ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 September, 2011

ආදරේ ගැන මේක හරිද?? එක්සැම් අස්සේ හිතෙන විකාර... කොමස් කලානම් හෙල්ප් එකකුත් දිලා යන්න

අම්මේ මොන වැඩ තිබුනත් මට මේ බ්ලොග් ලියන එක නැතුවනම් ඉන්නම බැ වගේ... කැවත් ඇගට අල්ලන්නේ නැ.. ඔන්න මම කමෙන්ට් වලට නම් රිප්ලයි දෙන්නේ එක්සැම් ඉවර වෙලාම තමා.. ඒත් ඉතින් ඔන්න කමෙන්ට් නොකර ඉන්න එපා ඉතින් (අපි යාලුවොනේ)

අද මම පොඩ්ඩක් ජිවිතේ එහෙමත් නැත්නම් ජිවිතේ කොටසක් විදිහට ගොඩාක් දෙනා කතා කරන ආදරේ ගැන පොඩ්ඩක් කියලා යන්න හිතුනා මට හිතෙන විදිහට....

ඇත්තටම ජිවිතේට  ආදරේ ඕනමද???

සමහර අයට නම් එහෙම නැතුව ඉන්න පුලුවන්ලු...
ඒත් ගොඩාක් දෙනෙක්ට ආදරේ ඕනම කරනවා මම දන්න විදිහට

ආදරේ කරන කොට මොනවද වැඩියෙන්ම ඕනේ....

ආදරේ කරන කොට අනිවර්යෙන්ම විශ්වාසේ තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ....
විශ්වාසේ කියන්නේ ආදරේන් 100%ක්ම තමා..

හිතට එන හැමදේම කියන්න.. ශක්තියක් වෙලා ලග ඉන්න ආදරේ කරන කෙනාව ආරක්ශා කරන්න ආදරේ කරන කෙනාට පුලුවන් වෙන්න ඕනා
නෙක්
ආදරේ කියන්නේ ඇත්තටම පුදුමාකාර දෙයක් කෙනෙක්ව ජිවත් කරවන කොට තවත් කෙනෙක් ආදරේ නිසා දුක් විදින එකත් වෙනවා..

ආදරෙන් ලග ඉදගෙන පරිස්සමට බලාගන්න ඒ ආදරේ වෙනුවෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕනේ

අනේ තව කියන්න දෙවල් ගොඩාක් තියනවා... ඔලුව බර වැඩි ... එහෙම වෙලාවක හිතුන පිස්සුවක් තමයි මේ..

ඔයාලට බනින්න පුලුවන් මට මේකා විකාර කියවනව කියලා.. එහෙමත් නැත්නම් තව මේකේ අඩු දෙවල් කියලා යන්නත් පුලුවන් ඔයාලටම තමා..

ප.ලි : කොමස් කරපු අය ඉන්නවානම් මට ආදායම් ප්‍රකාශනය, නිශ්පාදන ගිනුම ,ලාභාලාභ ගිනුම , ගැන පොඩ්ඩක් දන්න දෙයක් මෙතන හරි මේල් එකක් හරි දානවද?? (sadaru.world@gmail.com)

15 comments:

  1. ලාභ අලාභ ගිනුම කියන්නේ වර්ශය අවසානයේ ව්‍යාපාරයක් ලාභාලාභ බලා කියාගන්න හදන ලියවිල්ලකට. වත්කම් පාග්ධනය වියදම් එහෙම දාලා හදන ලියවිල්ලකට. මතක හැටියට වත්කම් යන්නේ සේස පත්තරේට. ඔන්න සේස පත්තරේ සමාන කරගන්න වැඩේ නම් මම් දන්නේ නෑ. මොකද මට කවමදාකවත් ඕක සමාන කරගන්න ලැබිලා නෑ.

    ඉතුරු ඒවා මතක නෑ.

    බ්ලොග් එපා. පාඩම් කරනු.... පාඩම් කරනු.... පාඩම් පාඩම් !!!!!

    ReplyDelete
  2. විශ්වාසා පරමා ඤාති කියන්නේ එකනේ මචන්...

    කොමස් ගැන නම් කිසිම අදහසක් නැත..මම නම් මැත්ස් කොලේ..බ්ලොග් එක පොඩ්ඩක් අමතක කරලා ( කරනං බැරි උනත් ඉතින් කරන්න දෙයක් නැහැ ) , පාඩම් කරන්න

    ReplyDelete
  3. මට මතක විදියට අදායම් ප්‍රකාශයයි ලාබ අලාබ ගිණුමයි කියන දෙකම එකයි. මේක හදන්නෙ යම් කිසි ගිණුම් කාල පරිච්ඡේදයකට අදාල ලාබය හෝ අලාබය ගනණය ගන්න. නිශ්පාදන ගිණුම් හදන්නෙ භාණ්ඩ නිශ්පාදනය කරන ආයතන. මේක හදන්නෙ යම් භාණ්ඩයක් නිශ්පාදනය කරන්න යන පිටිවැය ගණනය කර ගන්න. හාණ්ඩයක මිල තීරණය කරන්න මේ ගිණුම ඕන වෙනව.

    ReplyDelete
  4. ඇත්තම ආදරේ ඔනනද ?.....එහෙනම් ඔයාලග තියෙන ආදරය ඔකොම දිල දාන්න .....

    ReplyDelete
  5. මලයෝ ආදරේ කරනනොට ඕන්නැති කෙහෙල්මලක් නෑ.හැම එකම ඕන. හැබැයි විභාගෙ කරනකොට නං පාඩංකිරිල්ල තමයි ඕන කියල මම හරියටම දන්නව.

    ReplyDelete
  6. ජීවත් වෙන්න ආදරේ ඕනෙමයි...!!!!!!!

    ReplyDelete
  7. දැන් ඕව හිතන්නද තියෙන්නෙ ........

    ReplyDelete
  8. ආදරේ ගැන මතක් කර කර ඉන්න වෙලාවක් නෙවි මේ , ලාභ අලාභ බලන්න ...පාඩම් කරලා විභාගේ කරලා එන්නකෝ අපේ පැත්තේ එහේ ලිපියක් ඇති “ආදරේ “ ගැන ..
    ජය පතමි

    ReplyDelete
  9. රැව්ල ගිනි අරන් තියන වෙලාවෙ සුරුට්ටු පත්තුකරන්න හදනව

    ReplyDelete
  10. ඔහොම ගියොත් නම් කතරගම යන්න කලින්, අතරමංවේවි....

    ReplyDelete
  11. මම නම් කියන්නේ විභාගෙ අස්සෙ හරි මේකා මෙව්වා ටික කියපු එක හොදා. නැත්නම් ඔව්වත් හිතේ තියන්නෙ මේකා විභාගෙට යන්නේ..

    ජය...

    ReplyDelete
  12. පාඩම් කරපිල් මලේ හොද හිතින්. මෙප් පෝස්ට් දදා ඉන්නෙ නැතුව.

    ReplyDelete
  13. පාඩම් කරපිය මලේ හොද හිතින්. මේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව.

    ReplyDelete
  14. හොඳට පාඩම් කරලා විභාගේ ජය ගනින් දේවා!

    ReplyDelete
  15. ආදරේට අපිව ජීවත් කරවන්න පුලුවන්. ඒ වගේම අපි ජීවිතයක් නැති මිනිස්සු කරවන්නත් පුලුවන්. හැමදාම කලකිරීම් පසුතැවිලි වලින් ජීවිතේ පුරවන්නෙත්, බලාපොරොත්තු හීන වලින් ජීවිතේ පුරවන්නෙත් ආදරය විතරමයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....