ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 June, 2011

මෙන්න නියම විකාර........... කැලි සින්දු

මේක නම් විකාර පොස්ට් එකක් තමයි.. එත් එහෙම කියන එක ඔයාලට බාරයි...

මම පොඩි චන්දේ විමසුමක් දාලා තියනවානේ... ඔන්න එකේ විකාර කියලා එකකුත් තියනවා.. එත් අද මගේ බ්ලොග් එක බලනකොට හිතුනා මොකකටද මම විකාර කියලා කියන්නේ කියලා.. ඔන්න ඒ අඩුව පිරිමහගන්නයි මේ පොස්ට් එක දාන්නේ.. දන්නේ නැ මේකට එක කමෙන්ට් එකක් වත් වැටෙයිද කියලා....
එත් මේක විකාරයක්නේ.... එන්නකෝ ඇවිත් කියවලා බලලා යන්න ඔයාලට පුලුවන්නම්....

ඔයාලා හැමොම සින්දු අහනවානේ..........

නැ කියලාද කියන්නේ......... බොරුනේ....................... නැ නැ ඔයලා කියන්නේ ඇත්ත... ඔයාලා සින්දු අහන්නේ නැ.. ඇහෙනවා.. නේද????

ඔන්න ඔයාලා අහන ඒ සින්දු වලින් කිපයක් මගේ 11 වසරේ ඉන්න  නංගිගේ පන්තියේ යාලුවෝ සෙට් එක එඩිට් කරලා...


මට ඉතින් හිතුනා මේ මොන විකාරයක්ද? බ්ලොග් එකේ විකාර ලේබලයට මරුනේ කියලා..

දැන් මේවා කොයි තරම් දුරකට පැතිරිලාද දන්නේ නැ... තව දන්න ඒවා එහෙම තියෙනම් මාවත් ඔය පහල තියන කමෙන්ට් දාන කො‍ටුව හරහා  දැනුවත් කරන්නකෝ...

මම මේ සින්දු වල ඔරිජිනල් සින්දුව නෙමේ දාන්නේ... හදපු එක තමයි... ඔයාලා ඔරිජිනල් එක දන්නවානේ... මම ඉතින් ඒකේ මුල් පදය තමා දාන්න වෙන්නේ

ඔන්න ඉතින් ඇවිත් ඉන්න ඔයාලා කියවලාම බලන්නකෝ...

කවුලු පියන්පත් වහන්න...............
ජනෙල් පියන් දෙක වහන්න
කැම කාමරේ
පොද වැස්ස ඇවිත් ගෙතුල කැත කරාවි
පුන්චි නංගියේ

වැස්ස වැහලා පායන්නට වෙලා යයි මගේ හිතේ
මට යන්න අනේ බැරිවෙනවානේ පංතියට නගෝ
අය්යා මොකද පංති යන්නේ මේ මහ වැස්සේ
අර ඇදට ගිහින් නිදා ගන්න මොන ගමන් අනේ

ඒක නේමේ නංගි මගේ මොනවද අද ඉව්වේ
මට කන්න දෙයක් තියනවානම් දෙන්නකෝංංං අනේ
බත් උයලා සම්බොලත් එක්ක තියනවා
අර ඊයේ ‍රැට බැදපු මාලු එහෙම තාම තියනවා


වෙනතක යන්න ගියා.....

අහසම කලු කරලා - මහ වැස්ස්සක් එනවා
ගොරවන සද්දේ ඇසි - කන් අඩි පුපුරනවා......//
උදැල්ල කරේ තියන් - ගොවියන් ගෙදර ඇවිත්
එහා කොනේ අම්බරුවෙක් ඉද - උම්බැ කියා හඩයි....//

ඇළ දොල ගංගාවන් - සතුටින් ඉපිල නටයි
ගෙම්බන් මහ වැස්සට - එන්නට කියා කියයි...//
ගස්වැල් සොලවාලා - මද සුලගක් ඇතට යයි
වැස්සක් එනවා කියා - වැහිලිහිනියෝ ඉගිලි යයි..//


තුම් පාස අයේ...

