ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 July, 2011

රත්ගමයාට උනේ මේකයි.. (මම දන්න දේ)

මේක නම් ඉතින් පොඩි මඩ කතාවක් තමා..... අද පොඩ්ඩක් අපේ බ්ලොග් ලියන නංගිලා මල්ලිලා , අය්යලා , අක්කලා ඔක්කොම සිල් අරන් වගේ... (කොහෙද අපිට ඉතින් ඔය වගේ වැඩ වලට හිත් පහල වෙන්නේත් නැනේ....) එත් බ්ලොග් ටික උදේ කියවනකොට දැකපු අපේ රත්ගමයා සිල් අරගෙන නැනේ... එත් ඒකට ඇවිත් තිබුන කොමෙන්ට් ගොඩාක් ඒවාගෙන් කියලා තිබුනේ කුජිත රත්ගමයා කෝ කියලා තමා... පුහුනුවෙන් පස්සේ මිනිහා වෙනස් වෙලාලු....

ඔන්න ඔහොම කතා ගොඩයි... එත් තවම මැන් මේවට උත්තර බැදලාත් නැනේ.... ඔන්න ඔය අස්සේ ඊයේ පෙරේදා මට මේ පැත්තේ ඔය නායකත්ව පුහුනු වැඩ සටහනට ගියපු කොල්ලෙක් කියපු කථා ටිකක් මතක් උනා... මට දැනුයි හිතුනේ මේ මැන් අපේ රත්ගමයද කියලා.... ඕන දෙයක් වෙයන් කියලා තමා මේ පොස්ට් එක දාන්නේ... ( දැන් මේ කියන මැන් රත්ගමයා නම් බය වෙන්න දෙයක් නැ.. අයේ කපන්න එකෙක් නැනේ)

අර මලයා කියපුවා ටික මෙහෙම දාන්නම්කෝ....

අය්යේ පුහුනුවේ පලවෙනි දවස් හය විතරයි අය්යේ ආතල්... කොල්ලේක් අපිට මාර ආතල් දුන්නා.... ඇත්තටම ඌට කියන්න ඕන වචනේ කියලා මැන් කිවේ කුජිතයා කියලාලු.. (හැමෝම පලවෙනි දවස් හය හිතාන ඉදලා තියෙන්නේ මිනිහා ගේ ඇත්ත නම ඒක කියලා පුජිත වගේ)

දුන්නු ආතල් වලින් කියන්න පුලුවන් දෙක තුනක් මෙහෙම ලියන්නම්කෝ

1 . මිනිහා සපත්තු ගෙනත් තිබුනට මේස් ගෙනත් තිබුනේ නැහැලු.. පලවෙනි දවසේ කට්ටිය එකට ඕවා දාගන්න යනකොට මිනිහා අනිත් අයගෙන අහනවලු ඔය මොනවද කියලා... (සපත්තු දාන මුල්ම වතාව මම හිතේ) එතන හිටපු එකෙක් ඒක තේරුම් කරලා මිනිහා ලග තිබුන ඒවාගෙන් එකක් දිලා නොන්ඩියෙන් බේරගෙන තියෙන්නේ නැත්නම් ඉතින් මිනිහා දවස් 21 ම මේස් නැතුව තමා....

2. පාස් පොට් සයිස් පොටො තුනක් ගෙන්න කියලා තිබුන එකට මිනිහා ගෙනත් තිබිලා තියෙන්නේ පොටෝ ගහන්න ස්‍ටුඩියෝ එකට ගියහම සල්ලි බැදින්න ලියන කොලේලු... (ආයේ ගමට ලගයි කියලා ඒ පැත්තේ කෙනෙක්ට සල්ලි දිලා එක ගෙන්න්න ගත්තලු )

3.සි ආර් පොත් ගෙන්න කියපුවහම මිනිහා ගෙනත් තිබිලා තියෙන්නේ කොහෙන්ද උස්සපු පොත් වගයක්ලු... ඒවගේ මුල් පි‍ටුවේ විතරලු ලියලා නැත්තේ... කාගේ හරි ඒ ලෙවල් නොට් වගයක්ලු....

අනුන් සරනන ගච්චාමි සික්ෂා පදයට පින් සිද්ද වෙන්න ඒ වගෙන් හැම තැනම නොන්ඩි නොවි ලග ඉදපු උන් ලග විතරයි නොන්ඩි වෙලා තියෙන්නේ...

