ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 July, 2011

කොහොමද මහත්තයා මේකෙන් සල්ලි ගන්නේ ( ATM රස කතා)

ඔන්න තවත් පුන්චි බැංකු කතාවක්.. මේක මටවත් මම දන්න කියන තැනකවත් උන දෙයක් නම් නෙමේ.. මේක පත්තරෙත් ගියා ලු ඔන්න..... කලින් දන්නවා නම් ඔන්න මට බනින්න එහෙම එපා කලේ නාස්ති කලා කියලා..... ම්.... මගේ බ්ලොග් එක අලුතින් ෆලෝ කරන අයත් දැන් ඉන්නවානේ... මගේ කලින් ATM කතාව කියවලා නැත්නම් ඔන්න ඒකත් කියවලාම එන්නකෝ.....

මේක වෙලා තියෙන්නේ නම් මෙහෙමයි... මේ පේපර් ආටිකල් එක මම කියෙව්වේ  නම් නැ... බැන්ක් එකේ සික්කා අය්යා තමා ඔන්න කතාව කිවේ... කිවේත් ඔන්න සර් ගේ බ්ලොග් එකට ගැලපෙන කතාවක් පත්තරෙත් ගිහින් කියලා (බැංකුවෙත් මගේ බ්ලොග් එක වෙලාවකට හොද ටොපික් එකක්)

කතාව ගොඩාක් නම් දිග නැ... ටිකක් විතර ගනුදෙනු කාරයන්ගෙන් පිරෙන බැංකුවකින් සල්ලි ටිකක් ගන්න කියලා ඒකවුන්ට් එකේ සල්ලි තියන කෙනෙක් ඇවිත්... සෙනගත් වැඩියි.... එත් මැන්ට සල්ලි ගන්න එකත් ටිකක් ඉක්මනට කරගන්න ඕන කම තිබිලා තියනවා...

කවුන්ටර් එක ලගට ඉක්මනට යන්න විදිහකුත් තිබිලා නැනේ.... කොහොමහරි මැන් ලග තිබිලා තියනවා ATM කාඩ් එකකුත්.... කවදාවත් හැබැයි ඒකෙන් සල්ලි අරගෙනත් නැහැලු.....
  මැන් ඉතින්  විරයා වගේ ගිහින් තියන්වා මැශින් එක ලගට.... කාඩ් එක දානවාලු ඒත් ඔන කරන වැඩේ වෙන්නේ නැහැලු..(සල්ලි ගන්න නම් කලින් පින් නම්බ්ර් එක දෙන්න ඕනනේ..)
 කොහොමහරි හදිසියත් නිසා මේ මැන් ට හොදටම තද වෙලා...... කියවනවලු බනිනවලු ඉවරයක් නැතුව... කියන්නේ නම් අසුරු සැනෙන් මුදල් අතට කියලා... මේක දැන් කි දවසක් උනාද??? කවදාවත් සල්ලිඔ ගන්න හැදුවට හදිසියකට ගන්න බැ...... මොනවටද මේවා තියාගෙන ඉන්නේ කිය කියා එට්ම් එක ලගට වෙලා කියවන කොට එතන අය කියලා තියන්වා කලමනා කරුව හම්බ වෙන්න කියලා

අර සද්දෙනම කොහොමහරි කළමනාකරු ලගට් ගිහින් කියලා තියනවා උන වැඩේ....

සාමානයෙන් නම් මගේ ලගට ඔහොම කෙනෙක් ඒටිම් එකෙන් සල්ලි ගන්න බැ කියලා ආවහම බලන ඒවා ටිකක් තියන්වා... කාඩ් එක්ක ඩැමේජ් වෙලාද? එකවුන්ට් එක එයාගෙමද? වෙන කෙනෙක්ගේ එකෙන් උනත් ගන්න පුලුවන් කෙනා පින් නම්බර් එක දිලා තියනවානම්.. (කොහොමත් එක පින් නම් එකක් වැඩිකල් නොතියා මරු කරන එක ,පින් නම් එක ලියපු කොල කැලි ලග නොතියා ගන්න එක නම් ගොඩාක් වැදගත්) ඒවා  අවුලක් නැත්නම් සිස්ටම් එක ඕෆ් ලයිනුත් නැත්නම් බලන්නේ එකවුන්ට් එක තමා..... ඒකේ සල්ලි තියනවද ගිනුම අක්‍රියද ? ( වසරක් විතර මුදල් ආපසු ගත්තේ නැත්නම් ඒක අක්‍රිය වෙනවා.. බැංකුවකට ඇවිතම තමා හදා ගන්න ඕනේ එක නම්) ඔවා ඔක්කෝම අවුලක් නැත්නම් ආයේ ට්‍රයි කරලා බලන එක හොදයි

ඔන්න අයේ කතාවට... මේ කලමනාකර තුමත් ඉතින් බොහොම කරුනාවෙන් කාඩ් එක පොඩ්ඩක් ඉල්ලගෙන තියනවා බලන්න

විපතක මහත............................................ !!!!!!!!!!!!

