ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 June, 2011

මේයාව එලවලා දාමු.. නැත්නම් හැමදාම දුකෙන්

කොහොමද ඉතින්... මේ දවස් ටිකේ නම් මම ගොඩාක් වැඩත් එක්ක හිර වෙලා උන්නු නිසා බ්ලොග් ආවට කමෙන්ට් කලාට කමෙන්ට් වලට රිප්ලයි දැම්මට පොස්ට් එකක් දාන්න නිදහසක් තිබුනේ නැනේ
මම මිට කලින් දාපු විභාග සහතිකේ පොර වෙන්න නෙමේ පොස්ට් එකට ඔයාලගෙන් ගෝඩාක් හොද ප්‍රතිචාර තිබුන නිසා ඒ වගේම දෙයක් කියන්න හිතුනා අදත්.. මම මේ කියන දේ මමත් ගොඩාක් හිතන්න දෙයක්... සමහර මම කියවපු පොත් වල අදහස් මගේ හිතේ තියන දේවල් ඔයාලත් කැමතිනම් හොද දෙවල් විතරක් අරගන්නකෝ




ඔයාලා අකමැතිද සතුටින් ඉන්න???? ජිවිතේ විදවන්න????
මම දන්නවා ඔයාලගේ උත්තරේ
ඔයාලා ඒකට පොඩ්ඩක්වත් කැමති නැ.... කැමති හැමවේලේම සතුටින් හිනාවෙලා ජිවිතේ විදින්නයි...

ඔන්න ඒකට පුන්චිම පුන්චි උදව්වක් වෙන දෙයක් තමා අද මම කියන්නේ

ඔයාලා වැඩ කරන්නේ කොහොම හිතලද? ධනාත්මකව හිතලද? එහෙමත් නැත්නම් 

නාත්මකවද? ඔයාලා ධනාත්මකව හිතනවානම් මේක නොකියවා උන්නට කමක් නැ..
ධනාත්මකව සිතා කරනු ලබන කාර්යකදි නිරතුරුවම සතුට ගෙන ලැබෙනවා කියලා මම වගේම ඔයාලත් දන්නවනේ
එත් අපිට හැම වෙලාවකම ධනාත්මක වෙන්නත් බැනේ ප්‍රැක්ටිකලි..

ඒත්  


නාත්මක භාවය කියන්නේ හරියට පිලිකාවක් වගේ කියලායි මනෝ විද්යා උපදේශකවරු නම් කියන්නේ.. හටගත් වහාම අයින් කරලා දැම්මේ නැත්නම් අනිවා හැමතැනම පැතිරෙනවා.. අනෙක් ඉන්ද්‍රයින් ටිකත් අකර්ම්නය කරලා දානවා


නාත්මක වෙන්නේ කොහොමද කියලා හිතලා බැලුවොත් ගොඩාක් ඒකට හේතුව වෙන්නේ වටපිටාවේ වෙන දේවල්.. අහන්න දකින්න ලැබෙන දේවල්... ඔයාට හැමවෙලේම ඔහෝම එපා.. බැ , නැ වගේ කතා නම් අහන්න හම්බ වෙන්නේ ඔයා ඉබේම ඒ පැත්තට නැබුරු වෙනවා

ඒ වගේම අපරාධ , මකෝංල්ල කැම, මිනිමැරුම් ,හොරකම් ආදි දේවල් ගැන නිරතුරුව අහන්න දකින්න ලැබෙනවානම් ඒ දේවල් සාමනය දේවල් වෙලා හිතේ ඒ දේවල් ගැන අමුතුම බයක් එක්ක හිත දුබල කරවන හැගිමක් හිතට දැනෙනවා.. ඒ කියන්නේනාත්මක වෙන්න පටන් අරන් ඒකෙන් වැලකෙන්න නම් ඉතින් අපිට කරන්න වෙන්නේ ඒවගේ දේවල් අහන දකින බලන එකේන් ගොඩාක ඇත් වෙන එකතමයි

මොකද නාත්මක සිතුවිල්ලක් මනසට ඇතුලු උනොත් ඒකෙන් මිදෙන්න ගොඩාක් අමාරුයි.. අපේ ජිවිත මානසිකව ශාරිරිකව වට්ටලා අපිට ලබා ගන්න ඕන සාර්ථකත්වයෙන් ඇත් කරන්න මේ සිතුවිලි වලට පුලුවන්... තව මේ සිතුවිලි නිසා අනිවාර්යෙන්ම හිතේ සැකය, තරහව.ඊර්ෂාව , කෝපය වගේ දේවල් නිරන්තරයෙන් හට ගන්න නිසා ජිවිතෙන් ඉක්මනටම අයින් කරන්න ඕන දෙයක් විදිහට මේක හදුන්වන්න පුලුවන්



