ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

10 September, 2011

තැනේ හැටියට කථාව- ජීවිතේ පාඩම් II

එක දිගටම මගේ ජිවිතේ පාඩම් නම් දාන්න මම හිතන්නේ නැ.. එකත් එතකොට බොරින් වෙන හින්දා... කොහොම උණත් මට මේකත් මේ ගමන්ම දාන්න හිතුණා... මට කරන රස්සාව කරගන්නත් ජිවිතේ ගොඩාක් දේවල් වලට ශක්තියක් වුණ වැදගත් උණ කතාවක් මට ලංකාවේ ප්‍රසිද්ධ තැනක වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න ලැබුණ මගේ ජිවිතේ තවත් පාඩමක් තමයි මේ...
ඔයාලට මතක ඇති නේද සිරස ටිවි එකේ ගියා ලන්ච් ටයිම් ටිවි කියලා ප්‍රෝගැම් එකක්....
කලින් මගේ පොස්ට් එකක කිව මට ගොඩාක් උදව් කරපු සිරසේ ප්‍රාදේශිය වාර්තා කරුවෙක් උණ නිහාල් ගුණතිලක (දැන් ජිවතුන් අතර නම් නැ) අය්යා නිසා ඔය ප්‍රෝගැම් 5.6කම අත්දැකිම් ගන්න කෘව් එකත් එක්ක ඉන්න මට අවස්ථාව හම්බ උණා...
ඔය වගේ තැන් කියන්නේ කාලේ ඔනම කෙනෙක් නිකන් පොරක් වගේ වෙන කාලයක් නේ... චැනල් එක මොකක් උණත් ටිවි එකේ යන එකක්.... ඔය ප්‍රෝගැම් එකට එන උනුත් හිතන්නේ අපි ඒකේ අය කියලානේ... ඇත්තටම අපි ආශාවට අතින් වියදම් කරගෙන අයත් එක්ක ඉන්න එකනේ කළේ..
ඒත් අර පොර මානසිකත්වය නිසා අපි ප්‍රොගැම් එක කරන අයටත් නම කියලා මචං කියලා කතා කරනවා... ඇත්තටම ඒක වැරදි වැඩක්නේ.. කියන්නේ අපේ ඇදුණුම් කම් කොයි විදිහකට උණත් අපි වැඩ කරන වෙලාවට කතා කරන විදිහ ඔ‍ෆිසියල් එහෙමත් නැත්නම් විනයක් ඇතුව වෙන්න ඕනනේ...
ඕක මගෙනුයි තව කෙනෙකුගෙනුයි උණේ නැහැලු(ඇත්තටම නොදැනුවත් කම තමා) (අනිත් කෙනාත් බ්ලොග් කියවනවා කියලා හිතන නිසා පුළුවන්නම් මේකට කමෙන්ට් කරයි)
මේක අපිට හිතට වදින විදිහටම එතන ආපු ටිම් එකේ **ල් කියලා කැමරාමන් විදිහට ආපු අය්යා හැන්දැවේ සෙට් උණ වෙලාවක කිව්වා (සෙට් උණා කිවත් බොන 10 ක් එක්ක උණත් මම නොබි තමයි)(සමහර අය එහෙම ඉන්න බැ කිවත් මට හම්බ වෙන යාළුවෝ ගොඩාක් අය එහෙම උණත් මම එහෙම ඉදලා තියනවා ඕන තරම්..