කොහොමද මහත්තයා මේකෙන් ATM එකෙන් සල්ලි ගන්නේ.. මේක රියදුරු බලපතනේ......................................
මෙකෙන් සල්ලි ගන්න නම් බැ.... පරේ වාහනේක යන්න නම් උදව් කරයි කියලා කිව්වලු....

ඇත්තටම කලබලේට කොරොස් කටෙත් අත දාන්න බැරිලුනේ.....

ඉතින් මේක හිනා යන්නේ නම් නැතුව ඇති... එත් කල්පනාවෙන් වැඩ කරනවා නම් ඔහොම නොන්ඩි ටිකක් අඩු කරගන්න පුලුවන් අපිට...

හිතෙන දෙයක් කියලා පස්සෙන් පන්නගෙනම යන්නකෝ

45 comments:

  1. හිකිස් ඒකනම් ඇත්ත අපි කල්පනාවෙන් වැඩ කරනවනම් කරදර ගොඩාක් අඩු වේවි

    ReplyDelete
  2. මේක පත්තරෙත් තියෙනවා දැක්කා.

    ReplyDelete
  3. රෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............

    ReplyDelete
  4. හික්ස් ... මරු කතාව.
    ඔව් සමහරු පුදුම හදිසියකින්නේ එන්නේ කාඩ් එකත් දාල දුවනවා. අනේ ඉතින් අපිට තමයි වැඩ වැඩි වෙන්නේ . දාල ගියපු කාඩ් එක නැවත බැංකුවට බාර දෙන්නත් එපැයි.

    ReplyDelete
  5. හිකිස්‌..මම දන්න එකෙක්ටත් ඔය වගේ වැඩක් උනා,මිනිහා නම් කලබලේට මැෂින් එකට දාල තිබ්බේ වෙන බැන්කුවක ක්‍රඩ්ට් කාඩ් එකක්..මිනිහාත් ඉතින් යන්තම් බැන්කුවේන් බයිට් නොවී බයිට් වෙලා ඇවිත්..

    ReplyDelete
  6. ඩ්‍රැයිවින් ලයිසන් එකෙන් කෝමද අප්පා ATM එකෙන් සල්ලි ගන්නේ !!!!
    පුදුම වැඩ කරම මිනිස්සු තමයි ඉන්නේ. හදිස්සියට වරදිනවා වෙන්ටෑ. හෙහෙහෙහ් මරු කතාවක් :)

    ReplyDelete
  7. පව් මචං නොදන්න කමටනේ...!

    ReplyDelete
  8. කාට ද දන්නේ නෑ උනේ

    ReplyDelete
  9. ඕක සමහර වෙලාවට ස්ට්‍රෙස් එක වැඩි වෙලාවක උන දෙයක් වෙන්න පුලුවන්.
    පව් අප්පා....

    ReplyDelete
  10. ඔව් ඉතින් මෙහෙම ඒවත් සාමාන්‍යයෙන් අපිටත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  11. අනේ පව් ..පොළොව පලන් යන්න හිතෙන්න ඇති

    ReplyDelete
  12. පිස්සු පුසා : ඒක නම් ඇත්ත යාලුවා...

    ReplyDelete
  13. පත්තර කියවනවා අඩු හන්දා මේක පත්තරේක දැකලා නම් නැහැ...

    මරු කතාව... හික්ස්..

    කතාව වගේම කතාව අතරතුර මල්ලි දීල තියෙන උපදෙස් ගොඩක් වටිනවා කියල මට හිතෙනවා..

    ReplyDelete
  14. සුමින්ද : ඔව් අය්යේ... පත්තරෙත් ගිහින් තිබුනාලු... මාත් දැනගත්තේ එහෙමනේ

    ReplyDelete
  15. රෙස්ලින් lk : දැන්වත් මනුස්සයෙක් වගේ වැඩ කරපන් යාලුවේ.... බොරුවට ලෙඩක් වදයක් නොවි

    ReplyDelete
  16. ගිම්හානි :එහෙම වෙන වැඩත් ගොඩයි... සමහර අයට හදිසියට ඕක මැශින් එක ඇතුලෙම දාලා යන අයත් ඔන තරම්

    ReplyDelete
  17. කතාව ටිකක් පැටලිලි වගේ ඒත් කමක් නෑ දීල තියෙන උපදෙස් ටික නම් වටිනවා අපි කාටත්.

    ReplyDelete
  18. එල කතාව. ඇත්තටම කාටද දන්නෙ නෑ නේ උනේ?

    ReplyDelete
  19. හිහ් හිහ් ....
    පටිට කතාව මලයා ........

