ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 June, 2011

ATM දෙය්යෝ... නාලා ද ඉන්නේ

 පොස්ට් 50 ක් දාලා ඉවර උනානේ.... දැන් ටිකක් සොමියට බර එක එක අයව අන්දපු  අපි ඇදපු නාපු... ගොඩාක් මගේ ජිවිතේ උනු අහපු දැකපු දේවල් ටිකකුත් 50 ඉදන් 100 වෙනකන් පොස්ට් වල ලියවෙයි.. ඔන්න මේ කතාව එහෙම කතා වලින් පලවෙනි කතාව.. හැබැයි ඔන්න මේක මට උනු දෙයක් වත් මම කරපු දෙයක්වත් එහෙම නෙමේ හොදද???
මම මේ තරම් කැත වැඩ කරන්නේ නැ අනේ...

දන්නවනේ දේවා වැඩ කරන්නේ බැංකුවේ කියලා.. බැංකුවකට සම්බන්ද කතාවක් තමා මේක....
ගොඩාක් අය බැංකුවක් ඇතුලට ඇවිත් සල්ලි ගන්න ,පොලිමේ ඉන්න එහෙම පොඩ්ඩක් කැමති නැනේ... තියන වැඩත් එක්ක බලන කොට ඒවගේ දේවල් වලට වැඩි කාලයක් ගන්න එකත් අපරාදේනේ...

ඔන්න ඒකට විසදුමක් විදිහට ඔය ATM මැශින් ආවේ.. මම වැඩ කරන බ්‍රාන්ච් එකෙත් ඒව තියනවා.. කොච්චර ඒවා මට වටිනවද කිවොත් දවසේ පැය 9ක් විතර බැංකුව ඇතුලෙම ඉදලත් එලියට ඇවිත් ATM 1නේ කියක් හරි අතට ගන්නේ .. ගොඩාක් ඕක කරන්නේ ඒකෙන් ගානක් තව බැංකුවටම ලැබෙන නිසා තමයි

ඕන් ඉතින් කතාව නොකියා වටේ ගියා.. ලොකු කතාවක් නෙමේ හින්දා තමයි ටිකක් වටේ ගියේ දැන් කතාව කියන්නම්කෝ....
කමක් නැනේ







ඔය එහෙම මැශින් එකක් ආපු අලුත කොල්ලෙක්ට දාපු ඇත්තම ඇත්ත බයිට් එකක් තමා මේක


මේ බ්‍රාන්ච් එකට ATM ආපු අලුතම නැති උනත් ටිකක් ලොකු කස්ටම් බේස් එකක් තියන නිසාත් ගොඩාක් අය නිතර ගැවසෙන තැනක් හින්දා කොහොමහරි ATM එකක්  සෙට් කරලා.. ටිකක් ඉතින් ඕක මැජික් වගේනේ දේවාටත් පොඩි කාලේ තිබුනා ලොකු ප්‍රශ්නයක්.. ඔය ඒටිම් එකේ වැඩ කරන කෙනා නිදා ගන්නේ එහෙම නැද්ද අපි මහ ‍රැ 12ට 2 කට ගියත් මෙකා ඉල්ලපු ගමන් සල්ලි දෙනවානේ කියලා.. කාලයක් හිතුවා ඉල්ලපුවහම ගානක් ඇත්ලේ ඉන්න අය එකට ඕන කරන 2000 , 1000 , 500 , 100 කොල වලින් ඒවා තොරලා ගානට එවනවා කියලා.. 
දැන් නම් එකේ වෙන්නේ මොනවද කියලා දේවා අකුරක් නැර දන්නේ ගොඩාක් ඒකේ වැඩ බ්‍රාන්ච් එකේ කරන්නේ දේවා නිසා.. ම්හ්.... හෝව්.. හෝව්...සමහර දේවල් ඕනාවට වඩා කියන්න හොද නැනේ...

මේ එට්ම් එක ආව දවස් වල බ්‍රාන්ච් එකේ හැමෝම ඉතින් මේ ඒටිම් කාඩ් එහෙම අරගෙන.... ඒට්ම් කාඩ් එකක් යුස් කරනවා කියන්නෙත් ඉතින් මාරම ගති තියන පොශ් වැඩක්නේ සමහර අයට...


