ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 June, 2011

මගේ යාලුවෝ ( Phone Love)

ඔන්න අදත් පොඩි ඇත්තටම උනු කතාවක් අරගෙන ආවේ.. සමහර අය මේකේ පොඩි පොඩි කැලි ඔයාලට හුරු පුරුදු ඇති.. එත් ඉතින් මේක නම් යාලුවෙකුට නම කිවට කමක් නැ මොකද මිනිහා මගේ බ්ලොග් එක තියා නෙට් එක පැත්තේ ටිකක්  එනවා අඩුයි... (එන්නෙම නැති තරම්) මිනිහාගේ නම  රංග (හොව් හොව් අර ගොඩාක් ෆේමස් බ්ලොග් ලියන රංග අය්යා එහෙම නෙමේ

මම මේ කියන රංග අද වෙනකොට වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ දුරකතන සමාගමක... ඒකනම් කියන්නේ නැ මොකක්ද කියලා.. හැබැයි පහලම ග්‍රේඩ් එකට ටිකක් උඩින් හොදේ.. ඒ හින්දා කොම්පිටර් එහෙම අත ගන්න වෙන්නේ එහෙමත් වෙලාවක තමයි..


මේක වුනේ අපි 9, 10 ඉන්න කාලේ..
මරු පිස්සු වයසනේ... කෙල්ලෙක් හිනා උනත් හිතන්නේ කැමතියි කියලා කිව්වා වගේ..

මේ රංගත් එහෙම තමා.. (එතකොට උබ බබා එහෙමනේ දැන් ඔයාලා කියන්නේ....... )

රංග ස්කොලේ (අපෝ අපි ඉගන ගන්න එකට ගියා තමයි... ඔයාලා හිතන්නේ අපි එහෙම කලේ නැ කියලා නෙමේනේ)
එන්නේ බස් එකේ.. මගේ හෙන ෆේඩා.. කියවන හැම දේම ඉතින් කියවන්නේ දේවා එක්ක තමා..

දවසක් උදේ එනකොට මිනිහගේ මුනේ මලක් පිපිලා වගේ (ඉහේ කිවට එක මම දැක්කේ මුනේ එකයි)
ආව ගමන් මිනිහා බැග් එක ඩෙස් එක උඩින් දාලා පිම්මේ ආවා මං ලගට

මොකද බන් රංග.. එනකොට ප්‍රිති සින්ටා වත් හම්බ උනාද? (ඌට හෙන හින්දි පිස්සුවකුත් තිබුනා ඒ කාලේ.. නිලියගේ නම නම් සුවර් නැ මට)
නැ බන් මට එකිගේ නංගිව අද බස් එකේදි හම්බ උනා

නැ..... ඇයි බන් එකි ලංකාවට ඇවිත්ද ෂුටින් වලටවත් මම අහපි..

නැ බුරුවෝ (ආදරේට මට එහෙම කියපු උන් හිටියා ඒ කලේ.. එත් දැන් උන්ට  තේරිලා උන් කවුද කියලා)

මට අද මාර පිස්සු හැදෙන ලස්සන කෙල්ලේක් සෙට් උනනේ බන් බස් එකෙදි

එකි මෙහෙම මෙතන ,  මම ඒ සිට් එකෙම අනිත් පැත්තේ (මෙකේ ඉදගෙන යන්න පුලුවන් 2ටයි හොඩේ)
මම පොඩ්ඩ්ක් කතාව දාලා බැලුවා.. ඉස්සර වෙලා නම් කතා කලේ නැ බන්.. වචනයක් වත්..

පස්සේ ටිකකින් පුලුවන්නම් ඔය ජනෙලේ ඇරලා දෙනවද කියලා අහලා කතා කලානේ බන්..

ඉතින් උබ පැනලා ඇරලා දුන්නා ඉතින්...මමත් එහෙම අහුවා...

නැතුව කොහොමද බන්.. ඊට පස්සේ නම් ඔන්න පොඩ්ඩක් කතා කලා තැන්ක්ස් කියන්න

මමත් අරි මේ ගේම කියලා ආයේ ඉතින් නම එහෙම අහලා බැලුවා..

මොකක්ද බන් නම ඉතින්

පොඩ්ඩක් ඉදින්කෝ... නම මචන් කුරුප්පු..

මොකක් මුරුක්කු කිවේ...

