ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 September, 2011

වැඩක් කරගන්න ඕනම ඔ‍ෆිස් එකකට යනකොට මේ ගැන හිතලා තියනවද කවදාවත්

ටිකක් විතර බ්ලොග් එකක පොස්ට් විදිහට නොගිය මාතෘකාවක් කියලා මම හිතනවා මම මේ කියන දේ නම්.... එත් මේකේ අනිත් පැත්ත ගැන නම් ගොඩාක් බ්ලොග් වල ලියලා තියනවා මම දැකලා කියවලා තියනවා......  ඔයාලටත් මොකක් හරි වැඩක් කරගන්න ගියහම මෙහෙම හිතිලා ඇති...

මුන් නම් කිසිම වැඩක් කරන්නේ නැ බොරුවට අපේ සල්ලි කකා අයිස් ගහනවා කියලා

සමහර අය එහෙමම කරන අයත් නැත්තේමත් නැතුව ඇති... එත් ඔය බනින හැමෝම බනින්නේ රටේ වැඩ කරන ජනතාවටමයි... එහෙම කරන එක්කෙනෙක්ට විතරක් නම් නෙමේ...

ඇත්ත අපි අපේ කාලේ  මුදල් වැය කරගෙන ඕනම තැනකට ගිහින් වැඩක් කරගන්න හදන්නේ ගොඩාක් ඉක්මනට... අපේ වැඩේ ඉක්මනට කරගෙන එන්නනේ අපිට ඕනේ... ඇත්ත අපිට තියෙන්නේ ඒ වැඩේ විතරක් නෙමේනේ නේද???

එත් ඔයාලා කවදාවත් මෙහෙම හිතලා තියනවද???

මෙතන ඉන්නේත් අපි වගේම මිනිස්සු ටිකක්.. අපිට වගේම මේ අයටත් අවශයතාවයන් ඇති වෙනවා.... කියලා

පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ... ඔයාලාට මොන වැඩේ තිබුනත් ඔයාලට බඩගින්නක් ආවහම කන්නේ නැද්ද????

ශරිර කෘත්යක් ඇති උනහම ඒක කරන්නේ නැද්ද???

කරනවනේ ඉතින් ඔයාලා යනවා වැඩක් කරගන්න ඔන්න එතකොට ඔය කියන කෙනා කැමට ගිහින්... ඔයාලගේ වැඩේ කරගන්න තියන හදිසියට ඔයාලා එලිපිට නොබැන්නත් හිතින් බනිනවා.. කැමට පැය ගානක් ගන්නවා නම් වැරදියි තමයි... ඒත් ඉතින් ඔයා කරගන්න ගිය වැඩේ වගේම තවත් ගොඩාක් දෙනෙක්ගේ වැඩ කරන්න ඔනේ ඔය කියන කෙනාමනේ.. ඔයාගේ වැඩේ වගේම අනිත් අයටත් එයාලගේ වැඩේ වැදගත්.. ඉක්මනට කරගන්න ඕනා.. ඉතින් හැමෝම එහෙම හිතපුවහම කැමට වෙලාවක් ඉතුරු වෙයිද???

ඇත්තටම මම වැඩ කරන්නේ බැන්ක් එකක කියලා දන්න්වනේ..... අනිත් එක දැනට මම වඩ කරන්නේත් කවුන්ටර් එකේ.. සමහර  දවස් වලදි කන්න වෙන්නේ බැන්ක් එක වහපුවහම... (3න් පස්සේ) ගෙදරින් ගෙනියන බත් එක එතකොට කන්න බැ... නොකා ඉන්න වෙලාවල් ඕන තරම්...

කස්ටමර් ඉස් කින් අපේ තියරිය...

