ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

01 September, 2011

කවි කියන්නේ කොහොමද මේවට මම

මුදු කෝමල වදනින්
හිත් පොඩිය නළවන්
ඔය සොදුරු දසුනින්
ආයෙමත් මේ හිත සරසාපන්

අදුරු හිස් ආකාසේ
තරුවක් විලාසේ
දිලෙනා ආලෝකේ සේ
එලිය කරන මගේ මේ හිත් ආකාසේ

ගෙවෙනා හැම මොහොතේ
ඔබ ගයනා ගි රාව වසන්තේ
ඇහෙනවා දසතේ
මගේ දෙසවන් සනහා අනන්තේ

ප.ලි : පොස්ට් එකක් වෙනුවෙන්වත් මට කවි ලියන්න පුලුවන් කමකටවත් ලියපු එකක් නම් නෙමේ මේ... කිසිම ගැලපිල්ලක් නැතුව පාඩම් කර උන්නු පොතේ සැරෙන් සැරේ ලියපු පේලි ටිකක් තමා මේ....

ප.ප.ලි : කවි ලියන්න බැ කියලා මම දන්නව මම මට...
එත් ඔහේ ලිවා....
විකාරයක් කියලා බනින්න එපා,...

එක්කෝ බනින්න... එතකොට ආයේ මේවා බ්ලොග් එකේ නොද ඉදිවිනේ

33 comments:

  1. මේකේ ඉතින් ඔයාලට කියන්න දෙයක් නැති වෙන්නත් පුලුවන්නේ... මට අපු එකක් එස් එම් එස් මම මෙතන දානවා ඔයාලාත් කැමතිනම් මේකට ඉදිරිපත් වෙන්නකෝ

    Obath rathri kalaye minisun baya karamin sarisarana GREEZ YAKEKda?
    obe hakiyawata menna idak.
    Danma ayadum karanna.

    "SIRASA GREEZ STAR"

    jayagrahakayata dina 31k "WALIKADA RESTHOUSE" hi niwaduwak samagin police yen oba hata dotha pura thegi.....! Danma ayadum karanna!

    "SIRASA GREEZ STAR"
    Season 1,
    NO, 129
    YAKA AREA,
    COLOMBO 10

    ReplyDelete
  2. කවි ලියන්න බැරි කමක් නෑනේ දේවා අයියේ

    ReplyDelete
  3. තමන්ගෙ හිතේ නිසඟයෙන්ම ඇතිවෙන හැඟීම කොහේ හරි අකුරු කළාම ඒවා නිකන්ම නිර්මාණ බවට පත් වෙනවා. ඊට පස්සෙ ඉතිං කියවල බලල හැඩ වැඩ ටිකක් දාල ගත්තම රටක් වටිනව. දිගටම ලියන්න. මටත් ලියන්නනම් බෑ රස විඳින්නනම් පුළුවන්.

    ReplyDelete
  4. යකෝ මෙන්න දේවා මල්ලියා කවි ලියනවා .......

    ReplyDelete
  5. තමන්ට හිතෙන දේ ලියන්න අයියා...කට්ටිය බැලුව හෝ නැතා .....ඒ ඔයාගේ අදහස්..කවුද කියන්නේ කැතයි කියල..මට නම් ලස්සනයි පද ටික......

    ReplyDelete
  6. අදහස ලස්සනයි දේවා.......

    ReplyDelete
  7. හරිම ලස්සනයි නෙව දේවා අයියේ.. කවුද කියන්නේ ඔයාට කවි ලියන්න බෑ කියලා...

    ReplyDelete
  8. "ගෙවෙනා හැම මොහොතේ
    ඔබ ගයනා ගි රාව වසන්තේ
    ඇහෙනවා දසතේ
    මගේ දෙසවන් සනහා අනන්තේ "
    හී හී...හ්ම් හ්ම්... :D :D :D
    එහෙම උනාම නොදන්න කවිත් කිය වෙනව නේහ්...

    ReplyDelete
  9. මුදු සුමුදු වදනින් ඇගේ සිතු සනසන්
    සදා රැදි සෙනෙහසේ සුවය නිති විඳගන්
    අපි අතර රැඳෙන මේ මිතු දහම රැක ගන්
    බැරි දෙයක් නැත ඔබට දේවා එය හිතට ගන්

    ReplyDelete
  10. තොන්සා : අනේ මන්දා යාලු...

