ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

04 September, 2011

99 න් 100 ට... දේවා ගේ අඩවිය ශතකයක් ‍රැස් කල වගයි

ඔන්න දේවා ගේ අඩවිය මෙච්චර කාලයක් කියවපු ඔයාලා හැමොටම අද ටිකක් වැදගත් දවසක් වෙයි... සැප්තැම්බර් මාසේ කියන්නේ දේවා ට ගොඩාක් වැදගත් දවසක්.. මේ මාසේ 26 වෙනිදාට දේවා එයාගේ 23 වෙනි උපන්දිනේ සමරලා 24 වෙනි වසරට පා තබනවා....
ඒත් එක්කම මේ දේවා ගේ අඩවියේ 100 වෙනි ලිපිය.....

දේවා මිට කලින් බ්ලොග් එකක් ලියලා තිබුනත් මේ තරම් සාර්ථක විදිහට (ඔයාලට සාර්ථක ද නැද්ද කියන එක තිරනය කරන්න පුලුවන්...) ඇත්තටම මට නම් ඉතින් මේ ගමන ගැන මට නම් පුදුම සතුටක් තියෙන්නේ...

එදා 2011 අප්‍රියල් මාසේ 30 වෙනිදා දෙවෙනි උපතක් විදිහට මම බ්ලොග් ලොකයට ආවේ මීට කලින් සංසාරේ අපි ලියන දිල් අක්කාගේත් දැන් බ්ලොග් ලියන එකෙන් ටිකක් ඇත් වෙලා ඉන්න නදුන් මල්ලිගේ උදව් උපදෙස් වලින් ඒ කාලේ උන්නු ගොඩාක් දෙනෙක්ගේ අවවද උපදෙස් වලින් ලබා ගත්තු දැනුමත් එක්කමයි...

හා හා පුරා කියලා මම දැම්මේ මෙන්න මේ ලිපිය... මේක ඇත්තටම මට ගොඩාක් වැදගත් දෙයක් අලුතෙන් බ්ලොග් ලියන නංගිලා මල්ලිලා උනත් මේ දේ අඩුම තරමේ මාසෙකට සැරයක්වත් කරනාවනම් අපේ බ්ලොග් එක මොන ප්‍රශනයකදි උනත් ආයේ අපිට වෙන තැනක උනත් ගොඩ නගා ගන්න පුලුවන්...

මෙතනදි මම මුලින්ම මතක් කරන්නේ මගේ මේ පොස්ට් එකට මුලින්ම කමෙන්ට් කරපු අය්යාව.. ඒ අය්යා ලියන්නේ මෙන්න මේ බ්ලොග් එක...

ඔන්න ඔහොම පලෙවනි ලිපියේ ඉදන් එකම ෆලෝ වෙලා උන්නු මමත් එක්ක පොස්ට් 99 ට දවස් 126 ට ෆලෝ කරන ගාන අදට 165 වෙලා ඉතින් මට කොයි තරම් සතු‍ටුද?? 

කොහොමත් පලමු පොස්ට් ටිකට ඒ තරම් කමෙන්ට් නැති උනත් දැන් බ්ලොග් එකකට කමෙන්ට් 20ක් 30ක් විතර නම් ලැබෙනවා... සමහර බ්ලොග් එක්ක බලනකොට නම් ඒ ගාන මහ සාගරයකට වැටෙන පුන්චි වතුර බින්දුවක් තරම් වෙන්න ඇති... ඒත් ඒක මට මහ සාගරයක් තරම් වටිනවා....

මගෙත් එක්ක මගේ පලවෙනි පොස්ට් එකේ ඉදන් කමෙන්ට් වලින් ලග උන්නු තාමත් මගේ ලග ඉදන් මට ශක්තියක් වෙන අය කිප දෙනෙක් ගැන මම මේ පොස්ට් එකෙන් කතා කරනවා

මගේ පලවෙනි ලිපියට කමෙන්ට් කරපු 4,5 දෙනා අතරත් මගේ හැම ලිපියකටම වගේ මට ශක්තියක් වෙන කෙනෙක් විදිහට පන්සල් හන්දිය බ්ලොග් අඩවිය ලියන කල්හාර අය්යාව හදුන්වලා දෙන්න පුලුවන්... ඔන්න ගොඩාක් දෙනෙක් දන්න එතනට යන පාර...
මාලු ටික කාලා පැගිලා මැරුනා කිව හටි බලන්න, ලෙඩට ගැලපෙනම වෙද මහත්තෙකු ලගට යන්න, අලියා නැතුව හෙන්ඩුවෙන් වැඩ ගන්න ආදි නොයෙක් රස බර හිතන්න යමක් තියන කතා ගොඩාක් ඔයාලාට මෙකෙන් රස විදින්න පුලුවන්... මේ පොස්ට් 100 දි මට ශක්තියක් වෙලා ලග උන්නා වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා

ඊට පස්සේ විශේෂ ස්තුතියක් මම මාරයා ගේ හෝරාව ලියන මාරයා අය්යාට එහෙමත් නැත්නම් මේ දවස් වල මාර සරනිය හරහා කැම බිම හදා ගන්න හැටි පබිලිස් මාමටත් වඩා හොදට කියලා දෙන... ජිවිතේ අත්දැකිම් හිතට වදින විදිහට කියලා දෙන මාරයා අය්යාට  පුද කරන්න කැමතියි... ඔන්න මම ඒකට නම් ලින්ක් එකක් දාන්නේ නැ.. මේ බ්ලොග් කියවන කවුරු හරි එහෙට යන පාර දන්නේ නැත්නම් අද ඉපදුනු කෙනෙක් වෙන්න ඕනනේ,  ගොඩාක් ස්තුත්යි මාරයා අය්යේ හැම දේකටම මට උදව් කරාට... ගොඩාක් මට අමාරු වෙලාවල් වල ඔයා මට කියාගන්න බැරි තරම් ශක්තියක් අය්යේ... චිරාත් කාලයක් අපිත් එක්ක ජිවන අත්දැකිම් බෙදාගනිමින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

මගේ බ්ලොග් එක පටන් ගත්තු දවසේ ඉදන් මාත් එක්ක එකතු නොවුනත් කාටවත් කඩන්න බැරි උනු වාර්ථාවක් තියන මධුරංග අය්යාවත් ගොඩාක් ආදරෙන් සිහිපත් කරන්න ඕනා මේ වෙලාවේ.. මගේ බ්ලොග් එකේ මේ වෙනකන් දාපු පොස්ට් 99 කියවලා කමෙන්ට් කරපු එකම කෙනා විදිහට සිතක සංකල්පනා බ්ලොග් අඩවිය ලියන මගේ බ්ලොග් මෙන්ම සැබැ ජිවිතෙත් (බ්ලොග් නිසා හදුනා ගත්තු) අමිල සොහොයුරෙක් විදිහට මධුරංග අය්යාව හදුන්වන්න පුලුවන්... ඒ වගේම නවක බ්ලොග් වලට කමෙන්ට් වලින් දිරිමත් අය අතර ඉස්සරහින්ම ඉන්න කෙනක් කියලා කියන්නත් පුලුවන්.. ගොඩාක් ස්තුතියි අය්යේ ඔයාටත්... හැමදාම මත් එක්ක ඉන්නවා කියලා දන්නවා මම

කතන්දර කාරයා එහෙමත් නැත්නම් කකා මගේ බ්ලොග් එකේ පොස්ට් එකකට කමෙන්ට් එකක් දාපු දවසට ඇත්තටම මට ගොඩාක් සතු‍ටුයි. එහෙම දවස් ටිකක් මගේ මේ බ්ලොග් පොස්ට් 99 ඇතුලේ හිරවෙලා තියනවා... කතාන්දර ගේ බ්ලොග් එකට යන පාර අන්ධ මනුස්සයෙක් උනත් කොහොමහරි කරනවා.. මොකද ඒ තරම් කකා බ්ලොග් කලාවේ පතාක යොදයෙක්...ගොඩාක් පින් අය්යේ මේ වගේ පොඩි බ්ලොග් එකක් බලන්න එනවට

තවත් ගොඩාක් දෙනෙක් ගැන නම් මට කියන්න තියනවා.. එත් පොස්ට් එක ගොඩාක් දිග වැඩි වෙනවා එතකොට.. මේ අතරට චම්මා , මාතලන් ,මාලු ටැංකියේ ප්‍රසන්න, චතු.. ,ත‍ටු සිදුන සමනලි , සොදුරු සුව අසපුවෙන් හැමදාම මට ශක්තියක් වෙන මහේෂ් අය්යා,  දැන් පොඩ්ඩක් සයිලන්ට් වෙලා ඉන්න සුපර් මාරියෝ

තව ඩිංගෙන් අමතක වෙනවා සමාව වනා නිසා කියන්න බැනේ...හිස් අහසේ සදරු මලයා කොහොම අමතක කරන්නද... කලින් මේ බ්ලොග් එකට කිවේ සදරුගේ ලොකය කියලා.. එත් හිස් අහසේ සදරුගේ බ්ලොග් එකේ මුලින්ම මම පොස්ට් එකකට දැක්කේ අර බොස් අලුත් කාර් එකක් ගත්තු දා බයික් එක ඔ‍ෆිස් එකේ අමතක කරලා කාර් එකේ ගිය ගමන ගැන ලියපු කතාව. ඉතින් ඊට පස්සේ සදරුයි මමයි පැටලිලා මගේ බ්ලොග් එකේ අඩු පාඩු සදරු පිටින් යයි කියන බයට මම දේවා ගේ අඩවිය උනා... සදරු කියන්නේ ඇත්තටම රියල් බ්ලොග් කරුවෙක්.. ඒකට පාර දාන්න දෙයක් නැ පොඩි එකෙක් උනත් දන්නවා...