ඇත්තටම කැමට පැයක් ගන්න පුලුවන් උනත් තවම නම් මේ මගේ ‍රැකියා ජිවිතේ විනඩි 15 කට 20 කට වඩා ගත්තු දවස් නම් තිබිලම නැ.... සමහර දවස් වල කැම එක කකා ඉන්නකොට දේවා (බැන්ක් එකෙත් එහෙම කියන අය ඉන්නවා) කවුන්ටරේ ටිකක් සෙනග වැඩි වගේ කියලා සිකියුරිටි අය්යා කියනකොට බත් එක ඩස්පින් එකට දාලා දුවපු දවසුත් ඕන තරම්....  ඇත්තටම මම මේ පොස්ට් එක ලියන්නේ මට උනු දෙයක් ගැන ලියන්න නම් නෙමේ... ඒත් මට හිතෙනවා ඕනම වැඩ කරන තැනකට ඇවිත් වැඩේ ආපු ගමන් කරගන්න බැරි උනහම බනින අය කොයි තරම් උන්නත් වැඩක් කරපුවහම ඒ ගැන කතා කරන අය අඩුයි කියලා...

ඕනම මනුස්සයෙකුට විවිදාකාරයේ අවශයතා ඇති වෙනවා.. වැඩ කරන වෙලාවට ඒවා අදාල නැති උනත් ඇත්තටම අසනිපයකට බේත් පෙත්තක් බොන්න, වතුර තිබහට වතුර ටිකක් බොන්න, හදිසි අවශයතාවයකට වොශ් රුම් යන්න, ලන්ච් එකට යන්න වෙනවා කියන එක සාධාරණයි.... සමහර වෙලා වල් වල වැඩක් කරගන්න ගිඅ ගමන් ඒ වැඩේ කරගන්න බැරි උනහම කැ ගහන අය ට පුලුවන්නම් පොඩ්ඩක් හිතන්න මේ ලොකේ මේ වැඩේ කරගන්න්න තියෙන්නේ මට විතරක් නෙමේ.. මට විතරමයි නම් මේක තියෙන්නේ කරගන්න මේ තරම් වෙලා යන එක වැරදියි එත් එහෙම නෙමේනේ කියලා හිතනවා නම් ඇත්තටම හොදයි කියලා මට නම් හිතෙනවා

තව පුන්චි දෙයක්... මොකක් හරි වැඩක කරන ප්‍රෝසිඩියර් එකක් තියනවානේ එකට උවමනා කරන ලිපි ලේඛන තියනවානේ.. එවා සම්පුර්න කරගන්නේ නැතුව වැඩක් කර ගන්න ගියහම ඒවා වෙනුවෙන් එහෙට මෙහෙට යන්න උනහම ටිකක් කෙන්ති යනවා තමයි... එත් ඉතින් කලින්ම ඒවා ගැන දැනුවත් වෙලා ඒ දේවල්වලට රේඩි වෙලා ගියොත් ඒ රස්තියාදු විම් අඩු කර ගන්න පුලුවන් නේද???


ඔයාලා ආයෙත් හිතලා බලන්න මොකක් හරි වැඩක් කරගන්න ඔයාලා කොහේ හරි ඔ‍ෆිස් එකකට යනකොට ඒ වැඩේ මේ ලොකේ තියන එකම කෙනා ඔයා විතරයි කියලා හිතන එක හරිද??

ඔයා වගේ තව කී දෙනෙක් මෙහෙම ඇවිත් එක දිගට කියක් වැඩ කරගෙන ගිහින් ඇතිද අඩුම තරමේ කැමටවත් යන්න ඕනා නේද?? අපිට කොයි තරම් වැඩ තිබුනත් කන වෙලාව ගන්නවා නේද කන්න කියලා හිතන්න පුලුවන්නම් හොදයි නේද??

