ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 September, 2011

බ්ලොග් ලියන කියවන හැමෝම උදව් කරන්න මට..

ලංකාවේ බ්ලොග් ඇත්තටම 2000කට එහා ගිය ගානක් තියනවානේ සමහර බ්ලොග් තියනවා සින්ඩිවලත් නැති...  ගොඩාක් වටින බ්ලොග් සමහර වෙලාවට ඔය හේතුව නිසා මට කියවන්න ලැබෙන්නේත් නැ.. අපි බ්ලොග් එකක් ලියන්නේ අපේ හිතේ හැගිම් දැනෙන දේවල් අහන දකින හැම දෙයක්ම පිට කරගන්නනේ.. ඒත් ඒ බ්ලොග් තමන් විතරක් කියවන එක ඇත්තටම බ්ලොග් කියවන අයට අසාධාරනයක්...මම දන්නවා මටත් එහෙම ගොඩාක් වටින බ්ලොග් ගොඩාක් මිස් වෙනවා කියලා.. මම ඒ හින්දාම දේවා කියවන බ්ලොග් කියලා තැනක් පටන් ගත්තා කියලා ඔයාලා දන්නවානේ.. අද මම බ්ලොග් ලියන කියවන ඔයාලා හැමෝගෙන්ම ගොඩාක් ලොකු උදව්වක් ඉල්ලනවා මට මේකට තව ගොඩාක් බ්ලොග් එකතු කරගන්න ඕනා.. ඔයාලා දන්න කියවන වටින බ්ලොග් ගැන මට කියන්න.., බ්ලොග් එක ගැන විස්තරයක් නැත්ත කමෙන්ට් එකකින් මට බ්ලොග් එකේ ලින්ක් එක විතරක් වත් කියලා යන්න..

බ්ලොග් කලාව තව තවත් වැජබේවා...

ප.ලි : අද ලියන්න උන්නු පොස්ට් එක ලියාගන්න ඇත්තටම ඊයේ දවසේ මහන්සිය හරස් උනා.. ඒත් මේක ගොඩාක් වටින දෙයක්... මට ඔයාලා හැමෝම උදව් කරයි කියලා හිතෙනවා....

16 comments:

  1. කෝ ඒකෙ ලින්ක් එක ... ඒක මෙතැන දැම්මනම් ගොඩක් ලේසියි....

    ReplyDelete
  2. ඔහොම කමෙන්ට් ඉල්ල ඉල්ල අඬන්න එපා බන්. උඹ බ්ලොග් තරු කියල එකක් පටන් ගත්තා. කෝ දැන් ඒක? දැන් සිංඩියක් පටන් ගෙන. උඹ ලියන පෝස්ට් වලත් හැමදාම උඹේ ඈඬියාව දානවා කියවන් උන්ට එපා වෙන්න. තේරුම් ගනින් උඹ කමෙන්ට් කරන බ්ලොග් වල එවුන් මිසක් වෙන උන් උඹට කමෙන්ට් කරන් නෑ.

    දේවා උඹ ලියපු සිරා ලිපි තියෙනවා. උඹට සිරාවටම පට්ටෙටම ලියන්න පුළුවන් එකෙක්. ඒ නිසා නියම විදියට අනන් මනන් නැතුව උඹට කියන්න ඕනා දේ විතරක් පෝස්ට් එකෙ ලියපන්.

    කමෙන්ට් ගැනයි හිට්ස් ගැනයි හිතන්න එපා. මොකද සිංහල බ්ලොග් කියවන 4000ක් විතර නිහඬ පාඨකයන්ට කමෙන්ට්ස් හිට්ස් වැඩක් නෑ. ලියලා තියෙන ලිපිය රසවත් නම් උන් කියවනවා. ඔය කමෙන්ට් කර කර එකිනෙකාගෙ පිට කසා ගන්නෙ බ්ලොග් ලියන එවුන්ම තමයි...

    ඔය අඩු පාඩු හදා ගනින් උඹට මම සුබ පතනවා....

