ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 July, 2011

ඕවා ගාන්න එපා කියලා නේද අපි කියලා තියෙන්නේ

අද නම් මම කියන්නේ ඊයේ පෙරේදා දවසක ඇත්තටම උනු පොඩි සිද්දියක්.... ගන්න ආදර්ශෙකුත් න ම් ඒකේ නැ... ඒත් මට හිතුනා ඔයාලත් එක්කත් බෙදා ගන්න... මේක වෙලා තියෙන්නේ ස්කෝලේ 10 වසරේ පොඩි කටකාර කොල්ලෙකුයි...... පාසලේ ගොඩාක් ලොකු තනතුරක් දරන (විනය භාර වගේ) ගුරුවරයෙක් අතරේ තමයි....

ඔයාලා ඉස්කොලේ යන කාලේ ඔයාලට ඔලුවට ඔය ජෙල් , ක්‍රිම් එහෙම ගාගෙන යන්න, සෙන්ට් ඉහගෙන යන්න දෙන්න ඇතිනේ නේද?? අනේ ඒත් දේවා ට නම් එහෙම දිලා නැ..( හොරෙන් ඕවා ගාගෙන ගියෙත් නැ වගේ මට මතක)

කොහොමත් දැන් උනත් මේ පැත්තේ නම් ඔලුවට පොල් තෙල් ගාගෙන තමයි ලමයි ස්කොලේ යන්න ඕනේ.... වෙන අමතර මුකුත් ගාගෙන යන්නේ නැ... ඒත් මට මතකයි ඒ කාලේ අපේ පන්තියේ සමහර ලමයි නිවාඩුවක් ඉවර වෙලා ස්කොලෙට එන පලවෙනි දවස් 2 ,3 සපත්තු පොලිශ් , මොටර් සයිකල් සයිලන්සර් වල කලු කුඩු වගේ දේවලුත් ඔලුවේ ගාගෙන ආවා... නිවාඩු  කාලේ කපපු කට් එක තාම ශේප් වෙලා නැත්නම් තමයි ඒ..

කොහොමහරි තාම ගාන්න ඕනේ පොල් තෙල් නේ..
පොල්තෙල් ගාලත් සමහර අය එක එක විකර ක්‍රම වලට කොන්ඩේ පිරනවනේ... එහෙම තමා මේ කියන ඩයල් එකත්.....

කොහොමහරි ගෙට්‍ටුවෙන් ඇතුල් වෙනකොටම විනය භාර සර් ට මාට්‍ටු වෙලා.....

මැන් අහලා මොනවද ඔය ඔලුවේ ගාලා තියෙන්නේ...

සර් කොකනට් ඔයිල් කියලා කොල්ල්ලා කියලා

මොනවද අය්සේ ඔය විකාර ගාන්නේ...  ඕවා  ගාන්න එපා කියලා නේද අපි කියලා තියෙන්නේ ඕවා ගාපුවහම කොන්ඩෙට මොකද වෙන්නේ කියලා තමුසෙලට තෙරෙන්නේ නැනේ....

ඔහොම දනගහගන්නවා කියලා ලමයෙකුට වතුර එකක් ගෙන්න කිවලු මේක හොදලා දාන්න...

කොහොමහරි මේ විනය භාර සර් ට කොකනට් ඔයිල් කියන්නේ පොල් තෙල් කියන එක එක පාර මිටර් වෙලා නැ... ඔතනින් ගිය තව ගුරුවරයෙකුත් ඔතනට ඇවිත් තමා ඔය කෙස් එක තෙරු අරන් වැඩේ ශෙප් කරලා තියෙන්නේ....

එත් ගුරුන්ටත් අකුරු වරදි කියනවානේ.... මේ දවස් වල ඔය සර් යන පැත්තේ කොකනට් ඔයිල් කියලා හැම වෙලෙම කියවෙනවාලු...

(කතාවේ රසයක් නැතුව ඇති..ඒත් ඕක ඇත්ත කතාවක්ලු... ඔන්න ෆලෝ කරලා නැති අය ෆලෝ කරලා එහෙම යන්නකෝ )

29 comments:

  1. කතාවේ රසයක් නෑ කියලා කියන්නේ කොහොමද !!!! නියම කතාවක් නේ.
    සමහර වෙලාවට එකපාරටම ඔහොම දේවල් සිද්ද වෙනවා.
    මාත් ඉස්සර ඉදන්ම පොල් ජෙල් තමයි ගාන්නේ. අනිත් ජෙල් ගාන්නේ නෑ. කුඩු හැලෙනවානේ. දවස ගානේ නාන්න වෙනවා. එහෙම නාන්න බෑනේ :)

    ReplyDelete
  2. අපි යන ස්කොලේත් ඔහොම අය ඉන්නවා සමහරුන්ට ඉන්ගිරිසි වචනයක් කියුවාම වෙවුලනවා

    ReplyDelete
  3. කැත බයිට, එල සීන් එක හැබැයි.
    ජය වේවා ඔය වගේ සීනුත් ලියන්න, අපි ඉන්නවා කියවන්න ;)

    ReplyDelete
  4. ඇයි මේ හැමතැනම ෆලෝ කර කර යන්න කියල වැදවටෙන්නේ. එහෙම කරන්න ඕනෑකමක් නෑ ඔයා වැදගත් හරවත් ලිපි ලියනවනං. ඔයා එහෙම කරනවා කියන්නේ ඔයා ඔයාවම පහලට දාගන්නවා කියන එක. පොඩි උපදෙසක් විතරයි මේක. භාරගන්නවද නැද්ද කියන එක ඔයාට අයිති වැඩක.