තමන්ගේ අඩු පාඩු තියගෙන යන්නේ නැතුව ඒ දේවල් සම්පුර්ණ කරගෙන යන්න  පුලුවන් නම් ඒකට ගතවෙන කාලය වගේම හිතට දැනෙන සිතුවිලි පවා ලස්සන වෙනවා කියලා හිතන්න පුලුවන්නම්
(සමහර තැන් වල මටම වෙලා තියනවා වැඩක් කරගෙන එන්න ගියාහම එක තැනක් කාගෙන හරි අත්සනක් අරන් එන්න ගිහින් ආයේ දුන්නහම තව කලින් ගිය තැනම ඉන්න තව කෙනෙකුගෙන් තව අත්සනක් අරන් එන්න ඕනා කියලා කියන.. ඒක පාර කරගෙන එන්න මම දන්නේ නැනේ.. ඉතින් හොදම දේ කරන්න තියන වැඩ ඔක්කොම එක පාර අහගෙන වැඩේ කරගෙන යන එකයි)

ප.ලි : මේ ඔක්කෝම මට හිතෙන දේවල් තමා... සමහර විට මම හිතන විදිහ වැරදි ඇති... ඔයාලට පුලුවන් ඒ ගැන කියන්න

24 comments:

  1. ඔය කතාවේ දෙපැත්තක් තියනවා. විවිද අවශ්‍යතා නිසා වැඩක් කරගන්න බැරි වෙන එකයි. තියන නොසැලකිල්ල නිසා වැඩේ අතපසු කරන එකයි කියන්නේ පැහැදිලිවම දෙකක්. අපි ඉස්සර ආණ්ඩුවේ ඔෆිස් එකකට ගිහින් වැඩක් කර ගන්න ගියාම තිබුණු සැලකිල්ලට වඩා අද තත්වය ගොඩාක් හොදයි. (ඉස්සර ලංකා බැංකුවත් එහෙම තමා) මට හිතෙන්නේ අද එහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවටත් පවුද්ගලික අංශයත් එක්ක තරගයක් දෙන්න සිද්ද වෙලා තියන නිසා කියලා. මේ තරගය තව ටිකක් වැඩි වෙනවනම් ගොඩාක් හොදයි.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්... යම්කිසි ඇත්තක් තියෙනවා මේ තර්කයේ. කවුරුහරි හිතනවා නම් තමන්ගෙ වැඩේ කරන පුද්ගලයා නොකා නොබී වැඩේ කරලා දෙන්න ඕනෙ කියලා, ඒක බොහොම අමානුෂිකයි! ඒ වගේ හිතන අයත් ඉතිං එමටයි...

    නමුත්, බොහෝවෙලාවට රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම තියෙන්නෙ ඔය තත්වය නෙවෙයි නේද? මිනිස්සු උදේ 9.00 ඉඳලා වැඩක් කරගන්න බලා ඉන්නකොට, අදාල නිළධාරියා 10.00 ට වැඩට ඇවිත් ඒ ගමන්ම කන්න දුවනවා නම්, මිනිස්සුන්ට මල පනින එක සාධාරන නැද්ද? දේවා කියන බැංකු රස්සාවෙනම් ඉතිං ඔහොම වෙන්නෙ නෑ, මොකද ඒක රාජ්‍ය වේවා පුද්ගලික වේවා ටිකක් උසස් තත්වයක තියෙන්නෙ මේ වෙනකොට... හැබැයි මීට අවුරුදු 10 - 20 කට කලින් නම් රාජ්‍ය බැංකු වලත් ඔය තත්වය යම් දුරකට තිබ්බා...

    මේකෙ තියෙන ඉතා නිවැරදි තර්කයක් තමයි, වැඩක් කරගන්න යනකොට ඊට අවශ්‍ය හැමදේම සම්පූර්ණ කරගෙන යන්න කියන එක! 100% ක්ම එකඟයි...

    ReplyDelete
  3. මම පිලිගන්නවා හුගක් පුද්ගලික තර්න් වල මේක ඇත්තක් උනත් රජයේ තැන් වල නම් මේක සමහරවෙලාවට වෙන්නේ අයිස්ම තමා, දවසක් මම ග්‍රාමීය බැංකුවට ගියා 12.30 ට ඔක්කොම කන්න ගිහින් පැය භාගයක් හිටියා, ඉතින් ඔය වගේ වැඩ තමා තියෙන්නේ.

