ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 September, 2011

අත් අඩංගුවට... ඒත් ඇත්තටම මම ගොඩාක් ඒකට කැමතියි... අපේ අනගතේ වෙනුවෙන්

ඊයෙත් පොස්ට් එකක් දාගන්න වත් බ්ලොග් බලන්නවත් විදිහක් නැ කියලා අඩ අඩා උන්නා.. ඒ  අස්සේ අද මොනවාද මේ කියවන්නේ කියලා ඔයාලට හිතෙනවා ඇති... ඒ තියාගෙන අදත් ඔන්න පොඩ්ඩක් කොටලා යන්න  කියලා ආවේ...

කොයි තරම් පාඩම් වැඩ තිබුනත් මේ නෙට් අස්සේ රින්ගනවා කියලා අදාල බලාධාරියා දන්නවා... ඉතින් ඔන්න ඒකටත් වැට කඩොලු බදින්න කියලා හෙට සිට ක්‍රියාත්මක වෙන පරිදි ඩොන්ගල් රාජයා අත් අඩංගුවට..

ඇත්තටම ඔයාලා එක්ක ඉන්න ලැබෙන එකට පොඩ්ඩක් බාධාවක් උනත් ඔයාලා එක්ක ඉන්න තව ගොඩාක් කාලයක් තියන නිසා මේ දවස් ටික එහෙම උනා කියලා ඔයාලා මාව දාලා යන්නෙත් නැ කියලා මම දන්නවා..

ජිවිතේ සමහර තිරණ මම වෙනුවෙන් එයා ගන්නකොට ඒ දේවල් ජිවිතේ යහපත
වෙනුවෙන් කැප වෙනවා දකිනකොට මගෙන් වෙන සමහර වැරදි ගැන මට ගොඩාක් දුක හිතෙනවා..

සො එහෙමනම් ටික දවසකට හැමදේටම අයුබෝවන් කියනවා මම...

ඔයාලගේ කමෙන්ට් මට ලොකු ශක්තියක් උනා මට හැමතැනකදිම

අද ඉතින් කියන්න තරම් දෙයක් මට මතක් වෙන්නේත් නැ..

තරහ නැනේ ඉතින් මගේ යාලුවනේ

වත්කම් වගකිම්. වියදම්, මුදල් පොත් ශේෂ පත්‍ර, හර බැර,
ඕවා ඔක්කොම එක්ක මාත් ටැලලිලා...

කොහොම හරි ඔන්න මම ගියෝ.................

15 comments:

  1. විභාගේ ඉවර වුන ගමන් ආයේම එන්න. හොදට පාඩම් කරලා උපරිම ප්‍රතිපල ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා .ජයවේවා !!

    ReplyDelete
  2. තව දෙයක් කියන්න අමතක උනනේ... ඉතින් ඔන්න මම කියවන ගොඩාක් බ්ලොග් මට මේ දවස් වල කියවන්න වෙන්නේ නැතිවෙයි... ඉක්මනට ආපු ගමන් ඒ හැම එකක්ම කියවනවා... තරහ වෙන්නේ නැනේ ඉතින්

    සමහර ඒවට මම කමෙන්ට් කරලා නැතුව ඇති.... අනේ සමාවෙන්නකෝ...

    ReplyDelete
  3. මම මේ අඩවිය ට ආවේ අලුතින්.....
    විභාගේ ඉවර වෙලා ආයෙත් මේ පැත්ත ට එන්න. අපේ හිතේ කිසි තරහක් නෑ. විභාගය ට ජයෙන් ජය ම ලැබේවා!!!

    ReplyDelete
  4. එහෙනම් හොදටම විභාගේ කරගන්නකෝ. ඒක ගොඩ දාගෙනම එමු. මාත් කාලයක් බ්ලොග් පැත්තෙ වත් ආවේ නෑ විභාගේ හන්දා.

    මම් ආසම විශයක් තමා වාණිජය කියලා කියන්නේ. ගිනුම් වලට පට්ටම ආසයි. ඒත් කවදාවත්ම මගේ ශේශ පත්‍රයක් සමාන වෙලා නෑ. ඕ ලෙවල් වලදිත් ඔහොම උනා. කැම්පස් ආවට පස්සේ මැනේජ්මනට් කියලා සබ්ජෙක්ට් එකේදිත් ඔහොම උනා.

    ReplyDelete
  5. එල එල... ඉස්සෙල්ලා විභාගේ ගොඩදාගනින්කෝ! පස්සෙ ආපහු ලියමු :)

    ReplyDelete
  6. විභාගේ ගොඩ දාත්තාම බැරියෑ හිත නිදහසේ ලියන්න .. එහෙනම් සුබපැතුම් අයියන්ඩි

    ReplyDelete
  7. අපෙත් සුබ පැතුම් , දිරි ගන්න ජය ගන්න ....

    ReplyDelete
  8. විභාගේ ගොඩ දාගෙන ඉන්නකෝ යාළුවා.. අපි ඉන්නම් යාළුවා ආයෙත් එනකම්...

    ReplyDelete
  9. එක්සැම් හොඳට කරන්න අයියා.........!!!!!

    ReplyDelete
  10. විභාගෙ ඉවර වුනාම එන්නකො. අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  11. VIBAGE IVARA WELA ENNAKO...JAYA PATHANAWA...

    ReplyDelete
  12. ඕකනේ කියන්නේ හැම සර්ථක එකෙක් පස්සෙම මොකෙක් හරි එකෙක් කියල. හොදට ඉගනගනින් කොල්ලෙ . දළදා සමිදු පිහිටයි.............

    ReplyDelete
  13. ඔන්න මගෙනුත් සුබ පැතුම් මලයා, ඉඩ ලැබුනු විටක මග ඇරිච්ච පෝස්ට් ටික බලන්නම්කෝ ....

    ReplyDelete
  14. විභාගයට ජයෙන් ජය පතමි...!!!

    ReplyDelete
  15. හොඳට විභාගෙ කරන්න අයියේ... ජයෙන් ජයම ලැබෙන්න කියලා සුබ පතනවා.!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....