ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 July, 2011

FACE BOOK ආදර ලට පට...

අද නම් ඉතින් මේ කියන්නේ මට උන දෙයක් වත් මගේ නැයෙකුට වත් උන දේවල් නෙමේ,.... ඔයාලා හැමෝම සමාජ ජාල පවතින සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නවානේ.... අර මාක් අය්යා හදපු මුනු පොත.... ගුගල් අය්යාගේ එකතු අඩවිය වගේ ඒවා.. ඔයාලා ඕවාගේ ඉන්නවනේ....

කණියා කිවා ඔන්න එකේ චැට් එකෙන් වයිරස් එනවලු... පොඩ්ඩක් ඔයාලත් පරිස්සමෛන්... අද මම කියන්න යන්නේ මේ ලගකදි මගේ නෙත් මානයේ ඔය ෆේස් බුක් ආදර කතා නිසා මම දැකපු දේවල් ටිකක් ලියන්න යන්නේ

පලවෙනි කතාව.....

ඇත්තටම ඒ කතාව මම ඒ අයගේ කතාවෙන්ම අහපු නිසා මම දන්නවා ඇත්තටම උනු දෙයක් කියලා.... ටිකක් ඒ කතාව නම් සතු‍ටු දායකයි...

කෙල්ල මහරගම පැත්තේ... කොල්ලා නම් කුරුනැගල පැත්තේ....

කොල්ලාට වයස අවු 24යි... නෙට් කැෆේ එකක තමා වැඩ කරලා තියෙන්නේ... කෙල්ලත් 23 ඉතින් ඔය මොකක් හරි නිතරම අන්තර් ජංජාලේ එක්කම ගැවසෙන ජොබ් එකක් තමා කරලා තියෙන්නේ.... දෙන්නා මුලින්ම ස්ටැට්ස් එකකට කමෙන්ට් කරලා තමා දැකලා තියෙන්නේ.... එක පස්සේ එෆ් බි මැසේජ් එකකට පස්සේ ස්කයිප් කෝල්  එකකට ඔහොම ඔහොම ආදරේ ගලාගෙන ගිහින් මොබයිල් එස් එම් එස් , කොල්ස් වලින් තවත් ඒ ආදරේ ස්ථිර වෙලා....
පස්සේ දෙන්නා හම්බ වෙලා... ගෙවල් වලා ආශිර්වාදෙත් ඇතුව ලොකුවට වෙඩින් අරගෙන නැතත්, ආදරෙන් එකතු වෙලා .( බොරු නම් නෙමේ ඇත්තමයි මම ඔහොම එකක් ඇහුවාමයි....


දෙවෙනි කතාව.....

 මේක නම් සුලභ ඇති... ඔන්න මේ ඩයල් එක නම් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්... ඒ යාලුවා කියපු උනු යාලුවාත් අනුමත කරපු කතාවක්.... මම දන්නවා දැන් මගේ බ්ලොග් එක මේක උනු කෙනාව අදුනන කෙනෙකුත් බ්ලොග් එක බලනවා.. ඒ හින්දා යාලුවගේ නම නම් කියන්නේ නැ (පව් නේ.... මිනිහා දැන් ප්‍රසිද්ධ ලොකු මො>>ල් කොම්පැනියක තමා වැඩ කරන්නේ.....)

මිනිහාත් ගොඩාක් එෆ් බි පාවිච්චි කරනවා... ඔහොම යනකොට මිනිහත් එක්ක ලොකු චැටකට කෙල්ලෙක් සෙට් වෙලා... ඒ දවස් වල හැමදාම උදේට මිනිහා ඔය ඊයේ ‍රැ කතා කලා කියලා කියනදේවල් අහලා එපා වෙනවා...

