ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 June, 2011

සල්ලි ගෙවලා අපායේ යාම

වෙසක් දවස් , පොසොන් දවස් පහුවෙලා ගිහින් ආයේ ඉතින් එන්න තියෙන්නේ ඇසල දවසනේ.. ඒකත් ඇවිත් යයි මේ වගේ එත් ඇත්තටම වෙනදා නැති උනන්දුවක් මේ පාර වෙසක් පොසොන් එකට හැමොම ලග තිබුනා.. ගොඩාක් දෙනා එක එක විදිහේ පින්කම් කරගත්තනේ.. මේ එහෙම දෙයක්මම නම් නේමේ.. ගොඩාක් පොඩි කාලේ දේවා බලාන් ඉන්නේ වෙසක් පොසොන් එනකන්.. මොකද හැමතැනම දන්සල් නේ කොහේ හරි ඇවිදින්න යන එක දේවා ගේ පවුලේ වෙන දෙයක්.. කට්ටියම එකතු වෙලා එහෙම ගමනක් යන එකත් එක විදිහක සතුටක්

මේ පාර වෙසක් එකට එහෙම මුකුත් නොකල හින්දා, පොසොන් එකේ කට්ටිය සෙට් වෙලා පොඩි ගමනක් සෙට් කොලා.. මේ තියෙන්නේ ඉතින් ඒ ගමනේ මතක හිටපු තැන් වලින් පොඩ්ඩක් තමා.. හැබැයි ඉතින් මෙතන කාපු බිපු තැන් ගැන නම් 4ටෝ මුකුත්ම නැ.. කනකොට බොනකොට ඕවා කරන්න මතක් වෙන්නේ කාටද අනේ

ඉස්සරවෙලාම ගියේ නාමල් අංගේ කියන තියෙන්නේ මැල්සිරිපුර කියන හරියේ තමයි ඔන්න
එහේ තමයි අර අපායට යන්න සල්ලි දෙන්න ඕනේ.. තව තැන් කිපයක මම දැකලා තියනවා එහෙම සල්ලි දිලා අපායේ යනවා.. ඒකටදර් ඉතින් මුකුත් කියන්නත් බැනේ... විහාර සංවර්ධනයටනේ සල්ලි එකතු කරගන්නේ.. ඒවට නිසි ප්‍රතිපාධන ලැබෙනවා නම් ඕවා නවතිවි..
එතන බලන්නකෝ



මෙච්චරක් තියනවානම් අපායේ යන්න පුලුවන්   
මේ තියෙන්නේ තව නාමල් අංගේ 4ටො ටිකක්






ඊට පස්සේ නාමල් උයනේ තමා ගියේ.. ඒත් ගියපාර යනකොට නම් කන්ද රෝසම රෝස පාටයි.. වැඩ ඉන්නා බුදු හාමුදුරුවොත් රෝස පාටයි.. එත් දැන් රෝස ගල් කැල්ලක් හොයාගන්නත් නම් ගොඩාක් අමාරුයි..
ඒකට යන්නත් රුපියල් 20ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕනා..
එතන හොද දෙයක් නම් කරනවා.. පොලිතින් කිසිම දෙයක් ගෙනියන්න දෙන්නේ නැ.. බැග් හිටන් බලලා අයින් කරනවා..., ඔන්න දේවා කන්දේ නගින්න පුලුවන් උපරිම උසටම නැග්ගා.. ගොඩාක් අය පිලිමේ ලගින් නවතිනවනේ.. එත් තව ඒ වගේ 2 , 3 ඉහලට නගින්න පුලුවන් කදු තියනවා.. ඇත් ගොඩාක් ලස්සනට පේන.. ගත්තු පොටෝ ටිකක් මම මෙතන දාන්නන්ම්කෝ

ඔය ඉන්නේ දේවා  තමයි







තව තැන් කිපයකටම ගිහින් පාන්දර 4 වෙනකොට දේවා ගෙදර ආවා.. ඉතිරි තැන් පස්සේ දාන්නම්කෝ.. කියලා යන්නකෝ කොහොමද මේවා කියලා
පුලුවන්නම් ෆලෝ කරන්න්නකෝ මට ඒවා ගොඩාක් වටිනවා


5 comments:

  1. ලස්සන පොටො ටික

    ReplyDelete
  2. @ Anonymous : ඇත්තටම මම කැමති අම්මා තාත්තා දාලා තියන හරි ඔයා මේ සයිබර් අවකාශේ හදාගත්තු නමකින් කමෙන්ට් කරනවට..

    ReplyDelete
  3. දැන් කාලෙ අපායෙ යන්නත් සල්ලි ගන්නව නේද බං,
    ශේප් බැංකුවේ වැඩ කරන නිසා,

    ශ්.. ශ්.. අපේ අම්මා මට මලියා කියන්නෑ, ඔය අපේ පිස්සො සෙට් මාව නම් කරපු විදිය.

    කොල්ලා මේ දවස් වල බුකිය පැත්තෙ කැරකෙනවා අඩුයි නේද?

    තව තව පුලුවන් වෙලාවල් බලලා මේ පැත්තෙ ඇවිත් යන්නන්

    ඔබට ජය!

    ReplyDelete
  4. @ මලියා : ඔව් බන්, තවම මම කොහෙවත් දැකලා නැ දිව්යලොකයක් හදලා තියනවා... එහෙ යන්න නම් කියක් උනත් වියදම් කරන් යන්න බැරියේ..
    අපායේ ඉතින් කොහොමත් යන එකනේ.. ඉතින් යන්න නොලබෙන තැනකටනේ අපි යන්න ඕනේ සල්ලි දිලවත්...
    ඇත්තටම බුකිය මේ දවස් වල මට දිරවන්නේ නැ බන්..
    අනිවා කොල්ලා එන්නම්කෝ

    ReplyDelete
  5. අපේ මල්ලි නම් නමල් අංග රජමහා විහාරේ ගිහින් තියෙනවා.
    මම නම් ගිහින් නෑ.
    පුලුවන් වෙලාවක එහේ ගිහින් අපායේ යන්න ඕනා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....