ඔක මටත් ඇහුනේ ඔහොම තමා පස්සේ හරි නම දැනගත්තේ..
සංජිවනි කුරුප්පු..

ඉතින් මගෙත් ස්කොලේ ලං වෙන හින්දා පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා නම්බ්ර් එක ඉල්ලා ගත්තා බන්...

කෝ බලන්න...

අනේ මේ මගේන් ඕන දෙයක් ඉල්ලපන්.. මේක නම් දෙන්නේ නැ....

මොකක්ද බන් අපි යාලුවොනේ... පෙන්නපන්කෝ ඕක....

බැ බන් මම අද කතා කරලා පස්සේ වැඩේ ගොඩ ගියහම උබට පෙන්නන්ම්කෝ...

අනේ තියා ගනින් උබේ ඔය බම්බු නොම්බරේ... (මම එහෙම නොකිව එකේ මොඩකම පහුවෙනිදාම මට දැනගන්න හම්බ උනා)

අනේ දේව් (දැන් දේවා උනාට ඒ දවල් වල දේව්.. )

බලපන්කෝ අරකි මාව අන්දලානේ...
පොන් එකේ සල්ලි ඉවර වෙයි කියලා කතා කරනකොට මම 100 කඩ් 2කුත් අරන් ඊයේ ගෙදර ගියා කෙල්ලට කතා කරන්න

කාඩ් දෙක දාගෙන ඊයේ මම නම්බ්ර් එක ගහලා ආසාවෙන් පොන් එක කනේ තියාගෙන ඉන්නකොට කියපි

ආයුබෝවන් මේ ඩයලොග් පාරිභෝගික සේවාවයි,..
කරුනාකර........

මට එකේ නම්බර් එක දිලා තියෙන්නේ...

හොදම වැඩේ මට පෙන්නුවනම් මම කියනවනේ එක.. දැන් ඒ රු 200 ටම අය්යා මල් කඩයිනේ....



කියවල ඉවර වෙලා කමෙන්ට් කරලා ෆලෝ කරලා එහෙම යන්නකෝ

වි . කි :  මගේ යාලුවෝ ඔහොම උනාට දේවා එහෙම නැ හොදේ...


11 comments:

  1. @ Any : මම කොහොමවත් දාන කමෙන්ට් පබ්ලිශ් කරන්නේ නම් නැ... කොන්දක් තියනවනේ හැමොටම, මට බැන්නත් මගේ වැරද්දකට මම ඒක දානවා.. එත් නමක් නැති ඒවා නම් දාන්නේ නැ හොදේ

    ReplyDelete
  2. උඹ අපිව නොමග යවනවා බං. ඈයි බං කතාව කියලා අන්තිමට ඒක උඹට උන එකක් නෙමේ කියන්නේ...

    ReplyDelete
  3. @ Prasanna86k : නැ බන් මේකේ උඩින්මයි දාලා තිබුනේ මගේ කතාවක් නෙමේ කියලා... සිරා බන් මට උනා නම් මම ඒක අනිවා කියනවා

    ReplyDelete
  4. උබට වෙච්ච කතාවක් නේද ඕක ලොල්

    ReplyDelete
  5. @ නිකමා : නැ බන් මට ඒ කලේ ඒ තරම් පිස්සුවක් තිබුනේ නැ.. අනිත් එක පෝන් එකක් අල්ලන්නවත් ලැබුනේ මට ඕ ලෙවල් කාලේ

    ReplyDelete
  6. හොඳ වැඩේ..හිකිස්...:P :P :P

    ReplyDelete
  7. හික්ස්.....හොද වැඩේ...අන්න නියම කෙල්ලෝ ...........

    ReplyDelete
  8. ත‍ටු සිදුන සමනලි , සිතුවිලි නිහඩයි : අනේ ඉතින් මට මොකෝ මට උන දෙයක් නෙමේනේ

    ReplyDelete
  9. ශිකිස් බිකිස්
    හොද වැඩේ කොල්ලන්ට.. කෙල්ලන්ගෙ නොම්මර ඉල්ලනවට..

    ReplyDelete
  10. මරු වැඩේ නේ හික්ස් :)
    පට්ට කෙල්ලෙක්. අම්මෝ මට නම් මෙහෙම කෙල්ලෝ සෙට් වෙන්න එපා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....