ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 September, 2011

සුභම සුභ උපන් දිනයක් දේවා.....

ඔන්න ඉතින් කේක් අරගෙනම ආවෝ... මොකද ඉතින් කලින් දවසක කිවා වගේ මේ මාසේ ගොඩාක් වැදගත් කියන වැඩ ගොඩාක් යෙදිලා තිබුනනේ.. බ්ලොග් එකේ පලවෙනි පොස්ට් 100 දාපු දවසේ ඉදන් එක එක වැඩ
ඔන්න අද මගේ උපන් දිනේ..


දේවා ඉපදුනේ 19....... අද වගේ දවසකනේ.... (තාම පොඩි එකෙක්නේ නේද???)

ජිවිතේ ගොඩාක් සැප සම්පත් ඒ දවස් වල තියා අදටත් දේවා ගෙවනේ නෝමල් ලයිෆ් එකක්

ගොවිතැනෙන් ජිවිතේ ගෙනියන ඒ දෙයින් මගෙත් මල්ලිගෙත් නංගිගෙත් ජිවිතේ ලස්සන කරන්න ගොඩාක් මහන්සිවෙන අංහිසක අම්මේකුගෙයි තාත්තෙකුගෙයි ලොකු පුතා විදිහට (ලොකු ම කියන්න අමාරුයි) මොකද දේවා කියන්නේ නිවුන් දරුවෙක්. කාගේ අවාසනාවකටද මන්දා මගේ සහෝ ඉපදෙනකොටම මේ ලොකෙන් යන්න ගිහින්..

දන්න කියන අය නම් කියන්නේ මම පයින් ගහලලු.. ඇත්තටම අංහිසක (අනිවා මම ගැන දන්න අය එහෙම කියනවාමයි) කොල්ලෙක් උන මට එහෙම කරන්න පුලුවන් තිබුනද කියන එක නම් සැකයි...

සහෝ ඊලග ආත්මෙදිවත් උබ මගේම අය්යා වෙලා ඉපදෙන්නකෝ....

ම උපන්දිනේ දවසේ මේ තාක් කල් ආදරෙන් මාව බලාගත්තු හදාගත්තු අම්මටයි තාත්තටයි නමස්කාර කරනවා

පුලුපුලුවන් හැමදෙයක්ම දිලා ජිවිතේ සැපවත් කරන්න අම්මයි තාත්තයි ගොඩාක් ලොකු උත්සහයක් ගත්තා කියලා 6,4 තේරෙන කාලේ ඉදන්ම මම තේරුම් ගත්තු දෙයක්..

මේ ගෙවපු අවුරුදු ක කාලේ ගොඩාක් සතු‍ටු වුනු ගොඩාක් දුක් වුනු දවස් ජිවිතේ නැතුවම නෙමේ,,....

එත් ඇත්තටම 2010 -2011 මගේ ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් කරපු මට ඕනේ නැති දේවල් අයින් කරපු මට ඕන දේවල් මට ලබලා දුන්නු කාලයක්....

කොහොම උනත් මට බ්ලොග් නිසා ගොඩාක් වටින අය්යලා අක්කලා නංන්ගිලා මල්ලිලා ගොඩාක් මුන ගැහුනා.. හැබැහින් තාම කවුරුවත් මුන නොගැහුනත් ඉක්මනටම දවසක මුන ගැහෙන්න ලොකු ආසාවක් තියනවා..

