ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 June, 2011

මෙහෙමත් ගැනු (සමස්ත ගැහැනු පරපුරටම නේමේ)

මේ කතාව අහන්න හම්බ උනේ අද හවස මගේ පරන යාලුවෝ ටිකක් සෙට් උන වෙලාවෙයි.... යාලුවෝ සෙට් වෙන්න්නත් ඉතින් සති අන්තයක්ම එන්න ඕනනේ... ඔන්න දැන් ඉතින් හිතුවා වැරදියට අද බීමක් තමා කියලා... අනේ අපි නැ ඕවට... යාලුවෝ සියක් එකතු වෙලා බිමක් දැම්මත් දේවා කවදාවත් ඔය දේවල් කටේ තියලා නැ... දන්නේ නැ මේක රටේම තත්වෙද නැත්නම් මම ඉන්න ප්‍රදේශේ තත්වෙය්ද කියලා ගොඩාක් තරුන අය බීමට ඇබ්බෙහි වෙලා තියනවා ගොඩාක් අඩුයි.. නොබොනවාම නෙමේ.. හැබැයි නාන්නේ නැ.. දැන් කොල්ලෝ බුද්ධිමත්....

කියන්න ආපු කතාව කියලා ඉන්නම්කෝ... මගේ එක යාලුවෙක් රජයේ ආයතනයක (මොකකහරි කියලා හිතාගන්නකෝ) වැඩ කරනවා...ගිය මාසෙට කලින් මාසේ  දවසක වැඩ කරන තැනට අලුතෙන් ස්ටාෆ් එකට කෙනෙක් මාරු විමක් හදාගෙන ඇවිත්.... (ආයතනයේ වැඩ කරලා ගොඩාක් එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් මේ කියන ගැනු කෙනා)


ආපු දවසේම මේ ගැනු කෙනා පියන් එක්ක ලන්ච් අවර් එකේ එලියට ගියාලු..(මේවා අහගෙන තිබුනේ පියන්ගෙන් තමා)

කොහෙද බන් මෙහේ කන්න හොදම කඩේ තියෙන්නේ....

මිස් මෙහේ හොදම කඩේ නම් ********** තමා..

මොකාද ඉතින් කඩේ කරන්නේ හොද ඩයල් එකක්ද???

ආපු පලවෙනි දවසේ (මේ ඔ‍ෆිස් එකට තමා පලවෙනි දවස. මිට කලින් අවුරුදු 10ක විතර එක්ස්පිරියන් තියනවාලුනේ  වයස 35ක් විතර)
මෙහෙම කතා අහනකොට පියන් මුකුත් කියන්න ගිහින් නැහැලු

කොහොම හරි ඉතින් පලවෙනි දවසෙ පියන්ටත් පිනා චාන්ස් වැදිලා නිකන් මිස්ගේ ගානේ කන්න...

දෙවෙනි දවසේ මේ මිස් තනියම කන්න ගිහින් තියෙන්නේ..... හරියටම පැයම කැමට ගන්නවලු.. විනාඩියක් හරි තියනවනම් ගේට් එක ලග ඉදලා පැය ඉවරවෙනකොටමලු තමා ආයේ වැඩට එන්නේ...

මේක වෙලා තියෙන්නේ ඇවිත් සති 2කට විතර පස්සේ දවසක.. 12 ට පහක් විතර තියනකොට කර මම කලින් කිව කඩේ අයිතිකාරයාම බත් එකක අරගෙන වැඩ කරන තැනට ඇවිත් ඔන්න අර මිස්ට දිලාම යනවලු... මේ මනුස්සයා ගොඩාක් ලොකු සල්ලි කාරයෙක්.. පැත්තෙම තියන හොදම කඩ දෙකක මේ මිනිහට තියනවලු....
එත් කැම ගෙනත් දෙන්න තරම්...

