ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

Showing posts with label දන්නේ නැති දේවල්. Show all posts
Showing posts with label දන්නේ නැති දේවල්. Show all posts

20 July, 2013

අරක්කු බොන්නේ ඇයි ....

කලින් පොස්ට්එකේ කිවනේ මේ දවස් වල ඉතින් කටුනායක පැත්තේ රවුම් ගහනවා කියලා... ඉතින් දන්නා කියන බ්ලොග් කරුවන් කාරියන් කීප පොළක්ම රට යන්න බලාගෙන  ඉන්නවත් කිවනේ...ඔන්න ඒ අය මෙන්න මේ  ලින්ක්  එකෙන්  ඇවිත් බුකියට  මෙසේජ්  එකක්  දාන්නකෝ..

මේ දවස් වල ඉතින්  ඔය යන අතරතුර උන දෙයක් නිසා මේ ගැනලියන්න හිතුනා.... මම ඉතින් ඔය  මත් වෙන  දේවල්  බිලා නැති නිසා මේ බ්ලොග් කියවන අපේ බ්ලොග් හිතවතුන් මේ කට එයාලාගේ  අත්දැකීම එහෙම කියනවා නම් මම  ගොඩාක්  කැමති...

සාමානයෙන්  දුකට  ගෙනත්  බොනබෝතලේම  කොහොම  හරි  ඉවර  කරගන්න  බැරි  උනොත්  සතුටටත්  බොන  නිසා  මත් වෙන අරක්කු  වගේ  ඒවා   බොන්නේ  මොන හෙතුවටද  කියලා  හිතා  ගන්න  නම්  බැ ... සෝ  එක  මම  හිතන්න  ඕනෙත්  නැනේ..


පහුගිය  දවසක මම  කටුනායක  බස් එකේ  යනකොට  බස්  එකට  වයස  අවුරුදු  40  ක විතර  පුද්ගලයෙක්  බස් රථයට  නැගිලා  ගමන්  කරන කොට  බස් රථයේ රියදුරා  ඒ  පුද්ගලයාට  බහින්න කියල දෙතුන්  පාරක්  කිවා... එක  පාරම හේතුවක්  හිතා ගන්න බැරි උනත් ටික දුරක්  යනකොට  ඒ පුද්ගලයා හොදටම  වෙරි මතින්  කියලා තේරුම් ගන්න  පුළුවන්  උනා...


සාමානයෙන් සල්ලි  මත්තෙම  නාහෙන පුද්ගලික බස් රියදුරන්  කොන්දොස්තර  වරුන්  අතරේ සමහර  හොද මිනිස්සුත්  ඉන්නවා ( 80%ක් විතර ) මේ පුද්ගයලා නිසා  බස් රථයේ ගමන් ගන්නා අනිත්  පුද්ගලයන්ට වෙන  අපහසු තාවය  තේරුම්  අරගෙන තව කිහිප පාරක්ම  බස් එකෙන්  බහින්න කියලා අර පුද්ගලයට  කියන්න රියදුරු මහතාට  සිදු උනා.. එත් ඒ රියදුරු  මහතාටත් එක එක වචන වලින් ආමන්ත්‍රණය කරමින් තව ටික දුරක් ගිහින් අසැබි වදන්  වලින් කතා කරන්න පටන් ගත්තු නිසා බස් රථයේ රියදුරා බස් රථය නතර කරලා කොන්දොස්තර මහතාගේත්  සහය ඇතිව ඔහුව බසයෙන් ඉවත් කරලා ධාවනය කරන්න පටන් ගත්තත් මීටර් කිහිපයක් යනවිට  මගේ අසුනට පිටි පස අසුනේ වීදුරුව අසලට ඉතා විශාල කළු ගල් පහරක් අර බිමත් පුද්ගලයා එල්ල කළා... හැමෝගෙම වාසනාවට එක කාටවත් කරදරයක් නොවුනත් ඒ ගල් පහර වැදුනානම් දවස් ගානකට රෝහල් ගත වෙන්න හරි මේ ලෝකෙන් යන්න හරි වෙන්න තිබුනා....

ඒ පුද්ගලයා ඒ  පළාතේම කෙනෙක් වෙන්න තිබුනා.. සමහර විට ඒ පුග්දලයන්ගේ දරුවන් ඒ බස් එකේම යනවා වෙන්නත් පුළුවන්.. බි ගත්තහම ලෝකෙම අමතක වෙනවද? තමන් කරන කියන දේවල් ගැන මුකුත් අවබෝදයක් නැති වෙනවද? තමන් කරන දේවල් ගැන වගකීම් රහිත වෙනවද? ජීවිතයක වටිනාකම අමතක වෙනවද? අරක්කු ටිකක් කටේ ගා ගත්තහම ඔහුට වඩා ලොකු පුද්ගලයන් නැද්ද? අරක්කු බි ගත්තම වෙන්නේ වැඩකට නැති වැඩ විතරක්ම නම් ඇයි ඉතින්  ඕවා බොන්නේ.....

20 June, 2011

බ්ලොග් (ර්) ද වැරදි , නැත්නම් මට පිස්සුද????

ඇත්තටම මම අද පොස්ට් එකක් නම් නෙමේ දාන්න ආවේ එත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා... සාමානයෙන් මම හිට්ස් ගැන ඒ තරම් හොයන්නේ නැ.. එත් අද මම මගේ බ්ලොග්ර් ඩැෂ් බෝඩ් එකට ගිහින් ස්ටැට්ස් වලට ගියා... මට අදහ ගන්න බැරි දෙයක් වෙලා... දන්න කියන කෙනෙක් මේ ගැන මට උදව් කරනවද? මොකද මට මේ ගැන ඒ තරම් ලොකු අවබෝදයක් නැ... අපි හිට් කවුන්ටට් හරි වෙන මොකක් හරි එකකින් මේ හිට්ස් දානවානම් ඒක දානකොට හරි පස්සේ හරි අපිට ඒක කැමති විදිහකට වෙනස් කර ගන්න පුලුවන්නේ... එත් මේ බ්ලොගර්ස්ලා දෙන එක වෙනස් කරන්න මම දන්නේ නැ.. එත් මේ ටිකේම මගේ පේග් විවුස් 1500 පැනලා යනවා...
ටැර්ර්‍ෆික් එක එන්නේ කොහෙන්ද කියලා බලනකොට එහෙම හොයාගන්න විදිහකුත් නැ..
බලන්නකෝ මේ පින්තුරේ..

දන්න කියන කෙනෙක් මට උදව් කරන්නකෝ, මට වැරදිලාද ? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙලාද? ඊයේ දවසට මගේ පි‍ටු බලලා තියනවා 2778 ක්.. අද පොස්ට්  නොදා 1060 ගානක් ඉතින් එහෙම වෙන්න පුලුවන්ද? දවසකට 1500ක් විටර එනවනම් හිට්ස් ලක්ශ ගන්න ඉතින් ඒ තරම් දවස් යන්නේ නැනේ... කොහොමහරි හොද පොස්ට් එක්ක ඉක්මනටම හම්බ වෙන්නම්කෝ........... එතකන් බායි.... අනේ දන්න කියන කෙනෙක් මට උදව් කරලා යන්නකෝ.... ආහ් ෆලෝ කරන්නත් අමතක කරන්න එපා