ඒ වගේම සිතිවිලි නිහඩයි එහෙමත් නැත්නම් සිනි නංගා... හැම වෙලෙම අලුත් බ්ලොග් වලට අත හිත දෙන නදි අක්කා , මේ දවස්වල අලුත් වෙලා ඉන්න තොන්සා ,කමෙන්ට් වලින් බ්ලොග් ලියන හැමෝටම ශක්තියක් වෙන කොච්චර කිවත් බ්ලොග් එකක් නොලියන ගිම්හානි අක්කා... නම් නොකිවත් හැමදාම මම ලග ඉන්න ආදරණිය ඔබ , කමෙන්ට් කරන නොකර සැම .. බ්ලොග් රෝල් වල මට ගොඩක් තැන් දිලා තියන හැමොටම

සිංහල බ්ලොග් සංසදය. ලාංකිය සිතුවිලි, නිම්නය , කොත්තු. සිගිරි ආදි එකි නොකි සින්ඩි වල සැමට

හැමදාම  මට මට නම් කියන්න බැරිවුන බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන හැම දෙනාටම ගොඩාක් පින් හැමදාම මගේ ලග ඉන්නවට

ආදරයෙන් බලා පොරොත්තු වෙනවා ඔයාලගේ සහයොගය හැමදාටම

ප.ලි : නම කියලා ඔයාලාට ස්තුති කරන්න බැරි උන අය සමා වෙන්න  මට... ඔයාලා තමයි මගේ ශක්තිය.. පොස්ට් 200 වෙන්න කලින් ෆලෝ 200ක් විතර හදාගෙන වැඩක් තියන ලිපි විතරක් ඔයාලත් එක්ක බෙදාගෙන ලොකු ගමනක් යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා මට

ප.ප.ලි : මේ පොස්ට් එක ඉක්මනින්ම දාපු නිසා ඔයාලට මගේ කලින් පොස්ට් එක මග හැරුනද මන්දා....

107 comments:

  1. මගේ හෘදයාංගම සුභ පැතුම් , මේ ලිපි සියයෙන් මට එන්නට පුළුවන් වුනේ ටිකකට වෙන්න පුළුවන් , මොකද මං බ්ලොග් වලට ඇවිත් ටික කාළයයිනේ . ඒත් ඒ ටික කාළෙට මම ඔබේ ලිපි මගින් වැදගත් , රසවත් හෘදයාංගම බොහෝ දේ ඉගෙනගත්තා ,රස වින්දා , ඒ සතුට පිනක්ව ඔබට ලැබේවි නිතැතින්ම.

    ReplyDelete
  2. Jaya wewa dewa, 120ta 220k ayibowewa.
    Subha upan dinayak kiyalath kiyannadha?
    Jaya wewa dewa, 120ta 220k ayibowewa.
    Subha upan dinayak kiyalath kiyannadha?

    ReplyDelete
  3. සුභ පැතුම් කොලු පැටියෝ...!!!

    බ්ලොග් ළොව වෙන්සක් කොරන්නට හේතූ වාසනා වේවා ...!!!

    ReplyDelete
  4. සියවෙනි පෝස්ට් එකට මගෙන් සුබ පැතුම් !!!!!
    ඒවගේම දිගටම බ්ලොග් කලාවේ රැදී ඉන්න වරම් ලැබෙන්න කියලත් පතනවා. වැඩි වැඩියෙන් කමෙන්ට්ස් වැඩි වැඩියෙන් හිට්ස් ලැබිලා තව තවත් සාර්ථක බ්ලොක් කරුවෙක් වෙන්න වරම් ලැබෙන්න කියලා පතනවා. මම නම් හීනෙකින්වත් හිතුවේ නැහැ මල්ලි, මල්ලිගේ බ්ලොග් පෝස්ට් එකක මාව මෙච්චරට වර්ණනා කරයි කියලා. වර්ණනා ඕනේ නෑ මල්ලි. දිගටම මල්ලිත් එක්ක ඉන්නවා. ආහ... තව පොඩි දෙයක් !!!! සාර්ථක සියවෙනි පෝස්ට් එක පලකරන මේ මොහොතේ තවත් ආධුනික බ්ලොග් කරුවෙක්ට අතදෙන්න පුළුවන් නම් එක එයාට ලොකු ශක්තියක් වේවි.

    කියන්න නම් ගොඩක් දේවල් තිබ්බට වෙලාව තමයි හොයාගන්න බැරි. තාම අපේ විභාගේ ඉවර නම් නෑ. ඒ නිසා මම මෙතනින් නවතින්නම්. දිගු ගමනක් බ්ලොග් කලාව තුල යන්නට වරම් නැවත වරක් පතනවා මම්.

    ReplyDelete
  5. ප.ලි. - සියවෙනි පෝස්ට් එක අගහරුවාදා දානවා කියලා කලින්ම ලියලා මොකෝ. කමක් නෑ මම කියෙව්වා..හික්ස් :)

    ReplyDelete
  6. 100ට වගේම එන්න තියෙන බෝද්දේ එකටත් එක්කම ඔන්න මලය අපෙන් සුභ පැතුම්!...

    ReplyDelete
  7. සුබ පැතුම් දේවා... දිගටම ලියමු. මෛ වගේ උනන්දුවකින් බ්ලොග් ලියන එක ගැන හරිම සන්තෝසයි

    ReplyDelete
  8. සුභ පැතුම්! තවත් ගොඩක් කාලයක් ලස්සනට ලියන්න.

    ReplyDelete
  9. අප්‍රමාණ සන්තෝසයි මල්ලි, සියවෙනි පෝස්ට් එකට මගෙන් උණුසුම් සුබ පැතුම්, ඒ වගේම මම ගැන ඡේදයක්ම මේ පෝස්ට් එකේ වෙන් කරපු එකටත් බොහොම ස්තුතියි .......