ඔන්න ඉතින් අද නම් පාටි ඉල්ලන්න එපා.. හම්බුන දවසට දෙනවාමයි.... එතකන් ඔය උඩ තියන කේක් එක කපාගෙන කන්නකෝ මෙන්න පිහිය


තව දෙයක් කියන්නම ඕනා දේවා ට මෙච්චර කාලෙකට සමහර බ්ලොග් වල පොස්ට් කියවන්න ඕනා උනත් මිස් වෙනවා... ඒ හින්දා මාතලන් වගේම මමත් වෙන කාටවත් නෙමේ මට කියවන්නම බ්ලොග් සින්ඩියක් හදා ගත්තා... ඔන්න නිල වශයෙන් ඊයේ රාත්‍රියේ එක හදා ගත්තු නිසා ගොඩාක් බ්ලොග් මට කියවන්න කමෙන්ට් කරන්න පුලුවන් වෙයි... මෙන්න ඒකට යන පාර

පුන්චි පොස්ට් එකක් දාලා මම මටම සුභ පතාගත්තට ඔයාලට වැඩක් නැති කොල්ලෙක්ගේ උපන්දිනේ ගැන පොස්ට් එකක් කියවන්න උනාට සමා වෙන්නකෝ

සුභම සුභ උපන් දිනයක් දේවා.....

97 comments:

  1. සුභම සුභ උපන් දිනයක් දේවා

    ReplyDelete
  2. තව දෙයක් ඉතින් ඔන්න මගේ ෆේස් බුක් පි‍ටුවෙත් ඊයේ ‍රැ ඉදන් ගොඩාක් නම් නෙමේ එත් යම් පිරිසක් සුභ පතලා තිබුනා ඒ හැමෝටමත් තැන්ක්ස් ඒවා බලන්න නම්
    මෙතනින් ගිහින් පුලුවන්

    ReplyDelete
  3. Wish you many many Happy returns of the Day !

    ReplyDelete
  4. සුභම සුභ උපන් දිනයක් වේවා...!!!
    ජීවීතේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා...!!!
    අළුත් වැඩේටත් ජයවේවා....!!!

    ReplyDelete
  5. දේවා මල්ලී , ඔබට සුභ උපන්දිනයක් වේවා, දිවි මගේ තවත් පියවරක් තවන ඔබට හෙට දවසට දිරිමත් අරමුණකට යන්නට , ලැබු වසර ඔබේ ජීවිතයේ “සුවිශේෂී වසරක් වෙන්නට“ සුභ පැතුම් ....

    ReplyDelete
  6. සුභම සුභ උපන් දිනයක් වේවා දේවා මලේ..... ගෙවුනු අවුරුදු 23 ටත් වඩා හොඳ අවුරුදු ඉදිරියේදී ඒවි... ඒ නොදුටුව අනාගතේටත් එක්කම සුභ පැතුම් සමගින්, බ්ලොග් අවකාශයේ ඉදිරියට යන්නට ජය පනමින්...

    ආයෙත්, සුභම සුභ උපන් දිනයක්... මගෙනුත්, නෝනිගෙනුත් දෙන්නා ගෙන්ම...!!!

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් වේවා දේවා මල්ලි.
    ඔන්න මාත් අර පිහිය අරගෙන වම් පැත්තේ තියෙන චොක්ලට් කේක් එකෙන් කෑල්ලක් කපා ගත්තා. කූල් එහෙකුත් තිබ්බා නම් කාලම බොන්න තිබ්බා. :)

    ReplyDelete
  8. ඔන්න ඔහොම තමයි ඉන්න ඕන . ඇයි තමන්ටම සුබ පතා ගත්තම මොකෝ නේද . ඉතින් අපිත් සුබ පතනවා ...සුබම සුබ උපන් දිනක් සහ සුබ අනාගතයක් මල්ලි

    ReplyDelete
  9. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  10. සුබම සුබ උපන්දිනයක් වේවා අයියා...ලගදීම දවසක කට්ටියම හම්බවෙමු කොහොමහරි.. :D :D :D

    ReplyDelete
  11. සුබ උපන්දිනයක් වේවා දේවා.

    ReplyDelete
  12. සුබ උපන්දිනයක් වේවා කියල පතනවා මලයෝ.. ජය වේවා

    ReplyDelete
  13. හැපී බර්ත්ඩේ මල්ලී...!!!

    ReplyDelete
  14. සුභම සුභ උපන් දිනයක් වේවා දේවා මල්ලි. !!!