"
මල්ලිලා... මේක කිවට මාත් එක්ක තරහ වෙන්න එපා...උබලා තව ගොඩාක් දුර යන්න ඉන්න අය.. මේ වගේ වෙලාවට උබලා අපිට කුණුහරපෙන් කතා කළත් කමක් නැ... ඒත් වැඩ කරන වෙලාවට ආයතනයේ නම සව්ත්තු කරන්න එපා.. කතා කරන වචනයෙන් , කරන වැඩෙන් සවුත්තු වෙන්නේ උබලගේ නම නෙමේ .. මෙහෙමයි සිරසෙන් ආපු උන් කියලා කියනවා මිසක් නමක් කියලා කියන්නේ නැ.. අදට විතරක් නෙමේ හැමදාටම මේක මතක තියාගන්න.. මෙතන ඔයාලට වඩා මටත් වඩා ලොකු පොස්ට් එකක ඉන්න කෙනෙක් උණත් තැන් වලදි පහළ කෙනාට කතා කරන විදිහක් තියනවා වැඩ කරන කොට.."
ඔහොම කියලා දුන්නු දේ අද බැංකු ජිවිතේත් මට ලොකු ශක්තියක් වෙලා...කස්ටමර් කෙනෙකුට කතා කරන හැටි.. කස්ටමර්ස්ලා ළග ඉන්න කොට ස්ටාෆ් එකේ අයත් එක්ක ඉන්න හැටි ඔය ගොඩාක් දේවල් මම එදා තේරුම් ගත්තා....
.ළි : ගොඩාක් දේවල් අපි ඉගන ගන්නේ පාඩම් අත්දැකිම් විදිහට.. මේ දේ ඔයාලට ථාරම් ලොකු දෙයක් නොවුණත් මට ගොඩාක් ලොකු වටින දෙයක්

40 comments:

  1. හ්ම්ම්...... ඇත්තටම ගොඩක් වැදගත්පාදමක්. අද ගොඩක් අයට ඕක මතක නෑ...

    ReplyDelete
  2. ඕක නම් මචන් එහෙම තමයි.... හොඳ ලිපියක් මචන්...

    ReplyDelete
  3. ඔෆිස් වලම ඉන්න කෙනෙක් හැටියට මටත් අත්දකින්න තියෙන එක දෙයක් තමයි මේක.අපි පහල ස්ටාෆ් එකේ අයට අපේ කස්ටමර්ස්ල ඉස්සරහ බොහෝම හොඳට කතා කරනව ඒ අයගෙ ගෞරවය රැකෙන විදියට.. නමුත් පහල ස්ටාෆ් එකේ අයගෙ දැනුමක් නැති එක නිසාද මන්ද ඒ අය පිට අපේ ක්ලයන්ට්ස්ලා ඉස්සරහ අපිට කතා කරන විදියට සමහර වෙලාවට හොම්බට දෙකක් අනින්න හිතෙනවා..

    ReplyDelete
  4. තැනේ හැටියට ඇනේ ගහනව කියන්නේ ඕකට වෙන්න ඇති මගෙ හිතේ...!!!

    ReplyDelete
  5. ගොඩක් වටින පාඩමක් මල්ලි අපට කියලා දීලා තියෙන්නේ. ගොඩක් වටිනවා මල්ලි. මල්ලිගේ ජීවිතයේ ඉගෙනගෙන තියන පාඩම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට.

    ReplyDelete
  6. ඔය තමයි professional communication skills කියන පාඩම ...ඒ කියන්නේ කුණුහරුප කතා කරන්න කියන එක නෙවි , client කෙනෙක් එක්ක කතා බහේදී අපේ වචන විතරක් නොවෙයි , හඬ , හඬේ තීව්‍රබව , උච්චාරණයේ පැහැදිලි බව , ඒ විතරක් නොවෙයි Eye contact , වගේම චර්යාත්මක වෙනස් විමකුත් වෙන්න ඕන නේ ...හොඳ ලිපියක් ...

    ReplyDelete
  7. සිරාවටම.....හොඳ ලිපියක් දේවා

    ReplyDelete
  8. අඩේ බොට විතරක් නෙවෙයි අපිටත් වැදගත් පාඩමක් නෙ

    ජය..

