ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 September, 2011

තරහ යනවද ගොඩාක් ... ඉතින් තරහ නොගෙන කියවලා බලමුකෝ

ඔන්න ඉතින් එක්සැම් එකේ ගොඩාක් වැඩ ඉවරයි ඉතින් ඔන්න මම ආයෙත් එක්ක ඉන්න කියලා වැඩ පටන් ගන්නයි ලැස්තිය..මුලින්ම මගේ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩාක් ගෝඩාක් පින් මගේ ලග උන්නට... මට ඔයාල ගොඩාක් ලොකු ශක්තියක් උනා හැම දේකටම...

ටිකක් රිලැක්ස් වෙන්න කියලා මම ඔන්ලයින් ආව ගමන් මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් ආහ් මල්ලි කොහොමද පාඩම් ඉවරද.......... ආහ් අය්යා වැඩ ඉවරද කියලා අහලා මට ලොකු ශක්තියක් උනා..ඒ වගේම අක්කලා නම් මට මැර තර්ජන දාගෙන ආවා.. මොනවද මේකේ අස්සේ රිංගෙන කරන්නේ දුවලා ගිහින් පාඩම් කරන්න කියලා...
ඒ හැමෝටම ආයෙමත් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි...

මේ පොස්ට් එකේ වටින දෙයක් ඔයාලට තියෙයිද දන්නේ නැ.. ඔන්න ඒත් අද මම පොඩ්ඩක් මට ටිකක් වැඩියෙන් තිබුන ඉක්මනට තරහ යන එක ගැන පොඩ්ඩක් කථා කරන්න හිතුවා...

ඇත්තටම ජිවිතේ සාර්ථක කරගන්න ඕන ඕනම කෙනෙක්ට මේ තරහ කියන දේ නම් ජිවිතෙන් අයින් කරලම දාන්න වෙනවා..
ඔයාලාත් මේ වගේද??

ඇත්තටම තරහ ගත්තහම මොකද වෙන්නේ..

තරහ හරි එහෙමත් නැත්නම් බයක් වුනත් අපේ හිතට ඇතුල් වුනහම අපේ ශරිරයේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා.. ඒක වෙන්නේ ඇත්තටම ඉබේ....
නිතර තරහ ගන්න කෙනෙක්ගේ මේ විදිහට ඇඩ්‍රිනලින් රුධිරයක් එක්ක එකතු වෙනකොට සිරුරේ විවිධ අක්‍රමිකතා ඇතිවෙන්න හේතුවෙනවා එතකොට කුශ්ඨ , දියවැඩියාව , අධි රුධිර පිඩනය වගේ ලෙඩ වලටත් මේ තරහව හේතුවක් වෙනවා.. -දැන් ඉතින් තරහ ගමුකෝ ඔන්න-

තරහ ගන්න එකේ විවිධ වර්ග තියනවද?

ඔව් ඇත්තෙන්ම තියනවා මොනවද ඒ කියලා පොඩ්ඩක් කිවොත්

1. සැක සංකාමය තරහව : ගොඩාක් ආදරේ කරන අය අතරේ අනිත් කෙනාව අවිශ්වාස කරන එක නිසා ඇතිවෙන තරහව

2. ක්ෂණික තරහව : නිකන් එක පාරම අර කියන්නේ අකුනු ගහනව වගේ, වැහලා පැව්වා වගේ කියලා

3. ලජ්ජා සහගත තරහව : ගොඩාක් සංවේදි පුද්ගලයින් අතරේ ඇතිවේ. සුලු දෙයකින් උවද අන් අය තමාව ගනන් නොගනි මතයේ හිද කටයුතු කරයි., අන් අයව ලජ්ජාවට පත්කර තරහව පිට කරයි

4. මවාගත් තරහව : ගොඩාක් ආදරවන්තයන් අතර පවති.. පෙම්වතා හෝ පෙම්වතිය පැවසු දෙයකට අකමැති වු විට තරහ ගෙන ඒ තරහ නිසා අනෙක් පාර්ශවය එයට කැමත්ත පලකලවිට අර කලින් තරහව එකව එක වරම නැතිවේ...