    ReplyDelete
  4. ඔය කථාව හැමතැනටම ඔය විදිහට අදාල නැ , ගොඩක් තැන් වල සිද්ද වෙන්නේ පුලුවන් කම තියෙත්දිත් නොකර ඉන්න එක . අපේ ගම් පලාතේ ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් වැඩක් කරගන්න ගත වෙන වෙලාව අනික් බැංකුවකින් ඒ වැඩෙ කරගන්න ගත වෙන වෙලාව වගෙ දෙගුණයක් , බැංකු හොඳයි . රජයේ ආයතන ඊට හපන් . පලාත් අධ්‍යාපන කාර්යාලයකින් හරි කලාප අධ්‍යාපන කාර්යාලයකින් හරි වැඩක් කරගන්න ගිය ගුරුවරයෙක්ගෙන් අහල බලන්නකො තත්වය . හැබැයි ගානක් අතමිට මෙලවෙනකොට බැරි වැඩ ලස්සනට කෙරෙනව . ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ප්‍රාදෙසීය සභා නගර සභා වල තත්වයත් බින්දුවයි (ඇත්තම කිව්වොත් ඍණ )

    ReplyDelete
  5. මගේ අදහස මේකයි දේවා..දැනට ලංකාවේ බැංකුවල සේවය හොදයි ( පුද්ගලික / රජයේ).හැබැයි රජයේ ආයතනවල සේවය නම් (සමහරක් ආයතන) හොදටම මදි.මටත් ඒ සම්බන්ධව අත්දැකීම් මටත් ඕනෑතරම් තිබේ.

    ReplyDelete
  6. ගොඩක් වෙලාවල් වලට ඔෆිස් වල තියෙන අකාර්යක්ෂමතාවයට හේතුවත් මේකම වෙන්න ඇති. මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ නෑ. අනිත් එක තමයි කාලය කා දමන එක. එක මට ගොඩක්ම තේරුනේ මගේ අයිඩින්ටිටි කාඩ් එක ගන්න ඔෆිස් එකට ගිය වෙලාවේ. පය දෙක තුනක්ම එහෙ මෙහෙ රස්තියාදු වෙන්න සිද්ද උනා. අපරාදේ !!!!
    මම දැකලා තියෙන විදිහට ඕක ප්‍රයිවට් ඔෆිස් වල ගොඩක්ම අඩුයි !!!

    ReplyDelete
  7. අම්බලම : අනිවාර්යෙන්ම ඒක නම් ඇත්තටම පැති දෙකක්.. මම මෙතන කථා කරන්න උත්සහ කලේ වැඩක් කරන කෙනෙක්ව මැශින් එකක් රොබෝ කෙනෙක් වගේ හිතන එක වැරදියි කියලයි තරගයක් තියන එක ගොඩාක් හොද දෙයක්

    ReplyDelete
  8. ගිතික ඇත්ත කතා : එහෙම කරන තැන් ඇත්තටම නැ කියන්න බැ තමයි.. එත් සමහර වෙලාවට ඒ ගැන අදාල ඉහල අංශ නොදැනුවත්ව වෙන දෙයක් නෙමේද ඒක,, ඒ අංශ දැනුවත් කරන එක අපිට කරන්න පුලුවන් නේද??

    ඇත්තටම බැන්ක් එකක එහෙම දේවල් වෙනවා ගොඩාක අඩුයි කියලා මමත් හිතනවා

    ReplyDelete
  9. bckurera : කොහොමවත් ඔක්කොම නම් එක පාර කැමට යන එක මම අනුමත කරන්නේ නැ.. බැන්ක් එකක එහෙම උනා කියපුවහම මට ඒක විශ්වාස කරන්නත් අමාරුයිනේ...

    ReplyDelete
  10. buwa : ඇත්තටම ඒකට හේතුව නොසැලකිල්ලද එහෙමත් නැත්නම් වගකිමක් නැතුව වැඩ කරන එකද???
    තමන් ගන්න වැ‍ටුපට සේවයක් නොකර හිතට එකගව ජිවත් වෙන්න පුලුවනිද?????