    මම දකින විදියට දෙයක් කියන්නද, මම හිතන්නෙ මම මීට කලින් මේක කියලත් තියනවා, දේවා මල්ලි පුලුවන් තරම් ටෙක්නිකල් පැත්ත ලියන්න බලන්න. ඒ පැත්තෙන් ලිව්වොත් වැඩි දවසක් යන්න කලින් ඉහලම හිනි පෙත්තට යන්න පුලුවන් .......

    ඒකෙන් අනිත් දේවල් ලියන්න එපා කියලා අදහස් කරන්නෙ නැහැ, ඒ වගේම තමා බුදු හාමුදුරුවන්ටත් තරහා කාරයො හිටියා, කිසිම දේකට සැලෙන්න එපා ......

    මලයට මම ආයිත් හදවතින්ම සුබ පතනවා .......

    ReplyDelete
  10. බ්ලොග් ලොවේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න මගෙනුත් සුබ පැතුම්!ජය!

    ReplyDelete
  11. උණුසුම් සුබ පැතුම්.
    දිගටම ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
  12. සුභ පැතුම් දේවා මල්ලි...

    ReplyDelete
  13. happy birth day to you and all the best for blogging.

    ReplyDelete
  14. මහේෂ්: අය්යේ ඔයා වගේම මමත් මේ බ්ලොග් එකත් එක්ක ආවේ අලුත් කෙනෙක් වගේ... ඒ වගේම ඔයා ගොඩාක් මගේ ලිපිත් එක්ක උන්න කියලා මට විශ්වාසයි.. ඒකට ඔයාට ගොඩක් පින්..ගොඩාක් ස්තුතියි අය්යේ

    ReplyDelete
  15. සජිත් : බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.. උපන්දිනේට සුභ පතන්න එදාට එමු නේද?? (26)

    ReplyDelete
  16. මාතලන් : ගොඩාක් ස්තුතියි අය්යේ... බලමු නේද හැමෝම එකතු වෙලා

    ReplyDelete
  17. මධුරංග : ඔයාල ඔය වගේ මට ශක්තියක් වෙන නිසා තමායි මට මේ තරම් දෙයක් කරගන්න ලැබුනේ... අනිවාර්යෙන්ම අය්යේ මම අලුත් බ්ලොග් කරන හැමෝම එක්ක පුලුවන් තරම් ඉන්නවා.. පොඩ්ඩක් මේ ටිකේ මම විභාග අස්සේ හිර වෙලා නිසා තමයි ටිකක් විතර අඩු වෙලා නම්

    ප.ලි : ඒකට නිදහාස්ම වෙලාව සති අන්න්තේ කියලා හිතුනා අය්යේ

    ReplyDelete
  18. සාතන් : ගොඩාක් ස්තුත්යි කිව්වා ඔන්න... ආහ් බර්ත් ඩේ එකට අදම විශ් කොරලා බැ එදාට එන්නකෝ

    ReplyDelete
  19. අලුත් කොල්ලා : අනිවා අනිවා... ඔන්න බොහොම ස්තුත්යි කිවා මේ පෑත්තේ ආවට

    ReplyDelete
  20. සංජු : ගොඩාක් ස්තුතියි .... ගොඩාක් කල් පුලුවන් උපරිමයෙන් ඔයාලත් එක්ක ඉන්නයි කල්පනාව

    ReplyDelete
  21. පන්සල් හන්දිය : අගය කරන්න ඕන අයව.. වටින කියන අයට එහෙම තෑනක් දෙන්නම ඕනා... අය්යා මට කලින් ඒ ගෑන කිවා කියලා මට හොදට මතකයි අය්යේ... සමහර තැන් වලදි ටෙක් බ්ලොග් වලට පොඩ්ඩක් තෑන ලැබෙනවා අඩුයි කියලා මට හිතෙනවා.. ඒත් මම පොඩ්ඩක් මේ පොස්ට් 101ඉදන් පිලිවලක් කරන්න කියලා හිතුවා.. අනිවා පොස්ට් 10කට එකක්වත් ටෙක් ලිපි ලියන්නම්.. පොඩි වර්ගිකරනයක් කරලා ලිපි ලියන්න හිතුවා පිලිවලක් ඇතුව.. දිගටම ඉදලා කියන්නකෝ කොහොමද කියලා

    ReplyDelete
  22. අහා කොල්ලා ශතකයක් වාර්ථා කලා එහෙනම් ....
    ඔන්න අපෙනුත් සුභ පැතුම් එහෙනම්.. නොසැලී ඉදිරියට යන්න මල්ලී.. ඉඩ ලද හැමවිටම අපි ඇති ඔබගේ අඩවියේ.....


    ජය වේවා.....

    ReplyDelete
  23. නදි : ගොඩාක් ස්තුතියි අක්කෝ..

    ReplyDelete
  24. Praසන්ன : දිගටම ලියන්න ඔයාලා මට ශක්තියක්

    ReplyDelete
  25. මාරයා ගේ හෝරාව : ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය් අය්යේ....