5.පුරුද්දට තරහ විම : ඈත්තාටම හෙතුවක් නැතුව පුරුද්දටම

-දැන් ඉතින් මොන තරහද ඔයාලා ලහ තියෙන්නේ-

තරහ පාලනය කරගන්නේ කොහොමද???

තරහ ඇත්තටම සමහර වෙලාවල් වලට අපිට අහිතකර ප්‍රතිපලම පමනක් නොවේ යහපත් ප්‍රතිපලද ගෙනදෙනවානේ

අපිට තරහ යනවා කියලා අපි දන්නවා නම් අපි මුලින්ම ඒක අපේ ජිවිතේ සාමානය දෙයක් විදිහට හිතන්න පුරුදුවෙන්න වෙනවා එතකොට ගොඩක් ප්‍රශ්න විසදෙනවා

තරහ අපේ ප්‍රශ්නයකට කලින් එන සිහිකැදවිමක් වගේ අපි ඒක ශක්තියක් කරගෙන ප්‍රශ්න වලට උත්තර හොයන එක තමා කරන්න ඕනේ

අපිට තරහක් හිතට දැනුනහම අපි ඒක අනෙක් අයට වදයක් පිඩාවක් නොවන විදිහට පාලනය කරගන්න පුලුවන් තරම් උත්සහ කරන්න ඕනා කියලා මම නම් හිතනවා

තරහ ගිය වෙලාවක අපේ පරමාර්ථය වෙන්න ඕනේ අපේ තරහ අනිති අයට දැනෙන්න දෙන එකමවත් ඒ අයට දැනෙන්න නොදි ඉන්න එකත් නෙමේ...
අපි අපේ මානසික පාලනය හරියට කරනකොට ඉබේම තරහනැතිව යනවා...


ඉතින් මගේ යාලුවනේ ඔන්න ඔයාලත් කියන්නකෝ ඔයාලා කොහොමද තරහ පාලනය කරගත්තේ...
ප.ලි : ගොඩාක් බ්ලොග් කියවන්න ම බැරි උනා සමහර බ්ලොග් වලට කමෙන්ට් කරන්නවත් බැරි උනා සමාවෙන්න ඒකට මට ඒත් මේ වික් එකේ ඉදන් ම ඒ හැමදෙයක්ම ඒ කරන්නම්....

29 comments:

  1. සමහරුන්ට තරහාව පාලනය කරගන්න අමාරුයි.
    සමහරු තරහාව යවන්නේ වෙන අයගේ පිටින්.
    සමහරු තරහව හිතේ තියගෙන ඉදලා, පස්සේ ගේම දෙනවා,
    තෙවනුව කී පුද්ගලයින් හැරෙන්න අනික් අයවලුන් නම් සුලභයි.

    ReplyDelete
  2. මටනම් හෙනට වැදගත්....

    ReplyDelete
  3. මට නම් තියෙන්නේ ක්ෂණික තරහක්. හරියට සෝඩා බෝතලේ මූඩිය කැඩුවා වගේ එකක්. මට හැබැයි ලේසියකට තරහා යන්නේ නෑ.තරහා ගියොත් පාලනය කරගන්නත් බෑ. මාව එතකොට වෙවුලන්න ගන්නවා. දහඩිය දානවා.

    හැබැයි තරහා යන්න හේතු උන එකා ලඟ හිටියොත් ඌට අබ සරණයි. ටික වෙලාවක් ගියාම ඒ තරහා නිමිලා හොදින් කතා කරන්නත් මට පුලුවන්.

