ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

28 September, 2011

මාකටින් & ලංකාවේ ඇඩ්

හැමෝටම සුභ පැතුම් වලට ස්තුති කරන ගමන් පොඩි දැකපු අහපු දේවල් පොඩ්ඩක් ඔයාලා එක්ක බෙදාගන්න ඕනා කියලා හිතුවා.. ඒත් ඔයාලටත් මේක මේ විදිහටම දැනේනවද කියලා බලන්නකෝ....

අද මම කතා කරන්න හිතුවේ මාකටින් ගැන (කොටස් වෙළද පලක් වත් ඉන්සුවරන්ස් වත් නම් නෙමේ)

මේක උනේ සෙනසුරාදා උදේ මට පොඩිදෙයක් ගන්න ඕන වෙලා මම ටවුන් එක පැත්තේ පොඩි රවුමක් දැම්ම.

එක ශොප් එකකට ගොඩ වෙලා (මල්ලි කෙනෙක් උන්නේ ) මම මට ඕන කරන දේ තියනවද කියලා ඇහුවා... මැන් ඉතින් මුනවත් නොබලා නැ කිවා.. මම ඇහුවා ඉතින් මල්ලි කොහේ හරි මේ දේ ගන්න තියෙන්නේ කියලා....මැන් සද්දයක් නැ.... ඔන්න මිනිහගේ මාකටින්...

දැන් ඉතින් මට ඕන කරන දෙයක් ලොකේ වෙන කොහෙවත් නැ ඕකේ විතරමයි කියලා කිව්වත් මම ආයේ ඕකට යයිද??? මම දන්න කියන කෙනෙක්ට මගෙත් එක්ක යනකොට මම ඕකට යන්න එපා ආයේ කියලා නොකියයි කියලද??

ඇත්තටම ජිවිතේ කවදාවත් මට නම් එ තැනට ආයේ යන්න හිතෙන එකක් නැතිවෙයි,.. පොඩ්ඩක් කිවා නම් අනේ අය්යේ මම නම් හරියටම තැනක් දන්නේ නැ කියලා මටත් සැටිස්... ආයේ දවසක යන්නවත් හිතෙයි..

මේ මම දන්න බැන්ක් එකට එන තවත් කස්ටමර් කෙනෙක් මගෙත් එක්ක කියපු කථාවක්.. මේක හාඩ්වෙයා එකක් කියලා කියමුකෝ... සමහර බඩු තියනවානලු ගොඩාක් ලොකු ලාභයක් තියා ගන්න ගානට වඩා රුපියලක්වත් නැහැලු ගන්න ගානටම දෙන්න වෙනවලු....
ඉතින් මම ඇහුවා ඇයි ඉතින් ඒවා සේල් කරන්නේ.. ඒවට යට කරන මුදල් අපරාදෙනේ කියලා..

එතකොට කියනවා ඒ දේ ගන්න එන මගේ කස්ටමර්ස්ලා එකෙන් මට සත පහකවත් ලාබයක් නැති උනත් ඒවා ගන්න එන අය අනිත් මට ලාබයක් තියන හැම දෙයක්ම ගන්න එන්නේ මගේ ලගට... ඉතින් මට ඒකෙන් ගොඩාක් ලාබයි..
ඉතින් ඒක නේද වෙන්න ඕනේ..

අර කලින් කිවා වගේ වෙන්නේ නැතුව අපි වැඩ කරනවානම් (සේලින් විතරක් නෙමේ ඕනම ‍රැකියාවකදි මේක වැදගත්) හැම දෙයක්ම සාර්ථකව කරගන්න පුලුවන් වෙනවාමයි

මම හරිනේ....

පොඩි ඇඩ් දෙකක් මේ ටයිප් කරන අතර තුරම දැක්ක නිසා ඒවාත් මේකට ගැවෙන නිසා ලියන්න හිතුනා...

ටිවි එකේ ඇඩ් දාන්නේ ඒ භාණ්ඩ විකුනගන්න මාකට් කරගන්නේ.. එත් මම මේ දැකපු ඇඩ් දෙක මොන හේතුවක්ද දන්නේ නැ මට නම් හිතුනෙම නැ මාකට් බවක්.....