    ReplyDelete
  11. ChammA : එහෙම නොවන රාජ්ය සේවයක් ලංකාවේ ඇති වෙන්න බැරි කමකුත් නැනේ.. පාලකයෝ අතේ තමයි ඔක්කොම

    ReplyDelete
  12. මධුරංග : ඇත්තටම මට ඔය ගැන ගොඩාක අත් දැකිම් අඩු නිසාද මන්දා එහෙම හිතෙන්නේ.... ඒත් ඇත්තටම අපිට මොන අවශයතාවය තිබුනත් වැඩක් කරගන්න කෙනෙක් ආවොත් ඒක මග හරින්න බැනේ... මොකද අපි ‍රැකියව කරන්නේ ඒ අය වෙනුවෙන්නේ.....

    ReplyDelete
  13. රජයේ ආයතන බොහෝමයක පාරිභෝගික සත්කාරය හරිම අඩුයි..හිනා වෙන්නෙ වත් නැහැ නිකන් මනුස්ස කමට..මහා ඔලුවෙන් ඉන්න පිරිසක් තමයි දකින්නෙ..මොනව හරි ඇහුවොත් ඕනිවට එපාවට මොනවහරි කියනව මිසක් අහන් අයගෙ අවශ්‍යතාවය තේරුම් අරගෙන හැඟීමෙන් උදව් කරන්නෙ නැහැ.. එතකොට සේවය ලබන්න එන අයට කේන්ති යන එක සාධාරනයි.

    ReplyDelete
  14. බැංකු වලට යන අයනම් අර මොකක්ද ලිපේ දැම්ම වගේ යන්නේ.
    බහුතරයක් බැංකු හරිම කාර්යක්ෂමයි. ඉක්මනට අදාල කාරිය කරගෙනෙ එන්න පුළුවන්. නමුත් රජයේ ආයතනවලට ගියාම සමහර වෙලාවට ගනන් ගන්නේ නෑ වගේ තමා ඉන්නේ..මාත් මගේ මව සමග ගිහින් ශෝක් කටු කාල තියනවා.ඒත් දෙවියෙක් වගේ කවුරුහරි ඉන්නව පිහිට වෙන්න මව ගුරුවරියක් නිසා කොහෙන් ගියත් ගෝලයෙක් ඉන්නවනේ...

    ReplyDelete
  15. weni : සමහර විට බැන්ක් එකක කෙනෙක් හිනහ නොවෙනවා නම් මොකක් හරි අවුලක්... සමහර විට එක දිගට වැඩ ගොඩක ඉන්නකොට පිඩනය වැඩි නිසා වෙන්න ඕනේ.. කොහොන් හරි රු 500ක් අවුට් උනත් හොයාගන්න බැරි උනොත් අතින් දාන්න වෙනවා කියන හැගිම හිතේ තියනවානේ.. එත් හිනා නොවි ඉන්නේ කොහොම දවසම

    ReplyDelete
  16. ගිම්හානි : මොකක්ද ලිපේ දැම්මා වගේ කිවේ..... ?? මම ටියුබ් ලයිට් ද මන්දා තේරුනේ නම් නැ අක්කෝ....

    සමහර අය එහෙම ඇති ඒ දේවල් තමන්ගේ බුදලේ කියලා හිතන... ඒත් හැමෝම එහෙම නැ මම හිතන්නේ

    ReplyDelete
  17. සහතික ඇත්ත මේක ලංකාවනේ ඉතින් මොනා කරන්නද

    ReplyDelete
  18. අම්බලම කියන කතාව ඇත්ත...
    හැබැයි ඉස්සරට වඩා දැන් ආණ්ඩුවේ ඔෆිස් වල තත්වල හොදයි... ලංකා බැංකුව.. ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් වගේ

    ReplyDelete
  19. ජීවිතේටම ඔය විදියට හිතල නෑ..!!!!!
    ඔය කියන කතාවෙ ලොකු ඇත්තක් තියේ තමා...
    අපි බලන්නේ කොහොම හරි අපේ වැඩේ කරගන්නනේ...
    මීට පස්සේ මේ ගැනත් හිතනව...!!!

