ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

01 July, 2011

අයේ කවි කිවොත් බලාගෙනයි

ඔන්න දවස් දෙකකින් විතර හරියට වැඩක් කරන්න බැරි උනා ඉතින්... ඔන්න මම අද නම් මගේ ආදර කතාවේ කොටසක් නෙමේ අරගෙන ආවේ... ඒවා ත් දේන්නම්කෝ.. ඉතින් මේක නම් මට උන දෙයක්... බ්ලොග් එකක තිබුන දෙයක් නිසා ඔන්න මට මතක් උනු මට උනු දෙයක් තාමා මේකේ දාන්නේ..
ඔන්න මගේ පන්තියේ හිටපු අයත් දැන් බ්ලොග් ලියනවා කියලා ආරන්චි හින්දා එඩිට් නැතුවම දාන්නම්කෝ...

දේවා ට ක්ලාස් එකේ අය එක එක නම් ඒ දවස් වල කතා කලා... ගොඩාක් අය දේවා කිවත් , සමහර අය ආදරේට දේව් කිවා (ඔන්න වැරදියට තේරුම් ගන්නවා එහෙම නෙමේ.. මේ සහොදර ප්‍රේමය... (දේවා මේ කතාව වෙනකොට ඉන්නේ 10 වසරේ විතර... ඉතින් ඒ දවස් වල ඔය කතා මුකුත් නැ.. ක්ලාස් එකේ දිප්තිමත්ම නොවුනත් හැම වාරෙයකම පන්තියේ පලවෙනි දෙන්නා අතරේ උන්නා...

කතාව කියන්නම්කෝ... ගොඩාක් ලොකු කතාවක් නම් නෙමේ..

අපේ සිංහල මිස් හින්දා තමයි මට මෙහෙම උනේ.... ගොඩාක් ඉස්කොලේ ගිය අයනේ ඉතින් මේ ‍ෆිල්ඩ් එකේ රන් කරන්නේ.. හැමොටම මතක ඇතිනේ සිංහල පාඩම්...
ඔය සාහිතය එහෙම කරපු අහට මතක ඇතිනේ පාඩක් කරන්න තියෙන කවි තොගේ
අම්මේ මේ දැනුත් මතක් වෙනකොට අගේ හිරි ගඩු පිපෙනවා.. කවි පාඩම් කරන්න බැරුව නෙමේ (පාඩම් කරන්න තිබුනු කවි ක්ලාස් එකේ වැඩියෙන්ම කට පාඩම් මට තමා

එත් ඔය සිංහල පාඩම් වෙලාවෙදි කවි තියන පාඩම් දවස් වලට සමහර විට දේවා මොකක් හරි වැඩක් දා ගෙන ඒ පිරියඩ් ටික කට් කරනවා..
මොකද ඉතින් ඒ දවස් වල ශිෂය නායක පට්ටම් එහෙම තිබුන නිසා එහෙම මොකක් හරි හේතුවක් හොයා ගන්න එක ඒ තරම් ප්‍රශ්නයකුත් නෙමේ
එත් ඉතින් එහෙම කට් කලා කියලා ඒ තරම් දැනෙන්නෙත් නැ.. අනිත් වෙලාවට ක්ලාස් එකේ වැඩ ටික හරියට කරගන්නවානේ

මෙහෙම කවි පාඩම් තියන දවසට කලින් සිංහල මිස් කියනවා හෙට මේක කරනවා කවි ටික පාඩම් කරගෙන එන්න කියලා.......
ඔන්න එතකොට මම කොහොමහරි ඒ ටයිම් සෙට් කොරලාම දා ගන්නවා වැඩක්...

මේක උන දවසේ මිස් කලින් ඔහොම කතාවක් කියලා තිබුනේ නැ (අර හදිසි වැටලිම් තියෙන්නේ ඒ වගේ හදිසි කවි මිශන් එකක්)

එහෙමනම් යමුකෝ අපේ තැනට (කවි පාඩම් පන්තියේ කරන්නේ නැහැලු... මම දන්නවයේ ඕවා අදමනේ ඉන්නේ... )
ගියා ලොකු කොස් ගහක් යටට (ඕකේ හැදෙන ගෙඩි වලින් භාගයකට විතරම වැඩේ දෙන්නෙත් අපේ පන්තියේ එවුන් ටිකම තමා)

මම ඒ වුනට ගියේ ගැහි ගැහි.. මම දන්නවනේ මගේ කවි වල තරම....
කවි කියන්නේ කොහෙමෙයි මං

ගියා කොහොමහරි ඔය තැනට..
මිස් ඉස්සර වෙලාම ඔන්න පටන් ගත්තා... මොනවා නැතත් මිස්ගේ කවි නම් මාර ගති... අහගෙන ඉන්න පුලුවන් ඕන තරම්...
කවිය කියලා ඉවර වෙල මිස් අහබු තේරිමකින් එක එක්කෙනා නැගිට්ට්ව නැගිට්ට්ටව කවිය කියවන්න කියනවා තාලෙට...