කෙල්ල කතාවට හෙන ම දක්ශයි... අන්දන්න පුලුවන් ඕන එකෙක්ව නුලට... මේ යාලුවව්ත් අන්දලා ගානට....ලංකාවේ ලොකුම සල්ලි කරයෙකුගේ දුවක් කියලා තමා කියලා තියෙන්නේ.....
හෙනම හින ලොකයක් මවලා... කොයි තරම්ද කියනවා නම් අපේ මේ මැන් ජොබ් එකෙනුත් අස්වෙන්න ලියුම් ටික හිටන් හදාගෙන උන්නේ..... මිනිහට වාහනයක් ගන්න කෙල්ල සල්ලි එවන්න පොරොන්දු වෙලා.. මිනිහා උදේ 9.00 ඉදන් 3.00 වෙනකන් එක දවසක් මිනිහා චාටර් එකක් කාලා.... එදා ගෙදරින් යා ගන්න විදිහක් නැ කියලා කෙල්ල ශේප් වෙලා.... තව දවසක් ඉතින් ඔහොමම චාටර් කාලා තිබුනා... මේ යාලුවට තනි රකින්න ගිය මගේ යලුවගේ කැම වියදමත් ඉතින් මේ මැන් හෙනම හැපි එකේ අත දිග ඇරලා වියදම් කරලා ඇයි ඉතින් වාහනයක් ගන්නනේ සල්ලි එවන්නේ.....

අනේ ඉතින් පස්සේ හොයල බලනකොට කෙල්ල අවුරුදු 18ක විතර කෙල්ලක්........ තාතතාලා අම්ම්මලා වැඩිය හෙඔයලා නොබලන තැනක

ඉතින් මම ඔයාලට කියන්නේ මට මෙහෙම කෙල්ලෝ වැරදියි කියලා විතරක් නෙමේ.. ඕන තරම් කොල්ලොත් ඉන්නවා මෙහෙම කෙල්ලෝ රවට්ටන......

ඕනාවට වඩා හැමෝම විශ්වාස නොකර... ඔනාවට වඩා අවිශ්වාස නොකර හැමොම හොදින් ආශ්‍රය කරගෙන ඉන්න එක තමා වටින්නේ.....

37 comments:

  1. 1 වෙනි කතාව වගේ එකක් මම මේ ඇහුවමයි.
    2වැනි එක නම් සුලබයි නෙ

    ReplyDelete
  2. ෆෙස් බුක් එක මාක් හැදුවේ දන්න කියන යාලුවන්ව ආශ්‍රය කරන්න නේ අද ඉතින් ඕක කනපිට හැරිලානේ අර කැලේ ඉන්න සත්තුන්ට ම්නිසුන්ට වාගේ මොලේ තියනවානම් ඕනුත් ඔන්ගේ නමට ෆේස් බුක් හදා ගනි ඔක තමයි අද තත්වේ....

    ReplyDelete
  3. 1 වගෙම 2 විදිහෙ කතාත් දැන් සුලබයි....
    මමත් දන්න කතාවක් තියනව.... හැබැයි දැන්ම කියන්න බෑ.... තව ටික කාලෙකින් ප්‍රසිද්ධ කරන්නම්......

    ReplyDelete
  4. නැවත නැවතත් සිතන්නට අනුබල දෙන ලිපියක් !

    ReplyDelete
  5. මගෙත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ඔහොම හදුනගන විවාහ වෙලා හරි ලස්සනට ඉන්නවා. එක දෛවය නේද දේවා ?

    දෙවන විදියේ අයනම් ඕනතරම්..මා දන්නා තරුනයෙක් ගොඩාක් මානසිකව වැටුනා මේ වගේ කෙල්ලෙක් මුනගැහෙන්න එන්න කියලා කෙල්ල හොරෙන් තවත් කෙල්ලෝ සෙට් එකක් එක්ක හැන්ගිලා බලන් ඉදලා.
    කොල්ල රස්තියාදු වෙලා ගිහින්. එදායින් පසු කෙල්ල මිසින්ලු.
    මොනතරම් පව්ද ඔහොම වැඩ කරන එක.

