ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 June, 2011

විභාග සහතිකේ... පොරක් වෙලා නෙමේ

අද මම කියන්න යන්නේ නම් මෙච්චර කාලෙකට මගේ මේ බ්ලොග් එකේ පොස්ට් එකකින් කියවුනේ නැති දෙයක් ගැනයි.. ගොඩාක් අය කැමති ගොඩාක් මාතෘකා යටතේ ගොඩාක් ලිපි මේ බ්ලොග් වල ලියවෙනවනේ


එහෙම කැමති දේවල් අතරින් ටිකක් දෙනෙක් කියවන මාතෘකාවක් වෙයිද දන්නේත් නැ මේක.. මට මතකයි මම කලින් කියවපු පොතකත් මේ දේ ගැන තිබුනා


ඔයාලා ඕ ලෙවල් පාස්ද? ඔව් නම් ඒ ලෙවල් පාස් ද? එකටත් ඔව් නම් ඔයාලා කැම්පස් එකක ඉගෙන ගෙන තියනවද? ගොඩාක් අය ඕකටනම් නැ කියනවා.. ඔව් කියන අයගෙන් ආයෙමත් මම අහනවා ඔයාලා A ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය සම්පුර්ණ කරලාද, එහෙම නැත්නම් කරන්න පුලුවන්ද කියලා අහුවොත් ඔතනින් ගොඩාක් දෙනෙක් නැ , බැ කියලා මග නවතිනවනේ.. එහෙම නැති අය තව ප්‍රශ්ණයකින් දෙකකින් නවතිවි..
මේ හැම එකකටම ඔයාලට දෙන්නේ විභාග සහතිකය කියලා එකක් කියලා ඔයාලා දන්නවනේ


මෙහෙම හිතන්නකෝ ඔයාලා යනවා ගොඩාක් වැදගත් කියලා හිතන මොකක් හරි ආයතනයකට.
ඔයාලා යන මේ ආයතනේ කරන ප්‍රදාන නිශ්පාදනය ගැන ඔයාලා හොදටම දන්නවා.. ඒ දේ කිසි අඩුපාඩුවක් නැතුව ඔයාට පාලනය කරලා ආයතනයට ගොඩාක් ලාභ ගෙනත් දෙන්නත් පුලුවන්..


ඒත්,................. ඔයා හිතනවද ඉතින් ඔයා එහෙම කිවා කියලා ආයතනයේ ඉන්ටව් බෝඩ් එක ඔයාට රස්සාව දෙයි කියලා


අනේ එහෙම හිතාන ඉන්නවානම් ඔයාට සොරිම තමා... මොක්ද තාම ලංකාව ඒ තත්වෙට ඇවිත් නැ.. ඉස්සරලාම ඔයාලගෙන් ඉල්ලන්නේ මම අර කලින් කිව සහතික ටික තමයි..
 ඒවා බලල පාස් උනොත් තමයි ඉතින් ඔයාලට වැඩ කරන්න අවස්තාවක් දෙන්නේ වැඩ පෙන්නන..


ඉතින් අකමැත්තෙන් හරි මම මේ කියන දේවල් ඔයාලට කරන්න පුලුවන්නම් ඔයාලට පුලුවන් ඔය ඕන කරන සහතික ටික අරගෙන හොද තැනකට එන්න


