ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 June, 2011

ඔයාලගේ බ්ලොග් එකේ නම දුවවන්න කැමතිද?

දවස් දෙක තුනකින් මගේ බ්ලොග් එකේ මුකුත්ම අප්ඩේට් එකක් කරගන්න බැරි උනානේ ඇත්තටම මේ දවස් වල ටිකක් දුක හිතෙන දේවල් උනා එකයි මේ පැත්තේ එන්න බැරි උනේ.ඒක ගැන මම මේ බ්ලොග් පොස්ට් එක අන්තිමට කියන්නම්කෝ

අදත් මම ඔයාලට ආස හිතෙන දෙයක් අරගෙන තමයි ඔන්න ආවේ.. ඔයාලා මේක කලින් දැකලා ඇති.. එත් මම නම් මේක මුලින්ම දැක්කේ මට බ්ලොග් අයන්න ආ යන්න කියලා දුන්නු මගේ බ්ලොග් ගුරුතුමිගේ බ්ලොග් එකෙන්.. මේ දවස් වල මේක ටෙක් බ්ලොග් එකක් උනාට මිට අවුරුදු 1.5ට විතර කලින් මම ලියපු මගේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් මට හිතෙන විදිහට ලිවානේ... ඒවා ගැනත් හිතන්න ඕනා.. මගේ ගුරුතුමි ඔයාලා ගොඩාක් දෙනෙක් දන්න සංසාරේ අපි ලියන දිල් අක්කා.. හැමදාම මම ඔයාට ස්තුති කරනවා වගේම අදත් ස්තුති කරනවා මට මේ පාර කියලා දුන්නනට

අද මම කියන්නේ ඔයාලගේ බ්ලොග් එක ඕපන් කරගත්තහම ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් දුවවන්න පුලුවන් විදිහක් ගැනයි
තේරුනේ නැත්නම් දැන් ඔයාලා බලන මගේ බ්ලොග් එක ඕපන් කරගත්තු ටැබ් එක දිහා බලන්නකෝ


දැක්කනේ කැමති නම් දාගන්න මේක කරන්නකෝ
 

Dash Board  >>>> Design >>>> Edit Html 

මතක් කරලා Expand Tem.. Wid එකට ටික් මාක් එක දාගන්නකෝ


ඔන්න මෙන්න මේ වචනේ තියන තැන හොයාගන්නකෝ මගේ යාලුවනේ


</head>


ඒක හොයාගත්තට පස්සේ ඉතින් ඒකට ඉස්සරහින් මෙන්න මේ මම දාන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්නකෝ


<script type='text/javascript'>
//<![CDATA[

msg = " -- දේවගේ අඩවිය ";
msg = " | Blog name -- " + msg;pos = 0;
function scrollMSG() {
document.title = msg.substring(pos, msg.length) + msg.substring(0, pos); pos++;
if (pos > msg.length) pos = 0
window.setTimeout("scrollMSG()",200);
}
scrollMSG();
//]]>
</script>

 දේවගේ අඩවිය කියන එකයි කියන එකයි ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්නකෝ හොදේ

දැන් ඉතින් ටෙම්ප්ලේට් එක සේව් කරගෙනම බලන්නකෝ
වැඩේ හරිනේ
ඉතින් කමෙන්ට් කරලා ෆලෝ කරලා යමුකෝ.....



.................................................................................................

දේවා ඒ ලෙවල් කරන කාලේ සමහර මාස වල ක්ලාස් පිස් ගෙවපු ,  ජිවිතේ දරා ගන්න බැරි තරම් දුක හිතුන වෙලාවල් වල මගේ හිත හදපු ජිවිතේ ජිවත් වෙන්න අහිමි විම් දරා ගන්න මට කියලා දුන්නු මට අය්යා කෙනෙක් වගේ උන්නු කුලියාපිටිය සිරස ප්‍රාදේශිය වාර්ථා කරු විදිහට වැඩ කරපු නිහාල් ගුණතිලක හදිසියේම අප අතරින් යන්න ගියා... ගොඩාක් නිව්ස් වලට ලන්ච් ටයිම් ප්‍රෝගැම් වලින් මම ගොඩාක් දේවල් නිහාල් අය්යා නිසා ඉගන ගත්තා... ඔයා ගැන මට මේ බ්ලොග් එකේ ගොඩාක් දේවල් ලියන්න පුලුවන් උනත් ඔයාට ඒවා බලන්න විදිහක් නැ අයියේ... අපිව දාලා හදිසියෙම යන්න ගිය ඔයා ගැන දුක අපිටයි මතු හැම භවයකම ඔයාට මෙවන් අකල් විපතක් නම් සිදු නොවේවා
ඔබට නිවන් සුව.... සදා මගේ හිතේ ඔබ අමරනියයි

12 comments:

  1. හොඳයි මල්ලි දිගටම මේ වගේ පෝස්ට් දාන්න .......

    ReplyDelete
  2. පොස්ට් එකා හොදයි අයියා ...මාත් දාගන්න ඉන්නේ....මිය ගිය ඒ අයියට නිවන්සුව ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  3. පෝස්ට් ඔක්කොම බලල මමත් ගැජට් එකක් දාගත්ත ඕන්.. හර සෝක්.. වේලාවක අපේ ගෙවල් පැත්තෙත් ඇවිල්ල යන්නකො.. තෑන්ක්ස් කොදුයි....

    ReplyDelete
  4. @කල්හාර අය්යා : ඔයා හැමදාමත් මට ශක්තියක් අය්යේ..දිගටම මාත් එක්ක ඉන්නකෝ....

    @ සිතුවිලි නිහඩයි : ස්තුතියි ගොඩාක්

    @ මාතලන් : අනිවා ඔය පැත්තටත් ගොඩවෙන්නම්කෝ ආවට ගොඩාක් තැන්ක්ස්

    ReplyDelete
  5. පිස්සු පි කුදුනේ. ලයික් ඇ...

    ReplyDelete
  6. @ පිස්සු පුසා : එහෙමනම් එච්චරයි අනේ

    ReplyDelete
  7. elaz .....right hand 1k kadila eka nisa wadipura mukuth liyanna ba ok

    ReplyDelete
  8. තැන්කූ වේවා ගොඩාක් සැරයක්....

    ReplyDelete
  9. මේක මගේ බ්ලොග් එකටත් දා ගත්ත ලියන්න පටන් ගත්ත විතරනේ අතට අහුවෙන හැම එකක්ම ගෙනිහින් බ්ලොග් එක ලස්සන කරන්න පුලුවන්ද බලනවා ගොඩක් ස්තුතියි

    ReplyDelete
  10. ජිවන් : ඒකට ඕන කරන ගොඩාක් දේවල් ඔන්න මගේ බ්ලොග් එකේ තියනවා.. එකනේ සමහර යාලුවෝ මගේ බ්ලොග් එක සුපර් මාකට් එකක් කියන්නේ.... වැඩ කැලි ගොඩක් නිසා

    ReplyDelete
  11. මේකත් මරු ගැජට් එකක්.
    මේකත් දැකලා තිබ්බට කරන්නේ කොහොමද කියලා දන්නේ අද තමා.

    ReplyDelete
  12. මේකනම් පට්ටම ගැජට් එකක් අයියේ...තැන්කූ වෙරි මච්..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....