    (මේ කමෙන්ට් එක ඩිලීට් කරන්නෙ නැති වේවි කියලා මම විශ්වාස කරනවා)

    ReplyDelete
  3. මම හිතන්නෙ දේවා විහිළුවක් කරලා වගේ...ඔයා කියවන බ්ලොග් මොනාද කියලා තීරණය කරන්නෙ ඔයා මිසක් වෙන කවුරුවත් නෙමේ...ඉතින් තව කෙනෙක් ඇවිත් මේක බලන්න කිව්වම ඔයාට ඒක බලන්න හිතෙන්නෙ නැත්තම්.....

    පුරුද්දක් විදියට මම සින්ඩි වල තියෙන හැම බ්ලොග් පෝස්ට් එකක් වගේම කියනවා...කොමෙන්ටුවක් දාන්න ඕනෙ කියලා හිතුනම කොමෙන්ටුවක් දානවා...නැත්තම් නොදා ඉන්නවා....

    ReplyDelete
  4. http://amilawickramasinghe.blogspot.com/

    ReplyDelete
  5. http://amilawickramasinghe.blogspot.com/

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. දේවාගේ අඩවිය කියවන්නෙක්.September 29, 2011 at 11:47 AM

    ඉතින් අයියා ඔයාට සින්ඩියකින් කියවන්න එන්න පුලුවන් නේ. තව දෙයක් තමා අලුත් කට්ටියගේ බ්ලොග් ටිකක් වැඩිපුර හොයාගෙන කියවන්න.

    ReplyDelete
  8. My blog

    http://nelumwila.blogspot.com

    our group blog just for ''kavi''

    http://kavimuthumal.blogspot.com/

    Blog for kids

    http://punchiththa.blogspot.com/

    ReplyDelete
  9. onna ehnamm hodaii da balala mage Blog ekatt add kara ganinn
    menna Link EKA
    http://www.cotbookshop.blogspot.com/

    ReplyDelete
  10. අනේ මන්දා.. මීට‍ කලින් කවුරුත් මෙහෙම ඉල්ලීම් නම කරලා නෑ. ඒත් මේ සහෝධරයා ඉල්ලා සිටින්නේ උදව්වක් නිසා මධුරංග සහෝ කරපු දේ වටිනවා...

    ජය..

    ReplyDelete
  11. මම බලාපොරොත්තු උනේ මධුරංග අය්යා වගේ හැමෝම උදව් කරයි කියලා සමහර අය ඒක ඒ විදිහට තේරුම් අරන් තියනවා සමහර අය ඒක ඒ විදිහට තේරුම් අරගෙන නැ... කොහොමත් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි.. එත් මේක සින්ඩියක් කියලාහිතන අයට කියන්නම ඕනා මේක මම ෆලෝ කරපු බ්ලොග් වල එකතුවක් මිසක් මට කියවන්න පහසුවට හදාගත්තු දෙයක් මිසක් වෙන කිසිම දෙයක් නම් නෙමේ. මට කොහොමවත් සින්ඩි හදාගන්න්න නම් උවමනාවක් නැ.. මට මග හැරෙන බ්ලොග් කියවන්න විතරයි මට ඕනේ..

    බ්ලොග් ලොව දිදුලන තරු ගැන ඇහුවනේ ඒ හැමදෙම ගොඩාක් ඉක්මනටම ඔයාල එක්ක බෙදාගන්න මට ඕනා.. මේ එක්සැම් ගොඩකට මම හිර වෙලා නිසායිඔ හැමදෙයක්ම

    හැමෝටම ආයෙමත් ගොඩාක් තැන්ක්ස්

    හිට්ස් ගැන මම හිතනවා කියලා මිට ටික කාලෙකට කලින් කිවා නම් මම පිලිගන්නවා..ඒත් දැන් එහෙම නම් ඇත්තටම නැ

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මෙන්න 2000+ ලැයිස්තුවක් තියෙනවා.

    ලාංකීය සිතුවිලි , ඇඩ්මින් ලොගය http://syndi.lankeeya.lk/adminlog

    ඔක්කොම කියවන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි !!!

    (කලින් කොමෙන්ටුවේ ලින්ක් එක වැරදි)

    ReplyDelete
  14. හ්ම්ම් මෙහාට ආව නිසා කමෙන්ටුවක් දාලම යන්නම්කෝ..
    ඔය මකරයියා දීල තියෙන්නෙ.. මදි නොකියන්නම එකක්.. ;)
    ඒකෙන් බලන්න.. අපි ගියා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....