1 . **නල් ඇඩ් එකක්.. අර සුරන්ගනා කථවක වගේ කැඩපතින් ලස්සනම හිනාව ගැන අහනවා
එතකොට කැඩපත අල්ලපු ගෙදර ලතාව ඇදලා ගන්නවා.. මල පනිනකොට ඔන්න මේකෙන් පුලුවන් කියලා ** නල් එකක් දෙනවා. හරි දත් සුදු උනා කියමුකෝ... ආයේ අහපුවහම අල්ලපු ගෙදර ලතාගේ හිනහව ලස්සනම දිප්තිමත් කියලා සති දෙකකට කලින් කිව එක වෙනස් වෙලා ගෙදර වැඩ කරන ගැනු කෙනාටත් ඒ ලස්සන් හිනාව තියනවලු නොනට වගේම....
එත් ලතාගේ හිනාව සති 2න් අතුරු දහන්.. සමහර විට වැඩක් නැ කියලා ලතා **නල් අත හැරලාවෙන්න ඇති.. ඔය වගේ බොලද ඇඩ් වලට අහුවෙනවද ඉතින්...

2. මේක අලුත් ඇඩ් එකක් මම හිතන්නේ ඇන්** කියලා කිරි එකක් රු 100 පැකට් එකක් ගැන .. මේක මාකට් කරන ලේඩි කියනවානේ දවස් 5කට සැහෙන්න එකක් රු 100 කියලා..එතකොට නෝමලි කියවෙන්න ඕනේ රුපියල් 100කට දවස් 5ක් පුලුවන් ද ඒක ගොඩක් ලාභයි වගේනේ.. මේකේ කියන්නේ:"රුපියල් 100ක්" කියලා අම්මෝ ගනන් වැඩි කියලා එයලා කියනවා වගේ මට නම් තේරුනේ...

තව ලංකාවේ මාකටින් ඇඩ් නම් ගොඩාක් අවුල ඒවා මම දැකලා තියනවා එත් මේ විනාඩි 5 ට 10ට දැකපු 2ක් තමයි මේ...

ලස්සන ඇඩ් නැතුවමත් නෙමේ.. ඒවා ගැන පසුවට

32 comments:

  1. මාකටින් ගැන ළඟම උදායරණය තමයි ජෝන් ඩියර් ටැක්ටර් ඇඩ් එක. ඉස්සෙල්ලා ඇඩ් එකට් නෝ සේල් ලූ. දැන් නැගලම යනවලු. මොකෝ ඉන්නේ ලන්කාවේ ඉන්න නම්බර් වන් එන්ටටේනර්.

    ඉන්දියාවේ බයික් එකක් ප්‍රමොට් කලාලු බයිසිකලේ කොටියත් පහු කරන් යන. එකෙක්වත් ගත්තේ නෑලූ. මොකෝ ඒකේ ගියොත් කොටිය එළවයි කියල. දැම්මලු ෂාරුක්. උණු කිරි වගේ යනවලු. මම ආසම "කොළුවට රථ ගාය"

    ReplyDelete
  2. මාකටින් ගැන ළඟම උදායරණය තමයි ජෝන් ඩියර් ටැක්ටර් ඇඩ් එක. ඉස්සෙල්ලා ඇඩ් එකට් නෝ සේල් ලූ. දැන් නැගලම යනවලු. මොකෝ ඉන්නේ ලන්කාවේ ඉන්න නම්බර් වන් එන්ටටේනර්.

    ඉන්දියාවේ බයික් එකක් ප්‍රමොට් කලාලු බයිසිකලේ කොටියත් පහු කරන් යන. එකෙක්වත් ගත්තේ නෑලූ. මොකෝ ඒකේ ගියොත් කොටිය එළවයි කියල. දැම්මලු ෂාරුක්. උණු කිරි වගේ යනවලු. මම ආසම "කොළුවට රථ ගාය"

    ReplyDelete
  3. ඔය මාකටින් කරනකොට කස්ටමර්ස්ලා හොදින් තියාගන්න එක හොදයි. නැත්නම් කවදාවත් කඩේට එන එකක් නෑ. අර ඇන්ලීන් ඇඩ් එක නම් චාටර්. දවස් 5කට ඇන්ලීන් වලට රුපියල් 100ක් අම්මෙ ගාන සෑහෙන්න වැඩියි. එතකොට ග්‍රෑම් 400ක කිරි පැකට් එකක් රුපියල් 400ක් වෙයි නේ. ග්‍රෑමයක මිල රුපියලයි.

    ReplyDelete
  4. 2වැනි ඇඩ්එක ඉස්සෙල්ලම දකිද්දී මාත් හොල්මං උනා. ඒකෙ හෙනම අවුලක් තියනවා. මොන මෝඩයද මේවා පෙන්නන්න අනුමැතිය දුන්නෙ. පලවෙනි ඇඩ් එකත් අසාර්ථකයි.