    ReplyDelete
  15. සුභම සුභ උපන් දිනයක් වේවා මල්ලි.....
    කේක් නම් රසයි හොදේ.දැක්කත් ඇති කෙල බේරෙන්න.

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් වේවා යාළු

    ReplyDelete
  17. දේවා අයියට කෝඩුකාරයාගේ හද පිරි සුභ පැතුම්.........

    ReplyDelete
  18. මේ සුබ උපන් දිනේ සුපෙම් සිනා පාලා...
    ආසිරි පැතුම් ලබා විනෝද මත් වීලා. ...

    ඔන්න මම ගානේ කේක්‌ එකක් එයි ඔපීසියට ...

    ReplyDelete
  19. @ නිසුපා
    චීකේ මම නම් හිතුවේ නෑ අපේ නිසුපා අක්කා කේක කන්න මේ තරම්ම පෙරේතයි කියලා.:D

    ReplyDelete
  20. Happy B'day මචං.
    කොච්චර උඩ ගියත් අම්මා, තාත්තා නම් අමතක කරන්න හොද නෑ.

    ReplyDelete
  21. සුබ උපන්දිනයක් වේවා මල්ලිට!!!!!!!!

    ReplyDelete
  22. සුභම සුභම සුභම සුභම සුභ උපන් දිනයක් වේවා මචෝ....
    අපරාදේ මේ පාර බුක්ෆෙයාර් සෙට් වෙන්න තිබ්බේ..

    ReplyDelete
  23. සුභම සුභ උපන් දිනයක් මල්ලි ,, ඔන්න කේක් කෑල්ලක් කෑවා.

    ReplyDelete
  24. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභම සුභ නිරෝගිමත් උපන්දිනයක් වේවා කියලා ඔන්න මාත් ප්‍රර්ථනා කරනවා අයියේ.....

    ReplyDelete
  25. සුභ උපන්දිනයක් මලය!...

    අනිත් අයට වගේ පොටෝ කේක් හරියන්නෙ නෑ මට සෙට් වුන වෙලාවක ඇත්ත කේක්ම දීපන්.. :)

    ජයවේවා එහෙනම්...

    ReplyDelete
  26. ඔන්න මලයා මගෙනුත් සුබ පැතුම් ......
    අලුත් වැඩේට ජය .....

    ReplyDelete
  27. සුබ ඉපන්දිනයක් වේවා අයියන්ඩි !! ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  28. නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  29. මගෙනුත් දේවට සුභ පැතුම්.ඒ විතරක් නෙවේ අව්රුදු 90 ක විතර හම්පඩ නාකියෙක් වෙනතුරු ජීවත් වෙන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  30. හේ හේ...සුභම සුභ උපන්දිනයක් වේවා අය්යා....

    ReplyDelete
  31. එහෙනං ඕං සුභම සුභ උපන්දිනයක් වේව කිව්ව සහෝ..........

    ReplyDelete
  32. දේවාගේ අඩවිය කියවන්නෙක්.September 26, 2011 at 6:13 PM

    දේවා අයියට මගෙනුත් සුබ පැතුම්. ඉක්මනටම කසාද බඳින්න ලැබෙන්න කියලා පතනවා.
    එතකොට ඉතින් බිරින්දෑගේ අතින්ම කේක් කෑල්ලක් කන්න පුලුවන් නේ.

    ReplyDelete
  33. අඩේ දේවයි මමයි එකම වයසේ එහෙනම්....
    සුභ උපන්දිනයක් වේවා!!!!

    ReplyDelete
  34. සුභම සුභ උපන් දිනයක් මචො!ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  35. තොන්සා :ඔන්න බ්ලොග් ‍ෆිල්ඩ් එකෙන් ඉස්සරවෙලාම සුබ පතන්න එකතු උනාට ගොඩාක් තැන්ක්ස් හොදේ

    ReplyDelete
  36. වෙනි : තැන්ක්ස් අය්යේ.....

