ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

Showing posts with label BLOG LIFE. Show all posts
Showing posts with label BLOG LIFE. Show all posts

25 April, 2017

යලි විමසන්න එපා............

මොකක්ද මන්දා තරගයක් තියනවලු. ඔය තරග වලට නම් මම ලියලාම නෑ. මොකද ඉතින් ලීවා කියලා වැඩක් නැහැනේ..
එත් සයිබර් යායේ වල්ගාතරු ගැන ලියලා තිබුන නිසා මටත් බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනා..

කතාවක් ලියන්න වෙලාවක් නෑ මොකද දැන් බුකියේ කතා පිටුවක් කරගෙන යනවනේ. එකේ ලියපු කතාවක් මේකේ දාලා මේ අවුරුද්දෙත් බ්ලොග් සාමාජිකත්වය තියාගන්න ඕනා කියලා හිතුනා.. බ්ලොග් එකේ ලිය නොවුනත් බුකියෙන් එන්නේ මේ පැත්තේ.  එක එක විදිහේ කතා කියවන්න ලැබේවි

https://www.facebook.com/SrilankanRuwa/

යලි විමසන්න එපා............

සුදු නංගි....

ඔයාට ඔය නමින් කතා කරන්න පුලුවන්ද තිමිර

අවුරුදු 4කට පස්සේ. ඇයි අද මාව මතක් වෙලා

පහුගිය අවුරුදු 4 ටම උන්නද මලාද කියලා බැලුවද?

මම ගැන බැලුවේ නැතත් ඔයා නිසා බඩට ආපු ඒ අසරණයා ගැන බලන්න ඕනා කියලා හිතුනේ නැද්ද?

දෙවිවරු වගේ වෙච්ච මගේ අයියයි අප්පච්චි නොහිටින්න මමයි මගේ පොඩි එකයි අද පොලවේ පස් යට

සුදු නංගි මට සමාවෙන්න..

දැන් මොනවටද තිමිර සමාව ඉල්ලන්නේ...
කරන්න පුළුවන් හැම විදිහටම මාව අසරණ කරලා
දැන් සමාවත් ඉල්ලනවද? ඇයි අර රුප සුන්දරී නැද්ද ලග

මට වඩා සිය දහස් ගුණයකින් ලස්සනයි කියලා නේද ගියේ.. බඩට ළමයෙකුත් ආවට පස්සේ...

මට ජිවිතේ වැරදුනා තමයි සුදු නංගි
අද මම ඒවාට විදවනවා...

මම විදවන තරම් ඔයාට මොනවද තිමිර විදවන්න තියෙන්නේ...
මොනවා උනත් කමක් නැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
වදින්නම්

සුදු නංගි කෝ අපේ පුතා.

මොකක්..
මොන හිතකින්ද ඔයා ඔහොම දෙයක් අහන්නේ..
ඔයාගේ පුතෙක් මෙහෙ නැ.
උප්පැන්නේ පුතාගේ නමට තියෙන්නේ ඉරක් මිසක් තිමිර කියලා නෙමේ...

ඇයි අර ඉන්නේ රුප සුන්දරියක්දෙන්න එක්ක හදා ගත්තා නම් හරිනේ

එයා ඒවාට කැමති නැ. කැත වෙනවලු

මට මගේ පුතාව බලන්න පුලුවන්ද?

බැ ප්ලීස් තිමිර කරදර කරන්න එපා.. ඔයාට බලන්න ඔයාගේ ළමයි මෙහෙ නැ.

අවුරුදු 4ක් කතා කරලා දුක සැප අහපු නැති ඔයා..

කොහොමද ඔහොම මොනවත් වෙලා නැ වගේ කතා කරන්නේ...

මම තියනවා... අයෙ කතා කරන්න එපා.
පිං සිද්දවෙයි.
මටයි මගේ පුතාටයි සැනසිල්ලේ ඉන්න දිලා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නනකෝ

කතා නම් ගොඩක් තියනවා... පුළුවන් අය ඇවිත් යන්න එන්න එහෙමනම්. 

ගිහින් එන්නම්. ලබන අවුරුද්දට කලින් මුණ ගැහෙන්න බලමු. 

මේ බ්ලොග් එකටම 04 / 30 ට අවුරුදු 6ක් පිරෙනවා.  කලින් බ්ලොග් එකත් එක්ක බලපුවහම ඉතින් අවුරුදු 7 කට වැඩි කාලයක් මම බ්ලොග් වල ඉදලා තියනවා..