    ReplyDelete
  11. නිකමා : කවි නෙමේ වගේ නේද??

    ReplyDelete
  12. දය්යා : සිරාවටම එහෙම වෙන්න ඕනේ.... පලමු පැමිනිම මම හිතන්නේ සාදරයේන් පිලි ගන්නවා මම

    ReplyDelete
  13. අම්බලම : ඇත්තටමද බන් ඔය කියන්නේ

    ReplyDelete
  14. සිතිවිලි නිහඩයි: ඇත්තටම නංගෝ... හිතට දැනුන දේ ඔහේ කුරු‍ටු ගැවා

    ReplyDelete
  15. ගිම්හානි : ටික දවසකින් නේද??? ස්තුතියි අක්කෝ

    ReplyDelete
  16. අපි දෙන්නා : ස්තුතියි.. ඔයත් අලුතෙන් වගේ මේ පැත්තේ... සාදරයෙන් පිලි ගන්නවා ඔන්න

    ReplyDelete
  17. ත‍ටු සිදුන සමනලි : :D නෙමේ බ්ලොග් එකේ පාලු මකන්නේ නැතිද ඉතින්

    ReplyDelete
  18. ප්‍රාර්ථනා : කවුරුවත් නම් නෙමේ නංගෝ.... මටම හිතුනා.... බලනකොට ඔයාලටත් පෙනවානේ

    ReplyDelete
  19. චතු : ඇත්තටම ඒ හින්දා තමයි මම හිතන්නේත්....

    ReplyDelete
  20. මහේෂ් : කවියකින් උත්තරයක් දෙන්න නම් මට තෙරෙන්නේ නැ අය්යේ... ඒත් මට හොදට ඔයාට කිව දේ නම් තේරෙනවා අය්යේ, ගොඩාක් උත්සහ කරන්නේ මම ඒකට තමා..

    ReplyDelete
  21. tika dhawasakin wenne komadha kollo .. pasugiya post eketh inne mama ...

    ReplyDelete
  22. ගිම්හානි : මේකනේ පහුගිය පොස්ට් එකට ඔයා ඇවිත් නැ.... බලන්නකෝ .... ඉතින් එහෙම එකකට ආවේ නැතුවහම දැනෙනේ ආවේ නැ හුග දවසකින් වගේ කියලා

    ප.ලි : ඇයි සින්ගිලිෂ්.......

    ReplyDelete
  23. හපොයි එකයි මිස් වෙලා තියෙන්නේ.. හොල්මන් කතා වලට කෝමත් බයයිනෙ. ඒකයි හෙමින් ශේප්වෙන්නේ...
    සින්ග්ලිශ් ඉතින් කම්මැලිකම තමයි....

    ReplyDelete
  24. ගිම්හානි : ඉතින් එතකොට තේරෙනවනේ ඒ කමෙන්ට් කොයි තරම් වටිනවද කියලා...

    හ්ම්.......... බය හින්දා කියලා ඒකේන් ශේප් වෙමුකෝ.....

    ReplyDelete
  25. සෑහෙන්න හොඳයි. ගායනා කරමින් පද හදන්න මාත්‍රා ගාන එන්න.

    ReplyDelete
  26. කතන්දර : " සෑහෙන්න හොඳයි. ගායනා කරමින් පද හදන්න මාත්‍රා ගාන එන්න." ගොඩාක් සතු‍ටුයි මෙහෙම අහන්න ලැබුනට මට...

    ReplyDelete
  27. කවි ලියන්න බැරි කමකුත් නැහැනේ. ඔය තියෙන්නේ එලටම කවි ටික ලියලා. මෙහෙම කවි සිතුවිලි පහල වෙන්න නියම ආදර කතාවක් ඇති මල්ලිට !!!!
    මොකද ආදරේට පුළුවන් නේ කෙනෙකුට කවි සිතුවිලි ඇති කරන්න.

    අතරින් පතර කවිත් ලියමු. එතකොට විවිධත්වයක් තියෙනවනේ බ්ලොග් එකට !!!!

    ReplyDelete
  28. කව්ද දේවට කවි ලියන්න බෑ කියන්නේ එලට ලියල තියෙන්නෙ...

    ReplyDelete
  29. මම හිතන්නෙ අපේ නංගා මට කියපු අක්කා ගැන වෙන්න ඕනා මේ ලියලා තියෙන්නෙ. :D

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....