ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

22 July, 2011

ජිවිතේ කරදරයක්ද? මෙන්න මගේ විසදුම

ඉතින් අදත් හිතුනා පොඩ්ඩක් කතා කරන්න.... මේ දවස් ටිකේ මමත් පොඩි පොඩි ප්‍රශ්න වගයකට හිර වෙලා උන්න නිසා හරියට බ්ලොග් එක පැත්තෙත් එන්න ලැබුනේ නම් නැ.... එත් දාපු හැම කමෙන්ට් එකකටම මම රිප්ල්යි නම් කලා ඔන්න....

ඉතින් අද කතාව කියන්න පටන් ගන්නම්කෝ... කලින්ම කියන්න ඕනා මේක ජොක් එකක්වත් හිනා වෙන්නවත් පුලුවන් කතාවකුත් නෙමේ... පොඩ්ඩක් සිරියස් කතාවක්....

කතාව පටන් ගන්න කලින් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා...

ඔයාලගේ ජිවිතේට කරදර එනවද???

ඔයාලා එක එක උත්තර හිතයි.... අම්මෝ කරදර නැත්තේ මොන ජිවිතයටද? ගෙවෙන හැම වෙලාවකම කරදරමනේ එන්නේ කියලා කියන්නත් හිතෙයි....
එහෙමත් නැත්නම් ඔයාලා කියයි අපෝ කොහෙද අපේ ජිවිතේට කරදර කියලා... අනේ එහෙම කියනවානම් ඔයා ගොඩාක් වාසනාවන්තයි.. මේ ලිපිය නොකියව්වත් කමක් නැ එහෙම හිතන්න පුලුවන්නම්

එත් ඇත්තටම හිතලා බැලුවොත් අපේ ජිවිතේට එන තරමක් එන්නේ කරදරමයි... ඒකනේ කියන්නේ කරදර හරියට පරිප්පු නැති හොටලයක් වගේ කියලා... (පරිප්පු නැති හොටල් තියනවානම් අදාල නොවේ)

තවත් කතාවක් තියනවා මේ ලොකේ කරදර නැති ජිවිතයක් තියෙන්නේ දෙන්නෙකුට විතරයි කියලා.... එක්කෙනෙක් මිය ගිහින්ලු... අනිත් කෙනා තවම ඉපදිලා නැහැලු...

ශේෂ්ඨත්වයෙන් අග තැන්පත් අප සම්මා සම්බුදු හිමියන්ටත් ඒ කාලේ කරදර තිබුනලු.... ඒකනේ පන්සලේ හමුදුරුවෝ බනට කියන්නේ මේ කරදර වලින් සදහටම නිදහස් වෙන්න නම් නිවන් දකින්න ඕනා කියලා.... එත් තවම නම් මට එහෙම හිතිලා නැනේ...

ඇත්තටම කරදර නැති කවුරුවත්ම නැ..... ඔබාමාටත් මේ දවස් වල හරියට කරදරලු....

අපි පුන්චි කාලේ අපිට අම්මාගෙන් කරදරේ බත් කන්න කියලා.... පස්සේ ලොකු මිනිහෙක් වෙලා බත් කන්න සල්ලි හොයන්න කරදර වෙනවා....

ජිවිතේ කියන්නේ එකට තමා..

ගොඩාක් දෙනෙක් ට කරදරයක් වෙන දෙයක් තවත් සමහර අයට කරදරයක් වෙන්නේ නැ....

සමහරුන්ට ආදරේ වෙලාවකට වදයක්... තවත් සමහර අයට බාහිර ලොකෙත් එක්ක ගැටිලා ගැටිලා ආදරේ ලගට එන එක තරම් වටින වෙන සම්පතක් නැ...

පොඩි කාලේ මට අපේ අම්මා හැම තැනම අවිදින්න යන්න දුන්නේ නැ.... සෙල්ලම්, කරනවා නම් ගෙදර කොහොම හරි යනවානම් ඒ කොහේ ගියත් 6.00 වෙනකොට ගෙදර ඉන්න ඕනා.... ඒ දේවල් කියන්න සැර නොවුනත් ඒ දවස් වල අනිත් අය නිදහසේ රවුම් ගහනකොට මට අම්මාව කරදරයක් කියලා දැනුන වාර ගාන අනන්තයි.... ඒත් එහෙම රවුම් ගහපු අය වැලේ වැල් නැතුව ඉන්නවා දකිනකොට අම්මා එහෙම නොකලානම් අපිටත් එහෙම නේද කියලා දැනෙනකොට ඒ දවස් වල මොනවද හිතලා තියෙන්නේ කියලා හිතෙනවා..