    ReplyDelete
  6. මගේ කතාවත් පලවෙනි කතාවමයි කිව්වොත් හරි පොඩි අවුලකට තියෙන්නේ අපි දෙන්නගෙන් කවුරුත් ඔය නෙට් එකට සම්බන්ද අය නෙවෙයි නිකම්ම ඉදල හිටලා බුකියට ගොඩ වුනු අය ලයික් කිරීමෙන් පටන් අරගෙන තමයි මේ ඉන්න තත්වෙට ආවේ වැඩේ කියන්නේ මම නම් මාර ආසයි මට එයාව මීට් උනේ බුකියෙන් කියල කියන්න ඒ මම කාපු කට්ටට වටිනා කමක් ලැබෙන නිසා (වැරදියට හිතන්න එපා මම ගෙදරින් කන්න එවන සල්ලි වලින් නොකා එයා එක්ක චැට් කරන්න කැෆේ ගිහින් තියෙනවා, සමහර දවසට එයා ලොග් වෙන්නේ රෑ 12 ට කිට්ටු කරලා නිසා මම පුදුම කටු කාල තියෙනවා එයා ඉන්න වෙලාවක එයා එක්ක චැට් කරන්න) එත් එයාලගේ යාළුවො නෑදෑයෝ කවුරුත් හිතාගෙන ඉන්නේ අපි සෙට් වුනේ වෙන විදියකට කියල මොනවා කරන්නද ස්වාමි පුරුෂයෝ දන්නවා ඇතිනේ බිරිදගේ කැමැත්තට පිටින් යන එකේ බරපතලකම

    ReplyDelete
  7. පිස්සු පුසා: ඇත්තටම මෙහෙම කතාවක් මමත් ඇහුවේ මේ දෙන්න නිසාමයි...නේ

    ReplyDelete
  8. වෙලාව ලගයි : මාක් ඕක දන්න කියන යාලුවන්ට විතරක් හැදුවා නම් අනේ එකට මම කැමති නැ.. මගෙත් එෆ් බි එකේ යාලුවෝ ඉන්නවා 3100 ගානක්. මම වැඩිය දැන් නම් ලොග් වෙනවා අඩුයි.. එත් මම නොදන්න ගොඩාක් හොද යාලුවෝ මට එකෙන් හම්බ වෙලා තියනවා... ඇත්තමයි එෆ් බි එකෙන් මට සංසාරේ අපි ලියන දිල් අක්කා හම්බ නොවුනා නම් මිට අවුරුදු 1.5 කට විතර කලින් මම මේ බ්ලොග් කියන දේ ගැන සමහරවිට තවම දන්නේ නැ...

    මේක හොද දේට පාවිච්චි කරන්න ඕන තරම් අවස්තාව තිබුනත් වැරදි විදිහට පාවිච්චි කරන අය වැඩි වෙලා කියන එකනම් මමත් පිලිගන්නවා යාලුවා... ඔයා මගේ එකට ආව පලවෙනි අවස්තාව කියලා හිතනවා... සාදරයෙන් පිලිගන්නව

    ReplyDelete
  9. නදුන් උයන : කතාව පරක්කු නොකර මේ දවස් වලම දාන්න යාලුවා

    ReplyDelete
  10. sansarasidu : ඇත්තටම යාලුවා.... මොකද 2 අය වගේ අය නිසා ජිවිතයක් විනශ වෙන්නත් පුලුවන්..... ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට

    ReplyDelete
  11. ගිම්හානි : ඇත්තටම ගිම්හානි, ඒක ජිවිතේ අමුතුම අවස්තාවක්...ඒ අය ගොඩාක් වාසනාවන්තයි කියලා මම හිතනවා.දෛවය ඒ අයව අමුතුම විදිහකට මුන ගස්වනවා නේ....

    ඇත්ත ගැහැනු විතරක් නෙමේ පිරිමින්ගෙන් උනත් ඔහොම දේවල් වෙනවානේ... එහෙම කෙල්ල දැකලා අපහු යන්න ඇත්තේ කොල්ලා ඒ බලාපොරොත්තු උනු පෙනුම නැති නිසා වෙන්නත් පුලුවන්.. ඒත් ඒ තාක්ශනයම උදව් කරන් ඒ තරම් දුර යන්න කලින් එයලා හරියටම එයාලව 4ටෝ එකකින්වත් බලාගන්න තිබුනනේ...

    මම හිතුවා ඔයා මාව අතහරලා ගිහින් කියලා... මේ ටිකේ මේ පැත්තේ ආවේ අඩුවෙන් නිසා, ස්තුතියි අක්කෝ මේ පැත්තේ එනවට

    ReplyDelete
  12. පිස්සු හැදෙන සද...ඔන්න ඔයා මට සජිවි දෙවන අත්දැකිම කියනවා.... මම මේක නම් ඇස් දෙකෙන් දැකපු දෙයක් කිවේ... එත් මම හිතුවේ නැ අපි අතරෙම මේ බ්ලොග් ලියන කොල්ලෙකුත් එහෙම ගොඩ ගිහින් ඇති කියලා... සංතොශයි සහෝ... ශුභ පතනවා මමත් ඔන්න..

