ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 June, 2011

බ්ලොග් (ර්) ද වැරදි , නැත්නම් මට පිස්සුද????

ඇත්තටම මම අද පොස්ට් එකක් නම් නෙමේ දාන්න ආවේ එත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා... සාමානයෙන් මම හිට්ස් ගැන ඒ තරම් හොයන්නේ නැ.. එත් අද මම මගේ බ්ලොග්ර් ඩැෂ් බෝඩ් එකට ගිහින් ස්ටැට්ස් වලට ගියා... මට අදහ ගන්න බැරි දෙයක් වෙලා... දන්න කියන කෙනෙක් මේ ගැන මට උදව් කරනවද? මොකද මට මේ ගැන ඒ තරම් ලොකු අවබෝදයක් නැ... අපි හිට් කවුන්ටට් හරි වෙන මොකක් හරි එකකින් මේ හිට්ස් දානවානම් ඒක දානකොට හරි පස්සේ හරි අපිට ඒක කැමති විදිහකට වෙනස් කර ගන්න පුලුවන්නේ... එත් මේ බ්ලොගර්ස්ලා දෙන එක වෙනස් කරන්න මම දන්නේ නැ.. එත් මේ ටිකේම මගේ පේග් විවුස් 1500 පැනලා යනවා...
ටැර්ර්‍ෆික් එක එන්නේ කොහෙන්ද කියලා බලනකොට එහෙම හොයාගන්න විදිහකුත් නැ..
බලන්නකෝ මේ පින්තුරේ..

දන්න කියන කෙනෙක් මට උදව් කරන්නකෝ, මට වැරදිලාද ? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙලාද? ඊයේ දවසට මගේ පි‍ටු බලලා තියනවා 2778 ක්.. අද පොස්ට්  නොදා 1060 ගානක් ඉතින් එහෙම වෙන්න පුලුවන්ද? දවසකට 1500ක් විටර එනවනම් හිට්ස් ලක්ශ ගන්න ඉතින් ඒ තරම් දවස් යන්නේ නැනේ... කොහොමහරි හොද පොස්ට් එක්ක ඉක්මනටම හම්බ වෙන්නම්කෝ........... එතකන් බායි.... අනේ දන්න කියන කෙනෙක් මට උදව් කරලා යන්නකෝ.... ආහ් ෆලෝ කරන්නත් අමතක කරන්න එපා

18 comments:

  1. මම නම් කියන්න දන්නේ නෑ. මගේ හිට්ස් එන්නේ පෝස්ට් එකක් දාපු දවසට 500ක් විතර අනිත් දවසට නම් 200ක් විතර. ඒ අතින් උබ නම් සුපිරි කොල්ලෙක්. :)

    ReplyDelete
  2. මධුරංග : මටත් හිතාගන්න බැරි මේක නම්..

    දන්න කෙනෙක් කියලා දෙන්නකෝ අනෝ කමෙන්ට් නම් මම පබ්ලිශ් කරන්නේ නැ තරහා එපා

    ReplyDelete
  3. මගේ සුබ පැතුම් මචං .. උඹ දැන් දක්‍ෂයෙක් ඈ !! ලියපන් ඉතින් දිගටම අළුත් අළුත් දේවල් ...

    ජය වේවා !!

    ReplyDelete
  4. @ හිස් අහස : ඇ මලයෝ දැන් එහෙම එකකකුත් වෙලාද? එත් ඉතින් අපට මලයලා ලියන ඒවට නම් ලං වෙන්නවත් බැරුවා

    ReplyDelete
  5. සැලෙන්න එපා අනේ... දිගටම ලියන්න.

    ReplyDelete
  6. @ stArry aNgeL : මේකට සැලෙන්න නෙමේ අක්කේ වෙන්නේ මාර පුදුමයක් මට නම්

    ReplyDelete
  7. ඔයාගේ ඩෑෂ් බෝඩ් එකේ ස්ටැට් වල Don't track your own pageviews වල 'Track my pageviews' ඇක්ටිව් වෙලාද ?

    ඒක Don't track my pageviews නම් එක්කෝ ඔයාගේ බ්‍රව්සර් එක Auto refresh වෙනවා. නැත්නම් ඔයාගේ බ්ලොග් එක බලන කාගේ හරි / දෙතුන් දෙනෙක්ගේ හරි බ්‍රව්සර් Auto refresh වෙනවාද දන්නෑ. මට නම් පේන හේතු තියෙන්නේ එච්චරයි.

    මධුරංග සහෝ කිව්ව විදියට මටත් තවම දවසකට ඇවිත් තියෙන වැඩිම හිට්ස් ගාන 500 කිට්ටු අගයක්. ඔය ගැන අහන්න ඕනේ මාරයගෙන් හරි කතන්දරගෙන් හරි. ආඃ... රංග තමයි හරියනම කෙනා. එයාට තමයි මම දන්න විදියට වැඩිම හිට්ස් එන්නේ.

    කොහොම වුනත් ඔයාගේ සාර්ථකත්වයට අපේ සුභ පැතුම් සහෝ...

    ReplyDelete
  8. ඔහ්...මමනම් ඕව ගැන මුකුත්ම දන්නේ නැතෝ......
    දීර්ඝ ගමනකට කෙටි සුභ පැතුමක් එකතු කරනෝ.......