එක හින්දා අපි කරදරයක් කියලා හිතන දේවල් ගැන දෙපාරක් හිතන්නම වෙනවා..ඇත්තටම ඒක කරදරයක්ද කියලා.... නැත්නම් පසු තැවෙන්න වෙන්න පුලුවන් දවසක...

මෙහෙම හිතන්නකෝ.... වහින එක ඔයාට කරදරයක් ද??? කරදරයක් නම් ඔයාට හොදට පායන එක කරදරයක් වෙන්න බැනේ.... ඒත් ඔයාට ඒක කරදරයක් නෙමේද???

ජිවිතේ අපි කරදරයක් කියලා හිතන සමහර දේවල් අපිට වටිනම ඕන කරනම දෙයක් වෙන්නත් පුලුවන්... හැම දේම ගැන දෙපාරක් හිතන්න....

දැන් ඔයාලා අහයිද මගෙන් එතකොට අපිට කරදර කියලා දෙයක් ඇත්තෙම නැද්ද මෙහෙම කියන්නේ කියලා.... නැ මම එහෙම කියන්නේ නැ... අපේ ජිවිත වලින් බාගයකට වඩ අපිට මුහුන දෙන්න්න වෙන්නේ අපිට වෙන කරදර වලට උත්තර හොයන්න....

සමහර අයට ජිව්ත් වෙන එක ප්‍රශ්නයක්, තවත් සමහර අයට කන බොන එක ප්‍රශ්නයක්, තවත් සමහරුන්ට රස්සාව ප්‍රශ්නයක්, තවත් සමහර අයට ආදරය ප්‍රශ්නයක්, තවත් අයට තව එක එක ප්‍රශ්න....

ඔවා ඔක්කොට උත්තර වෙන කවුරුවත් හොයලා දෙන්නෙත් නැ... මේ ජිවිතේ ප්‍රශ්න කියලා වෙන තැනක ඉපදෙන එකත් අපිට කරන්න බැ..... කරන්න තියෙන්නේ බුද්ධිමත්ව ඒ ප්‍රශ්න, කරදර වලට මුහුන දෙන එක තමයි

ගොඩාක් අය ආදරේ සම්බන්ද ප්‍රශ්න වලදි ඒක විසද ගන්න අනියම් ඇසුරකට ලන් වෙනවා.... එත් අන්තිමේ ඒකත් කරදරයක් වෙනවා, ප්‍රශ්නයක් වෙනවා, තවත් සමහරු බාර් එකට රින්ගනවා... එත් එතනිනුත් කරදර ඉවර වෙයිද??/ නැ කවදාවත් එහෙම වෙන්නේ නම් නැ...

මම පන්ඩිතයා වෙන්න හදනවා නෙමේ මේක මම මිට අවුරුදු 5,6කට විතර කලින් කියවපු පොතක තිබූනු මට ප්‍රශ්නයක් ආපු වෙලාවක කරන දෙයක් කියන්නම්. කැමතිනම් ඔයාලත් කරලා බලන්න..

මම කොච්චර කරදර ආවත් අවුල් වෙන්නේ නැ කියලා හිතාගෙන ජිවත් උන චරිතයක්. එත් කරදරයක් ආවහම දරා ගන්න බැරි විදිහට හිත කඩා වැටෙන චරිතයක්, සමහර ප්‍රශ්න නිසා මම මගේ ඔලුව බිත්තියේ ගහගෙන ඇති ගෙඩි ගැහෙනකන් (ඒවා කරන්න නෙමේ කියන්නේ) මැරෙන්න හිතිලා ඇති අනන්තවත්,
එත් මේ දේ මට ගොඩාක් ඒ කරදර වලින් අත් මිදෙන්න ශක්තියක් වුන නිසා කියන්නම්කෝ....

