ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

10 July, 2011

ඔයාලා ඔයාට ආදරෙයිද??? කියවන්නකෝ මේක

ඔන්න මේක මගේ ආදරේ ගැන පොස්ට් එකක්වත් නිකමට කියවන විකාරයකුත් නම් නෙමේ හොදද????
මට නිකමට හිතුන එත් හැමොටම හිතන්න පුලුවන් තේරුම් ගන්න ඕනා කියලා හිතුන නිසා මම මේක මගේ බ්ලොග් එකට දාන්නේ..
ඉස්සර වෙලා ම මම පුන්චි ප්‍රශ්නයක් අහනනම්කෝ.. හිතට එකගව උත්තරයක් දෙන්නකෝ...
ඔයා ඔයාගේ ජිවිතේට ආදරෙයිද?????

ම් ඔන්න ඔයාලා ගොඩාක් දෙනෙක් ඒකට කියන්න ඇති ඔව් මම මගේ ජිවිතේ ට ගොඩාක් ආදරෙයි කියලා....
ඒක ඇත්තද???? හිතන්නකෝ ටිකක් ඒක කරන්න පුලුවන්ද කියලා.....

කාට හරි තමන්ටම ආදරේ කරන්න පුලුවන්ද?? නිකමට හිතන්නකෝ පහනක් ලොකු ආලොකයක් දෙනවා අදුර නසන්න.. එත් පහන මුල අදුරුයිනේ....
ඔයාට ලොකේ පේන ඕන දෙයක් ඔයාගේ ඇස් දෙකෙන් බලන්න පුලුවන් ඒ හැම දේකටම ඔයාට ආදරේ කරන්න පුලුවන්.. එත් ඔයා ලගම ඉන්න ඔයා දිහා ඔයාට තනියම බලන්න පුලුවන්ද?????
එහෙම හිතනකොට කලින් දුන්නු උත්තරේ ගැන ආයේ පොඩ්ඩක් හිතන්න හිතෙනවා නේද????

තව දෙයක් මට නම් හිතුනා කලින්.... මම මට ආදරේ කරනවා කියන්නේ තනිකරම ආත්මාර්ථ කාමි හැගිමක් නේද??? ඕක ටිකක් හිත හිත ඉන්නකොට මට හිතුනා මෙහෙම මම හරිද දන්නේ නැ.. මම මට ආදරේ කරනවා කියන්නේ ආත්මාර්ථ කාමි හැගිමක් නෙමේ... එත් මම මම ගැන විතරක්ම හිතනවා කියලා හිතුවොත් අන්න එතනදි නම් ආත්මාර්ථ කාමි කියලා කියන්න පුලුවන්...

ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයාගේ සැප ගැන විතරයි... ඔයා කරන දෙයින් අනිත් කෙනාට හෙන ගැහුවත් කමක් නැ කියලා හිතුවොත් අන්න කලින් කියපු දේ වෙලා..

එතකොට මොකක්ද මේ මම ඔයාලගෙන් කලින් අහපු ඔයාලා ඔයාලට ආදරේ කරන්වද කියන එකේ තේරුම....
ආදරේ ගැන මොන තරම් සුන්දර වචන වලින් කොයි තරම් කතා කිවත් සරලව කියනවා නම් ආදරේ කියන්නේ මෙන්න මේකටනේ....
අදරේ කියන්නේ මොකක්හරි දෙයක් පිලිබදව හිතට දැනෙන ලොබකමට , මගේ කියන හැගිමට... ඒකනේ ඔයාලා කියන්නේ මගේ රතතරං (මමත් කියනව) මගේ යාලුවා, මගේ අම්මා , මගේ කෙල්ල... ඇයි මේ මගේ කියන කැල්ලක්... ඒ මම ඒ අයට ආදරේ කරන නිසානේ නේද?????

එත් මම මෙහෙම කිවොත්.....
ඔයාලා ඔයාට ආදරේ කරන්නේ නැ කියලා කියනවා නම්, එහෙමත් නැත්තම් මටත් වඩා මම මේ අයට ආදරෙයි කියලා කියනවා නම් මම කියනවා මේ අයට ඔයාලා ආදරේ නැ කියලා....
පිලි ගන්නවද?????

පිලි නොගත්තත් පිලි ගන්න වෙනවා... මොකද ඒක තමයි ඇත්ත....