    ReplyDelete
  20. ChammA : දැන් නම් යාලුවා ගොඩාක් බැංකු වල තියෙන්නේ විසා කාඩ් නිසා ගොඩාක් බැංකු වල ඒට්ම් වලින් ගන්න පුලුවන්.... බට් ටිකක් වැඩි කමිශන් එකක් නම් ගන්නවා

    ReplyDelete
  21. මධුරංග : හදිසියම තමා මම හිතන්නේ

    ReplyDelete
  22. prasanna86k : මම නම් එහෙමම හිතන්නේ නැ බන් කලබලේට වෙන්න ඇති

    ReplyDelete
  23. රත්ගමයා : ඔන්න මට නම් නෙමේ ඔන්න

    ReplyDelete
  24. නිල් අහස : මම හිතනවා අය්යා හරි ඇති කියලා

    ReplyDelete
  25. ළහිරු : ආවේ අදම වගේ මම නම් හිතන්නේ...අනිවා යලුවා අපිටත් වෙන්න පුලුවන්

    ReplyDelete
  26. sansarasidu : දන්න කියන දේවල් නේ අය්යේ.... ඇත්තටම මට කියවන්න වෙලාවකුත් නැ... කියවන අය කියන ඒවා තමයි ඉතින් ඔය

    ReplyDelete
  27. සිතිවිලි නිහඩයි : මොනාවා කරන්නද කියලා බලාන ඉන්න ඇති නේද??

    ReplyDelete
  28. ආසියා : අනේමන්දා පැටලිලාද????

    ReplyDelete
  29. rmpmcreation : දන්නේ නම් නැ මලයෝ.... ලාංකාවේ මැන් කෙනෙකුට නම් තමා

    ReplyDelete
  30. පන්සල් හන්දිය : ස්තුතියි අය්යේ.... දැන් අක්කට බබාලට කොහොමද ඉතින්

    ReplyDelete
  31. ඔහොම තමයි බං මටවත් තවම ඔය මැසිම යූස් කරන්න බෑ .. අපේ පලාතටම ඔවුවා එකයි තියෙන්නේ ..

    ReplyDelete
  32. හිස් අහස : ඒක යුස් කරන එක නම් එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමේ මල්ලෝ..... ඒටිම් කොහෙද බන් දැන් ඔය නැ කිවේ.....මොනවා හරි ප්‍රොබ් එකක් ආවොත් කොල් එකක් දිපන්කෝ

    ReplyDelete
  33. මගේ යාළුවෙක් දවසක් මත් එකක අව ATM එකෙන් සල්ලි ගන්න හැටි බලන්න.අපි සල්ලි අරන් එනගමන් මු අහපි මචන් ඔකේ මොන TV චැනල්ද අහුවෙන්නේ කියල.....මම උට බොරු කියන්න ගියේ නැ ඇත්තම කිව පවුනේ...

    ReplyDelete
  34. ඔය පැත්තෙන් හිටගෙන සද්දදාන කොලුපටියව අයින්කරලා දානවද තරහ නැතුව. OFFICE 1 දී මිනිහ දගලන කොට කරදරෛ.

    ReplyDelete
  35. Ayesha : මරු නම් තමා... එත් ඉතින් ඇත්තටම හදිසිය නේද?

    ReplyDelete
  36. රතු මුහුද : උබ හොදයි යාලුවා... මතකනේ මම ඔය උඩ ලින්ක් දාල තියන කතවේ අහපුවහම කියලා තියන ඒවා..

    ReplyDelete
  37. ත‍ටු සිදුන සමනලි : ම්හ්ම්හ්.......................ම්

    ReplyDelete
  38. සරුංගලේ : ටිකක් හිතන්න වෙනවා යලුවා.... හොයා ගත්තේ ගොඩාක් අමරුවෙන්............. මිනිහා සද්දය්ක් දන්නේ කියන දේවල් නොකොලොත් තමා

    ReplyDelete
  39. මේ සිද්ධිය තව හොඳයි.. මන් මේ ලඟදි කලබලේට ගිහින් මැශින් එකට කාර්ඩ් එක දමනවා..ම්ම්ම්හ්හ්හ්හ්.. යකෝ වෙනද ටුක් ගාලා යන කාඩ් එක මෙන්න හිර වෙනව..බැලින්නම් දමල තියෙන්නෙ..මගෙ ඔෆිස් අයිඩෙන්ටි කාඩ් එක..අර කැමරාවෙන් කවුරුවත් දැක්කද මන්ද?

    ReplyDelete
  40. Weni : කැමරාවෙන දැක්කත් කමක් නැ යාලුවා... ඔයාට වැරදිමක්නේ වෙලා තියෙන්නේ.... ඉතින් ගනන් ගන්න එපා....

    ReplyDelete
  41. ඔව් දේවා ඒ සිද්ධියට පස්සෙ මටම හිනා..ඔෆිස් එකේ අය එක්ක කියලත් හොඳටම හිනා උනා..මන් ඒ වෙලාවේ අපේ සෙක්ශන් එකට හදල දීපු ප්‍රෝග්‍රෑම් එකක හිර වෙච්ච තැනක් ගැන හිත හිතා හිටියෙ..

    ReplyDelete
  42. වෙනි : එක තමා කැපවිම කියන්නේ.... එහෙම තමා ඉන්න ඕනේ.....

    ReplyDelete
  43. අර දේව කියන එකාට නේද ඕක උනා කියන්නෙ?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....