ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 June, 2011

50යි , එත් දවස් 48 යි. දෙනවද ඉතින් ශක්තිය හැමදාටම

මේක ලියන්න උන්නේ නම් මම තව දවසකට දෙකකට පස්සේයි... එත් අදම මම මේක ලියන්න හිතුවා.. මොකද මේක නොලිවොත් තව ලියන්න උන්නු පොස්ට් දෙක තුනක් ගොඩාක් පස්සට දාන්න වෙනවා එහෙම කරන එක හොද නැනේ..

මේ මම මගේ බ්ලොග් එකේ ලියන 50 වෙනි ලියවිල්ල... මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2011 - 04 - 30 ඒ කියන්නේ අදට දවස් 48 කට ඉස්සරවෙලා.. එදා පටන් ගත්තු මේ අඩවිය එදා කිවේ මේ නමින් නෙමේ කියලා එදා ඉදන් මාත් එක්ක උන්නු ඔයාලා දන්නවනේ.. සදරුගේ  ලෝකය වෙලා තිබුනු මේ අඩවිය දේවා ගේ අඩවිය උනේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න තවත් ගරු කටයුත් කෙනෙක් ඒ නමින් පෙනි ඉන්න නිසයි... සදරු මලයන්ඩි ඔන්න අදත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා

ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා මගේ යාලුවනේ... මේ වෙනකොට මාව ෆලෝ කරන අය ඉන්නවා 49ක් මම හිතනවා මේ 50 වෙනි පොස්ට් එකෙන් ඒක 50 වෙයි කියලා..

සමහර වෙලාවට මගේ බ්ලොග් එකේ ගොඩාක් එක එක ගැජට් කැලි දාගන්න විදිහ ගැන ලියවුනු පොස්ට් තමයි වැඩි පුරම මගේ අතින් ලියවුනේ... දැන් මගේ බ්ලොග් එකේ දැන් ටිකක් එක එක ටොපික් ගැන එක එක ලිපි ලියවෙනවා..  තව ඉස්සරහට ගොඩාක් ලොකු වෙනසක් එක්ක බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් ලොකු කාලයක් ඉන්න බලපොරොත්තුවේන් ඉන්නවා.. ඒකට මට මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවනේ..

මම ඒ තරම් ඔය හිට් එක ගැන නම් දන්නේ නැ ඕන්න
බ්ලොගර්ස්ලා අලුතෙන් දිලා තිබුන බ්ලොග් ස්ටැට්ස් එක අනුව නම් මගේ බ්ලොග් එකේ ඔයාලා පෙරලපු පි‍ටු (මම පෙරලන ඒවා එයා ගනන් කරන්නේ නැහැලු) ගාන අද වෙනකොට 12730 වෙලා.. ඒ කියන්නේ ඉතින් අඩුම තරමේ දවසකට 265 විතරක් වෙනවනේ.. ෆලෝස් ලා 49 ක් වෙනකොට ඉතින් කමෙන්ට් 250 ක් විතර ලැබුන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..
සිංහල බ්ලොග් කියවනය , ලාංකිය සිතුවිලි , හත්මාලු . දෙරන , සිගිරි වගේ මේ සිංහල බ්ලොග් ක්ෂේත්‍රයට විශාල සේවාවක් කරන සින්ඩි වලින් මගේ බ්ලොග් පොස්ට් බලන්න ඔයාලට පුලුවන්..


ගොඩාක් දෙනා මට කමෙන්ට් වලින් ප්‍රසිද්දියේ. සමහර මම ගොඩාක් ගරු කරන අය අප්‍රසිද්දියේ මට මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න ගොඩාක් උදව් කරනවා.. ඒ අයට වගේම මගේ ගුරුතුමි වෙච්ච සංසාරේ අපි ලියන පුන්චි ප්‍රාණියාටත් ඒ වෙනුවෙන් හදවතින්ම ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා..