ප්‍රශ්නයක් ආව ගමන් මම කරන්නේ ඒකෙ වැරද්ද හිතින් මම පිලි ගන්නවා.... ඊට පස්සේ මම හිතන්නේ ඒ වැරද්ද නිසා මට වෙන්න පුලුවන් ලොකුම පාඩුව ගැන.. එක හිතුවට පස්සේ මම ඒ පාඩුව විදින්න හිත හදා ගන්නවා.... එතකොට මට නැති වෙන්න දෙයක් නැනේ... උපරිමයෙන්ම නැතිවෙන්න තියන දේ නැති වෙලා කියලා හිත පිලි අරගෙනනේ..... ඔන්න ඊට පස්සේ ඒ නැති වෙන්න තියන දේ නැති නොවි තියා ගන්න කරන්න පුලුවන් හැම දේම කරනවා...

දෙයක් තියනකොටනේ මුකුත් කරන්න අමාරු.. ඒත් හිතන්නකෝ ඔයාලා ලග මුකුත්ම නැ.. ඉතින් මොනවා හරි දෙයක් කරලා මුකුත් නැති ඔයාලා අබ ඇටයක තරම් දෙයක් හරි ඔයාලගේ කරගත්තොත් ඒක ඔයාලටමනේ....

පොඩි උදාහරනයකින්ම කියන්නකෝ... ඔයාලා බිස්නස් එකක් කරනවා... එක ඩිල් එකකින් ඔයාලට ලොකු පාඩුවක් වෙනවා.... ඔයාලා නැති වෙන්නම වැටෙනවා..... දැන් ඔයාලට මේක ප්‍රශ්නයක්නේ... මොකද කරන්නේ..
මේක කල්පනා කර කර ඉන්නවද??

පොඩ්ඩක් මම කිව ක්‍රමේ දාලා බලන්නකෝ..

ඔයාලා ඒ පාඩුව විදින්න හිත හදා ගන්නවා.... එතකොට ඔයාලට වෙන ප්‍රශ්නයක් තියනවද???? නැනේ මොකද වෙන්න පුලුවන් උපරිම දේට හිත හදාගෙන... දැන් ඉතින් ඔයාලා දන්න ඕන බිස්නස් ටික්ස් එකක් දාලා ඒ පාඩුව අවම කරගන්න පුලුවන් හැමදේම කරනවානේ... එතකොට ඒ අඩුවෙන පාඩුවේ වාසිය කාටද ඔයාලටමනේ....

ඉතින් හැමදේම නැති වෙනවට වඩා ඒක හොද නැද්ද??????

හැම ප්‍රශ්නයකටම ඔය ක්‍රමේ ගැලපෙනවා නේ බිස්නස් වලට විතරක් නෙමේ

34 comments:

  1. කරදර නැති ජිවිතයක් තියනවනම් කොච්චර හොදද??

    ReplyDelete
  2. ඔය අන්තිමට කිව්ව සිස්ටම් එකට කියන්නෙ විලියම් කැරියර්ගෙ මැජික් ෆොමියුලා එක කියල..... සෑහෙන වැඩක් ගන්න පුලුවන් ඕක අනුගමනය කරන්න පුළුවන්නම්... හොඳ ලිපියක් සහෝදරය...

    ReplyDelete
  3. Ruka : මම මේ කිවේ එහෙම ජිවිතයක් හදාගන්න කරන්න පුලුවන් පොඩි ක්‍රමයක් තමා යාලුවා

    ReplyDelete
  4. සාතන් : සාතන් අය්යා හරි වෙන්න ඕනා... මම ඕක කියෙව්වා වගේ මතක ඩේල් කානගි ගේ හව් ‍ටු ස්ටොප් වොනින් ඇන්ඩ් ස්ටාට් ලිවින් කියන පොතේ පරිවර්තනයකින් වගේ මතක... ඇත්තටම මට ගොඩාක් තැන් වලදි ඕක උදව් වෙලා තියනවා.....

    ReplyDelete
  5. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හැමෙ දේම එන විදියට මුහුණ දුන්නා නම් හරි :)

    ReplyDelete
  6. ඉන්න ටිකේ ඉමුකො ප්‍රියේ ජොලිය දමාලා.. මම ඔය මෙතඩ් ගැන නම දන්නෙ නෑ.. හැබයි මට වෙච්ච ඒවා වෙන එකෙකුට උනානම් වෙන තැනක ඉපදිලත් බොහෝ කල්.. ඒත් මේ ඉන්නෙ ආතල් එකේ.. ජීවීතේ සුන්දරද මෙතරම්..