මෙහෙම වෙලා බැනේ



01. ඉලක්කයක් ඔබ ඔබ වෙනුවෙන්ම හදා ගන්න
       ජිවිතේට අරමුනක් ඉලක්කයක් නැතුව ඔහේ ගලාගෙන යන්න ඔයාල ඉඩ දෙනවනම් කියන්න කනගා‍ටුයි ඔබ දැනටමත් පරාදයි
       එහෙම වෙන්න දෙන්න එපා ඔයාලා ඔයාලගේ ජිවිතයට වටිනාකමක් දෙන්න.. මේ අවුරුද්ද ඉවර වෙනකොට මම මේ දේ කරනවා කියලා හිතාගෙන වැඩ  කරන්නකෝ. එතකොට ජිවත් වෙන්නත් ආස හිතෙයි ඔයාලට
02 . වැඩ බෙදා ගන්න
       ඉලක්කය වගේම මේකත් ගොඩාක් වැදගත්.. මොකද ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ අරමුන ඉලක්කය කාලයත් එක්ක බෙදා ගන්න මම මේ කාලේ ඇතුලත මේ දේ කරනවා කියලා කොටස් වලට බෙදා ගන්නකෝ
පොඩි උදාහරනයකින් කියනවනම් පැය 4කින් ඔයාලට තියනවා 8 කිලෝ මිටර් උස කන්දක් නගින්න.. ඔයාලා පැයක් 2ක් විතර නිකන් ඉදලා ඕක නගින්න පටන් ගත්තට පුලුවන් වෙයිද ඕක නගින්න.. ඔයාලා පැයක කිලෝ මිටර් 2ක් නගින්න ඕනනේ.. ඉතින් ඒ කියන්නේ පැය භාගයකට කිලෝ මිටරයක් නගින්න ඔනා.. එහෙම පොඩි පොඩි කොටස් වලට බෙදා ගෙන වැඩ කලොත් ඉතින් කරන්න ගොඩාක් ලේසියි


03 . ගැලපෙන යාලුවෙක් තොර ගන්න
        ජිවිතේ ගොඩාක් දෙනෙක්ට වරදින්නේ නම් මේක තමා.. මොක්ද නොගැලපෙන යාලුවෙක් ඔයාගේ ජිවිතේ සදහටම අපායක් කරන්න පුලුවන්.. මම නම් කියන්නේ ඉතින් පුලුවන්නම් හොයාගන්න පුලුවන්නම් ඔයාලාට ජිවිතේ හැමදාම ලග ඉන්න යාලුවෙක්ව.. කවදාවත් එයා ඔයාලට වැරද්දක් කරන්නේ නැ ඔයාලට උදව් කරනවා හැම දේම හරියට කරගන්න... ජිවිතේ සාර්තක කරගන්න


04. පසු විපරමක් කරන්න
       ඔයා කරපු කියපු ලියපු හැමදේම ගැන ආයේ පාරක් හිතන්න.. විභාහගය වෙනුවෙන් මහන්සි වෙන්න ඒ වෙනුවෙන් කැප වෙන්න...


05. මේ දේ හැම වෙලාවෙම මතක තියාගෙන වැඩ කරන්න.. වේලාසනින් අරබන්න... සෙමෙන් පදවන්න ... ආරක්ශිතව ලගා වෙන්න


මම මේ කියපු දේවල් සමහර විට ඔයාලට වටින්නේ නැතුව ඇති.. එත් වටින කියන ඔයාලගේ යාලුවන්ටවත් ලමයින්ටවත් පෙන්නන කියන්න මතක තියාගන්නකෝ...


මතක් කරලා කියලා යන්න මම  මේ දේවල් කිවට කමක් නැද්ද ආයේ කියන්න එපාද කියලා කමෙන්ට් එකක් දාලා පුලුවන්නම් ෆලෝ පාරක් එහෙම දාන්නකො...

17 comments:

  1. ගොඩ දෙනෙකුට කරන්න බැරි තාමත් මටත් බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙන පෝස්ට් එකක්... සමහර විට මේ දේ ගැන පෝස්ට් දාහක් ලිව්වත් සමහර දේවල් අපිට හදා ගන්න බැරි වෙනවා. විශේෂයෙන් යාලුවො ගැන එහෙම. මොනව වුණත් හරිම වැදගත් ලිපියක්...!

    ReplyDelete
  2. වැදගත් ලිපියක් මලයා අමාරුවෙන් හරි කලොත් ගොඩ.......