    ReplyDelete
  5. මම දැකල තියෙන ලස්සනම ඇඩ් එක තමයි දැන් ප්‍රචාරය වෙන හච් ඇඩ් එක..(බිසී ටියුන්) එඅ වගේම අර පේන්ට් ඇඩ් එකක් තියෙන්නේ කුබලෙක් මැරී කරන්නේ .. අන්තිමට දෙන්නම් ගේ අතුලට යන්නේ... මාරු ඇඩ් දෙක

    ජය,

    ReplyDelete
  6. දෙරණ නාලිකාවේ හැමවෙලාවෙම ප්‍රචාරයවෙන කොත්තු** ඇඩ් එක මටනම් තිත්ත වෙලා තියෙන්නේ.මම වගේ තව දෙතුන් දාහක් හිටියොත් බඩුම තමා.

    ReplyDelete
  7. දේවාගේ අඩවිය කියවන්නෙක්.September 28, 2011 at 12:16 PM

    මාකටින් කිව්වම තමා මතක් වෙන්නේ ර පිරමිඩ් සිස්ටම් එක. ඒක නම් තනිකරම බොරුව ගෙනියන්නේ.

    ReplyDelete
  8. ලංකාවෙ දැන් දැන් පෙන්වන ඇඩ්නම් ගන්නම දෙයක් නෑ.දැක්කාම උවමනාවටවත් ගන්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  9. හපෝ, ඇඩ් ගැන නම් කථා නොකර ඉමු...!

    ReplyDelete
  10. නිලුක්ෂ රත්නායකSeptember 28, 2011 at 6:14 PM

    නියම පොස්ටින් එකක් මාර්කටින් ගැන ...දිගටම මේ වගේ පොස්ටින් දාන්න ශක්තිය ලැබෙන්න ඕනා

    ReplyDelete
  11. නිලුක්ෂ රත්නායකSeptember 28, 2011 at 6:15 PM

    නියම පොස්ටින් එකක් මාර්කටින් ගැන ...දිගටම මේ වගේ පොස්ටින් දාන්න ශක්තිය ලැබෙන්න ඕනා

    ReplyDelete
  12. හැමදේම මාකට් වෙන යුගයක මාකටින් කියන දේ නම් සුපිරියට වගේම අජපල් වත් කරන විදිය පාරෙ තොටේ යද්දි බලා ගන්න පුළුවන්...

    ටික දවසක් යද්දි ඔව්වො අපිවත් විකුනයිද මන්ද...

    ReplyDelete
  13. ඒකනම් ඇත්ත දේවා... සමහරු ඉන්නවා තමන් ලග බඩුවක් නැති නම් කතාකරන්නේ ඒක වෙන කාගාවවත් නැති ගානට... ඉතින් ආයේ ඒ පැත්තවත් බලන්න හිතෙන්නේ නෑ....

    ReplyDelete
  14. මාතලන් : මමත් ඔය කොටියගේ කථාව නම් අහලා තියනවා අය්යේ... කොලුවට රථගාය ඇත්තටම ඇඩ් එකක් කියලා කියන්න පුලුවන් එකක් තමා....

    ReplyDelete
  15. මධුරංග : මමත් ඕක ගැන නම් ඇත්තටම හිතුවා අය්යේ... දැන් ඕක කඩේ කියක් ඇද්ද කියලා 100ග්ර්ම් රු 100 නම්... අනේ මන්දා ලංකාවේ මිනිස්සු ඒ තරම් මෝඩයි ද? නැත්නම් එහෙම මෝඩයි කියලා හිතින් මවාගෙන ඇඩ් වලට සල්ලි නාස්ති කරනවද මන්දා....

    ReplyDelete
  16. රාජ් : ඒකනේ බන්ස්... මම පොස්ට් එක ලියනකොට එක පාරම මේ මොකක්ද කියලා කල්පනා කරා,... අනුමැතිය ගැන නම් කවර කථාද මම කලින් පොස්ට් එකක්ත් ලිවා අර 3 * 3 = 3 කියලා ගිය ඇඩ් එකක් ගැන දැන් නම් පෙන්න්නනේ නැද්ද කොහෙද??

    ReplyDelete
  17. ගයාන් රුපසිංහ : ඇත්තටම හච් එකනම් පට්ට....

    ReplyDelete
  18. සිතිවිලි නිහඩයි : ඒකනේ නංගියෝ කියන්නේ

    ReplyDelete
  19. ඇනෝ : වෙලාවට මම දෙරණ බැලෙන්නේම නැති තරම්..

    ReplyDelete
  20. දේවාගේ අඩවිය කියවන්නෙක් : අම්මෝ ඔවා ගැන නම් කථා කරලා වැඩක් නැ ඔක්කොම බොරුව...