එත් ඉතින් ඔය ප්‍රෝරෝගැම් වලත් මිනිහා පැනලා දෙන්න ගිහින් ගොඩාක් නොන්ඩි වෙලා....
ප්‍රතමාධාර දිමේ ප්‍රායොගික පුහුනුවක් ඉල්ලා කැ ගසා ඇත්තේ ද මේ මැන් ය.. කෝ ඉතින් ප්‍රතමාධාර දෙන්න තුවාල කාරයෙක් වත නැහැනේ දේශකයා කියද්දිම මේ කුජිතයා අත කපා ගත්තාලු බ්ලෙඩ් එකකින්..... (නියම පුහුනුවක් ලබලා ක්ශණික තිරන ගන්න)

ඔය වගේ ඒවා ගොඩයි..

එත් අද කතාව ඒක නේමේ නේ මේ කුජිතයට මොකද වෙලා තියෙන්නේ කියලා මලයා කියපු කරුණු ටික කියන එකනේ

මේ කුජිත කම අත හැරලා තියෙන්නේ කෙල්ලෙක් හින්දාලු (අනේ දැන් රත්ගමයගේ මෙහේ පවුල කලබල වෙන්න එපා.. මේකා රත්ගමයාමද දන්නේ නැනේ)

වැඩේ වෙලා තියෙන්නෙ කැම හින්දාලු

ඔය පුහුනුවෙදි උදේට ගොඩාක් කන්න හම්බ වෙලා තියෙන්නේ පාන් ලුනේ... මේකේ එත් ඉතින් බත් එහෙමත් උයනවලු අනිත් අයට කන්න.... මිනිහට පාන් කැම එපා වෙලා.. ඒත් උයන අය ඔක්කොම පිරිමි හින්දා ඉල්ලුවට ලැබෙන්නේත් නැහැලු...
ඉතින් ඔය පුහුනුවට ආපු ටිකක් හැඩට ඉන්න කෙල්ලෙක්ට මිනිහා බැල්ම එහෙම දාලා මේ වැඩේට සෙට් කරගෙන... (බත් කන්න)
මේ කෙල්ල ශේප් එකේ කැම උයන අයත් එක්ක පොඩි ශේප් මන්ට් එකක් දාගෙන තියනවා... කොච්චර හොදට මේක කරගෙන තියනවද කියනවානම් කෙල්ලට හැමදාම අනිත් අයට පාන් කන වෙලාවට හොද බත් එකක් ලැබෙනවාලු.. කෙල්ලත් ඉතින් මුටත් දිලා තමයි කන්නේ.. ඔහොම ඉන්නකොට විස්තර එහෙම කතා කරලා තියෙන්නේ ඇතිනේ.. මිනිහගේ පරන කුජිත කම් එහෙම කියන කොට මිනිහට කැම අයේ ගෙනත් දෙන්න නම් මාස 2ක් විතර වත් ඔය වැඩ නතර කරන්න කීවලු.. මිනිහා ඉතින් මේ කැම නැතිකරගන්න බැරි හින්දා කෙල්ලගේ ඔලුවේ අත තියලාම පොරොන්දු වෙලා..

ඉතින් තාම මාස දෙකක් ඉවර නැනේ...

ඉවර උන ගමන් ආයේ වැඩ පටන් ගනිවි.... කුජිත වැඩ

ප/ලි :අනේ මේ කුජිතයා අපේ රත්ගමයාමද කියලා නම් මම දන්නේ නැ... ඔන්න මට අද කමෙන්ට් බලපුවහම හිතුන නිසා ලිවේ.. ටිකක් හිනා වෙන්න පුලුවන් වෙයි කියලා..
හිනා යන්නේ නැත්නම් අනේ ඉතින් කිති කවා ගන්නකෝ

ප.ප/ලි : සිරියස් ගන්න එපා රත්ගමයෝ... මේ මැන් ඔයා නෙමේනම්

16 comments:

  1. කවුද?? චික්..මේ මම නෙමේ.....අනික මම අහුවෙන්න ඕවා කරන්නෙ නෑ නේ
    1.මම මේස් ගෙනාවෙ නැති උනාට වැලේ දාලා තිබ්බ මේස් ඉස්සුවා..
    2.සල්ලි බදින කොලේ අස්සේ තමා පින්තූර ටික තිබ්බේ
    3.අපේ පිසික්ස් ලැබ් එකේ ප්‍රැක්ටිකල් පොත් වගයක් තමා ගෙනිච්චෙ..ඒවගේ නෝට් තිබ්බේ නෑ හරි..මම පිටු කඩලා ගෙනිච්චේ....
    4.ඉකේයියා....අපි නම් කපා ගන්න යන්නේ නෑ...
    කෙල්ලගේ කතාත් බොරු..මම කෑවේ පාන් විතරමයි