    ReplyDelete
  26. සුභ පැතුම්. සරල සොඳුරු විදියට පවත්වාගෙන යන්න මගේ සුභාශිංශන

    ReplyDelete
  27. දෙවාගේ අඩවිය කියවන්නෙක්September 4, 2011 at 11:35 AM

    ඔන්න මගෙනුත් දේවා අයියට සුබ පැතුම් එකතු කළා.
    සියයක් පොස්ට් ලිව්වා වගේම දෙසියයක් ලියන දවසත් වැඩි ඇතක නොවේවා කියලා පතනවා.
    කල්හාර අයියා කිව්වත් වගේ ටෙක්නිකල් ලියන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    මම දේවා අයියගේ බ්ලොග් එක කියවන්න අරන් ටික කාලයක් උනත් ගොඩක් හරවත් දේවල් තිබුනා. ගොඩක් ස්තුතියි ඒවාට....

    ReplyDelete
  28. ඔන්න මගෙනුත් දේවාට උණුසුම් සුභ පැතුම්.... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  29. ඔන අපෙනුත් සුබ පැතුම් :D ආවට කමෙන්ට් කරන්නෙ පලවෙනි පාරද කොහෙද..බ්ලොගර් වල කමෙන්ට් එකක් කරපුවාම පේජ් එක රීෆ්‍රෙශ් වෙන හන්දා මම කමෙන්ට් කරන්න අමු කම්මැලී :D

    ReplyDelete
  30. මගෙත් උණුසුම් සුභපැතුම් සහෝ! ලිපි ශතකයක් කියන්නේ මහන්සි වෙලා ලියන බ්ලොග්කරුවෙක්ට සෑහෙන්න වටිනා දෙයක්. ඉක්මනටම 200ත් ගහන්න ලැබේවා....

    ReplyDelete
  31. Blog එකේ ශතකයට මගෙන් උනුසුම් සුබ පැතුම්.දිගින් දිගටම blog එක ලියන් යන්න සුබ පතනවා.

    ReplyDelete
  32. මගෙනුත් සුබ පැතුම් දේවා ! ඔහොම යමු නේද

    ReplyDelete
  33. මගෙනුත් සුභ පැතුම් දේවා !

    ReplyDelete
  34. බ්ලොග් කලාවේ 100ක් ගහනව කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.....ඒ අමාරු කඩයිම පසු කර දේවට 200ක් ගහන එක එච්චර දෙයක් යැයි.....

    සුබපැතුම්.....දිගටම කරගෙන යන්න........

    ReplyDelete
  35. සුභ පැතුම් මචං...

    ReplyDelete
  36. ආ එල එල, එහෙනම් සීයෙක් උනා මෙයත්! මගෙන් උණුසුම් සුබ පැතුම් සීයට(100) :D

    ReplyDelete
  37. ටික දවසකින් මේ පැත්ත්තේ එන්නත් බැරි උනානේ..මගෙනුත් උණුසුම්ම උණුසුම් සුභ පැතුම් 100 වෙනි පෝස්ට් එකට..දිගටම හොද ලිපි දාන්න..සුභ පතනවා අනාගතේට...

    ReplyDelete
  38. ස්තූතියි මගේ ගැනත් පෝස්ට් එකේ සඳහන් කිරීම ගැන.ඒ වගේම තව තව වැඩි වැඩියෙන් කමෙන්ට්ස් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉක්මනටම 200ටත් ලඟා වෙන්න ශක්තිය ලැබෙන්න ඕනෙ කියලත් ප්‍රාර්තනා කරනවා.ඔබට ජය!

    ReplyDelete
  39. මොනවද යකෝ තෝ 100ක් ලිව්වෙ? ඔයාලා මෙයාලා කිය කිය ලිව්ව ඒවල මෙලෝ රහක් නැහැ. තොගෙ බ්ලොග් එකට ආවට වැඩිය හොඳයි බල්ලොන්ට පකඩ අරං දැම්ම නං! අඩුගානේ පිරිමියෙක් වගේ ලියපන්කෝ!

    ReplyDelete
  40. උනුසුම් සුබ පැතුම් දේවා අයියේ....
    ඔයාට තව තවත් හොදින් මේ බ්ලොග් එක කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා..!!!!

    ReplyDelete
  41. මචන් දේවා ඉස්සෙල්ලම පොස්ට් 100 කඩඉමට ආවට මගේ සුභ පැතුම්,මම බ්ලොග් එකක් ලියන්නේ නැති කාලේ ආසාවෙන් කියවපු බ්ලොග් ලිස්ට් එකේ තිබ්බ බ්ලොග් එකක් තමයි ඔයාගේ බ්ලොග් එක..[මම හිතන්නේ මම ඒක කලින් කියලා නැද්ද කොහෙද ].
    පොස්ට් 100 කඩඉමට ආවට වගේ 200 ටත් ඉක්මණටම යන්න පුළුවන් වේවා..
    බ්ලොග් ලෝකයේ බ්ලොග් තරුවක් වෙන්න හැකි වේවා !!!

    මගේ ගැනත් කිව්වට බොහොම ස්තුතියි :)

    ReplyDelete
  42. දේවා සුභ අනාගතයක්. දිගටම ඉන්නං ඔබත් එක්ක.

    ReplyDelete
  43. සුහ පැතුම්!! තව තවත් ගොඩාක් ඉදිරියට ලියන්න වාසනාව ලැබේවා!!