    මට මතකයි මම් පොඩි කාලේ අපේ අප්පච්චිට තරහා ගිහින් අතට අහු උනේ වංගෙඩිය උඩ තිබ්බ මෝල් ගහ. ඕකෙන් දමලා ගැහුවා. කොච්චර වේගෙන් ගැහුවද කියනවනම් කුස්සියේ උලුවස්ස දෙදරලා වැටුනා. හික්ස් :)

    මට මතක් වෙද්දිත් හිනා.

    ReplyDelete
  4. ඔන්න වැඩ ගොඩක් ඉවරනම් ඉතිං මේ පැත්තෙ ආවට කමක් නෑ. :))))

    මටනම් තරහ යනවා ගොඩක් අඩුයි.හැබැයි ඉතිං නැත්තෙමත් නෑ. ඒත් තරහ වැඩිය පෙන්නන්නෙ නෑ. යාලුවන්ටනම් කෑ ගහන්නෙම නැති තරම්. කොටින්ම මගෙ යාලුවො හිතාගෙන ඉදලා තිබුනෙ මට කොහෙත්ම කේන්ති යන්නෙ නැති කෙනෙක් විදිහට. පස්සෙ තමයි මටත් තරහා යනවා කියලා තේරිලා තිබුනේ.

    ReplyDelete
  5. තරහව නිසා අපට පාඩු මිස ලාභ නම් වෙන්නෙ නෑ,, අත්දැකීමෙන් කියන්නෙ...

    ජය...

    ReplyDelete
  6. අර මවාගත් තරහව කියන එකනම් මටත් හරියට තියනවා :)

    ReplyDelete
  7. දේවාගේ අඩවිය කියවන්නෙක්.September 23, 2011 at 9:47 AM

    අකුරු ගැන ටිකක් සැලකිලිමත් වෙන්න අයියා. ඒ වගේම වාක්‍ය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ ලිපියේ පලමුවෙනිම පාඨකයා තමන් වෙන්න. එතකොට ඔය අඩුව මග ඇරෙයි.

    ReplyDelete
  8. මටත් තියෙන්නේ ක්ෂනික තරහවක්.ඒ වෙලාවට මට මාවම පාලනය කර ගන්න බැහැ.ඒත් දැන් මම වැඩිය තරහ ගන්නේ නැහැ.පුලුවන් තරම් හිනා වෙලා ඉන්න බලනවා..

    අහ් යාලුවා හෙට නේද විබාගේ...හොදට කරන්න මගෙන් සුබ පැතුම් හොදේ....

    ReplyDelete
  9. ඇයි මචෝ තව එකක් තියෙනවා..ඔය නළු නිලියෝ එහෙම කියන්න " අනේ මට අසාධාරණය දැක්කම නම් නිකන් ඉන්න බැහැ,,මාර විදියට තරහ යනවා " කියලා..ඒක "මවාගත් තරහා" යටතේ තියෙන උප ප්‍රභේදයක් ද කොහෙද..

    ReplyDelete
  10. මටත් තරහා යනවා ටිකක් වැඩියෙන්.. වටිනා පෝස්ට් එකක්...

    ReplyDelete
  11. මටත් තරහ යනවා අඩුයි. ඒත් තරහ ගිය වෙලාව ට නම් ඉවසනවා ගොඩක් අඩුයි......

    විභාග වැඩ හොඳට කරන්න. ඔබට ජය!!!!!

    ReplyDelete
  12. මාර වැදගත්.... මටත් ඉක්මණටම තරහා යන්වා. හැබැයි සෝඩා බෝතලේ කැඩුවා වගේ තමා...ටක් ගාලා තරහ ඉවරයි...

    හුගාක්ම තරහා ගියොත්නම් මට ඇඬෙනවා.. බනින්න, කතා කරන්න බෑ....

    ReplyDelete
  13. මටනම් නිතරම තරහ යන්නෙ නෑ. හරිම කලතුරකින් තරහ යන්නෙ.. තරහ ගියාම මටම අපහසුයි... ඉක්මනටම තරහ නිවා ගන්නවා...