    ආදරේ සුන්දර වරදක්ලු නේ....

    ස්තුතිය් යාලුවා ඔයාගේ අත්දැකිමත් අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  13. දේවා අර තරුනිය එයගේ photo දකලා තියනවා ඒ කොල්ල හරිම කවසම් ලස්සන තරුනයෙක්. තරුනිය මොනදෝ හේතුවක් නිසා කොල්ලන්ගෙන් පලිගන්න එක්කෙනෙක්ලු.එයා ලස්සන අයගෙන් මේ වගේ පලිගන්නවාලු....

    පසු ගිය ටිකේ comment කරන්න බැරි උනා. ඒත් කියෙව්වා. පසු ගිය ටිකේ අලුත් බ්ලොග්ස් ටිකක් කියෙව්වා ඒ නිසා කාලය ඒ සදහා වැය උනා. කවදාවත් හොද යාලුවෝ හැර යන කෙනෙක් නොවේ මම .. ජය වේවා!

    ReplyDelete
  14. ගිම්හානි : එහෙම කේස් එකක්ද?? අමුතුම විදිහේ චරිත අද සමාජයේ පිරිලා.... එහෙම හිතනකොට නම් එහෙම අඩවි ඕනෙම නැ වගේ.... ඒත් මම ඒවාගෙන් අදුන ගත්තු ගොඩාක් හොද යාලුවොත් ඉන්නවා...

    ඇත්තටම සතු‍ටු වෙන්න පුලුවන් විදිහේ හොද වර්ධනයක් නම් මේ දවස් වල බ්ලොග් ‍ෆිල්ඩ් එකේ තියනවා කියලා මමත් දැක්කා... ගොඩාක් ඒ බ්ලොග් ෆලෝ කරලා සමහර ඒවට මුල්ම කමෙන්ට් එක දාන්න පවා මම වාසනාවන්ත වුනා....

    ස්තුතියි අක්කෝ මාව හොද යාලුවෙක් කර ගත්තු එකට... දිගටම එන්නකෝ පුලුවන් හැම වෙලාවකම

    ReplyDelete
  15. මගේ අයිතිකාරයත් මට මුණ ගැහුනෙ නම් ෆේස් බුක් එකෙන් තමා. ඒයා මෙ බ්ලොග් කෙරුවාවෙ ඉන්න කෙනෙක්ගෙ යාළුවෙක්. මම ඉතින් ෆේස් බුක් මලාට යන කෙනෙක් නෙමේ. කාලයක් ජොබ් එක නැති උන වෙලාවේ කාලය කා දමන්න තමා පොඩ්ඩක් ඔතනට රිංගුවේ. අන්තීමට ඉතින් කසාදයක් වෙන්න තරමට දුර ගිය ආදරයක් අයිති උනා....

    දැන් අපි එන්ගේජ් වෙලා. ලබන අවුරුද්දෙ තරමට වෙඩින් එක. හැබැයි හොඳම දේ කියන්නෙ අපි දෙන්නම දැන් ෆේස් බුක් නෑ. මොකද අපේ ආදරේ හරියට අරන් යන්න නම් අපි ඔතනින් අයින් වෙන්න ඕනෙ කියලා දෙන්නම හිතුවා. ෆේස් බුක් කියන්නෙ හැම තිස්සෙම රිංගන්න හිතෙන තැනක්. ඉතින් ප්‍රශ්ණ ඇති කර ගන්නවට වඩා අයින් වෙලා අපේ ජීවිත ගැන හිතන එක හොඳයි කියලා හිතුනා..

    ReplyDelete
  16. මේවා මහ පුදුම කතානේ. පලවෙනි කතාව නම් ඇහුවමයි. කොහොම උනත් තමන්ගේ හිමිකාරයා කොහෙන් හරි තමන්ට හම්බවෙනවා. ඒක ඉතින් තාක්ෂණයේ බල මහිමයෙන් හරි.

    දෙවෙනි කතාව නම් හරිම සුලබයි. මටත් සමහර වෙලාවට ෆේක් ප්‍රොෆයිල් වලින් එක එක චැට් එනවා. මම ඉතින් වැඩිය චැට් එකට නැති හන්දා යන්තම් ෂේප් වෙනවා.