    ReplyDelete
  44. ගිම්හානි : එහෙනං මන් ඔන්න සෙන්චරියක් ගහලා.... ඔයාලා තමයි ඉතින් මට ඉන්න ලොකුම ශක්තිය,, පුලුවන් හැම වෙලාවෙම එනවට මම ගොඩාක් කෑමතියි

    ReplyDelete
  45. දුලාන් : සරල සොදුරු........... මම හිතනවා මට පුලුවන් වෙයි කියලා යලුවා... ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  46. දේවා ගේ අඩවිය කියවන්නෙක් : ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට.....දිගටම එන්නකෝ..

    ReplyDelete
  47. ගිතික ඇත්ත කතා : ස්තුතියි යාලුවා..

    ReplyDelete
  48. ගහපු සෙන්චරිය ඩබල් කර ගැනීමට දිරිය ශක්තිය ලැබේවා. අම්බලමේ සුබ පැතුම්

    ReplyDelete
  49. දිනේෂ් : ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවා...

    ReplyDelete
  50. මදුශාන් : මමත් හිතනවා මේ පලවෙනි කමෙන්ට් එක කියලා.... ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  51. blog gadol : ස්තුතියි සහෝ... ඇත්තටම ඉක්මනට කොහොම වෙතත් වටින කියන ලිපි ටිකක් දාන්න හිතාන ඉන්නවා මම..ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  52. ඇනෝ : ස්තුතියි යාලුවා...

    ReplyDelete
  53. දිල් : ස්තුතියි අක්කෝ... ම්හ්ම් මෙහෙම දුවලා බලමු...

    ReplyDelete
  54. වෙනි : ගොඩාක් ස්තුතියි යාලු...

    ReplyDelete
  55. අදුරෙන් එලියට : ඒකනම් ඇත්ත යාලුවා... ඒත් ඉතින් දැන් ඔයාත් සයිලන්ට් එකේ උන්නා ඇති නේද??ආයේ වැඩ පටන් ගමු නේද යාලු

    ReplyDelete
  56. prasanna86k : හා හා ඔන්න ඉතින් නිකන් අත් දෙක වන වනා නම් උපන්දිනේට එන්න එපා මාලු.. ස්තුතියි මචෝ..

    ReplyDelete
  57. සසින්ද්‍ර : ඔන්න කිවා කථාවක්.. ඒහෙමනම් දැන් මාරයා අය්යලාට , කකා ලට කියන්නේ මොනවා කියලද මල්ලෝ

    ReplyDelete
  58. විශ්ව : සුභ පැතුමටනම් තැන්ක්ස් හොදේ.. ඒත් ඉතින් එහෙම අපිව අමතක කරලා දාන්න එපා හොදේ....

    ReplyDelete
  59. තොන්සා : හ්ම්හ්.... ඒවා ඉතින් ඔයාලාගෙන් තමයි හම්බ වෙන්න ඕනේ මට

    ReplyDelete
  60. සන්ජය සිතුවිලි : ස්තුතියි යාලු

    ReplyDelete
  61. සපතේරු උන්නැහේ : ජයෙන් ජය ඔබටත්

    ReplyDelete
  62. ලොවෙත් නෑ අයියා කමෙන්ට් 68යි...

    මටත් කියන්නම ඔන දෙයක් තමයි, මේ බ්ලොග් නිසා මමත් ගොඩක් හොද අය අදුර ගත්තා. ඒක මටත් ලොකු හයියක්... ඒ වගේමයි අයියෙ මේ බ්ලොග් ජීවිතේ ඔයා මට මගේම සහෝදරයෙක් වගේ...

    මේ දවස් වල කැම්පස් එකේ වැඩ නිසා එන්න වෙන්නෙම නෑ බ්ලොග් පැත්තෙ..මම මේ තකහනියක් ආවෙ ඔයාගෙ 100 පෝස්ට් එක දැම්ම කියන ආරංචියට... ඇවිල්ල බලද්දි මම ගැනත් කියලා.. සංතෝසෙ බැරුවා.. :D :D :D

    ජය වේවා අයියේ....!!!!

    ReplyDelete
  63. සුබ පැතුම් දෙවා අයියන්ඩි ..!! බොහෝම ලස්සනට ලියාගෙන ආපු බ්ලොග් එකක් වෙච්ච මේක මම මුලින්ම දැක්කේ මගේ ගැන දාලා තිබ්බ ලිපියෙන් තමයි . ඒ ලිපියේ ඉඳන් මේ වෙනකොට උඹ කොයිතරම් සාර්ථක විදිහට මේ බ්ලොග් එක ලියා තියනවාද ? නිතරම කමෙන්ට් එකරන්න බැරි වුණත් මම මේක නිතරම කියවනවා ..

    100ක් ලියලා ගේම අතාරින්න නම් එපා මචං පුලුවන් උපරිමේට ලියාගෙන යන්න ..

    මමත් මුල් කාලේ දඩි බිඩියේ ලීවත් දැන් එක පෝස්ට් එකකට දවස් තුනක් විතර කල් අරගෙන ලියනවා ..

    ඉතින් උඹ මේ පෝස්ට් එකේ මාවත් මතක් කල එක මට මාරම සතුටක් අයියා ..!