ඔන්න ඒ දවස් වල මේ බ්‍රාන්ච් එකේ වැඩට උදව් කරපු (ඒ කිවේ ඉතින් ඔය චමරියේ උයන්න එහෙම උදව් කරන) කොල්ලෙක් ඉදලා තියනවා සුමතිපාල කියලා
ඔය මම කියපු මැනුත් ඉතින් ලොකු ගානක බැලන්ස් එකක් එකවුන්ට් එකේ නැතත් කාඩ් එකක් එහෙම අරගෙන..

දැන් ඉතින් ගත්තට මේක පාවිච්චි කරන්න මිනිහා දන්නේ නැනේ ඕක ඉතින් අහගන්න කියලා පොඩ්ඩක් බැංකුවේ පියන් ට ලං වෙලා


සුමති පාල : අනේ අබේ අය්යේ මම කාඩ් එකක් නම් ගත්තා එත් වැඩ කරගන්න දන්නේ නැනේ .. පුලුවන්නම් කියලා දියන්කෝ


පියන් : කාඩ් එකක් කිවේ පෝ කාඩ් එකක්ද???


සුමති පාල : නැ අය්යේ අර ඉස්සරහ හිටොලා තියන පෙට්ටියට දාන කාඩ් එකක්
පියන් : ආහ්.... මේ දෙය්යන්ගෙන් සල්ලි ඉල්ලන කාඩ් එකක්ද??


සුමති පාල : ඔව් අය්යේ.. මම මොකද කරන්නේ ඒකෙන්


පියන් : ම් ම් ම් දැන් උබ නාලා එහෙමද ඉන්නේ.. අද මුකුත් පිලිහිඩි එහෙම කාලා නෙමේ නේද ඉන්නේ...


සුමතිපාල : ඒ මොකටද අය්යේ,... උදේ නාලා අවේ.. තාම දවල්ට කැවේ නැනේ...


පියන් : එහෙමනම් එක ඇතුලට ගිහින් මේක මම කියන විදිහට කරපන් හොදද???  /#@^&%*+_!%&***&^%$(*@^%$@^

පස්සේ ආරංචි උනු විදිහට පියන් කියපු විදිහට මැන් වැඩේ කරලා
කරලා තියෙනේ මෙහෙමලු
ඉස්සරවෙලාම ATM එක වටේ වට තුනක් ඇවිදලා ඇතුලට ගිහින් දන ගහලා වැදලා..
ඊට පස්සේ ඉතින් කිවලු උඩහ ගෙදර කංකානම්ලාගේ නීල් සුමති පාල පෙරේරා නොහොත් සුමති වන මේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා.. වැඩ රාජකාරි ගොඩාක් පුරවන් ඉන්න ඔබ තුමා ලගට ඇවිත් මෙහෙම කියන්නේ හෙට නැන්දම්මලාගේ ගෙදර අරන් යන්න කිරි හට්ටි මුට්ටියකුකි කෙහෙල් ඇවරියකුයි ගන්න අතේ පිච්චියක් වත් නැති හින්දා කියක් හරි ඉල්ල්ලා ගන්න කියලායි..


 (ඕක කියන ගමන් ඔබන්න ඕන බට්න් ටික හරියට ඔබන හැටිත් පියන් කියලා දිලා.. ඒ හින්දා සල්ලි ගන්න ඕන ස්ටෙප් ටික එහෙමම යනවලු) 


ඊට පස්සේ ඕං ආයේ කියන්වාලු මට මේ ටිකට සල්ලි ටිකක් දෙන්න මම ඉක්මනට ආයේ ගෙනත් දෙනවා සත්තයි...  ඕ ඉතින් සල්ලි ටික ආවා කියමුකෝ.. ඊට පස්සේ ඉතින් අයේ පාරක් පෙරලිලා වැදලා ATM දෙයියන්ට පින් දිලා එහෙම ආවලු..


පලවෙනි මෙහෙම කතාව හින්දා හිනා නොගියොත් කිති කවාගෙනවත් හිනාවෙන්නකෝ

වි.කි : ( විශේෂ කියමන ) : මේ සිදුවිම ඇත්තටම සිදු වු කතාවක් ලෙස අසා ඇති අතරම මගෙන් වත් මා වැඩ කරන තැනවත් සිදු වුවක් නොවන අතර එසේ වරදවා වටහා නොගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි....