    ReplyDelete
  37. මාතලන් : ඔන්න ඔයාගේ උදව්වෙන් තමා ඉතින් ඒ වැඩේට අත ගැහුවේ... තැන්ක්ස් අය්යේ

    ReplyDelete
  38. paerakku una malli wish karanna.
    HAPPY BIRTH DAY...!!!!

    ReplyDelete
  39. මහේෂ් : ජිවින ගමන් මගේ මට හමුවුන සොදුරුම මිනිසෙක් ව්දිහට මම ඔයාව දකිනවා.. ගොඩක් මට දරගන්න අමරු තැන් වලදි ඔයා මට ශක්තියක් උනා... සුභ පැතුමටත් එක්කම ගොඩාක් තැන්ක්ස්

    ReplyDelete
  40. චතුරංග : ඔන්න දෙන්නගෙම සුභ පැතුමන් ගොඩාක් ආදරයෙන් පිලි ගන්නවා.... ඔයාලගේ ශක්තියෙන් ගොඩාක් දුර ගමනක් යන්න මටත් ලොකු ආසවක් තියනවා හිතේ

    ReplyDelete
  41. මධුරංග : ආහ්..... අය්යෝ අමතක උනානේ ඉතින් ඒක දැන් කට්ටිය ඔක්කොම කාලා නිසා බොන එක ගැන ඉතින් ආයේ කාටවත් මතක නැතුව ගිහින්නේ... දැන් සද්ද නැතුව ඉමු නේද?????

    ReplyDelete
  42. බින්දි : අනේ ගොඩාක් ස්තුතියි අක්කෝ....

    ReplyDelete
  43. සුභම සුභ උපන් දිනයක් වේවා...!!

    ReplyDelete
  44. බට්ටි : හ්ම්.... තැන්ක්ස් යාලු

    ReplyDelete
  45. සුපර් මාරියෝ : අනිවා මල්ලෝ.... මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කට්ටිය සෙට් වෙමුකෝ...

    ReplyDelete
  46. MANY HAPPY RETURNS OF THE DAY.....MALLY.
    SORRY FOR THE DELAY WISHES..!!!!

    ReplyDelete
  47. Praසන්ன : අනෙ තැන්ක්ස් යාලු......

    ReplyDelete
  48. ගයාන් රුපසිංහ : ගොඩාක් ගොඩාක් ස්තුතියි අය්යේ....

    ReplyDelete
  49. මන්තරකාරි : අඩේ තැන්කු තැන්කු කිවා

    ReplyDelete
  50. චතුමිතු : ගොඩාක් ස්තුතියි අක්කියෝ....

    ReplyDelete
  51. නිසුපා: ටික දවසකින් දැක්කේ.... හ්ම් අනේ එහෙම කියලා නොකා යන්න එපා මට දුක හිතෙනවානේ.....

    ReplyDelete
  52. අකිකරු හිත : ගොඩාක් ස්තුතියි යාලු...

    ReplyDelete
  53. කොඩුකාරයා : ගොඩාක් ස්තුතියි කොඩුකාරයෝ......

    ReplyDelete
  54. ගිම්හානි : අනේ අක්කෝ අද ඇත්තටම කේක් 5ක් මගේ බර්ත් ඩේ එක හින්දා දන්න කියන කස්ටර්මර්ස්ලා ගෙනත් තිබුනා... දැන් කොයි එකද ඔයා එව්වේ... අනේ මට එක හොයාගන්න විදිහක් කියන්න්කෝ

    ReplyDelete
  55. බට්ටි : නිසු ඒ තරම් කියලා පෙරේතයි කිව්වද????? මාර වැඩේ කේක් 2 මදි වෙයිද බට්ටියේ

    ReplyDelete
  56. අයි ප්ලස් : සහතික ඇත්ත යාලුවා...

    ReplyDelete
  57. නදි : ගොඩාක් ස්තුතියි මගේ අක්කටත්....