ගොඩාක් හොද දේවල් එක්ක ගොඩාක් ලොකු කාලයක් ඔයාලත් එක්ක ඉන්නවා කියලා 50 වෙනි මේ ලියවිල්ලත් එක්ක පොරොන්දු වෙනවා (ගොඩාක් අය කියයි උන්නත් එකයි අපිට නැතත් එකයි.. අපිට ඒකෙන් සත පහක සෙතක්වත් පාඩුවක් වත් වෙන්නේ නැ කියලා) ඔව් ඒක ඇත්ත මම ඒ තරම් වටින කියන චරිතයක් නෙමේ ඔයාලට.. එත් මම මේ සිංහල බ්ලොග් වලට ගොඩාක් ආදරෙයි.. ගොඩාක් මේක මට වටිනවා..

කැමති අය ෆලෝ කරලා කමෙන්ට් එහෙම දාලා මට ශක්තියක් වෙන්නකෝ...
ඔයාලගේ ශක්තිය මට කියා ගන්න බැරි තරම් වටිනවා

16 comments:

  1. 50 ගැහුවට සුබ පැත්ම් මගේ මිත්‍රයා .. අපි දිගටම එන්නම් මේ පැත්තේ


    දුකයි බං කියන්න මේ බ්ලොග් එකට එන්න මටනම් හරිම අමාරුයි මගේ ගාව තියෙන්නේ පී 3 පරිගණක කට්ටක් ඒක උඹගේ බ්ලොග් එකට ආපු ගමන් සමහර වෙලාවට ස්ටක් වෙනවා .

    ඒත් අපි එනවා නේ

    ReplyDelete
  2. ඔන්න අපේ සුභ පැතුම්... දිගටම ලියන්න...ජය වේවා

    ReplyDelete
  3. @ ඔන්න ඔයා 50 වෙනියා උනා.. ගොඩාක් ස්තුතියි.. මේ පැත්තේ ආවට.. දිගටම එන්නකෝ... ඔයාලාගේ ශක්තිය මට ගොඩාක් වටිනවා...

    ReplyDelete
  4. @ හිස් අහස : ඔයාලා එනවා කියන එක මම දන්නවා මලයන්ඩි... දැන් ස්ටක් වෙන එකක් නැ ආයේ... තිබුනු සමහර බර වැඩ කැලි ටිකක් අයින් කලා... දිගටම මාත් එක්ක ඉන්නකෝ.

    ReplyDelete
  5. ඔය ලියන ඒවා කියවන්න ආසයි. දිගටම ලියන්න...

    ReplyDelete
  6. @ Bindi : Thanks dr

    @ StArry aNgeL : කියපු එකට වරහන් ඇතුලෙන් වෙන නැත්නම් කියලා දාගන්න ඕනද යාලු

    @ චතුරංග : ස්තුතියි යාලු

    ReplyDelete
  7. අය්යට මගෙන් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  8. @ ත‍ටු සිදුන සමනලි : ගොඩාක් ස්තුතියි නංගෝ

    ReplyDelete
  9. ලියමු මල්ලි ඉස්සරහටත් ........
    ඔයාට හොඳ අනාගතයක් තියනවා .......

    ReplyDelete
  10. දවස් 48 කින් 50 ගහපු එක නම් මරේ මරු, 100 ගහන්න යන්නේ දවස් කීයකින්ද? ජය වේවා කිව්වා

    ReplyDelete
  11. @ පන්සල් හංදිය : කල්හාර අය්යා නම වෙනස් කරලානේ.. ඔයා මට ගොඩාක් අදහස් වලින් උදව් කරනවා හැමදාමත්.. එකට ඔයාට ගොඩාක් තැන්ක්ස්...

    ReplyDelete
  12. @ bckurera : අනිවා දවස් 100 ක් යන්න කලින් කොහොමත් ඒක නම් වදිවි.. ඉතින් පොඩ්ඩක් ඔයාලත් ෆලෝ එහෙම කරලා සහයොගේ දෙන්නකෝ... එනවට ගොඩාක් තැන්ක්ස් හොදේ

    ReplyDelete
  13. සුභපැතුම් සහෝදරයා......දිගටම ලියන්න ...මාත් එනවා කියවන්න

    ReplyDelete
  14. 50 වෙනි ලිපියට මගෙන් සුබ පැතුම් !!!
    මේ වගේ දහ ගුණකය්වත් ලියන්න ලැබෙන්න කියලා පතනවා.
    ඒ වගේම මල්ලි දාලා තියෙන ගැජට් කෑලි නම් පට්ට

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....