    ReplyDelete
  7. good post machan karadre nethee katadaa

    ReplyDelete
  8. ලිපිය වැදගත්.
    තවත් එකක්, දැනට අපට ජීවිතේ එපාවෙන ප්‍රශ්න, ඒ කියන්නෙ දිවිනසාගන්න වුනත් හිතෙන මට්ටමේ ඒවා තව කාලයක් යනකොට සුන්දර අත්දැකීම් බවට පත් වෙනවා.උදාහරණයක් විදියට ඉස්කෝලෙ යන කාලෙ ඇතිවෙන සමහර ඔලුවට වධදීපු ප්‍රශ්න ඒකාලෙ මාරම ප්‍රශ්න වුනාට පස්සෙ කාලෙ ඒවා මතක් වෙනකොටත් හිනා යනවා.ගොඩක් ප්‍රශ්න, ප්‍රශ්න වෙන්නෙ වර්ථමාන කාලෙට විතරයි.මෙකක් හරි රෝලක් ගහල ඒකෙන් ගොඩ ගියොත් (වාසි හෝ අවාසි අතැතිව) ඊටපස්සෙ ඒවා මතක් වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  9. මට නම් කරදර කියන ඒවා නැති වෙලාවක් හොයාගන්න බැරි තරම්. ඒත් මම කරන්නේ ඒවා අමතක කරලා ඔහේ ජීවත් වෙනවා. එහෙම කරාම ලේසියි. නමුත් 100%ක්ම අමතක කරලා නම් ඉන්න බෑ.

    ඉස්සර කැම්පස් එකේ ඉන්න දවස්වලට නම් විභාග ප්‍රශ්නයි පාඩම් කරන එකේ ප්‍රශ්නයි. මුකුත් තේරුම් ගන්න බැරි වෙන එකේ ප්‍රශ්නයි තියෙනවා. එහෙම උනාම මම කරන්නේ කෙලින්ම අම්මව අමතන එක. අම්මා ඒ ප්‍රශ්න ඔක්කොම විසදලා ආයෙත් කඩා වැටුන හිත තිබුන තත්ත්වෙට පත් කරලා දෙනවා. ඒත් අම්මා නැති කාලෙක...... අම්මෝ මම නම් ඒක ගැන හිතන්නවත් කැමති නෑ.

    සමහර ප්‍රශ්න තනියම විසදගන්න අමාරුයි. එහෙම උනාම තමන්ට ආදරේ කරන කෙනෙක් තමන්ගේ ලඟම ඉන්නවනම් ඒක කොච්චර හොදයි ද ? එහෙම උනාම තමයි ආදරවන්තියකගේ අඩුවක් දැනෙන්නේ. සදරුට (දේවාට) නම් එහෙම අඩුවක් නෑ නේ. ඔයැයිගේ මැණික ඉන්නවනේ. උබ මාර වාසනාවන්තයෙක් !!!!!

    ඔන්න මට හිතුන දේවල් ටික ඔහේ කොටලා දැම්මා. පිලිවෙලකට ගලපන්න නම් ගියේ නෑ. වැරදි හෝ හැදෙන්න මොනාහරි කියන්න තියෙනවනම් පහලින් මට කමෙන්ට් කරන්න.

    ප.ලි.- බ්ලොග් ආර්කයිව් විජට්ටුව දාලා දෙන්න බැරිද ? මට පරණ පෝස්ට් වලට යන්න ඒක ගොඩක්ම ලේසියි !!! :)

    ReplyDelete
  10. හප්පා කරදර..කතා කොරලා වැඩක් නැහැ.මම නම් ඕවා ගැන වැඩිය හිතන්නෙ නැහැ

    ReplyDelete
  11. දුක් කරදර නැතිව සතුට විතරක්ම තිබ්බ නම ජිවිතේ රසයක් නැති වෙනවනේ..ඒ නිසා හැම දේම වෙන්නේ හොදට කියලා හිතාගෙන ජිවීතෙට මුහුණ දෙන ඒක තමයි හොදම දේ

    ReplyDelete
  12. මම හිතන්නේ, මමත්.. ඔය තියරියම තමයි අනුගමනය කරන්නේ.