    ReplyDelete
  3. @ සංජු : ඇත්ත තමයි ඔයා කියන්නේ අපිට ටිකක් හදා ගන්න අමාරු දෙයක් තමා.. එත් මේක අනිවා ඕන වෙන නිසා හදා ගන්න එකනම් ගොඩාක් වටිනවා

    ReplyDelete
  4. @ කල්හාර : ටිකක් මහන්සි උනොත් කරගන්න ගොඩාක්ම අමාරු දෙයකුත් වෙන එකක් නැ නේද අය්යා

    ReplyDelete
  5. හොඳ උපදෙස් ටිකක් පුතා, නාකි අපිටත් කියවන්න ලේසි වෙන්න අකුරු තව චුට්ටක් විතර ලොකු කොරන්න බැරිද?

    ReplyDelete
  6. @ Observer : අනේ සමාවෙන්න ඕනා.. ඔන්න මම ඒ වැරද්ද නම් නැති කලා.. ආවට ගොඩාක් ස්තුතියි.. ආයේ ඇවිත් යන්න එන්නකෝ

    ReplyDelete
  7. මේ දේවල් කිවට කමක් නෑ ආයේ කියන්න එපාද කියල අහන්න එපා. ඒක අහන්නත් දෙයක්ද

    මගේ උප්පැනන් සහතිකය කොහෙදො මන්දා දාල. ඒක හොයන්නත් ඕනෙ.

    ReplyDelete
  8. @ Chanaka : ගොඩාක් ඉක්මනට තවත් ඔය වගේ පොස්ට් එකකින් හම්බ වෙන්නම්කො මම.. ෆලො කරලා යනවටයි මම නම් ගොඩාක් කැමති..
    මොකක්හරි ලොකු මිශන් එකක් පටන් ගන්නවනම් කියන්න අපිත් එන්නම් BC එක හොයලා දෙන්න

    ReplyDelete
  9. ඔන්න Follow කළා. මාවත් බලන්න එන්න මකර රජදහනට එන්න

    ReplyDelete
  10. @ Chanaka : අනිවා ඔන්න එහෙමන්ම් අපිත් එනවා....

    ReplyDelete
  11. නායකත්ව පුහුණු වැඩ සටහනටවත් ගියෑයි....?

    ReplyDelete
  12. @ මාතලන් : අනේ අපේ කාලේ ඔව්වා තිබුනේ නැ‍තෝ.. තිබ්බානම් පැනලා යන්නේ ඕවට.. මොකද නේවි යන්න ඕනා කියලා හිතපු කාලයකුත් තිබුනා නේ.. දැන් නම් BOC නේ.. එවාගේ මේවත් කියලා දෙනවලුද? මරුනේ

    ReplyDelete
  13. ටිකක් නිවැරදි කරන්න ඕනේ, හැම තැනම 1st ක්ලාස් වලට තැනක් නෑ, ඒ කට තියෙන හොදම උදාහරණය ඉංජිනේරු රැකියා. තව දෙයක් කොච්චර විභාග සහතික තිබුනත් ඒවා ඇතුල් වීමේ සුදුසුකම් විතරයි. සහතික බලලා ජොබ් දුන්න කාලේ ඉවරයි.තව දෙයක්, A කියලා ක්ලාස් නෑ, First Class, Second Class වගේ තමා තියෙන්නේ.

    ReplyDelete
  14. @ bckurera

    He might telling about A grades :D

    ReplyDelete
  15. හ්ම්...ජීවිතේට වැදගත් ලිපියක්.....කරන්න ටිකක් අමාරු උනත් උත්සහ කලොත් බැරිවෙන එකක් නැනේද.....

    ReplyDelete
  16. @ සිතුවිලි නිහඩයි : අනිවා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහලුනේ

    ReplyDelete
  17. ඔය සහතික තියාගෙනත් රස්සාවකට යන්න මාරම කට්ටක් කන්න වෙනවනේ.
    ඒක මතක් වෙනකොටත් දුකයි අප්පා !!!!! :(

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....