ඔයා ඔයාට වඩා අදරේ කරන වෙන මුකුත් මේ ලොකේ නැ...  තව දෙයක්....ඔයාට ඔයාට අදරේ කරන්න බැරුව කොහොමද ඔයා වෙන කෙනෙකුට ඔයාට වඩා අදරේ කරන්නේ....
තමන්ට ආදරේ කරන කෙනෙකුට ඇත්තටම ගොඩාක් හොදට අනිත් අයට ආදරේ කරන්න පුලුවන්....

බලන්න කියන්න ඔයාට වැඩියෙන්ම වටින්නේ කාගේ ජිවිතේද කියලා මට කියනවද??? ඔයා දැන් ඔයාගේ පෙම්වතිය , බිරිද ගැන කිය්නවා...
එත් ඒ අයට ආදරේ කරන්න නම් ඔයා කියලා කෙනෙක් ඉන්න ඕනා නේද??? එහෙම ඉන්න නම් ඒ හැමොටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්නම වෙනවා...
ඔන්න පොඩ්ඩක් මම මෙච්චර වෙලා කියපු එක දැන් නම් ඔයාලට තෙරෙන්න ඇති......

මේ ලොකේ ඔයා අදරේ කරන ඕන කෙනෙක්ට ආදරේ කරන්න නම් ඔයා කියන කෙනාට ඔයා අදරේ කරන්නම වෙනවා.... මොකද එයාට තමයි පුලුවන් අනිත් අයට ආදරේ  කරන්න

මෙච්චර වෙලා කියපු දේ කෙටියෙන් කියන්නම්කෝ

ඔයාට අනිත් අයට ආදරේ කරන්න ඕනේ නම්.....
ඔයාට අනිත් අය ආදරේ කරන්න ඕනේ නම්.........
මේ ඔක්කොටම ඔයා කියන කෙනාව පරිස්සමෛන් බලා ගන්න
ගොඩාක් එයාට ආදරේ කරන්න.....

ඔව් ඔයාලා ඔයාලට ආදරේ කරන ගමන් ඔයාලා අදරේ කරන ඔයාලට අදරේ කරන අයට ආදරේ කරන්න ...

36 comments:

  1. එකෙන්ම ඇත්ත මාත් අදින් පස්සෙ මට ආදරේ කරනවා

    ReplyDelete
  2. නිකමා : අන්න එහෙමනේ ඉන්න ඔනේ.....

    ReplyDelete
  3. ඒකනෙ මමත් අද ඉඳන් පටන් ගන්න ඕනා

    ReplyDelete
  4. විසිතුරු : ඔය තියෙන්නේ ලෙසටම .....

    .........................................................................

    ඔයාලට මගේ ෆලෝ එහෙම පෙනවද? මට පෙන්නේ නැනේ... ඔන්න පෙනවානම් ෆලෝ කරලා නැති අය ෆලෝ කරලාම යන්නකෝ

    ........................................................................

    ReplyDelete
  5. දේවා මල්ලිටත් හිතෙන්නේ පුදුම දේවල් තමා. අද ඉදන් මං මට ආදරේ කරන්න ගන්නවා.

    ReplyDelete
  6. මධුරංග : එතකොට නම් අනිවා අපිට විශ් කරන්න පුලුවන් වෙයි.... සහතිකයි

    ReplyDelete
  7. මට ආදරේ ඇලජික් ..

    මගේ ෆලෝ සෙට් එක පේන්නෙත් නෑ ඒක පොදු ගැටලුවක් වගේ මචං

    ReplyDelete
  8. අපේ බනියා අවුරුදු තුනේදී විතර කාටද ආදරේ ඇහුවම කියන්නේ '' I love myself '' කියල . දැන් ටිකක් කට්ටි .ලොකු වෙද්දිනේ සේරම හොර බොරු ඉගෙන ගන්නේ . දැන් කියනවා අම්මට කියල

    ReplyDelete
  9. අත්තාහි අත්තනෝ නාතෝ-කෝහි නාතෝ පරෝසියා!

    ReplyDelete
  10. ඇත්ත සහෝ... මමත් වැඩියම ආදරේ මට. මොකද මම කියලා ඉන්නේ මම විතරක්නේ.!