    අවසන් නිගමනය- මේවා හුදෙක් මඩය.. (මෙහෙම වත් කියලා බේරෙන්න ඕනා)

    ReplyDelete
  2. කව්ද ඩෝ කියන්නෙ අපි සිල් ගත්තාය කියල ඈ??? මේ රත්ගමයා ම නම්, මේක කියෙව්වාට පස්සෙ ඌ අර පොඩි කාලෙ වැටෙන්න ගිය ලිඳටම පනියිද දන්නෙ නැ

    ReplyDelete
  3. ඌම වෙන්නත් බැරි නෑ.....

    ReplyDelete
  4. @ රත්ගමයා : කොල්ලා කියපුවයි රත්ගමයෝ ඔයා කියන ඒවයි මැච් වෙනවනේ.. පලවෙනි දවසේ විතරලු යාලුවා දුන්නු මේස් දැම්මේ පහු වෙනිදා ඉදන් මැන්ට මේස් තියනවලු.. ඔය තියෙන්නේ කොහෙන් හම්බ උන ඒවද කියලා අනිත් ඒවත් ඇත්ත වෙන්න ඇති...
    ඔහොම කිවට කුජිත කන් වහගන්න බැ

    ReplyDelete
  5. @ බුවා : කවුරුවත් කිවේ නැ බන්.... අද පොස්ට් බලනකොට මට හිතුන ඒවා නේ... රත්ගමයා ගේ ගෙදර අයට එස් එම් එස් එකක් වත් දැම්මා නම් හරි පොඩ්ඩක් බැදලාවත් තියා ගන්න කියලා රත්ගමයාව :)]

    ReplyDelete
  6. මාතලන් : රත්ගමයම, ඔය වැරදි ටික ඔහෙන් වරෝ පිලි අරන් තියෙන්නේ :-t

    ReplyDelete
  7. රත්ගමයා ගැන කිව්වම ආයේ ඉතින් කොහෙන් හරි කුප්ප දෙයක් ගෑවිලා නැත්නම් වැඩක් නෑ නේ. මටත් හිතුනා මේ ටික ඇත්ත වෙන්න ඇති කියලා. ඔන්න මම නම් සිල් අරගෙන නෑ.

    ReplyDelete
  8. (සපත්තු දාන මුල්ම වතාව මම හිතේ)// මේකටනම් මාගේ දැඩි විරෝදයය.. තිත්ත උනත් ඇත්ත කියන්න ඕනය.. මේ රත්ගමයා අපේ අවාසනාවට හෝ ගියේ ගාල්ලේ ර්ච්මන්ඩ් විද්‍යාලයටය.. එකට එන උන් ලෙවල් එකට ඉන්න ඕනය.. දාන සපත්තු මේස් පවා ප්‍රමිතියකින් යුක්ත වූ බව මෙහිදී සදහන් කරන්නට ඕනාය... :D

    ReplyDelete
  9. අහෝ ඛේදයකි රත්තා........

    ReplyDelete
  10. meke colors aul appa balanna amarui

    ReplyDelete
  11. :)) හික්ස්, එල එල කියලා වැඩක් නෑ
    ජය වේවා!

    ReplyDelete
  12. අපිත් දකුනේ...දේවා මලයෝ.
    ඒ හන්දා බලාගෙනයි අපේ රත්ගමයට මඩ...ගහන්නේ..!!!!

    ReplyDelete
  13. ඔක්කොටම : ඔන්න ඉතින් හැමොටමයි කියන්නේ මම මේ රත්ගමයද කියලා දන්නේ නැ‍තෝ.... ඒ හින්දා මේක මඩක් කියලා හිතන්න ඒපා......
    කොහොමත් රත්ගමයා ඇත්තම කියලා තියනවනේ
    ඒක ඇත්ත කියලා ඔන්න මමත් පිලි ගන්නවා...

    ReplyDelete
  14. ඇහ් රත්තා කෝ ඕකා තව ඩිංගෙන් මේ පෝස්ට් එක මිස් වෙනවා අඩෝව්ස් උබට මේක කියපු යාලුවා ගියේ මොන කෑම්ප් එකටද? (රත්තමද කියලා ශුවර් කරගන්න)

    ReplyDelete
  15. කිඩෝ : මම හරියටම නම් දන්නේ නැ.. අයේ සෙට් උන වෙලාවක අහලම කියන්නාම්කෝ.... මම හිතන්නේ නම් පේරා වෙන්න ඇති

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....