වැලිබත් උයලා
කොලවල බෙදාලා
කැවා අපි පොඩි කාලේ නටාලා
නැ ඒ කාලේ අයේ එන්නේ
මතකයි දුව පැන ගිය හැටි බාලේ

තව කවි ටිකක් නම් තියනවා.... එත් ඔයාලා කියවන්නේ නැත්නම් මම කියලා වැඩකුත් නැනේ...
ඔන්න ඉතින් බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න ආයේ මේ විකාර එපා කියලා

මොනවා උනත් ෆලෝ කරන්න පුලුවන්නම් මට ගොඩාක් වටිනවා...

12 comments:

  1. ඔවා ඉතිං..ඉස්කෝලේ යන කාලේ ..කොලු කමට හරි කෙලි කමට හරි ලියපුවා නේ....
    අපිත් ඔය කාලේ පහුකලානේ..මලේ.

    ඒ හන්දා..ඔවට විකාර කියන්නත් බෑ..නෙව.

    ReplyDelete
  2. @ නිල් අහස : ඔයා කියනකන් මට ඔය කාරනේ ගැන එහෙම හිතුනෙම නැ නොව...
    එත් සමහරවිට ටිකක් වයසට ගියහම හිතෙනවලු නේද ඒ කාලේ කරපු වැඩ වලින් ගොඩාක් විකාර කියලා

    තාම ෆලෝ එහෙම කරලා නැ නේද? පුලුවන්නම් මට ගොඩාක් වටි

    ReplyDelete
  3. මරු සින්දු ටික

    ReplyDelete
  4. @ All in one : මේ සුපර් ස්ටාර් සිසන් 4 එකේ කාට හරි මේවා දිලා කැසට් එකක්වත් කරමුද????
    ඒ අයට කියන්න ඉතින් සිංදු නැහැලුනේ....

    ReplyDelete
  5. මේවා කොච්චර හොඳද ..කොල්ලෝ හදන වර්ෂන් වලට වඩා. අපිත් ඕව කළා . ට්‍රිප් යනකොට තමයි වැඩිපුරම.

    වන්දනාවේ යමු පේවිලා සින්දුවට කෙල්ලෝ කොල්ලන්ගේ ඉස්කෝල වල නම් දාල ලස්සන සින්දුවක් කිව්වා. එවෙලෙට කටට එන ඒවා තමයි. ඒ ලස්සන කාලේ මතක් වෙන පොස්ට් වලට මන් හරි ආසයි

    ReplyDelete
  6. @ Bindi : අක්කේ කොල්ලෝ ගැන කතාව 100% එකග නොවුනත් ඇත්තම එහෙම ගෙවපු අතිතේ නම් ගොඩාක් සුන්දරයි... අපට ඉතිරි ඒ මතකය විතරයි හැමදාමත්....

    ReplyDelete
  7. මරු සිංදු සෙට් එක :D සිරාවටම අයේ ඉස්කෝලේ ගිහින් ඒ කාලේ වගේ පිස්සු නටන්න චාන්ස් එකක් නැහැනේ..

    ReplyDelete
  8. යොහන් : ෆලෝ කලාට ඔන්න තැන්කියු කිවා..
    ඔයාලා මට ඉතින් වැඩර් ලානේ.. මෙහෙම බ්ලොග් එක පැත්තේ ඇවිත් යන එක ලොකු ශක්තියක්...

    ඇත්ත කොච්චර පිස්සු කෙලියත් ඒ කාලේ ඒවා තෙරෙන්නේ නැ.. බලාගෙන ඉන්නේ කවදද ලොකු මිනිහෙක් වෙන්නේ කියලා...

    එත් එහෙම උනදාටයි තෙරෙන්නේ පොඩි කාලේ කොච්චර නිදහස්ද සුන්දරද කියලා

    පුලුවන් වෙලාවක ආයේ එන්නකෝ

    ReplyDelete
  9. මම ඔයාව ෆලෝ කරලා ඉන්නේ මල්ලි.

    ReplyDelete
  10. නිල් අහස: අනේ සොරි වෙන්න ඕනේ.. පුලුවන් හැම වෙලාවකම එන්නකෝ..

    ReplyDelete
  11. නිල් අහස: අනේ සොරි වෙන්න ඕනේ.. පුලුවන් හැම වෙලාවකම එන්නකෝ..

    ReplyDelete
  12. ඉස්සර අපි ඉස්කෝලේ යනකාලෙත් ඔහොම පිස්සු සිංදු කිය කියා හිටියා.
    නංගි මාරම ටැලන්ටඩ් නේ !!! මරු ගීත ටිකක්.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....