    ටෙම්ප්ලේට් එක අළුත් කරලා නේද !!!

    ReplyDelete
  11. ඔයා හරි.මමනම් මට තමා වැඩියම ආදරේ. මගේ හිත සතුටුනම් තමා මට අනිත් අයටත් ආදරේ වෙන්න පුලුවන්.
    ඒවගේම මගේ හිතට දුකක් දෙන්න කැමති නෑ . ඒ මම මගේ හිතට ආදරේ නිසා. අනිත් ආදරේ කරන අයටත් දුකක් දෙන්න කැමති නෑ ආදරේ නිසා.

    ReplyDelete
  12. සැහෙන්න වටින අදහසක්......
    ඕක හරියට අවබෝද කරගන් නැතුව කි දෙනෙක් නම් මේ වෙනකම් ජිවත් වෙන්න ඇතිද,ආදරෙත් කරන්න ඇතිද......මේක කියෙව්වනම් දැන්වත් අවබෝද කරගන්න........
    නියම පොස්ට් එක.....ජය වේවා......

    ReplyDelete
  13. මමත්.... අනිත් අයට වගේම.... මටත් ගොඩක් ආදරෙයි.
    දේවාගේ අදහසට 100%ක් එකගයි.

    ReplyDelete
  14. තමන්ට ආදරය කරන එක ඇතුලේ තියනවා තමන්ට ගරු කිරීමත්. තමන්ට තමන් ගරු කරනවා නම් කරන්න බැරි දෙයක් නැහැ...

    ReplyDelete
  15. හිස් අහස : එහෙම කියන්න එපා මලයෝ... ඔයා හරි ලකිනේ

    මොකක් හරි විසදුමක් නැද්ද ෆලෝ කෙස් එකට

    ReplyDelete
  16. ඕකනේ කියන්නේ... ලොකු වෙනකොට තමා මේ ඔක්කොම.... මටත් අක්කා කියන කොට මතක් උනා.. මාත් පොඩි කාලේ එහෙම කියනවා... එත් ඒ හින්දාම නම් නෙමේ කතාවට තව වාකයක් ඕන හින්දා.....

    ReplyDelete
  17. කතාන්දරේ : අනේ මට පාලි බැනේ ( මේ පාලි නේද අය්යේ,)

    ReplyDelete
  18. චතුරංග : අය්යා ටිකක් කාලෙකින් වගේ නේද මේ පැත්තේ...
    ටෙම්ප්ලෙට් එක හොදයිනේ නේද??????

    අපි අපිට ආදරේ කරහම හැමොම අපිට ආදරේ කරයි

    ReplyDelete
  19. ගිම්හානි : අන්න ඔයා මම කිව දේ හරියටම තේරුම් අරන්.... සන්තෝශයි ගොඩාක්

    ReplyDelete
  20. දමිත් ශ්‍රියන්ත : ඔන්න ඉතින් මාත් ඔයාට තැන්කු කිවා.. එහෙම පොඩි වෙනසක් කරන්න ලැබැනවා නම් මගේ පොස්ට් එකේ අරමුන සම්පුර්ණයි යාලුවා

    ReplyDelete
  21. නිල් අහස : අනිවා අය්යේ අපි කාට ආදරේ කලත් ඒ හැමොටම ආදරේ කරන්නේ අපි අපිට ආදරේ නිසානේ

    ReplyDelete
  22. මම හිතන්නේ මේ ඔයාගේ පලවෙනි කමෙන්ට් එක සාදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට....

    ඔයා කියලා තියෙන්නේ මටත් හිතන්න දෙයක්නේ ....
    තැන්කියු කිවා....

    අයේ දවසක ඇවිත් යන්න එන්නකෝ

    ReplyDelete
  23. තමන්ට ආදරේ නිසා තමයි මිනිස්සු හැම දේ ම කරන්නෙ.. වෙනත් අය වෙනුවෙන් මැරෙනවා කීවත් මම නම් හිතන්නෙ එතැන තියෙන්නෙත් තමන්ට අහිමිවීම නිසා හටගත් දුකක්..

    ReplyDelete
  24. සිරා පොස්ට් එක :D !!!
    අපේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඉතින් ඔය ආදරය කියන දේ මතනේ :)

    ReplyDelete
  25. හොඳ අදහස් තියන ලිපියක් මලයා .....