ජිවිතේ සතුටින් ගෙවන්න ඔයාලත් ආසයි නම් ඉස්සරවෙලාම හිතෙන්    
ඍනාත්මක කියන දෙයින් සදහටම ඇත් වෙන්න... මොනම දෙයක් වත් නිසා ඒ හැගිමට හිතට එන්න දෙන්න එපා.. එතකොට ඔයාලට ගොඩාක් සතුටින් ජිවිතේ ගෙනියන්න පුලුවන්. මට ඒක ගොඩාක් විශ්වාශයි..
දැනටමත් මෙයා හිතේ ඉන්නවානම් දැන් ඉදන්ම උත්සහ කරලා මේයාව එලවලා දාන්න

ඔන්න ඉති හිතෙන දෙයක් කියලා ෆලෝ කරලා යන්නකෝ

12 comments:

  1. //යාලුවේ මේ ඔයාගේ පලමු පැමිනිමයි. සාදරයෙන් පිලිගන්නවා!//
    කියල උඩින් ම වැටෙද්දී

    පැත්තෙන් තියනවා
    "සුපර් මාරියෝ (18)" කියලා... කාට කියන්නද මේක..

    පලි- මම කොම්පියුටරේ ෆෝර්මැට් කරා හැබැයි.. :D :D :D

    පපලි - මොකද මේ දේවා අයියාට වෙලා තියෙන්නේ?? ඉස්සර ටෙක්නොලොජි,ගැජට්ස් ගැන නේද ලිව්වේ?? මේවත් හොදයි.. ඒවා හොදාාාාාායි..

    ReplyDelete
  2. ධනාත්මකව හිතන්න කිව්වට ගොඩක්ම වෙලාවට මට හිතෙන්නෙම සෘන පැත්තටමයි. මොකද දන්නේ නෑ. පුලුවන් කමක් තිබ්බොත් ධනාත්මකව හිතන විදිහත් පෝස්ට් එකක ලියන්න.

    ඔන්න හිතෙනදේ ලිව්වා. ෆලෝ පාරකුත් දම්මා !!!!

    ReplyDelete
  3. @ සුපර් : ඔන්න ඉතින් ඒකට කරන්න දෙයක් නැ තමයි.... මොකද ෆොමැට් කලා නම් ඉතින් සොරි තමා... මොකද ෆෝමැට් කලාහම අයි පි ඇඩ් එක මාරු වෙනවනේ.... කමක් නැ ඉතින් එක පාරනේ ආයේ එහෙම වෙන්නේ නැ
    හොදේ
    බය වෙන්න එපා ඒවා ලියන එක නවත්වලා නැ.. ඉක්මනටම එහෙම පොස්ට් එකකින් හම්බවෙමුකෝ

    ReplyDelete
  4. @ මධුරංග : අනිවා ඉක්මනට එහෙම එකකුත් දාන්නම්කෝ.. තැන්ක්ස් ෆලෝ කලාට හොදද??

    ReplyDelete
  5. බලමු ඕකව එලවලා දාන්න ට්‍රයි එකක් දීලා .

    අපිනම් ෆලෝ කරලා ගොඩක් කල් ඒත් මචං මම අද ආවා කියලනේ මෙයා කියන්නේ . මමනම් ෆෝර්මැට් කලේ නෑ

    ReplyDelete
  6. @ හිස් අහස : ඒකනම් ඉතින් එහෙමනම් ප්‍රශ්නයක් තමා බලමු තව කාටවත් ඒක වෙලාද කියලා... කොහොමහරි ට්‍රයි එකක් දාමු මේකාව එලවලා දාන්න...

    ReplyDelete
  7. ධනාත්මකව හිතන්න හැමවෙලේම බෑ නේ.....මොකක් හරි අහිමි උන ගමන් ඍන පැත්තටමයි හැරෙන්නේ ....උත්සහ කරලා බලමු

    ReplyDelete
  8. @ සිතුවිලි නිහඩයි : ගොඩාක් වෙලාවල් වලදි නම් එහෙම තමා.. එත් උත්සහ කලොත් බැරි වෙන්නෙත් නැනේ නේද?

    ReplyDelete
  9. ඔය වැඩේ ප්‍රායෝගිකව කරන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා ....

    ReplyDelete
  10. @ පන්සල් හන්දිය : එකනම් එහෙම තමා අය්යේ... හැමදාම එහෙම ලේසි එවා කරන එකේ ටිකක් අමාරු දේකුත් කරලා බලමුකෝ

    ReplyDelete
  11. හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවක් තියෙන්නේ....හරියට අනුගමනය කරනව නම් කිසිම වෙලාවක වරදින්නේ නෑ.....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....