    ReplyDelete
  17. මචන් දේවා ඔය දෙවැනි විදියේ කතා නම් දැන් එන්න එන්නම් වැඩි වෙනවා.බුකියෙන් වෙච්ච අකරතැබ්බ ගැන ලොකු ලිපියක් තිබ්බ පහුගිය දවස් වල පත්තරේකත්..ආ කියන්නත් බැරි උනා ඔය පළමුවෙනි විදියේ කතාවක් විදියට තමයි මගේ ආදර කතාවත් යන්නේ. :) [ මේ ඔන්න තාම බැදලා නම් නැහැ... :D ]
    100% ම නොවුනට බොහෝ දුරට බුකිය සම්බන්ධ උනා අපි දෙන්නව සෙට් කරන්න.. :) :)

    ReplyDelete
  18. අපි ජීවත්වන යථාර්තයේ සැඟවුනු තවත් සුන්දර කතාවක් ,

    ReplyDelete
  19. දැන් සමාජ ජාල කියන්නෙ පාර තොට එහෙම නැත්නම් ඉස්කොලෙ ටියුශන් ක්ලාස් එක වගේ මිනිස්සු එකිනෙකා හම්බ වෙන තැනක්..එතනදි ඔය ජාති දෙකේම කථා වගේම ඔයිට වෙනස් ඒවත් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි..
    හිතලා බලන්න සමාජ සම්බන්දථා අඩු ස්වභාවයෙන් සමාජ ශීලි නොවෙන අයට සමාජ ජාලයක් කියන්නෙ ජීවත් වෙන්න උපකාරි වෙන දෙයක්,බොරු නමක් බොරු විස්තර දාලා හරි එයාට සමාජ ගතවෙන්න පුලුවන්නෙ :D :D

    ReplyDelete
  20. කෙල්ල______ පැත්තේ... කොල්ලා ______ පැත්තේ....

    කොල්ලාට වයස අවු 19යි... නෙට් කැෆේ එකක තමා වැඩ කරලා තියෙන්නේ... කෙල්ලත් 18 ඉතින් ඔය මොකක් හරි නිතරම අන්තර් ජංජාලේ එක්කම ගැවසෙන ජොබ් එකක් තමා කරලා තියෙන්නේ.... දෙන්නා මුලින්ම ස්ටැට්ස් එකකට කමෙන්ට් කරලා තමා දැකලා තියෙන්නේ.... එක පස්සේ එෆ් බි මැසේජ් එකකට පස්සේ ස්කයිප් කෝල් එකකට ඔහොම ඔහොම ආදරේ ගලාගෙන ගිහින් මොබයිල් එස් එම් එස් , කොල්ස් වලින් තවත් ඒ ආදරේ ස්ථිර වෙලා.... පස්සේ දෙන්නා හම්බ වෙලා...
    ඔකට මදි බඳින කැල්ල විතරයි එකට අපි දෙන්නාම තාම පොඩි!

    ReplyDelete
  21. අපේ අක්ක කෙනෙකුත් ඉන්නව එයා බැංකුවක වැඩ කරේ දැන් ඉන්නෙ ඇමරිකාවේ.එයාට එ අය්යව හම්බවෙලා තිබ්බෙ මුලින්ම ඔන්ලයින්.පස්සෙ කාලයක් කතා බහ කරලා ඒ අය්යගෙ දෙමව්පියන්ට එහෙමත් කියල ජයට මගුලකුත් ගත්තා.එහෙම ඒවත් තියනව,ඒක වෙලාව.
    ඒත් ගොඩක් පරිස්සමෙන්.

    ReplyDelete
  22. හ්ම්.....මන් නම් කසාද බැදපු කතාවක් ඇහුවමයි...අනිත් දේ නම් ඕන තරම් අහල තියනවා....ඇත්තටම අන්තර්ජාලේ නිසා අද මට හොද යාලුවෝ ටිකක් ඉන්නවා....(අනේ දෙව් අයියා..මේ පොස්ට් එක දන වෙලේ මන් ගෙදර...දැන් තමයි දැක්කේ....)