    ReplyDelete
  58. චම්මා : තැන්ක්ස් යාලු... එක නම් ඇත්ත.. එත් කට්ටිය හොරෙන්ම ගිහින්නේ

    ReplyDelete
  59. සතුටින් ජිවත් වෙන්න ...මගෙනුත් සුබාසිරි....

    ReplyDelete
  60. සන්ජය සිතුවිලි : කේක් කැවා නම් ඔන්න තැගි ඕනා....

    ReplyDelete
  61. සිතිවිලි නිහඩයි : ගොඩාක් ස්තුතියි මගේ නංගාටත්.....

    ReplyDelete
  62. සාතන් : අනිවා සෙට් උන දාට නම් අනිවා දෙනවාමයි.... ඔන්න මතක් කරලා ඉල්ලන්න ඕනා

    ReplyDelete
  63. පන්සල් හන්දිය : ගොඩාක් ස්තුතියි අය්යේ..... ඔව් අය්යේ නැත්නම් මට සමහර ඒවා මිස් වෙනවා....

    ReplyDelete
  64. හිස් අහස : ගොඩාක් ස්තුතියි මලයන්ඩි....

    ReplyDelete
  65. සුභ උපන්දියක් වේවා මලේ..
    හිතන පතන හැම පැතුමක්ම ඉටුවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
    සතුටින් ඉන්න. :))))

    ReplyDelete
  66. ඇනෝ 1 : කියන්නත් බැ අදද කියලා

    ReplyDelete
  67. ඇනෝ 2 : එච්චර කල් නම් ඕනේ නැ යාලූ....

    ReplyDelete
  68. ත‍ටු සිදුන සමනලි : කොහේද අතුරුදහන්... තැන්ක්ස් හොදේ

    ReplyDelete
  69. තරුගේ ලෝකය: වාව් තැන්ක්ස් කිවා මමත්

    ReplyDelete
  70. දේවාගේ අඩවිය කියවන්නෙක් : අනේ බන් දැන්ම නම් ඒක වෙන්නේ නැ.. අනික බන් ඒකට ඉතින් බදින්නම් ඕනේ නැනේ

    ReplyDelete
  71. දිනේශ් : මරුනේ එතකොට කවුද අය්යා....

    ReplyDelete
  72. අයේශා : ලේට් නම් නැ අක්කෝ තාම මගේ උපන් දිනේනේ....

    ReplyDelete
  73. දිමා : තැන්ක්ස් යාලු...

    ReplyDelete
  74. නිල් අහස : තැන්ක්ස් අය්යේ.... මොකෝ ඉන්ග්ලිශ් වලට බැහැලා....

    ReplyDelete
  75. රතු මුහුද : ගොඩාක් ස්තුතියි යාලුවා..

    ReplyDelete
  76. පබලු :ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි අක්කියෝ

    ReplyDelete
  77. sibath : බලන්න්කෝ ඔයාව මිස් වෙලානේ.. කලෙකින් මේ පැත්තේ.... තැන්ක්ස් යාලුවා..

    ReplyDelete
  78. ඒ කියන්නෙ අද අයියාගෙ උපන් දිනේ.... ඔන්න මමත් අයියාට සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුට සෞභාග්‍ය ඉතිරෙන්න ඕන. ඔයාගෙ අම්මා තාත්තා වගේම අපේ තාත්තාත් පුංචි කාලෙ ඉඳලා ගොවිතැනත් එක්ක ජීවත් උන අය නේ... අපේ තාත්තා උනත් ගොඩක් සැප විඳලා ඉගන ගත්ත අය නෙවෙයි. ඒත් ඒගොල්ලො අපිව සතුටු කරන්න අපිට උගන්වන්න කොච්චර මහන්සි වෙනවද? අයියා නම් එයාලාට සතුටු වෙන්න පුලුවන් තැනක දැන් ඉන්නවනේ.. ඒ ගැන සතුටු වෙන්න.

    සුබම සුබ උපන් දිනයක් අයියේ...!!!

