ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 July, 2011

21 වෙනි සියවසට 18,19 සියවසෙන් කැම වට්ටොරුවක්

මේ ලොකේ හැමෝම නැතත් ලංකාවේ ගොඩාක් දෙනෙක් හදා ගෙන රස විදින්න ඕන කැමක් තමයි මේ පොස්ට් එකෙන් කියන්නේ..මේක ඇත්තටම මිට අවුරුදු සිය ගානකට කලින් අපේ රටේ ජිවත් උනු ගොඩාක් දෙනක් රස විදපු වටින කැමක්....

දැන් දේවා කොකියෙක් වෙලා ද කියලා ඔයාලා බලන්න එපා.... මොකද මේක ඔයාලා ගොඩාක් දෙනක් දැන ගන්න ඕන දෙයක්... ගොඩාක් අමාරු නැතත් හදා ගෙනම රස බලන්න ඕන දෙයක් නිසා එක හදන්නේ කොහොමද කියලා බලන්න...

හැබැයි මේ කැම වට්ටොරුව පැරණි පුස්කොල පොත් වලවත්... කාන්තා වන් සදහා වෙන් වෙච්ච ඔය පත්තරවලවත් මම දැකලා නැ (දැන් අහන්න එපා එහෙම පත්තර වල තියනවද නැද්ද කියලා කොහොමද දේවා දන්නේ කියලා...

ම්හ්............ කතා ඇති... දැන් එන්නකෝ කට්ටියම කැම හදන හැටි ඉගන ගන්න....

ඔයාලා ලග කොලයක් පැනක් එහෙම තියනවා නම් ලගට ගන්නකෝ මම මේ කියන ඒවා ලියා ගන්න
(ඒ ඉස්සරනේ දැන් ඕනෙම නම් මේකට බුක් මාර්ක් එකක් වත් දා ගන්නකෝ..)

අවශ්‍යය ද්‍රව්‍ය

ආදරය කොප්ප දෙකක්
නිහතමානිකම මේස හැදි දෙකක්
බැගැපත් බව තේ හැන්දක්
අවංක කම හැකි පමණ
අවිහිංසක කම උපරිමව
කරුනාව , දයාව , පරිත්‍යාගය , සෙනහස . ආදිය.....
ලංකාවේ ජිවත් වෙන ඔබ
සාධන ක්‍රමය

පලමුව සපයා ගත් ඔබ ව ආදරය කොප්ප භාගයක් යොදා ගනිමින් ඊර්ෂාව . වයිරය ඉවත් වෙන තුරු හොදින් සොදා ගන්න

සොදා ගත් ඔබ ට බැගැපත් බවේ තේ හැදි බාගයක් පමන යොදා අවංක කම ඊට මිශ්‍ර කර ගන්න....

කරුනා ගින්නෙන් දයාව යොදා ගනිමින් මදක් රත් පැහැ වෙනතුරු ඔබව බැද ගන්න

පරිත්‍යාගය , අවිහිසාව යොදා ගනිමින් එයට අවශ්‍යය තුන පහ යොදා අවශ්‍ය පමන යොදන්න...

නිහතමානිකම යොදා ගනිමින් එය අලංකාර කරගන්න....

ඔව්... අපට ලැබි ඇති කාලය දැන් අවසන් විමට ආසන්න බැවින් අප මේ කලින් (මිට වසර 200 කට පමණ පෙර ලංකාවේ ජිවත් වු ) සාදා ගත් කැම රස විදිමු...

මේ පිලිබද ගැටලුවක් වෙතොත් අප  අමතන්න...

ප.ලි : සමාවෙන්න අපට දැන් ලැබුන විශේශ පුවතක් සදහා ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා

මීට සුලු මොහොතකට පෙර ?????? රුපවාහිනි නාලිකාවේ විකාශය වු කැම වට්ටොරුව සාදා ගැනිමට බොහෝ කාන්තාවන් පිරිසක් ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා වෙළද සැලවල් කිපයක් වෙත ඇතුලු විමට උත්සහ ගැනිම නිසා නගර ගනනාවක්  තුල කඩ සාප්පු හා මාර්ගය දැඩි තද බදයක් ඇතිවි හෙයින් ඒ සදහා වික්ල්ප මාර්ග භාවිතා කරන්න

1 comment:

  1. අම්මට කියලා හහෝගෙනම කන්න ඕනා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....