    ReplyDelete
  23. අපේ සමාජෙ වැඩි හරියක්ම කෙල්ලෝ වැරදියි කියන්නත් බෑ කොල්ලෝ වැරදියි කියන්නත් බෑ. මේ දෙගොල්ලන්ගෙම ගල් ආදෝ ඉන්නවා. ඉතින් කරන්න තියෙන්නේ පරිස්සම් වෙන එක.

    ReplyDelete
  24. වැඩබැරිදාසJuly 26, 2011 at 5:17 PM

    ඉස්සර ලියුම් වලින් ගනුදෙනු කලා වගේ සන්නිවේදන මාධ්‍ය පමණයි වෙනස් වෙලා තියෙන්නෙ. හැමදේටම මුල් වෙන්නෙ දෙපැත්තෙ ඉන්න අයගෙ අවංක භාවය විතරයි.

    ඔනෙ නම් දේවට මේ බ්ලොග් එක හරහා කමෙනට් දාන ගැහැණු දැරිවියක් එක්ක යාළු වෙලා විවාහ වෙන්නත් පුලුවන් ඕකට ෆේස් බුක්ම යන්න ඕනි නැත..ගෙ අවංක භාවය විතරයි

    ReplyDelete
  25. දිල් : බලාගෙන යනකොට ඇත්තටම ගොඩාක් දෙනෙකුට මාක් අය්යා උදව් කරලානේ.... ඔන්න අපිටත් වෙඩින් එක කියන්න හොදේ

    ReplyDelete
  26. මධුරංග : ඇත්තමයි අදහගන්න බැරි දේවල් තමා වෙන්නේ ඔය උඩ ඉන්නේ තවත් සාක්ශි..

    ReplyDelete
  27. ChammA : මලා.......... කැම්පස් එකේ ඉදනුත් බුකියෙන්මද බන් අක්කාව සෙට් කරගත්තේ...

    ReplyDelete
  28. Mahesh Nishantha : සුන්දර බවත් එක්කම තියෙන අසුන්දර බව නොතෙරුනොත් මාර විනාශයක් වෙන්නේ නේද අය්යේ

    ReplyDelete
  29. මදුශාන් : ඔයා කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත යාලුවා.... ගොඩාක් අයට ඒක ලොකු උපකාරයක්

    ReplyDelete
  30. Pissi : අනේ මේ මම කිවේ ඔයාගේ ජිවන කතාවමද එතකොට.... අනාගතේ දවසක ඒකත් වෙයිනේ නේද??

    ReplyDelete
  31. නදි : අක්කා ගොඩාක් කාලෙකින්.... ඇත්තටම කරන හැමදේම පරිස්සමින් කරනවානම් දවසක දිනන්න පුලුවන්....

    ReplyDelete
  32. සිතිවිලි නිහඩයි : එහෙම දේවලුත් වෙන්න පුලුවන් නංගෝ....

    ReplyDelete
  33. Batti : ඔයා එක හරියටම තේරුම් අරන් තියන එක ගැන ඇත්තටම සතු‍ටුයි... හැමෝම ඕක හරියට තේරුම් ගත්තානම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ

    ReplyDelete
  34. වැඩ බැරි දාස : අද මේ බ්ලොග් එකට ආව නිසා මම ඔකට මුකුත් කිය්න්නේ නැ... කැමතිනම් මගේ ආදර කතාවේ කොටස් 3ක් දාලා තියනවා... කියවලා බලන්න.. මේකට මගේ යලුවො. බ්ලොග් ලියන අක්කලා නංගිලා උනත් ශාක්ශි දරයි.. දේවා ආදරේ කරන්නේ දේවා ගේ සුදු මැනිකට විතරයි කියලා

    ReplyDelete
  35. දෛවය තමා. පතාගෙන එන කෙනා මොනවා හරි ක්‍ර‍මේකින් මුණගැහෙනවා.හරියට මගේ ආදරේ වගේ.

    ReplyDelete
  36. මලිති : ඔයා කියන කතාව මම 100% ක්ම අනුමත කරනවා.. මොකද මගේ ආදරෙත් ඒ වගේ තමා

    ReplyDelete
  37. ඔව් ඔව් අනිවාරෙන්ම. චූටි චූටි වෙනස්කන් එක්ක මේ කතාවම තියෙන ගොඩක් අය ඇති:)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....