    ReplyDelete
  9. බොහොම හොඳ අවවාදයක් යාලුවා දීලා තියෙන්නේ . එකගයි 100%. මම හිතන්නේ ඔයාගේ ඉදිරි ජීවිතේට බොහෝ ප්‍රයෝජනවත් වෙයි...අවස්ථාවට අනුව අපේ හැසිරීම හා කථාවද පාලනය කල යුතුයි..නැත්නම් අපිවත් විහිලුවක් වෙනවා ....

    වෙනි කියල තියන එක හරියට හරි.

    ReplyDelete
  10. ඇත්තටම වටිනා පාඩමක් යාළුවා.. මොකද අපි කතාබහ කරන විදිහ හැසිරෙන විදිහ මේ හැම දෙයක් ගැනම අපි නොදන්නව උනාට ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  11. වැදගත් ලිපියක් !

    ReplyDelete
  12. ඇත්ත!! මමත් දුරකථන ආයතනයක වැඩ කරද්දි මාත් එක්ක වැඩ කලා (මට කලින් එතනට ආව එකක්) කෙල්ලෙක්! ඒකි එතන වැඩ කරන අයට කතා කරන්නෙ තරුණ සර්ලට නම් අයියා, අනික් සර්ලට අංකල්, තරුණ මැඩම්ලට අක්කා, අනික් අයට ඇන්ටි... ඒත් මං ගිහින් එතන කස්ටියට සර් මැඩම් කියලා කතා කරන්න ගත්තම ඒක එතන ඉදපු කස්ටියටත් ටිකක් දැනුනා! ඒක පස්සේ අර කෙල්ලට අවවාද කිරීමක් දක්වා දුර ගියා. මං ටෙක් එකේදි ඉදලම ඒක පුරුදු වෙච්ච නිසා හොදයි! සර් මැඩම් කියලා කතා කරන්න! අර කෙල්ලට අන්තිමට ඒ සෙන්ටර් එකේ ලොක්කා හොද දේශනයක් තිබ්බා තමන් එක්ක වෘත්තීය ලෙස වැඩ කරන අයට කතා කරන්නේ මෙහෙමයි කියලා!

    ReplyDelete
  13. බොනකොට ඔයවගේ උපදෙස් හුඟක් ලැබෙනවා..එකනේ කට්ටිය බොන්නේ.......lol

    ReplyDelete
  14. බොනකොට ඔයවගේ උපදෙස් හුඟක් ලැබෙනවා..එකනේ කට්ටිය බොන්නේ......lol(not serious)

    ReplyDelete
  15. හැමෝටම වටින දෙයක් මචන් ඕක,අපි මොන තරාතිරමේ හිටියත්ග් අපිත් එක්ක ඉන්න අයගැන අපි දැන ගන්න ඕන.එයාලට කතාකරන විදිය/එයාලත් එක්ක ඉන්න විදිය හැමතිස්සෙම ඔලුවේ තියාගෙන ඉන්න ඕන..

    ReplyDelete
  16. සමාජ අශ්රය ලබන්න ඕන කියන්නේ ඕකටනේ.ගෙදරින් පාසලෙන් ලබන්න බැරි උගත් පාඩම් සමාජයෙන් හම්බුවෙනවා...

    ReplyDelete
  17. හොඳ ලිපියක් දේවා අයියා

    ReplyDelete
  18. ඇත්තටම හුගක් වටින ලිපියක්. කොතනක වැඩ කරන්න ගියත් මේක අදාලයි.

    ReplyDelete
  19. සිරා..ඔන්න ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ..වැදගත් ලිපියක් දුන්නාට ඔයාට ස්තූතියි අයියා...

    ReplyDelete
  20. StArry aNgeL : ඇත්තටම මගේ ජිවිතේ මට ගොඩාක් වැදගත් දෙයක් මේක

    ReplyDelete
  21. සාතන් : ගොඩාක් ස්තුතියි අය්යේ ජිවන අත් දැකිම් නේ

    ReplyDelete
  22. වෙනි : ඔය ප්‍රෝබ් එකම මටත් තියනවානේ අනේ... සමහර විට නුගත් කමම වෙන්න ඇති හේතුව

    ReplyDelete
  23. චතු : තැනේ හැටියට ඇනේ ගහනවා කියන්නේ සමහර විට මේකටම වෙන්න ඇති.. ඒත් කටට බ්‍රේක් තියන්න ඕනා සුදුසු විදිහට

    ReplyDelete
  24. මධුරංග : ගොඩාක් ස්තුතියි අය්යේ.... සමහර දේවල් ගැන අය්යලාට මට වඩා ගොඩාක් අත්දැකිම් ඇති නේද???