19 comments:

  1. කිති කවාගන්න ඕනෙ නෑ බං, සිරාටම හිනා ගියා.
    ඔහේට ජය!

    ReplyDelete
  2. හහ් හහ් හා.............. (කිති කවාගෙන එහෙම නෙවෙයි ). පෝස්ට් 50 ට සුභ පැතුම් . දිගටම ලියමු !!

    ReplyDelete
  3. @ මලියා : පිස්සු හැදෙයි කිවාලු.. මෙන්න මලියත් ඇවිත්... ඕන්න ආවට ගොඩාක් තැන්ක්ස් හොදේ... වෙලාවක් තිබුනොත් ආයේ ඇවිත් යන්නකෝ

    @ බුවා : කිති කවාගන්න ඔනේ නැතේයි.. තැන්කු කිවා..

    ReplyDelete
  4. 50ට සුබ පැතුම්... ඊට පස්සේ පොර අර ගත්තු සල්ලි ටික ගෙනත් දීලද?

    ReplyDelete
  5. @ sameerausa : සල්ලි ගෙනත් දෙන්න නෙමේනේ යාලු ගත්තේ නැන්දාම්මලාගේ ගෙදර යන්නනේ... එහේ යන්න ඇති...

    ReplyDelete
  6. 50ට සුභ පැතුම් මල්ලි...
    පෝස්ට් එකත් හරි අපූරුයි...

    ReplyDelete
  7. @ මාරයාගේ හෝරාව : ගොඩාක් ස්තුතියි අය්යේ... මාරයාත් මගේ බ්ලොග් එක බලන්න ඇවිත් .. ඉතින් සතු‍ටු නොවි කොහොමද??

    ReplyDelete
  8. මේවට හිනාවෙන්න කිති කවාගන්න ඕනද?
    50 ට සුබ පැතුම්.

    ReplyDelete
  9. @ Praසන්ன : ඒක දන්නේ නම් ඉතින් කියවන ඔයාලාම තමයි.. ඇත්තටම කිති කවාගන්න ඕනේද ඉතින්

    ReplyDelete
  10. ඔන්න මගෙනුත් සුබ පැතුම් .........
    ඊට පස්සෙත් පොර සල්ලි ගත්තෙත් එහෙමද ........

    ReplyDelete
  11. @ පන්සල් හන්දිය : කොහොමද අය්යේ ඊට පස්සේ එහෙම සල්ලි ගන්නේ ඕක ඒ බ්‍රාන්ච් එකේ මැනේජ්ර් දැනගෙන පියන්ට හොදටම බැනලා.... එත් ඉතින් ඕක විහිලුවට කරපු වැඩක්නේ

    thanks....

    ReplyDelete
  12. @ සංචාරකයා : ෆලෝ එකක් එහෙම දාලා යනවානම් මරුම තමා

    ReplyDelete
  13. haffa! ඒක නම් ටිකක් දුක හිතුන ඒ උනාට හිනා ගිය කතාවක්!

    ReplyDelete
  14. @ malee_msg :මොනවා කරන්නද බන් මේක ඇත්තටම වෙලා තියනවානේ

    ReplyDelete
  15. මරු කථාව...! ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝ...

    ReplyDelete
  16. @ චතුරංග : ගොඩාක් ගොඩාක් තැන්ක්ස් යාලුවා

    ReplyDelete
  17. හිහ් හිහ් හී... මරු කතාව..
    බලාගෙන ගියහම කොයි බැංකුවෙත් ඔය වගේ රසවත් සිද්ධි වෙලා තියෙනවා එහෙනං...

    මාත් ඔය ATM සම්බන්ධ කතා කිහිපයක්ම ලියල තියෙනවා.. කියවන්න කැමති නම් මෙන්න ලින්ක් දෙක...

    ATM කතාවක් !

    දෙනෙත් ATM දැම්ම වගෙයි !

    ReplyDelete
  18. කිති කවන්නේ මොකටද හිනා ගියානේ කතාව අහලා.
    නියම කතාවක්. ඇයි කවුද මන්දා මනුස්සයෙක් රහස් අංකය ඇතුල් කරන්න කියලා ඩිස්ප්ලේ වෙනකොට රහස් අංගය ඇතුල් කරන්න ට්‍රයි කොරලා තිබ්බේ. හික්ස් :)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....