ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 June, 2011

තව නුලෙන් මමත් කෝට් (කතන්දරේ වගේ)

මේක උනේ නම් අද උදේ දේවා වැඩට යන්නේ ගෙදර ඉදන් කිලෝ මිටර් 30ක් විතර දුර තියන තැනක තමා... මේ ගමනට සාමාන්යෙන් යන්නේ හොදම ටයිම් එකේ නිසා (7-8) කොහොමත් පැයකට කිට්‍ටු කාලයක් යනවා.. කතන්දරත් මේ දවස් වල කිය කියා යනවනේ මෙගා සිරිස් එක රතු කොරොල්ලා ගමනේ අකර තැබ්බ ගැන.. හැමොම එක දන්නවානේ... මම කියන්නේ එහෙම වගේ උනාට එහෙම එකක් නෙමේ ඉතින්....
අනික තාම මට රතු කොරොල්ලා එහෙම නැනේ...( තාම මම පොඩි එකානේ) තව ඒවට කල් තියනවා මට.. වැඩට යන්නේ මගේ ප්ලැටිනා බයික් එකේ... ඇත්තටම බයික් එකේ ගමන ට්‍රැපික් තියන වෙලාවට කොයි තරම් අමාරුද ලේසිද කියන එක එහෙම වෙලාවක බයික් පැදපු පදින ඕන කෙනෙක් දන්නවනේ...

ඔන්න අද ඉතින් උදේ නැගිටින කොට වෙලාව 6.35 යි කුකුලා අතේ.. (‍රැට නිදා ගන්නේ නැතුව මම ඇහැරිලා ඉන්නවනේ) වෙනදට මම කොහොමත් 7 ට කලින් ගෙදරින් යනවානේ... අද ඉතින් යන්න වෙන්නේ නැ කියලා ඔරලොසුව දකින කොටම මට හිතුනා.. අනිත් එක ඇහැරෙන්නේ නැ මාව ඒ වෙලාවටවත් අම්මා ඇහැරුවේ නැත්නම් (ඇත්තටම මම තාම පොඩි එකා තමයි.... ගෙදර තව පොඩි උන් උන්නට)

කොහොමහරි ඉතින් ටිකක් ඉක්මනට රෙඩි වෙලා වැඩට යන්න කියලා මගේ පැලැටිනා එකට නැග්ගානේ ඔන්න වෙලාව 7.20යි
තව විනාඩි 35කින් වත් යන්න ඕනනේ සේවයට............


පාරට දාලා යනවා යනවා ඉතින් ටික දුරක් යනකන් කොහොමත් මම නෝමර්ල් ස්පිඩ් තමා.... හැමදාම මම කොහොමත් යන්නේ දැන් නම් නෝමල් ස්පිඩ් එකෙන් මොකද දෙසැම්බරේ උනු ඇක්සිඩන්ට් එකේ මාර්ක් ටික යන්තම් මැකිලා ගියා විතරනේ.. අනික ඒ දවස් වල දැනුන දුක වේදනාව මතක් වෙනකොට පයින් යන එක සැපයි කියලා හිතෙනවා..

කොහොම හරි අද ලේට් නිසා වේගේ ගොඩාක් වැඩි කියලා මටත් හොදටම තේරිලා තිබුනේ.. 30 ට යන්න බැරි දවසක මම 70ත් පැනලා යනවා..

ඔහොම යනකොට ඇත ම්ම දකිනවා මේ උදේ පාන්දර නලාවක් අතින් ගත්තු මාමා කෙනෙක් අත වනනවා නවතින්න කියලා...

කොහේ නවත්වන්නද ඒ අලිස් පොන්කල් ව පහු කරලා මිටර් 6යි සෙනිටිමිටර් 48 යි මිලි මිටර් 8 කින් මම වාහනේ නවත්ව ගත්තා ඔන්න..

මම ඉතින් ෆුල් ෆේස් එකක් දාලා උන්නු නිසා මැන් තවම මාව දැක්කේත් නැනේ...
මොකද මහත්තයා පන පිටින් දිව්ය ලොකේ යන්නද හදන්නේ (මිනිහා දන්නේ නැනේ මම කරන වැරදි.. එවාට යන්න වෙනම ලොකයක් හැදෙයිනේ)
ඔය තරම් වේගෙන් ඇත්තටම කොච්චි අල්ලන්න යනවැයි.. ( තව සිංහල වචන ගොඩායි ඒවා බ්ලොග් එකේ දාන්න බැනේ)

කොහොමෙන් කොහොමහරි තව වෙලා උන්නොත් මෙච්චර ස්පිඩ් ඇවිත්ලත් වැඩට යන්න බැරි වෙනවනේ වෙලාවට

ගැලෙව්වා මගේ ෆුල් ෆේස් එක...............

අහ් අනේ සර් මේ ඔයානේ... (මැන් මාව දන්න ගානයි... මටත් එකපාරටම ඔන්න මිටර් උනා)

ම්හ්ම්හ් සර් ලොකු හදිසියකින් වගේ...

අද ටිකක් ලේට් වෙලා සර් (මමත් ගරු සරු ඇතිව කතා කලා... කොහොමත් එහෙම කතා කරන පුරුද්ද නම් මට හොදට තියනවා)

හරි සර් එහෙමනම් ඉතින් යන්න.. තවත් ලේට් වෙනවනේ... මේකට ගන්න ඇක්ශන් එකක් දැන් නැනේ... හැබැයි ඉතින් ඔහොම ගිහින් කරගන්න ඒවට වන්දි ගෙවන්න වෙන්නේත් සර්ලාටම තමයි...

පරිස්සමෛන් යන්න එහෙමනම්...