    මොකද හිතෙන්නෙ මල්ලි අලුත් මොනා හරි කෝඩින් එකක් වගේ දෙයක් ගැන පෝස්ට් එකක් දැම්මොත් නරකද .........

    ReplyDelete
  26. මම ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරන්නම්..
    මම,මගේ කියලා අල්ල ගත්තහම අපි සසරට බැදෙනවා.ඔයාලා නිකමට හිතන්නකෝ මම ,මගේ කියලා අල්ලගෙන ඉන්න දෙකට මොනවා හරි උනොත් ඔයාලා ගොඩක් දුක් වෙනවා නේද?හරි එ දෙවල් ඔයාගේ නෙවේ නම් ඔයාට ගානක් නෑ නේද? සමහර විට ඔයාලා මගෙන් අහයි, තමන්ට ආදෙරේ කරන්න බැරි කෙනෙක් කොහොමද අනිත් අයට ආදරේ කරන්නේ කියලා, එකට හොදම උදාහරණය ,බුදුරජාණන් වහන්සේ.. එතුමා කිසිම දෙකට ඇලි ගැටි හිටියා ද? නෑ නේ ද..එත් ලෝසතුනට වැඩ්යෙන්ම ආදරය කරුණාව දැක්වුයේ උන්වහන්සේ නේද?(එහෙම කියුවට මාත් මමත්වය අතහැරපු කෙනෙක් නෙවෙයි.යාළුවොන්ට හිතන්න යමක් කියුවා විතරයි)

    ReplyDelete
  27. ඇත්තමයි, මම නම් මට ආදරෙයි, මම ලස්සනට අදින්නේ, කන්නේ බොන්නේ, ඒ හැමදේම කරන්නේ මම මට ආදරේ නිසා නේද? මම මට ආදරේ නැත්නම් වෙන කාටවත් ආදරේ කරන්න බෑ තමයි..

    ReplyDelete
  28. RoshanHerath: ඔයා කියන එකේ ඇත්තක් නැතුවමත් නෙමේ අහිමි විම දුකක් වෙන්නේ ඒ දේ තමන්ගේම නිසානේ නේද?

    ReplyDelete
  29. ChammA : අනිවාර්යෙන්ම...... ආදරේ අපේ ජිවිතේ හුස්ම ටික වගේ

    ReplyDelete
  30. පන්සල් හන්දිය : ගොඩාක් ස්තුතියි අය්යේ... අනිවා හෙටම දෙනවා.... ඔන්න මම හෙට නිවාඩුවකුත් දැම්මා..... (එකටම නම් නෙමේ ටිකක් අසනිපයි වගේ)

    ReplyDelete
  31. චතු මිතු : මමත් ඔය කතාව කමෙන්ට් එකකින්වත් එයි කියලා බලාගෙනමයි උන්නේ යලුවා... ඔය කතාව එක්ක 100 % ක් මම එකගයි.... එත් යාලුවා මේ ආත්මෙන්ම නිවන් දකින්න හිතාන ඉන්න මගේ යාලුවෝ නැ කියලා හිතලා මම මේ පොස්ට් එක දැම්මේ

    ReplyDelete
  32. ප්‍රාර්ථනා : ඔය කියන්නේ.................
    මම හරිනේ ඉතින්.....

    ReplyDelete
  33. ඔයාට අනිත් අයට ආදරේ කරන්න ඕනේ නම්.....
    ඔයාට අනිත් අය ආදරේ කරන්න ඕනේ නම්.........
    මේ ඔක්කොටම ඔයා කියන කෙනාව පරිස්සමෛන් බලා ගන්න
    ගොඩාක් එයාට ආදරේ කරන්න.....

    හ්ම්ම් ඒක ඇත්ත

    ReplyDelete
  34. අපේ අම්මත් ඕක නිතරම කියනවා.....ඔයා කියන දේ ඇත්ත...අපි අපිට ආදරේ නැතුව කොහොමද වෙන අයට ආදරේ කරන්නේ...මුලින් තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕන...අනිත් අයට ආදරේ කරන්නත් තමන් කියල කෙනෙක් ඉන්න ඕනනේ....

    ReplyDelete
  35. සිතුවිලි නිහඩයි: ඔය හරි නංගියෝ.........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....