    ReplyDelete
  14. sajith : ඇත්තටම අපි ඔය පස්සේ ගේම දෙන අයගෙන්නම් පරිස්සම් වෙන්නම වෙනවා නේද යාලුවා

    ReplyDelete
  15. prasanna86k : ඇයි බන් බෝ පැල එහෙම තරහ ගන්නවද??

    ReplyDelete
  16. මධුරංග : අනේ අය්යේ ඕවා පරම්පරාවෙන් පරම්පරාවට යනවද දන්නේ නැනේ... සොඩා වගේ නම් ඉතින් අවුලක් නැනේ නේද??

    ReplyDelete
  17. නිසුපා : අක්කටත් ඒ කියන්නේ තරහා යනවා..........
    ඔව්නේ අක්කා සැරයිනේ මට හොදට මතකයි හොරු එලවපු හැටි එහෙම

    ReplyDelete
  18. Gayan Rupasinghe :
    එකත් ගොඩාක් දුරට ඇත්ත තමා නේද අය්යේ

    ReplyDelete
  19. sayuri : අනේ පව් අසරන අංහිසකයා (ඔයාගේ අයිතිකාරයා)

    ReplyDelete
  20. පිස්සු පුසා : ඇත්තටම ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  21. chammA : අනේ බන් දැන් ඉන්න නිලියෝ ගැන කතා කරලා වැඩක් නැ සමහරු ඔය සමහර අයගේ දුක් නිවන්න නිවන්න යනවලු.. පස්සේ නැහලු අපි ඔහොම නැහැලු පස්සේ මාර තරහක් එක්ක කතා කරන්නේ, මොනවද මන්දා බන් ඒවා නම්

    ReplyDelete
  22. සිතුවිල්ල : ඔන්න තරහ නම් අඩු කරගන්නම වෙනවා.. පෙනවානේ හැදෙන ලෙඩ...

    ReplyDelete
  23. මහි : තරහ යනවා අඩුයි.. තරහ ගියොත් ඕනෙම නැ... ඇත්තටම මාරයිනේ නේ

    ReplyDelete
  24. හිතු : අනේ ඉතින් තරහ නොගෙන ඉන්න බලන්නකෝ...එතකොට අඩන්න වෙන්නේ

    ReplyDelete
  25. ගිම්හානි : අනේ එක නම් ඉතින් ගොඩාක් හොදයි.. තරහ ගියහම කැත වෙනවලුනේ

    ReplyDelete
  26. මටත් ගොඩක් තරහා යනවා... අපේ ගමේ මල්ලි කෙනෙක් නම් කිව්වෙ අපේ පවුලෙ හැමෝගෙම හැටිලු. :D
    මට නම් වැඩියෙන්ම තරහා යන්නෙ දුක හිතුනාම. දුක හිතුනාම ඇඬෙන්නෙ නෑනෙ ලේසියෙන් ඒක නිසාම වෙන්න ඇති තරහා යනවා. හැබැයි තරහා ගොඩාක් වෙලා තියෙන්නෙත් නෑ. තරහා මතක තියාගන්නෙත් නෑ. කාත් එක්කවත් තරහා වෙලා ඉන්නෙත් නෑ.

    ReplyDelete
  27. මටත් සමහර වෙලාවට හෙනටම කේන්ති යනවා.. මේ ලගදි යාළුවෙක් කරපු වැඩකට තාම කේන්තියි.. මම තාම කතා කලේ නෑ... මොනවා කියවෙයිද දන්නේ නැති නිසා...

    ReplyDelete
  28. මටත් අම්බානකට තරහා යනවා..සමහර වෙලාවට.
    ඒක නිකන් දින චර්යාවේ කොටසක් වෙලා වගේ.

    ඒ හින්දද මන්දා..කවුරුවත් මගේ කේන්තිය ගනන් ගන්නෙත් නෑ...අප්පා.

    ReplyDelete
  29. මට නම් ලේසියෙන් තරහ යන්නේ නෑ..
    තරහ ගියොත් බඩුම තමයි..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....