    ReplyDelete
  64. සුභ පැතුම් දේවා මලේ... ඇත්තටම ඔයා ලියන්න ගත්තු මුල් දවස්වල නම් මට වැඩි පැහැදීමත් තිබුණේ නෑ. ඒ වෙන මොකටවත් නෙවෙයි. හැම පෝස්ට් එකක් යටින්ම ෆලෝ... කමෙන්ට්ස්... වචන දෙන වරදින්නැති නිසා. මම නම් අකමැතිම වැඩක් ඒක. සාර්ථකත්වය බලෙන් ලබා ගන්න බෑ කියලා මලයා දැන් තේරුම් අරන් කියලා මම දන්නවා. මොකද අවසානයට කරපු පෝස්ට් 10-15 හොඳටම කරලා තියෙන නිසා. හැම එකටම කමෙන්ට් නොකලත්, අද වෙන කොට මම උඹේ බ්ලොග් එක නොවරදවා කියවන අනිවාර්ය බ්ලොග් එකක් වෙලා. ඉතින්... ඉස්සරහටත් මේ විදියටම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්නට... දිගටම ලියන්නට දෑතට ශක්තිය ලැබේවා...! ඔළුවට පෝස්ට් ගොඩ ගැසේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්... කමක් නෑ නේද ?

    හරවත් දෙයක් ලිව්වොත් අනිවා කියවන්න අය එනවා... හැම වෙලාවෙම දෙන දේ හොඳට දෙමු. ඔයා බ්ලොගින් බල උඩින් ඉන්න, හොඳ traffic තියෙන බ්ලොග් රචකයෙක්. ඒ නිසා සිංහල පාඨකයන්ට හොඳ දෙයක් දෙන්න ලොකු වගකීමක් තියෙනවා... බය කළා නෙවෙයි හොඳ ද. අපි යාළුවොනේ බං...

    මෙහෙම ගියොත් මාරයා අයියටයි, කතන්දර ශූරීන්ටයි එයාලගේ title ගලවන්න වෙයිද මන්දා... උඹ යනවා ඒ තරම් වේගෙන්....

    ඔක්කොමත් එක්කම සුභ උපන් දිනයකුත් පතන්නම් !!! ජයෙන් ජය සහෝ...!

    ReplyDelete
  65. 100 යට 1000 ක් 2000 ට 3000 ක් ම ලියන්න වාසනාව ලැබෙනවා නියතයි....

    ReplyDelete
  66. එළ එළ දේවා මලේ. සුභ පැතුම් !!!!

    දිගටම ලියන්න.....

    ජය....

    ReplyDelete
  67. සුභපැතුම් සහෝ! දැන් ඉතින් ඩබල් සෙන්චරියට යමු.නිතරම එන්න වෙන්නෙ නැතත්, හැම පෝස්ට් එකකටම කොමෙන්ටු නොදැම්මත් ආපු වෙලාවට ඔක්කොම බලලයි යන්නෙ. ඔහොම යං.

    ReplyDelete
  68. ලිපි සීයක් ලිව්ව වගේ තවත් හරවත් ලිපි රාශියක් ලියන්න‍ට දේවාට හැකියාව ලැබේවා.

    ReplyDelete
  69. සුභ පැතුම් මල්ලි..දිගටම ලියන්න.චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ වැජබේවා.
    ඔයාගෙ "ඇනෝ වැඩ නවත්වන්න මෙන්න නියම භාණ්ඩේ..." ලිපියෙන් මං මගේ බ්ලොග් එකට දේවල් එකතු කර ගත්තා. බොහොම ස්තූතියි ඒකට.

    ReplyDelete
  70. ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියා..... (ඔන්න පරක්කු උනාට බනින්න බෑ හොදේ...මට ගෙදරට නෙට් නැනේ..හික්ස්....)

    මේ 100 නෙමේ 1000 ක් 2000 ක් නෙමේ.....දහසේ ගුණාකාර වලින් ලියන්න අයියට ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා හොඳේ......
    (මේ මන් කමෙන්ට් දාන්න පරක්කු උනාට පොස්ට් එක අනිවා කියවනවා හරිද...)

    ReplyDelete
  71. මගෙනුත් සුභ පැතුම් :-)

    ReplyDelete
  72. ඇනෝ: ඒක ඔයාට හිතෙන හැටිනේ... ගල් මුල් ඔක්කොම බාර ගන්නවා.... ඔන්න ඉතින් ඔයා කියන දේ උනත් අපි අහනවා

    ReplyDelete
  73. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් අය්ය..
    දිගටම ලියන්න..

    ReplyDelete
  74. dulantb : ස්තුතියි යාලුවා

    ReplyDelete
  75. චතු..... : අනිවා යාලුවා ඔයාලගේ සහයෝගයෙන් ගොඩාක් දුර යමු අපි

    ReplyDelete
  76. සුභ පතන්න ටිකක් පරක්කු වුනා,, අයියට තවත් හොඳට ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා... :)

    ReplyDelete
  77. චම්මා : කියලා නැ නේන්නම් යාලුවා... මට නම් මාර හැපි.... ඔන්න ඉතින් හැමදාම එන්නකෝ.

    ReplyDelete
  78. දය්යා : අන්න ඒක තමයි මටත් ඕනේ..

    ReplyDelete
  79. හිම කුමරි : බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට....