    ReplyDelete
  25. මහේෂ් : අය්යා හැමදාම වගේම ඔයාගේ බ්ලොග් එකේ වගේම නොදන්න ගොඩාක් දේවල් කියලා දෙන එකට ගොඩාක් පින් අය්යේ

    ReplyDelete
  26. දිල් : සිරාවටම තැන්ක්ස් හොදේ

    ReplyDelete
  27. ගයාන් : ජිවිතේ කවදාහරිම දවසක අපිට ඕක නම් ඕනම වෙනවා තමයි

    ReplyDelete
  28. ගිම්හානි :මේක මට කියලා දැනට අවුරුදු 3,4 ක් විතර ඇති.. ජිවිතේ මගේ හිතේ තදින වැදුනු මම ගොඩාක් වෙලාවට කරන දෙයක් තමා අක්කේ මේක.. වෙනි කිවා වගේ අක්ක්කත් ගහන්නද ලැස්තිය

    ReplyDelete
  29. දිනේෂ් :ඇත්තටම යාලුවා.... ඔයා හරියටම දේ කියලා තියනවා.....

    ReplyDelete
  30. deeps : කාලෙකින් යාලුවා ඔයා මැ පැත්තේ.. ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  31. මාධව : අම්මේ මල්ලිගේ සැර... පව් බන් කෙල්ල..

    ප.ලි : හොදම වැඩේ ලොකු කමට

    ReplyDelete
  32. Tharinduhw122: අනේ බන් මම බොන්නේ නැ.. බොන වුන් ලග උන්නා විතරයි

    ReplyDelete
  33. සිරාවටම බන්.... අපිට අපේම කියලා අයිති බිස්නස් එකක් තිබුනත් මේක ඔන වෙනවානේ

    ReplyDelete
  34. රතු මුහුද : වෙලාවකට මම ඕක ලබලා මදිද කියලත් හිතෙනවා බන් සමහර වෙලාවට

    ReplyDelete
  35. හිස් අහස : ස්තුතියි මල්ලියෝ

    ReplyDelete
  36. නිසුපා : ඔන්න කියලා කට ගන්න හම්බ උනේ නැ..පරන බොසාට හොදට සලකලා තියෙන්නේ.... හිකිස්

    ReplyDelete
  37. ඇත්තටම වැදගත් පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ... හොඳ ලිපියක්!

    ReplyDelete
  38. අපිටත් මේ ලඟදි තිබුන උනිට් මිටින්ග් එකකදී අපේ ප්‍රින්සිපල් ඕක කිව...තමන්ගේ ස්ටාෆ් එකේ ගුරුවරුන්ට අක්කා කියන්න එපා.....මිස් කියලම කතා කරන්න...නැත්නම් ළමයින්ව පාලනය කර ගන්න බෑ කියල........හොඳ අත්දැකීමක් අයියේ...(මාත් එක්ක තරහ වෙලාද මන්ද)

    ReplyDelete
  39. අපි හැමෝටම මේවා හොද පාඩම්..අනිත් තැන් වලදි කෙසේ වෙතත් තමන් වැඩ කරන තැනදි,කස්ටමර්ස්ල ඉස්සරහවත් හරියට කතා කරනවනම් ඒකත් ලොකු දෙයක්..ගොඩක් හොද ලිපියක් සහෝ..

    ReplyDelete
  40. හොද පොස්ට් එකක්. ස්තූතියි ලිව්වට.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....