    ReplyDelete
  20. රාජ්‍ය ආයතන වල සමහර වැඩ ගැන වැඩ කරන සමහර නෝනල මහත්තුරු ගැන කතා කරන්න මම කැමති නෑ. අපිට ලැබිය යුතු වැටුපවත් ලබා දෙන්න කම්මැලියි. ඒකෙත් හිඟ ලක්ෂ ගානක් තියෙනව අවුරුදු ගානක් ති‍ස්සෙ. අපිට හිමි වැටුප් වර්ධකයවත් හරියට හදල නැතුව.මම දෙපාර්තමේන්තුව ගැන කියන්නෙ නෑ.(වැටුප් වර්ධක ලක්ෂ ගණන් හිඟ තියෙන එකම දෙපාර්තමේනතුවයි ලංකාවෙ තියෙන්නෙ)
    දේවා මම ඔයාගෙ එක දේකට ඉහළින්ම එකඟයි. අපි නරකට බනිනව ඒත් හොඳට හොඳයි කියන්න කට අරින්නෙ නෑ.

    ReplyDelete
  21. ඔය දෙපැත්තම ඇත්ත කියලයි මට නම් හිතෙන්නේ. මිනිස්සු තමන් ගැනම හිතන්නේ නැතුව අනෙක් කෙනාගේ පැත්තෙනුත් හිතනවා නම් ප්‍රශ්ණ අඩුයි...

    ReplyDelete
  22. අදහස වටිනව දේවා.....

    ReplyDelete
  23. අයියගේ කතාව නම් ඇත්ත....දැන් නම් ඒ තත්ත්වේ ගොඩක් දුරට අඩුයි රාජ්‍ය අංශයේ.....ඉස්සරනම් වැඩක් කරගන්න යනවා කියන්නේ...අප්පෝ.....මමත් දැකපු දෙයක් තමා උදේ 9 ට වැඩට ඇවිත් උදේ කෑමට පැයක් ගන්නවා..... ඒ කියන්නේ 9.30 ඉදන් 10.30 විතර වෙනකම්.....ඊට පස්සේ ආයේ වැඩ කරන තැනට ඇවිත් අහල පහල අයත් එක්ක කයියක් ගහල වැඩ පටන් ගන්නවා...එත් එතකොට 12 ට ලඟයි....ඊළඟට ලන්ච් එකට යන්න රෙඩි වෙනවා....12 ඉදන් 1 වෙනකම් කනවා.....ආයේ එනවා..වැඩ පටන් ගන්නවා...සමහරු පත්තරේ බලන්නෙත් ඔෆිස් ටයිම් එකේනේ....ඊළඟට ටි ටයිම් එක....ඔහොම ටයිම් පාස් කර කර ඉඳල 4.30 වෙනකොට එන්න ලෑස්ති වෙනවා.....මන් මේක දැක්කේ අපේ නැන්දයි පුංචියි එක්ක එයාලගේ ඔෆිස් වලට ගිය අවස්ථා වලදී.....මානුෂික අවශ්‍යතාවයන් තිබුනත් ඒ සඳහා අනවශ්‍ය විදියට කාලේ නාස්ති කරන එක නිසා තමයි ඒ මිනිස්සුන්ට බැණුම් අහන්න වෙන්නේ...අද නම් ඒ තත්වේ ගොඩක් දුරට අඩුයි.....

    ReplyDelete
  24. ඒක නම් ඇත්ත අයියේ.. අපි කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙත්දි ඒ කෙනා ඒ දේ අපිට කරලා දෙන්න තරම් මානසික මට්ටමක ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන. මාත් BOC වැඩ කරන කාලෙ කත්දි 3ත් පහු වෙනවා තමයි. මම නම් ගෙදර යත්දිත් ගොඩක් දවස් වලට 6.30ත් පහු උනා. සමහර දවසට බෑන්ක් එකටම මමයි තව එක officer කෙනයි ඉතුරු වෙන්නෙ. හැමෝම තමන් ගැන හිතනවා වගේම අනිත් අයත් මිනිස්සු කියලා හිතනවා නම් හොඳයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....