ජය වේවා




16 June, 2011

50යි , එත් දවස් 48 යි. දෙනවද ඉතින් ශක්තිය හැමදාටම

මේක ලියන්න උන්නේ නම් මම තව දවසකට දෙකකට පස්සේයි... එත් අදම මම මේක ලියන්න හිතුවා.. මොකද මේක නොලිවොත් තව ලියන්න උන්නු පොස්ට් දෙක තුනක් ගොඩාක් පස්සට දාන්න වෙනවා එහෙම කරන එක හොද නැනේ..

මේ මම මගේ බ්ලොග් එකේ ලියන 50 වෙනි ලියවිල්ල... මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2011 - 04 - 30 ඒ කියන්නේ අදට දවස් 48 කට ඉස්සරවෙලා.. එදා පටන් ගත්තු මේ අඩවිය එදා කිවේ මේ නමින් නෙමේ කියලා එදා ඉදන් මාත් එක්ක උන්නු ඔයාලා දන්නවනේ.. සදරුගේ  ලෝකය වෙලා තිබුනු මේ අඩවිය දේවා ගේ අඩවිය උනේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න තවත් ගරු කටයුත් කෙනෙක් ඒ නමින් පෙනි ඉන්න නිසයි... සදරු මලයන්ඩි ඔන්න අදත් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා

ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා මගේ යාලුවනේ... මේ වෙනකොට මාව ෆලෝ කරන අය ඉන්නවා 49ක් මම හිතනවා මේ 50 වෙනි පොස්ට් එකෙන් ඒක 50 වෙයි කියලා..

සමහර වෙලාවට මගේ බ්ලොග් එකේ ගොඩාක් එක එක ගැජට් කැලි දාගන්න විදිහ ගැන ලියවුනු පොස්ට් තමයි වැඩි පුරම මගේ අතින් ලියවුනේ... දැන් මගේ බ්ලොග් එකේ දැන් ටිකක් එක එක ටොපික් ගැන එක එක ලිපි ලියවෙනවා..  තව ඉස්සරහට ගොඩාක් ලොකු වෙනසක් එක්ක බ්ලොග් ‍ෆිල්ඩ් එකේ ගොඩාක් ලොකු කාලයක් ඉන්න බලපොරොත්තුවේන් ඉන්නවා.. ඒකට මට මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවනේ..

මම ඒ තරම් ඔය හිට් එක ගැන නම් දන්නේ නැ ඕන්න
බ්ලොගර්ස්ලා අලුතෙන් දිලා තිබුන බ්ලොග් ස්ටැට්ස් එක අනුව නම් මගේ බ්ලොග් එකේ ඔයාලා පෙරලපු පි‍ටු (මම පෙරලන ඒවා එයා ගනන් කරන්නේ නැහැලු) ගාන අද වෙනකොට 12730 වෙලා.. ඒ කියන්නේ ඉතින් අඩුම තරමේ දවසකට 265 විතරක් වෙනවනේ.. ෆලෝස් ලා 49 ක් වෙනකොට ඉතින් කමෙන්ට් 250 ක් විතර ලැබුන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..
සිංහල බ්ලොග් කියවනය , ලාංකිය සිතුවිලි , හත්මාලු . දෙරන , සිගිරි වගේ මේ සිංහල බ්ලොග් ක්ෂේත්‍රයට විශාල සේවාවක් කරන සින්ඩි වලින් මගේ බ්ලොග් පොස්ට් බලන්න ඔයාලට පුලුවන්..


ගොඩාක් දෙනා මට කමෙන්ට් වලින් ප්‍රසිද්දියේ. සමහර මම ගොඩාක් ගරු කරන අය අප්‍රසිද්දියේ මට මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න ගොඩාක් උදව් කරනවා.. ඒ අයට වගේම මගේ ගුරුතුමි වෙච්ච සංසාරේ අපි ලියන පුන්චි ප්‍රාණියාටත් ඒ වෙනුවෙන් හදවතින්ම ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා..

ගොඩාක් හොද දේවල් එක්ක ගොඩාක් ලොකු කාලයක් ඔයාලත් එක්ක ඉන්නවා කියලා 50 වෙනි මේ ලියවිල්ලත් එක්ක පොරොන්දු වෙනවා (ගොඩාක් අය කියයි උන්නත් එකයි අපිට නැතත් එකයි.. අපිට ඒකෙන් සත පහක සෙතක්වත් පාඩුවක් වත් වෙන්නේ නැ කියලා) ඔව් ඒක ඇත්ත මම ඒ තරම් වටින කියන චරිතයක් නෙමේ ඔයාලට.. එත් මම මේ සිංහල බ්ලොග් වලට ගොඩාක් ආදරෙයි.. ගොඩාක් මේක මට වටිනවා..

කැමති අය ෆලෝ කරලා කමෙන්ට් එහෙම දාලා මට ශක්තියක් වෙන්නකෝ...
ඔයාලගේ ශක්තිය මට කියා ගන්න බැරි තරම් වටිනවා