    ReplyDelete
  79. සුභ උපන් දිනයක් දේවා. ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා. ඔබ අපට දායාද කළ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  80. සුබම සුබ උපන් දිනයක් සහෝ,
    මට හැමදාම නොතෙරෙන එකක් තමයි, 2011-1988 = 23, මෙක 24වෙනි උපන් දිනයද? 23ද?

    ReplyDelete
  81. සුභ උපන් දිනයක් දේවා

    ReplyDelete
  82. //කොහොම උනත් මට බ්ලොග් නිසා ගොඩාක් වටින අය්යලා අක්කලා නංන්ගිලා මල්ලිලා ගොඩාක් මුන ගැහුනා..//
    එතකොට අපි වගේ සීයල මතක නැහැ....හිකිස්....

    සුභ උපන් දිනක් වේවා...!!!

    ReplyDelete
  83. හංසි : ඇත්තටම නංගියෝ.. ටිකක් හොද තැනක උන්නත් මට ඒ අය වෙනුවෙන් කරන්න තව ගොඩාක් දේවල් තියනවා නංගෝ.... ජිවිතේ තවත් ගොඩාක් කැප කිරිම් එයාලා අපි වෙනුවෙන් කරනවා...

    ReplyDelete
  84. දය්යා: ඇත්තටම ගොඩාක් පින් ඔයාට....

    ReplyDelete
  85. සජිත් : මටත් ඕක ටැපලෙනවා තමයි.. ඒත් ඉතින් මට 23ක් ඉවරයි ඔන්න 24ක් ලැබුවා...

    ReplyDelete
  86. විසිතුරු : ගොඩාක් ස්තුතියි විසිතුරු

    ReplyDelete
  87. Observer : අනේ මේකනේ වුනේ ඔයා හිතාන උන්නාට ඔයා වයසයි කියලා කවුරුවත් ඔයාට සියා කියන්නේ නැනේ.. කතා කරන හැමෝම කියන්නේ ඔබ්සවර් අය්යා කියලානේ ඉතින් ඔබතුමාත් ඒ ගොඩේ ඉන්නවානේ... සතු‍ටුයි මේ පැත්තේ ආවට

    ReplyDelete
  88. අනේ... පරක්කු වුනාට සමා වෙන්න දේවා...සුභම සුභ උපන් දිනයක් වේවා...!!!!

    දැන් ලොකු අයියා කෙනෙක් නේ?? ;)

    ReplyDelete
  89. හිතුවක්කාරි : අනේ ඉතින් තාම ඒ තරම් වයසක් නැ නොවැ මට හිතු ලට තරම්....

    ReplyDelete
  90. නිලුක්ෂ රත්නායකSeptember 27, 2011 at 8:41 PM

    දේවක මල්ලියා සුබම සුභ උපන්දිනයක් වේවා...wish කරන්න පමා උනාට sorry හොදේ ..........

    ReplyDelete
  91. සුභ උපන්දිනයක් වේවා මළයා... !!! .. ජය..!!!

    ReplyDelete
  92. නිලුක්ෂ රත්නායක : පරක්කු උනාට කමක් නැ අය්යා.... තැන්ක්ස් අය්යා...

    ReplyDelete
  93. නචියා : තැන්කු තැන්කු අය්යේ.....

    ReplyDelete
  94. දැන් මම දැක්කේ මේක මගෙන් සුභ පැතුම්. මේ උපන් දිනයට හදපු සිංඩිය ර්‍රලග උපන් දිනේ එනකොට ‍අපේ වගේම ලොකුම සිංඩියක් හදා ගන්න පුලුවන් වෙවා කියලා මම සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ඕනෙම නැ මචන්... අදයි මේක හරියට දැක්කේ...

      Delete
  95. සුභ උපන්දිනයක් වේවා !! මංනම් හොදටම පරක්කුයි වගේ.. ටික දවසකින් මේ බ්ලොග බලන්නෙ.. ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  96. සුභ උපන් දිනයක් වේවා සහෝ!!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....