    මම පොඩ් පගේ බිස්නස් එකක් කරන කෙනෙක් නේ.
    ඉස්සරම මොන විදිහක හරි පාඩුවක් උනොත්, මම මාර විදිහට කඩන් වැ‍ටෙනවා. ස්ට්‍රෙස් එකත් වැඩි වෙලා, හරියට කේන්ති යනවා...වැඩ කරන අයගෙත් හිත රිදුනා... මම තදින් කතා කරාම. ඒ වගේම... අනිත් වැඩ ටික හරියට කර ගන්නත් බෑ ..එතකොට.

    මම කල්පනා කලා මෙහෙම ගියෙත් මම ලෙඩ වෙයි කියලා.
    ඇත්තටම ...මමම කල්පනා කරලා තමයි..ඔය විදිහට හිතලා ..හිත හදාගෙන ..සැහැල්ලුවෙන් ප්‍රශ්න දිහා බලන්න පුරුදු උනේ.

    හැම වෙලාවෙම මේ විදිහට හිතලා ජීවත් වෙන්න අමාරු උනත්...පුලුවන් තරම් උත්සාහ කරනවා.

    ReplyDelete
  13. සතුටුයි ඔයා මම දීපු අවවාදයක් පිලිගත්තට. බලන්න දැන් ඔයාට කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න කියා කියා ඉල්ලන්න ඕන වෙන එකක් නෑ

    ReplyDelete
  14. දේවා , ඔබේ ලිපිය හරිම රසවත් , සහ අද දවසට වැදගත් , මගේ අදහස නම් මෙහෙමයි , අපේ ජීවිතේට කරදර එනවා , මුලින්ම එය තේරුම් ගත යුතුයි, දෙවැන්න එය කරදරයක් වන්නේ ඒමත කරදර සීල් එක ගැහැව්වොත් විතරයි , ඒකට දෙන්න “තවත් ජීවන අත්දැකීමක්“ කියන සීල් එක , එතකොට ඒකට අපි එකඟව වැඩ කරනවා , මගේ මේ ජීවිතයේ මේ වනවිට ආ “කර-දර “ , කරදර සේම සිතුවානම් මමත් අද ඔය තොන්ඩුවට වැටිලා , ඒ වගේ තත්ත්වයක් ආ ගමන් මමත් ටිකක් වැටනවා , ටික වෙලාවකට පස්සේ මම හිතාගන්නවා ප්‍රශ්නයට මුහුණ දෙන විදිය , සමහර උපක්‍රම , මේ ටික සැලසුම් කරගත්තම අර කරදරය , මට එය තවත් ජීවන අත්දැකීමක් විතරයි , ඒ ජීවන අත්දැකීම ලැබුණට පස්සේ මගේ හිතට දැනෙන්නේ ලොකු ආඩම්බරයක් , මොකද මට ජීවිතයේ තවත් දඟ පන්දුවකට සාර්ථකව Defense stroke එකක් දෙන්න පුළුවන් උනා කියලා , මෙය මගෙ අත්දැකීම් මත ලබා ගත් අදහසක් පමණයි ,

    ReplyDelete
  15. යොහාන් කනිශ්ක : ඒක නම් ඇත්ත... ඒත් ස්මහර වෙලාවට ඒක ගැන හිතන්න කොච්චර හැදුවත් බැරිවෙන වෙලාවල් එනවානේ

    ReplyDelete
  16. මාතලන් : හැමොටම එක වගේ දරා ගැනිමේ හැකියාවක් නැති එකනේ ප්‍රශ්නේ ඉතින්.....

    ReplyDelete
  17. ඇනෝ 1 : කරදර දුක සැප නිති පෙරෙලේ........

    ReplyDelete
  18. රාජ්: ඔයාගේ කතාවත් එක්ක මම සම්පුර්නයෙන්ම එකගයි.... එත් ඔය රොල හරියට වැඩ කරගන්න පුලුවන්නම් ජිවිතේ දිනන එක සිම්පල්

    ReplyDelete
  19. මධුරංග : කරදර අමතක කරලා දාලා ඉන්න පුලුවන්නම් අන්න ඒක ගොඩාක් වටිනවා...

    ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා විතරක් සමහර වෙලාවට ඉතුරු වෙන අවස්ථා ගොඩාක් තියනවා තමයි යාලුවා අනිත් හැමෝම ප්‍රශ්න දාලා ගියත් අම්මා එහෙම කරන්නේ නැ.. එකනේ ඔය පාරේ දුවන වාහනවල ගහලා තියෙන්නේ "සතේ අතේ නැතත් අම්මා පුතේ කියයි කියලා

    තවත් කෙනෙක් ප්‍රශ්නයක් විශද ගන්න උදව් කරනවා කියන්නේ ඇත්තටම ගොඩාක් ලොකු ශක්තියක්...

    මධු ටත් එහෙම ආදරේ කරන්න පුලුවන් ආදරේ කරන කෙනෙක් ලැබේවිනේ

    මට තේරුනේ නම් නැ දාන්න කිව විජෙට්‍ටුව නම්, පැහැදිලිව කියන්න අනිවා දානවා

    ReplyDelete
  20. පිස්සු පුසා : එත් අනේ නොහිතා ඉන්නත් බැනේ

    ReplyDelete
  21. ChammA : ඔන්න ඔයා වටිනා කියමනක් කිවා... කරන්න පුලුවන්නම් වෙන මුකුත් ඕනේ නැ

    ReplyDelete
  22. නිල් අහස : මේ විදිහට හිතනවා නම් අය්යා දියුණු වෙලා ඉහලට යන එක කාටවත් නවත්වන්න බැ.... ජය වේවා අය්යේ

    ReplyDelete
  23. ඇනෝ 2 : ඔයාට වැරදිලා.... මම ඔයා කියන දෙයක් පිලිගත්තා කියන එක වැරදිලා... නමකින් එන්න තරම් කොන්දක් නැති කෙනෙක් කියන දෙයක් පිලිගන්න තරම් මට වෙන අමාරුවක් නැ...

    ReplyDelete
  24. Mahesh Nishantha : ගොඩාක් වටිනා අදහස් ටිකක් අය්යේ... ඇත්තටම 100%ක් මම ඔයත් එක්ක එකගයි

    ReplyDelete
  25. හ්ම්ම්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත

    ReplyDelete
  26. Blog Archive විජට්ටුව තමා ඕනේ. අර බ්ලොග් ටික මාසේ අනුව බලන විජට්ටුව.

    ReplyDelete
  27. ශානු : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් කරලම බලන්නකෝ

    ReplyDelete
  28. මධුරංග : ඔන්න ඉතින් ඒක දැම්මා.. ඇත්තටම කලින් ඉදන් ඒක දාලා තිබිලා තියෙන්නේ... එත් හරියට වැඩ කරලා නැනේ

    ReplyDelete
  29. අනේ මන්ද...මට තේරෙන්නේ නෑ...

    ReplyDelete
  30. ජීවිතේ ඔහොම තමා මල්ලි. මම නම් කරදරයක් උනාම කරන්නේ පොලියානගේ සතුටුවෙන සෙල්ලම

    ReplyDelete
  31. Ayesha : අනේ අක්කේ මම ඒ සෙල්ලම ගැන දන්නේම නැනේ.. මොකක්ද ඒක කියලා කියන්නකෝ

    ReplyDelete
  32. http://ayeshasenanayake.blogspot.com/2011/05/blog-post_18.html
    http://ayeshasenanayake.blogspot.com/2011/05/blog-post_28.html
    මේක බලන්නකෝ එතකොට තේරෙයි

    ReplyDelete
  33. මමත් අයේශා අක්කා එක්ක එකඟයි....සතුටු වෙන සෙල්ලම... :)
    ජීවිතේ අපිට මූන දෙන්න වෙන හැම දුකකම සතුටු වෙන්න පැත්තක් හොයාගන්න පුලුවන්..(හැබැයි ඉතාම ආත්මාර්ථකාමීව නම් ඒක කරන්න අමාරුයි,, :D)

    ReplyDelete
  34. මටනම් මේ ජීවත් වෙන එකත් කරදරයක් අප්පා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....