මාත් ඉතින් ඔන්න කොට් නොගිහින් බේරිලා වැඩටම ආවා...

බලන්නකෝ තව ටිකෙන් මාත් කතන්දරේ වගේ කෝට් යනවනේ,........

අපරාදේ නේද??? ගියානම් මරුනේ....

කොහෙද කෑවනේ අර දන්න කියන මනුස්සයා...

14 comments:

  1. දන්න කියන කෙනෙක් මට මේකටත් හේතුව කියලා යන්නකෝ එකට යන්න බෑරි මට විතරද දවස් 2කින්3කින් විතර මට මෙකට යන්න බැරි උනා.. හැම වෙලෙම මෙහෙම මැසෙජ් එකක් එනවා.. ඔයාලටත් එනවද???? එහෙම එන්නේ නැත්නම් මමත් මේක හදා ගන්න ක්‍රමයක් තියනවා නම් කියලා යන්න

    ReplyDelete
  2. මේ දවස් වල ඇක්සිඩන්ට් වැඩියි...මලයෝ.
    ඒ හන්දා පරිස්සමෙන්.

    මොන මගුලක් කරන්නත්..අපි පරිස්සන් වෙලා ඉන්න එපැයි..නේද..

    අර ප්‍රශ්නෙට නම් උත්තර නොදනිමි.

    ReplyDelete
  3. //ටික දුරක් යනකන් කොහොමත් මම නෝමර්ල් ස්පිඩ් තමා//..:D
    මේ කියන්නෙ මගේ හිතේ ප්ලැටිනා එකේ 4ට දාගන්නකන් වෙන්ටැති.කොහේ ගියත් බයික් එකේ යන මම බයික් එකට නගින්න කලින් සිහි කරගන්න පාඨයක් තියනවා. කාට උනත් හොදයි.
    "මෝටර් සයිකලය රෝද දෙකේ වාහනයකි!"

    ReplyDelete
  4. ''අතට ගත විට ඔබේ රතේ ඉගිලිලා නොයනු .....'' අපි පොඩි කාලේ ගිය ඇඩ් එකක් ඒ . හොඳ පොලිස් මාමෙක් නේද

    ReplyDelete
  5. නිල් අහස : ඒක නම් ඇත්ත තමයි... මොනා කරන්නෙත් ජිවත් වෙන්නනේ ඉතින්.... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒක කොකටත් ‍රැකගන්න එක වටිනවා තමයි... මාත් ඇත්තටම යන්නේ ගොඩාක් හෙමින්... සමහර වෙලාවල් වල නම් ටිකක් ස්පිඩ් යනවා තමයි.. එත් එහෙම නොයාම බැරිවෙනකොට තමා,

    ReplyDelete
  6. @ bindi :ඇඩ් එක නම් මට ඒ තරම් මිටර් නැ අක්කෝ එත් වටින කියමනක්

    ReplyDelete
  7. අනේ අයියේ... ප්ලැටිනා එකෙන් නම් 40-50 ට වඩා යන්න එපා. බයික් එක හෑල්ලු වැඩියි...

    ReplyDelete
  8. @ සුපර් : ඒකනම් මටත් ඉතින් ඔය ස්පිඩ් යනකොට මටත් ගොඩාක් වෙලාවට එක තේරෙනවා මොකද මම කියලා.. ඒ තරම් බර මනුස්සයෙක් නෙමෙනේ..... කලින් පොස්ට් බැලිවානම් ඒක තේරෙයි.........

    ReplyDelete
  9. අපිත් පොඩි කලේ රේඩියෝ එකේ ගිය ඇඩ් එකක්නේ .ඔයාට මතක කොහොමද.

    අතට ගත විට ඔබේ රතේ

    ඉගිලිලා නොයනු ..

    සලකනු මග සලකුණු

    නීති පිලිපදිනු.

    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්

    බිහිසුණු අනතුරු වේ..

    ...ඔච්චරයි මතක .හරි ලස්සන ගීයක් නිසා මගේ හිත ගත්ත .

    ReplyDelete
  10. @ Bindi :ඔන්න ඉතින් එකනේ... මට ඉතින් එච්චර වයසක් නැනේ... ඔන්න ඉතින් කවිය නම් ඇත්තටම මටත් ගොඩාක් ඒක හිතට වැදුනා අක්කෝ.. කෙලින්ම කියනවා නම් ගොඩාකි ආදර්ශමත් කවියක්

    ReplyDelete
  11. බයික් එක කියන්නේ ලේසීම වගේම මාරකම වාහනේ. කොහෙන්වත් කවර් නෑ නොවැ. මගේ බයික් ආතල් එකක් මෙතනින් බලන්න.

    ReplyDelete
  12. මට උනේ ඔයිට වඩා ලොකු කෙස් එකක් අය්යේ අය්යට සත්තු බෙරගන්න ගිහින්,... එත් මම අනේ පාරේ යනකොට ඇස් පෙන්නේ නැති (පේනවා හොදට) බුවෙක් පාර හරහා දාලා දත් 2කුත් කඩාගෙන හැම තැනම තුවාල කරගෙන දවස් 3ක් හොස් ලගින්නත් උනා.. ඒ අයට පාර ලියලා දිලාලුනේ...
    එත් ඔයාට පිනක් වත් වෙලා තියනවනේ..

    ReplyDelete
  13. අපොයි... දේවා අයියා පරිස්සම් වෙන්න. මොකද මොනවහරි වුනොත් අයෙ පස්සෙ කියලා වැඩක් නෑනේ

    ReplyDelete
  14. මරු පොලිස් කාරයෙක් නේ.
    හොද වෙලාවට දඩ නොගහා බේරුනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....