    ReplyDelete
  21. නිසුපා : ඒක නම් ඇත්ත අක්කේ.... හිතන් ඉන්නේ මෝඩයි කියලා හැමෝම

    ReplyDelete
  22. චතුරංග පෙරේරා : අනේ අය්යේ ඒ මොකෝ... ඇත්ත තමා කතාකරන්න දෙයකුත් නැ ඕවාගේ

    ReplyDelete
  23. නිලුක්ෂ රත්නායක : ස්තුතියි අය්යා...

    ReplyDelete
  24. පිස්සා පලාමල්ල : අම්මේ එකනම් කියන්න බැරි රටක තමා අපි ජිවත් වෙන්නේ...

    ReplyDelete
  25. දිනේශ්: අපි අහුවෙයි ඕවට කියලා ඉතින් අනිත් පැත්ත හැරිලා එන එක තමා කරන්න ඕනේ එතකොටනම්

    ReplyDelete
  26. හපෝයි..මටත් බඩුවක් ගන්න ගියාම වටිනම දේ තමා එතන ඉන්න වෙළඳ සේවක සේවිකාවන්ගෙ ආචාරශීලීත්වය.. ඔරවගෙන බුම්මගෙන ඉන්න අය ඉන්න කඩ වලට දෙපාරක් නොයන්න මමනං ඇත්තටම වග බලාගන්නවා..හරියට අපි එයාලගෙන් නිකං බඩුගන්න ආව වගේනෙ.. ඒ වගේම ලංකාවෙ කඩවලට ගෑනු ළමයින්ට ගොඩවෙන්න තියෙන අනික් අපහසුතාවය තමා ඒවයෙ ඉන්න වෙළඳ සේවකයො පැණි හලන්න තියාගන්න එක..ඉතින් නිදහසේ බඩුවක් තෝරන්න පුලුවන්ද.. ටිකක් විතර ආචාරශීලීව,ගෑනු ළමයෙක් නිසා විශේෂයක් දක්වන බව පෙන්නුවම ඒක ප්ලස් පොයින්ට් එකක් වෙනව වගේම..ඕනවට වඩා පැණිය දාන්න ආවහම අප්පිරිය වෙන බවත් මතක තියාගන්න ඕනේ....

    මේ දවස් වල යන ටීවී ඇඩ්ස් ගැනනම් මංචිට ඒ හැටි අයිඩියා එකක් නෑ..ඒත් අර හච් ඇඩ් එකනම් මාර එන්ටර්ටේනින්ග්.. :)තාමත් ආස ඇඩ් එකක් තමා අර ඉස්සරම ගිය ක්‍රීම් සෝඩා ඇඩ් එක..''ඔබමයි මා හදවතේ..සතුටු සිනාවන් මතු කළේ...''

    ReplyDelete
  27. සංකීර්ණ ප්‍රස්නයක්......

    ReplyDelete
  28. වර්තමානය ගත්තම යම්තාක් දුරට හරි සමාජ සුබසිද්ධිය උදෙසා හෝ සදාචාර සම්පන්න දැන්වීම් කලාවක් ක්‍රියාත්මක වෙනවා..ලංකා බෙල් දැන්වීම් පෙල ගත්තත්, පෝය දිනය වෙනුවෙන් පලකරන මැලිබන් දැන්වීම් ගත්තත් ඉතා හොඳ දැන්වීම් කලාවේ උපනතියක් පෙන්වනවා..අවාසනාවකට බහුතරයක් සමාගම් මෙය අනුගමනය කරන්නේ නෑ..වරක් මට මතකයි එක් මාධ්‍ය ආයතනයක් කොළඹ නගරය පුරාම දැන්වීම් ප්‍රදර්ශනය කලා හැඟීම් වලට වහල් වෙන්න කියලා...ඔන්න ඕකය දේවා තත්වේ

    ReplyDelete
  29. මකුලු පැංචි : මටත් නම් ඔය ආචාර ශිලිත්වය ගැන නම් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සි.** එකේ අයගේ තමා.. දමලා ගහලා එන්න හිතෙනවා වෙලාවකට.. ඔය ඔහොම කරදර කරන අයට සලකන්න ඕනේ කොහොමද කියලා ඉතින් මංචි දන්නවානේ...

    ReplyDelete
  30. රතු මුහුද :ඇත්තටම ඔව් යාලුවා

    ReplyDelete
  31. ජනරග : මේක ලංකාවනේ යාලුවා. ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන එක අපිට කරන්නම වෙනවා.. ගොඩාක් අය හිතන්නේ ලංකාවේ හැමෝම වචනෙන් දෙකෙන් ඕවට අහුවෙනවා කියලා.. මොකක්ද අර ඇඩ් එකක් තිබුනේ බිලා ඉගිලෙන එකක්.... ඔහොමයි ලංකාවේ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....