    ReplyDelete
  9. @ චතුරංග : අය්යේ මගේ පේජ් කවුන්ටර් එක අක්ටිව් නැ.. ඒ නිසා මගේ බ්ලොග් එකට මම එනවා යනවා කියලා හිට්ස් වැඩි වෙලා නම් නැ.. මට ඒක සුවර්.. අනිත් එක ඔටෝ රිෆ්‍රෙශ් වෙන්න්ත් මම වැඩි වෙලා බ්ලොග් එකේ ඉන්නේ දාන කමෙන්ට් වලට රිප්ලයි දාන කොට තමයි.. එත් ඒ තරම් වෙලා ඉන්නේ නැනේ..
    මට එක නම් තෙරෙන්නේ නැ... ඔන්ලයින් ඉන්න ගාන ගොඩක් වෙලාවට 10 නම් පැනලා එත් ට්‍ර‍ෆික් එකෙන් මට එන විදිහ හොයා ගන්න බැ.. එත් බ්ලොගර් ට වරදින්න විදිහකුත් නැ නේද අය්යේ

    ReplyDelete
  10. ත‍ටු සිදුන සමනලි : මේ කෙටි සුභ පැතුමත් මට ගොඩාක් වටිනවා නංගෝ

    ReplyDelete
  11. මචන්, මම අද මම දාපු පොස්ට් එක සින්හල බ්ලොගර් එකේ වැටිල නෑ. මම ඒක බලනකොට තමයි උඹේ පෝස්ට් ක දැක්කෙ. මම මගෙ එකේ ස්ටැට්ස් බලනකොට හිට්ස් 27 ඇවිල්ල http://galaayanajeevithaya.blogspot.com/ (නදී ගෙ සයිට් එක) පස්සෙ මම ඒ සයිට් එකට ගියාම දැක්ක ඒකෙ මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් රන් වෙලා අනිත් බ්ලොග් වලට කනෙක්ට් වෙනවා. පොඩ්ඩක් බලපන් ඒක ලෝඩ් වෙනකොට පහල ස්ටේටස් බාර් එකේ වම් පැත්ත. එතකොට ඒකෙන් අපිට හිට් එකක් එනවා. ඔය විදියට ගොඩක් දෙනෙක් http://galaayanajeevithaya.blogspot.com/ ගියාමත්, ඒ යන කාගෙ හරි බ්‍රව්සර් එකක් ඔටො රන් උනාමත් හිට්ස් වැඩිවෙයි. ඒත් 1500 අනේ මන්දා, all the best machan

    ReplyDelete
  12. පුසා : සින්හල බ්ලොග්ර් එකට මට යන්න බැනේ බන් ඊයේ ඉදන්... මගේ පොස්ට් තියනවද දන්නේත් නැ.. නදිගේ එකෙන් වෙන්න්නත් පුලුවන්... එහෙම තව බ්ලොග් තියනවද දන්නෙත් නැ.. මොකද මගේ මේ ටික කලෙට දැන් 20000ත් පැනලා ගිහින්..
    තැන්ක්ස් ඩිය(ර්)

    ReplyDelete
  13. @දේවා අයියා - අයියේ මම කරපු පර්යේෂණ (බය වෙන්න එපා :D :D මෙහෙම කිව්වට) ඔයා ටෙක්නිකල් පෝස්ට් දැම්මනේ ඒකයි ඔච්චර එන්නේ.. පර්සනල් බ්ලොග් එකකට ඔහොම එන්නේ නෑ.. මගෙ යාලුවෙකුගෙ එකකුත් තියනවා හොද පෝස්ට් එකක් දාපු ද‍වසේ 1500 පන්නනවා.. ඔහොම අඩු වෙලා 500 ට විතර එනවා.. මගේ නම් හොද පෝස්ට් එකක් දාපු දවස් 1-2 300-400 යි යන්නේ.. ඊට පස්සේ 125 ට බහිනවා.. මගේ බ්ලොග් එක "ලාංකීය බ්ලොග් කියවනයේ" නෑ ඒකයි එච්චර අඩු..:(

    අපි දෙන්නම බ්ලොග් පටන් ගත්තේ එකත දවස් වල.. මගේ තාම හිට්සි 5700 ක් විගර තියෙන්නේ... ෆලෝවර්ස් ල නම් 83යි..

    සුබ පැතුම් අයියා... මරු මරු... :D :D :D

    ReplyDelete
  14. සුපර් : ඔයා කියන දේ වැරදි කියන්න මට බැ.. එත් ඇත්තටම ටෙක්නිකල් ගැන නොහිතන මොනවාහරි කියවලා රස විදින්න පුලුවන් දෙයක් හොයන අයත් මේ බ්ලොග් කියවන අය අතරේ ඉන්න නිසයි මම අතරින් පතර එහෙම පොස්ට් දැම්මේ... ඔයාගේ ෆලෝස් ලා නම් මට වඩා 17ක් විතර අඩුයි.. ඇත්තටම මල්ලි ඔයා නැති එක නම් අඩුවක් තමා... ගොඩාක් එකෙන් බ්ලොග් එකට එනවා....

    කොහොමත් මගේ හිට් එක දැන් කොහොමත් දවසකට 1000ක් කිට්‍ටු කරලා එනවා... දැන් 27000 ට කිට්‍ටු කරලා අද එකත් පැනලා යයි...

    තැන්කියු කමෙන්ට් එකටයි විශ් එකටයි

    ReplyDelete
  15. මම ඒ සින්ඩියට දැම්මා තාම රිප්ලයි එකක් නෑ... අලුතෙන් දාව එව්වා ගන්නේ නෑ කියලයි ආරංචිය... :(

    ReplyDelete
  16. සුපර් : ඒක එහෙම වෙන්නේ නැ..ඒකට බ්ලොග් ඇඩ් කරගන්නවා මල්ලි..
    ඔයා තාම කමෙන්ට් මොඩරේට් කලේ නැ නේද???

    ReplyDelete
  17. මම ඔයාගෙ FB එකේ එකට ලයික් එකක් දාලා ඇති ඒකෙන් බලලා මට රික්වෙස්ට් එකක් එවන්න.. මේක ගැන මට චැට් කරලම දැන ගන්න ඕන...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....