එක එක්කෙනා නැගිටිනවා කියනවා... ඇත්තමයි පන්තියේ ගොඩාක් උන්ට කවි කියන්න පුලුවන් ගොඩාක් හොදට..
මෙලෝ වැඩක් කරන්නේ නැති උන් උනත් එදා පොත බලන් කවි කියනවා..

ආහ්.............. දේවක.......... කවි පාඩමකට හුග දවසකින් නේද??? (පලවෙනි දවසනේ මිස්)
කෝ බල්න්න කියමු ඔය 4 වෙනි කවිය....
මලා...................................???/.,;=--+*&*^%$

පටන් ගත්තා ඔන්න පලවෙනි පේලිය කියන්න.....
කවියනම් මට දැන් කට පාඩම් නැ....
වෙණ මිහිර වගේ පාඩමක් කියලා තමා මට නම් මතක..
පලවෙනි පදේ බොහොම අමාරුවෙන් කියලා දැම්මා කියමුකෝ

නවත්වනවා ලමයෝ මොනවාද ඔය කියන්නේ... ඔහොමද කවි කියන්නේ
මෙතන අපි ඉන්න ඕනා... ඔහොම කවි කිවොත් හොදට හිටි.... මෙතන තව පන්ති වලට ඕවා ඇහෙනවා
ඔනේ නැ ඔයිට වඩා ඕක කියන්න
ඉද ගන්න්වා බොහොම කරුනාවෙන් සිංහල ටිච මට කවි කියන එක නැවත්තුවා

කොච්චර උනත් මට උන්නා හොද යාලුවෝ... සෙට් එකක්.. එදා හොද හු දෙක තුනකින් මිස් ඉස්සරම මට සංග්‍රහ කලා මදි නොකියන්න...
එදා ඉදන් ඒ සිංහල මිස් කවි පාඩමක් තියනවා නම් දේවක හෙට කවි පාඩමක් තියෙන්නේ.... කියලා මට කියනවා.. මම ඉතින් එදාට එවට නැ...

එත් කවි නොකිවට සිංහල වලට හොදම මාර්ක්ස් තිබුනේ මට...

වි කි : ටියුශන් ක්ලාස් එකේ දේවාට උනු තවත් කෙස් එකක් ඉකමනටම

කියන්න දෙයක් තියනවා නම් කියලා යන්නකෝ

10 comments:

  1. ඔය කවි කට පාඩම් නොකර ඒ කාලේ මම හරි උඩින් හිටියේ පංතියේ . . . පී . කොහොමද දන්නවද .? ඩෙස්ක් එක උඩ නැගලා පොතත් ඔලුව උඩ තියාගෙන . :D

    ReplyDelete
  2. @ සුශාන් : එහෙමත් ඉන්න උනාද????? මට උනේ ඕකෙ අනිත් පැත්තනේ

    ReplyDelete
  3. දේවාගේ කවි අහන්න ආසා නිසාමද කොහේද මිස් හෙට කවි පාඩම කියලා කියන්නේ.. අපිත් ඉතින් කවි කියද්දි ඔහොම තමයි.. :)

    ReplyDelete
  4. @ Dinesh : නැ නැ යාලුවා එක නිසා නෙමේ මිස් මට නොකියා කියලා තියෙන්නේ හෙට නාවට කමක් නැ කියලා... අපි නම් අහයි ඔව්වා... අපි නොගියොත් එහෙම ක්ලාස් එක කොයිතරම් පාලුද????

    ReplyDelete
  5. කවි පාඩම් කරන්න ට්‍රික් එක තමයි කවි ටික ජනප්‍රිය සින්දු වල තාලවලට මතක තියා ගන්න එක..අපි නම් කලේ එහෙමයි ;)

    ReplyDelete
  6. ChammA : මේකනේ යාලුවා.. කවි පඩම් කරන එකෙන් නම් මම ඒ දවස් වල කප් එක ගැහුවා..එත් කියන එකනේ ප්‍රශ්නේ
    මේ පැත්තේ ආවට ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  7. කවි ගැන නම් කටහරින්න එපා. මං නාගත්ත නෑම ලඟදී ලියලා දැම්මා.

    ReplyDelete
  8. prasanna86k :ඒ හින්දාම තමයි මටත් මේක මතක් උනේ.... ක.............වි............. අම්මෝ

    ReplyDelete
  9. ගැරඬි එහෙම ආවෙ නැද්ද අය්යා??????

    ReplyDelete
  10. මට නම් කවි පාඩම් කරනවා කියන්නේ මරන්නා වගේ වගේ වැඩක්
    පාඩම් හිටින්නෙම නෑනේ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....