ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 July, 2011

සදාදර පියානනි....... ( මා ‍රැගෙන ගියා ඔබ අතිතයට )

මේක වෙනස් ම ආකාරයේ ලිපියක් මේකට ඔයාලගේ කමෙන්ට් වැටෙනවා නම් ඇත්තටම ඒවාගේ අයිතිය මගේ සුදු මැනික ට තමයි.... මිට අවුරුදු කිහිපයකට කලින් එයාගේ අතින් ලියවුනු මේ නිසදැස මගේ හිතට එකතු කලේ ඇත්තටම අමුතු හැගිමක්.....

මේක ඒ දවස් වල හිතට දැනුන හැගිමක් ඒ විදිහටම ලියන්න ගත්තු උත්සහයක් වගේම අද රටට සාමය උදා වෙලා හිතේ බයකින් තොරව එහා මෙහා යන්න පුලුවන් කම තිබුනත් මේක ලියවෙන කොට එහෙම හැගිමක් හිත් කොනකවත් තිබුනේ නැති යුගයක්....
නාවික සෙබලෙක් විදිහට රාජකාරි කරපු පියානන් ගැන හිතේ මැවුන ඒ හැගිම් අද මම මෙහෙම සයිබර් අවකාශයට මුසු කරන්නේ... මගේ හිතට ගොඩාක් දැනුනු හැගිමක් ඇතිවෙන විදිහට පද පේලි මැවෙන නිසා....

කියවන ඔයාලට බාරයි මේ ගැන මුකුත් කියනවද නැද්ද කියන එක ඒත් මේ පංතිය මට නම් සුපර්

නෙතු දැල අග ‍රැදුනු.....
කදුලු කැට වියලන්න....
සිත් යාය ප්‍රබෝ කරන...
ඔබේ රුව දැක ගන්න...
ඉදිකඩුල්ල ලගටම වි..
බලා හිදිමි ආදරයෙන්...
සදාදර පියානනි........
තුරුලු කරගත් ගිනි අවිය
දයාබර ඔබේ පපු තුරුලට....
විසිකර දමා එය
ඔය පේන මහ මුහුදට....
දිව එන්න පියානනි
අවසන් වු විගස
කුරිරු වු යුද්දය....
බලා හිදිමි ආදරයෙන්
වැලද ගන්නට ඔබේ ගෙල...
සත්තමයි !.......
පුලුවනි ඉන්නට..
නෙතු නොපියාම
සිටි නම් ඔබ මා ළගම
මුළු ‍රැ පුරාවට...


හිතට දැනෙන හැමදේම කියලා යන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා...

යුද්දය නිමා වෙලත් මෙවන් හිත් හිත් ආකශ කොතෙක් නම් තිබෙන්න ඇතිද එදවස මේ ලක්මැණියන්ගේ තුරුලේ...

සුදු මැණික ඔබේ මේ වදන් පෙල මගේ ජිවිතේ මම අහපු සංවේදිම නිසදැසයි....
හදවතින්ම පුදනෙමි මගේ උත්තමාචාරය ඔබ වෙනුවෙන්

16 comments:

  1. මෙන්න පුටුවෙන් නැගිට්ටා....
    පියාණනි ඔබට මගේ ආචාරය.....

    ReplyDelete
  2. රත්ගමයා : ඔන්න ඉතින් ඔයගේ කමෙන්ට් එක සාදරයෙන් පිලිගන්නවා.... ස්තුතියි නිතරම මේ පැත්තේ ඇවිත් යනවට

    ReplyDelete
  3. පියෙක්ගේ සංවේදී බැඳිම් ගැන මටත් ඇත්තේ මේ වැනිම අත්දැකීමක් , මගේ ජීවිතයේ වීරයා වන්නෙත් Role model එක වන්නෙත් මගේ තාත්තා , එවන් වූ පියෙක් ගැන ඔබේ සංවේදී පද වැල මගේ සිතත් නැවත සසළ කළේ උතුම් පීතෘ ප්‍රේමයේ සුවඳ උණුසුම නැවත හගවතට මුසු කරමින් ...

    ReplyDelete
  4. Mahesh Nishantha : ඇත්තටම නිශාන්ත අය්යේ ජිවිතේ අපට ගොඩාක් වටින ගොඩාක් ආදරේ කරන කෙනෙක් තමා අපේ පියානන්.... ගොඩාක් ස්තුතියි මේ පැත්තේ එනවට නිතරම

    ReplyDelete
  5. නිර්මාණශීලීත්වය නම් උපරිමයි...කෙටියෙන් කිව්වොත් හිතට වැදෙන්නම තියෙනවා

    ReplyDelete
  6. හිතට වදින නිසදැසක් අයියා.... මරු...

    ReplyDelete
  7. ලස්සන පද පෙළක්.....යුද්දෙට ගිය තාත්ත කෙනෙක් එනකම් බලන් ඉන්න හැම දරුවෙක්ගේම එකම පැතුම වෙන්න ඇත්තේ ඕක තමා

    ReplyDelete
  8. Gimhani

    දේවා,,
    මගේ ජීවිත කාලය තුල මට මගේ පියා තරම් සෙනෙහස දැක්වූ
    කිසිම පිරිමියෙකු මට හමුවී නෑත. හමු වන්නේද නත.
    සියලුම පියවරුන් ආදරෙන් සිහිපත් කරමු.

    ReplyDelete
  9. ChammaA : ඔන්න යාලු...කාලෙකට පස්සේ නේද මේ පැත්තේ ආවේ.... මමත් හිතනවා ඔයා කිවේ ඇත්ත කියලා

    ReplyDelete
  10. Red Sea : යාලුවාගේ පලමු පැමිනිම මම හිතන්නේ.... ඔන්න සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්

    ReplyDelete
  11. සුපර් මාරියෝ : තැන්කු තැන්කු මල්ලියෝ

    ReplyDelete
  12. සිතුවිලි නිහඩයි : අනිවා අක්කේ... මම හිතනවා එහෙම

    ReplyDelete
  13. ගිම්හානි : ඔන්න මමත් ඔයත් එක්ක ඒ පැතුමට එකතු වෙනවා

    ReplyDelete
  14. සුදු මැණිකේ අක්කගේ දේවා අයියගේ පියානණ්ට වගේම ජාතියේ පියවරුන්ට මගේ ප්‍රණාමය !!!!
    මම හිස නමා මගේ උත්තමාචාරය පුද කර සිටිමි !!!!

    පීතු පාදං නමා මහං !!!!!

    ReplyDelete
  15. මධුරංග : ගොඩාක් ස්තුතියි යාලුවා... ඔයාගේ කමෙන්ට් ටික උනත් ගොඩාක් හිතට වදිනවා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....