන් වේට්ගේන් එකක් ගහපන්.

    ඒ බැරිනම් සිංහල බෙහෙත් බේත් බඩු කඩේකින් පුස්මාන්නේ කියලා ජාතියක් තියෙනවා ඒක කිරිත් එක්ක කෑවමත් මහත් වෙනවා.

    ReplyDelete
  3. දේවා...මේ වගේ සිදුවීම් අනන්තවත් මට අහන්න දකින්න ලැබිලා තියෙනවා ....එක වතාවක කෑමෙන් පස්සේ ගන්න කියලා බෙහෙතක නම ලියල දිල තිබුණා....ලෙඩාත් බෙහෙත අරගෙන කෑමට පස්සේ දීපු කරල බීල...මාසයක් බෙහෙත ගත්තත් හතිය අඩු නැති නිසා ආයෙත් ආ වෙලාවක හොයල බලන කොට බෙහෙත බොන්න තියෙන එකක් නෙවි , කෑම කාල පස්සේ උපකරණෙකට දාල උරන්න ඕන බෙහෙතක් ....
    තවත් කතා ගොඩයි ..වෙලාවක අපේ පැත්තෙත් එන්න ....
    http://nursinglanka.blogspot.com/

    ReplyDelete
  4. හි හි අනේ මන්දා ඩොකා මට විටමින් වගයක් දුන්නා.. තාම බොනවා.. ප්‍රගතියක්‌ තිබ්බොත් කියන්නම්කො...

    ReplyDelete
  5. @ මලියා :නිවාඩු ගැන නම් කතා කරලා වැඩක් නැ බන්.. සෙනසුරාදා ඉරිදාත් සමහර වෙලාවට ගොඩාක් වැඩ... නිදා ගන්න එක තමයි මම අඩුවෙන්ම කරනවා ඇත්තේ... ලියන බ්ලොග් කියවලා හැමදාම නිදා ගන්න කොට 12 ත් පහු වෙලා.. එත් ඔය කියපු දේවල් කරලම බලන්න හිතෙනවා, තැන්කියු සහෝ

    ReplyDelete
  6. Oh! if you find a solution, please let us know. I'm also facing the same issue.

    Height: 5' 11"
    Weight: 53Kg

    ReplyDelete
  7. @ මධුරංග : තෙල් කැම නම් තමයි බන් මම ගොඩාක් ගන්නේ.. මේක මගේ ඇගේ ලෙඩක්ද බලන්න කියපු ටෙස්ට් ටික කරලා බලන්න ඕනා
    ඌරු පෙති කියලා දෙයක් ඔය මහරගම තියනවා කියලා මම අහලත් තියනවා.. එත් ඉතින් ඌරා වගේ මහත් උනහම කැතයිනේ..

    ඔව් අය්යේ දැන් නම් එහෙම දෙයක් තමා කරන්න වෙන්නේ.. ආවට ගොඩාක් තැන්ක්ස්

    ReplyDelete
  8. @ Mahesh : ඇත්තටම ඒක ඩොක් ලාගේ වැ‍රැද්දක්ද එහෙමත් නැත්නම් තේරුම් ගැනිමේ දෝශයක්ද කියලා එක පාරම කියන්න අමාරුයි..
    අනිවා ඔය පැත්තේ එනවා අපිත් එනව යාලු

    ReplyDelete
  9. @ හසි : ඇත්තටම මොකක් හරි පොඩි හරි ප්‍රතිශතයකින් හොදක් තිබුනොත් මටත් කියන්නකෝ

    ReplyDelete
  10. මචං අල බතල සහ කොස් දෙල් වගේ ආහාර පාන වර්ග අරගන්න . අම්මප මහත් වෙනවා ..

    ReplyDelete
  11. @ හිස් අහස : බලමු ඒකවත් කරලා.. ගමේ කැම තමා ගොඩාක් කැවෙන්නේ ඉතින්,, අපිත් ගමේ මිනිස්සුනේ

    ReplyDelete
  12. ොනව කලත් ඌරු පෙති සහ "බොඩි මාස්" වැඩිකරන මල ඉලව් කන්න බොන්න එපා කොල්ලෝ. ඌරු පෙති බීල මැරිච්ච එවුනුත් ඉන්නව ( ඉන්නව කිව්වට දැන් මැරිලා !!!) . මහත ගැන ඕනවට වඩා හිතන්න එපා. උඹ වයසට යද්දි නිරෝගී මිනිහෙක් වේවී. ජීවිතේ අවුරුදු 25 න් ඉවර වෙන්නේ නෑ කොල්ලෝ. වෙලාවකට ඒක හිතුවට වඩා කොටයි, වෙලාවකට එපා වෙන තරම් දිගයි! ඒත් ඕක දැන් ඇති කියලා නවත්තන්නේ එහෙමත් එකෙක් තමයි.

    ReplyDelete
  13. @don seatang : මගෙත් එහේම ඒවා බොන්න නම් අදහසක් නැ අය්යේ.. එත් ගොඩාක් පින් ඔයාට ඒ ගැන දැනුවත් කලාට.. මම හිතනවා මේ ඔයාගේ පලමු පැමිනිම.. ආයෙත් එන්නකෝ

    ReplyDelete
  14. කාපන් බන් බඩ පැලෙන්න. ඊට පස්සෙ ඉදපන් නිකන් පිස්ස වාග් කොල්ලොත් එක්ක රවුම් ගහල ආතල් අරගෙන හිනාවෙලා සතුටින්.උබව නිකම්ම මහත්වෙයි.අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

    ReplyDelete
  15. macho matath mahath wenna oni.hari kramayak set unoyh kiyapan bn

    ReplyDelete
  16. කෙටිටුවට ඉන්නවට වඩා හොදය මැරෙන එක.......................

    ReplyDelete
  17. මටත් තියෙන පශ්නේ මහත් වෙන එක.....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....