    ReplyDelete
  5. අපෝ කොකනට් පටල ගන්න අය ඕන තරම්.. මම නම් අපේ සීයට බය නෑ. එ උනාට බාප්පගේ පැටව් ලඟට අඬගහගෙන කකුල් දෙක අස්සෙ ගහගෙන තෙල් වලට තෙල් දාලා චක චක් ගාලා තලල පොඩි මසාජ් එකකුත් දාලා යවන්නෙ.

    ReplyDelete
  6. මේක වුනේ උඹට නේද...? කතාවේ රසයක් නෑ කියලා බොරුවට කතාව යට ගහන්න හදනවා...

    ReplyDelete
  7. ඔය කාලෙට ඕවා කරන්නෙ නැත්නම් වැඩක් නෑ තමයි. ඒත් ඉතින් අපේ දිසාපාමොක්ලට ඕවා තේරෙන්නෙ නෑනොවැ.

    ReplyDelete
  8. රස නැති දෙයක් උනත් ..ඔය රහට ලියලා තියෙන්නේ...මල්ලි.

    ReplyDelete
  9. මධුරංග : මල්ලි ටික කාලේකට පස්සේ ඔන්න ඇවිත් තියෙන්නේ..... මම හිතුවා අපිත් එක්ක තරහ වෙලා වත් ද කියලා................

    ReplyDelete
  10. රෙස්ලින් : ඒකට වැරද්ද අපේ රටේ උගන්වන විදිහමද????

    ReplyDelete
  11. මලියා : තැන්කු කීවා ඔන්න... එත් ඉතින් පාටියකට සෙට් වෙනකොට අපිවත් මතක තියගන්නකෝ

    ReplyDelete
  12. ඇනෝ : මේක නම් මගේ බ්ලොග් එක .. ඒකේ ලියන්නේ මට හිතෙන දේනේ.... ඔයාටත් ඉතින් ජන්මයක් වත් නැ වගෙනේ... කෙලින් නමකින් එන්නකෝ.....
    කොහොමත් උපදෙසෙට ස්තුතියි

    ReplyDelete
  13. මාතලන් : අනේ කියපු දේ මට කියපු දෙයක් නෙමේද මන්දා....

    ReplyDelete
  14. danulatb : මේකට හිනහත් යනවද අනේ

    ReplyDelete
  15. prasanna86k : ඔන්න කිවා කතාවක්.... මම ගිය කාලේ මට පොඩි බැජ් එකක් තිබුනනේ...මට විතරයි එක තිබුනේ.... ඕවා තහනම් හොදේ ඒ කාලේ

    ReplyDelete
  16. රාජ් : ඔන්න සාධරයෙන් පිලිගන්නවා//// සහතික ඇත්ත

    ReplyDelete
  17. නිල් අහස : ස්තුතියි අය්යේ

    ReplyDelete
  18. අඩේ මරු වැඩක් තමය් .....

    ReplyDelete
  19. ත‍ටු සිදුන සමනලි : ඔන්න එහෙමද ඔයා යන ස්කෝලෙත්.............

    ReplyDelete
  20. රහ නැතුව මොකෝ අයිබොවං . අධික රසයත් තිත්තක් කියනවා නොවැ . එහෙව් එකේ මේක පංකාදුයි . ඉස්කෝලේ කතා කියද්දී අවුරුදු දහයක් පහලවක් ආයෙමත් ආපස්සට අඩිය තියන්න ඇත්නං කියලා හිතෙනවා . දැං ඉතිං මොනවා කරන්නද . නේද . . .

    ReplyDelete
  21. හපොය් නැතුව තැතුව අය්ය....උදේට ප්‍රින්සිපල් මැඩම්ගෙ වැඩේ තමය් එක එක්කෙනාගෙ ඔලු සොදන එක...... :D :D :D

    ReplyDelete
  22. සුශාන් : එක නම් එහෙම තමා ඒ කාලේ බලාන ඉන්නේ කවදද ලොකු මිනිහෙක් වෙන්නෙ කියලා.... ලොකු උනහම හිතෙන්නේ පොඩි කාලේ උන්නානම් කොයි තරම් හොදද කියලා... එත් ඕවා තෙරෙන්නේ නැනේ ඒ කාලේ

    ReplyDelete
  23. ත‍ටු සිදුන සමනලි : එ කියන්නේ ඔයාලගේ මැඩමුත් කොකනට් ඔයිල් කියන එකේ තෙරුම දන්නේ නැද්ද නංගෝ

    ReplyDelete
  24. එහෙම දෙයක් නෑ..

    ReplyDelete
  25. ත‍ටු සිදුන සමනලි : එක කියලා තියෙන්නේ නිකන් තරහෙන් වගේ.... මොකෝ මැඩම්ට එහෙම කියනකොට දුක හිතෙනවනේ නේද????

    ReplyDelete
  26. මට පරණ ලිපි වගයක් මිස් වෙලා වගේ !!!! ඉක්මනටම ඒ ටිකත් කියවලා එන්නම් !!!!

    ReplyDelete
  27. මධුරංග : ඔන්න වටිනා කියන මිනිස්සු.... තැන්ක්ස් යාලුවා

    ReplyDelete
  28. නියමයිනෙ ඔන්න කතා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....