කට්ටියටම මේක හරි ප්‍රශ්නයක් වෙලා... පියන් ලගට ගිහින් ඇහුවලු ඇයි මිස් මට කිවේ නැත්තේ කිවා නම් මම කැම එක ගේනවනේ....කියලා

උබ මොකටද බන් බොරුවට මහන්සි වෙන්නේ... මම ඉතින් ටිකක් දිලා ගොඩාක් ගන්න්වානේ බන්... ඔය ඊයේ විනඩි 5හේ වැඩක් හින්දා තමයි... (අනේ මම දන්නේ නැ මොනවද ඔය විනාඩි 5ට කලේ කියලා.. මම යාලුවගෙන්වත් යාලුවා පියන්ගෙන්වත් අහලා නැතුව ඇති...)
මම කිවේ මේ කතාව මෙහෙම ගැනුත් ඕන තරම් රටේ ඉන්නවා... තමන්ගේ ගරුත්වය තමන්ම ප්‍රසිදිදියේ හරි අප්‍රසිද්දියේ නැති කර ගන්න අය... ජිවිතේ හැමදාටම ලග තියා ගන්න මේ වගේ අයව නම් හොයා ගන්න එපා...

ඇවිත් මාස 2,3කින් විශේස ලිපියකින් මේ කෙනා මේ සතියේ මාරු වෙලා ගිහින් තියනවා.... සමහර විට හෙට එන්නේ ඔයාලා වැඩ කරන තැනට වෙන්න පුලුවන්

වි .කි : මම කිවේ රටේ සමස්ත ගැහැනු අය ගැන නෙමේ ගොඩාක් හොද තමන්ගේ චරිතේ ‍රැකගෙන වැඩ කරන ගොඩාක් හොද අය ඉන්නවා.. මෙහෙම අයත් ටිකක් ඉන්නවා.. මාසෙට දෙකට කරපු වැඩ ගොඩාක් තියනවා සමහර ඒව ලියන්නත් බැ

ඔන්න මගේ යාලුවනේ ඔයාලා කැමති දෙයක් ලියලා ෆලෝ කරලම යන්නකෝ

15 comments:

  1. ඒ වැඩෙත් නරකම නැහැ වගේ..

    ReplyDelete
  2. විහින් වලේ වැටෙනවානම් අපිට මොකද බන්.. ඒ වගේ අයව හදන්න ගිහින් අපි චාටර් නොවී ඉන්න එකයි හොඳම දේ..

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා... විනාඩි 5 ට මොනවද කරන්න පුලුවන්..???

    ReplyDelete
  4. බස්සා : ඒ වැඩේ කිවේ මොකක්ද බන්...... කඩේ මුදලාලි ද? මේ මිස්ද???

    ReplyDelete
  5. @ Roshanherath : ඒක නම් ඇත්ත තමයි... ගොඩාක් අය මෙයාව හදන්න යන්නේ නැහැලු.. එනවා කියලා ආරංචිය එනකොටම වෙන තැනකට මාරුවක් හදාගෙන යනවලු....

    ReplyDelete
  6. @ සුපර් : අනේ ඔන්න ඕවා නම් මම දන්නේ නැ හොදේ................. (පොඩි ලමයින්ට ඕවා හොද නැ..)

    ReplyDelete
  7. ඉතින් කොහොමද මේ රට දියුණු කරන්නේ :X

    ReplyDelete
  8. ChammA's බ්ලොග් : ඒකනේ කියන්නේ.. කොහෙද ඕවා එහෙම අයට තෙරෙන්නේ....

    ReplyDelete
  9. මරු මරු, මාර ගෑනු

    ReplyDelete
  10. @ bckurera : ඇයි මරු දන්නේ නැ... පෙනෙද කොල්ලාගේ තරම....

    ෆලෝ එහෙම කරලා යන්න අදසක් නැතුවද සහෝ

    ReplyDelete
  11. විකුණනවා වගේම මිලදී ගන්න අයත් ඉන්නවනේ...
    ගණුදෙනුවක්... පාර්ශව දෙකක් ඉන්නවා...

    ReplyDelete
  12. @ kiri : ඒක නම් එහෙම තමා ඉතින්.. බට් මේ ඩයල් එක ගත්තේ නැත්ත් බලෙන් දෙන ජාතියේ ඩයල් එකක්ලු....

    ReplyDelete
  13. ඕක බෝ වෙන්නැති ලෙඩක් නම් අවුලක් නෑ. තමන්ගේ මට්ටම් තම්මැට්ටන් නේ.මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවේ ගිනි සේ

    ReplyDelete
  14. මරු වැඩේ නේ.
    පුදුම ගෑනු මනුස්සයෙක් නේ.

    ReplyDelete
  15. IYO MEKA SULU WEDAK NE. MINITTU 5 TA MONAWADA KARANNA BERI

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....