    ReplyDelete
  80. අම්බලම : බලමු ඉක්මනටම

    ReplyDelete
  81. සුපර් මාරියෝ : මටත් මගේ බ්ලොග් ජිවිතේ හම්බ උනු ගොඩාක් ක්ලොස් සහොදරයෙක් විදිහට ඔයා ගැන කියන්න පුලුවන්.... ගොඩාක් ස්තුතියි වැඩ ගොඩාක් තියාගෙන මේ පැත්තේ ඇවිත් යනවට... වැඩ ඔක්කෝම ඉවර කරගෙන එන්නකෝ මල්ලෝ

    ජය වේවා

    ReplyDelete
  82. හිස් අහස: බ්ලොග් ජිවිතේ මට හම්බවුනු ගොඩාක් සුන්දර කෙනෙක් විදිහට ඔයාව දැක්කේ...
    සමහර වෙලාවට කියන්න හම්බවෙන ඔයාගේ කතා ඇත්තටම සුපර්... දෑනට බ්ලොග් ‍ෆිල්ඩ් එකේ සුපර් කෙනෙක් ඔයාත්...

    අනිවා නවත්වනේ නැතුව ලියමු.. ඔයාට තරම් කමෙන්ට් හම්බ නොවුනත්..

    ReplyDelete
  83. චතුරංග : අම්මේ අය්යේ එකක් නම් වැරදියි මගේ හිතේ කකා වත් මාරයා අය්යටවත් ලං වෙන්න තියා ඒ අයට ලං වෙන්නවත් තරමේ වැඩක් මම තාම නම් කරලා නැ...
    කොහොම උනත් ඔයා කියපු දේ නම් ඇත්ත.. එහෙම කියපු කාලයකුත් තිබුනා.... පොස්ට් ගොඩාක් එක්ක හැමදමත් ඔයාල එක්ක ඉන්නයි මගෙත් බලා පොරොත්තුව...ස්තුත්යි අය්යා

    ReplyDelete
  84. රතු මුහුද : ඒ හැම පොස්ට් එකක්ම බලන්න එන්නත් ඕනේ හොදේ

    ReplyDelete
  85. නචියා : ගොඩාක් ස්තුතියි අය්යේ,....

    ReplyDelete
  86. රාජ් : අනිවාර්යෙන්ම යාලුවා ..... පුලුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා

    ReplyDelete
  87. බට්ටි : අනිවා අනිවා ලියමු තව කාලයක්

    ReplyDelete
  88. නිසුපා : මමත් ඔයාගේ බ්ලොග් එක කියවන්න අරන් ඒ තරම් කාලයක් නොවුනත් අමුතුම හැඩයක් තියනවා ජය වේවා ඔයාට

    ReplyDelete
  89. සිතිවිලි නිහඩයි : ඔයා අනිවා එනවා කියලා නම් මම දන්නවා.... අර කිවත් වගේ ගෙදරට ඉක්මනට ඔය කොම්පිටරයක් ගමු නේද නංගෝ....

    ReplyDelete
  90. ජය වේවා දේවා අයියා! හැමදාම එලටම බ්ලොග් එක කරන්න! මාත් ගොඩක් සුභ පතනවා ඹයාට! සුභ ගමනක්!

    ReplyDelete
  91. Dedunu Dhananjaya : ස්තුතියි හැමදාම අපි ලග ඉන්නවට

    ReplyDelete
  92. ත‍ටු සිදුන සමනලි : ඔයා මගේ නංගි වගේ.. හැමදාමත් ශක්තියක්

    මොකද මේ දවස්වල සයිලන්ට්

    ReplyDelete
  93. ප්‍රාර්ථනා : පරක්කු උනාට කමක් නැ නංගෝ... අපිත් එක්ක හැමදාමත් ඉන්නකෝ.. ඒක අපිට ගොඩාක් වටිනවා

    ReplyDelete
  94. මගෙනුත් සුභ පැතුම් ඔන්න.දිගටම බ්ලොග් කරණයේ යෙදීමට ආයු ලබේවා.

    ReplyDelete
  95. බ්ලොග් අවකාශේ තව ගොඩාක් දුර ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා සහෝදරයා....

    ReplyDelete
  96. ශතකය ලඟදි හරි මාත් එකතු උනා.. කොහොම උනත් බ්ලොග් එකෙන් අදුර ගත්ත දේවා අයියා කවුද කියලා දැන ගත්තෙ පස්සෙදි නේ. දැනගන්න ලැබීම නම් ලොකුම සතුටක්. හැමදාමත් ලස්සනම ලස්සන අදහස් වලින් බ්ලොග් අඩවිය පුරවන්න දේවා අයියාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මුළු හදින්ම සුබ පතනවා..

    ReplyDelete
  97. මාධව : ගොඩාක් ස්තුතියි මල්ලියෝ... ඔයත් මම දැක්ක අමුතුම ලස්සනකට බ්ලොග් එක ලියනවා..

    ReplyDelete
  98. රනුල් : ගොඩාක් ස්තුතියි මල්ලිටත්

    ReplyDelete
  99. StArry aNgeL : ගොඩාක් ස්තුතියි ඔයාටත්, හැමදාමත් අපිත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  100. හංසි : තාම නම් ඉතින් බ්ලොග් ලොකේ කවුරුවත්ම මම හැබැයින් දැකලා නැ ඔයා පලවෙනියා වෙයිද දන්නේ නැ... ගොඩාක් ස්තුතියි හැමදාම අපිව බලන්න එනවට

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....