ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 September, 2011

නුවර අසිරිය වින්දෙමි සිත් සතොසින්..

ගොඩාක් හිතේ සතුටින් ලියන පොස්ට් එකක් මේක.... ඔයාලා හැමෝම වගේ දන්නවානේ මගේ උපන්දිනේ තිබුනේ මේ මාසේ 26 කියලා ඔන්න ඉතින් මගේ සුදු මැණිකත් එක්ක සෙකඩගල දලදා වදින්න ගියා.. මම 28 ඒ කියන්නේ ඊයේ...

කොහොමත් මාස 3,4 කට සැරයක් ඔන්න ඉතින් මම ඒ පැත්තේ නම් යනවාම තමයි..

නුවර දළදා මාලිගාව ගැන නොදන්න කෙනෙක් නම් නැහැනේ.... 

එත් මම කොයි තරම් දළදා වදින්න ගිහින් තිබුනත් මතක හිටින කාලෙක ඊයේ තමයි මියුසියම් එක බලන්න ගියේ....

ඇත්තටම ෆොටෝ එතන ඒවා දාන්න නම් මම ගත්තේ නැ මොකද ඉතින්
එතන ෆොටෝ ගන්න එපා කියලා

එත් එතන බලන්න වටින ගොඩාක් දේවල් එතන තියනවා..  ඔයාලත් ගිය වෙලාවක බලන්නකෝ... ඔන්න ඉතින් අද පොස්ට් එක ගොඩාක් දිග කරන්නේ නැතුව ෆොටෝ ටිකක් දානවා...
කැමති නම් බලන්න්කෝ....
















33 comments:

  1. ඔන්න ඔය පරවියෙක් ඉන්නවා නේද එක 4ටෝ එකක ඔලුව නැතුව එහෙම නෙමේ මගේ සුදු මැණික ගේ කලාත්මක ෆොටෝ ගැපි තමයි ඒ.. ෆෝටො අපි දෙන්නම ගත්තු ඒවා..

    ReplyDelete
  2. :) Wish you a happy birthday and the photos are beautiful too :)

    ReplyDelete
  3. මියුසියම් එකේ ෆොටො ගන්න දෙන්නේ නෑ නම් තමයි.. ඒත් මම එක පාරක් හොරෙන් වීඩියෝ කලා.....

    ReplyDelete
  4. මාලිගාවට විතරද ගියේ....?

    ReplyDelete
  5. මාලිගාවට විතරද ගියේ....?

    ReplyDelete
  6. ෂා ෂා . හරි ලස්සන්නයො. නුවර වැවේ බෝට්ටු පදින්න ගියේ නැද්ද..අපිනම් ගිහින් බෝට්ටුවෙ සවාරියක් ගිහින් ආව...
    ඔන්න උපන් දිනේටත් සුභ පැතුම්!!

    ReplyDelete
  7. ඔය ඉතින් දෙන්නම ගිහින් තියෙන්නේ දළදා වඳින්න. නියම ට්‍රිප් එකක් නේ. ඔන්න අපෙනුත් සුබ පැතුම්.

    දෙන්නා කිය කියා යන්න ඇති,

    "සතියේ නිවඩුවට නුවරට මං එන්නම්
    දෙන්නම එකතු වෙලා දළදා වඳින්න යං" කියලා.

    ReplyDelete
  8. ඩීපිස් : තැන්ක්ස් තැන්ක්ස්.. මම හිතන්නේ මේ නම් ඔයාලගේ ගම් පලාත තමා

    ReplyDelete
  9. දිනේශ් : ෆොටෝ නම් හිතේ හැටියට ගන්න තිබුනා.. මොකද මේ දවස් වල කට්ටිය ගොඩාක් අඩුයි.. ඒත් හිතුනේ නැ මට යාලු

    ReplyDelete
  10. රතු මුහුද : ආහ් නැ නැ බුක් ෆෙයාර් නොගිය නිසා කැන්ඩි සිටි සෙන්ටර් එකේ ශොපින් කලා... යාලු

    ReplyDelete
  11. ගිම්හානි : බොට්‍ටු පදින්න ගියේ නැ අක්කෝ.. අපි දෙන්නම ඒ තරම් හැඩි දැඩි නැනේ පෙරලුනොත් එහෙම අනාතයිනේ

    ReplyDelete
  12. මධුරංග : නිවාඩුවක් දාලමයි අය්යේ ගියේ,.. මොකද වික් එන්ඩ් වලට වඩා ගොඩාක් නිදහස්.... අය්යේ.. කට්ටිය සෙට් වෙලා යමුකෝ ට්‍රිපක්.....

    ReplyDelete
  13. ලස්සන පොටෝ ටික.. මමත් ගොඩාක් කැමති ප්ලේස් එකක් තමයි දළදා මාලිගාව.සොඳුරු මතකයන් නැතුවම නෙවෙයි ඉතින් :D

    ReplyDelete
  14. අර පරවියානම් මරු. හෙඩ්ලස් පිජන් කියලා මේල් එකක් යවන්න වටිනවා.

    ReplyDelete
  15. හොද ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ ...අපේ සුභ පැතුම් දේවාටත් ...දේවීටත් .....අපිත් හෙට ඔය පැත්තේ යනවා ...

    ReplyDelete
  16. වැරදි තැනකට ගිහින් තියෙන්නේ. මැනිකෙත් එක්ක යන්න ඕන උද්භිත උද්‍යානයටනේ. එහේ ලන්කාවට ආවේනික කුරුළු ජෝඩූ වැහි වැහැල.

    ආයේ ගිය වෙලාවක දෙගල්දොරුව රජමහා විහාරය බලන්න යන්න. ඉතා වටිනා තැනක්. නුවර ඉඳල පොඩ්ඩ දුරයි. නායක හමුදුරුවන්ට අවුරුදු 90ට් වැඩියි. ආඩම්බර කාර චරිතයක්. ඒ වගේ තැන්වලට ආධාරයක් කළාට පව් නෑ. නුවර යුගයේ හොඳම බිදු සිතුවම් තියෙන්නේ එතන. හැමෝගෙන්ම මම කරන ඉල්ලීමක්.

    ReplyDelete
  17. කොහොමද අපේ නගරේ සිරියාව?කෞතුකාගාරයේ මම ප්‍රිය කරන්නේ අවි ආයුද එකතුවට

    ReplyDelete
  18. දළදා මාලිගාවට යනවනම් කෞතුකාගාරය ටත් නොවැරදීම යන්න ඕන...එතනට ගියාම ඒ කාලෙට යන්න පුළුවන් හිතින් :)

    ReplyDelete
  19. ලස්සනම ලස්සන ෆොටෝ ටිකක්.. මාත් දැන් මාස දෙකකට විතර කලින් දළදා මාළිගාවට ගියා. ඒ වෙලාව මතක් කරත්දිත් ආසයි. අපේ කැම්පස් එකේ යාලුවො ටිකයි අපේ අම්මලයි ගියේ. හවස් වෙත්දි ගල් බැම්මක් උඩ වාඩිවෙලා තේවාවෙ සද්දෙ අහන් හිටියා. ඒ වෙලාව නම් නියමයි.

    ReplyDelete
  20. මගේ නුවර මතකය අළුත් වුණා . මම කාලයක් මුල්ගම්පොල නතර වෙලා උන්නා . අනේ අපොයි මහ නුවර ..

    මාර සනීප දේසගුනේ ! අහසත් හරියට පොඩි කෙල්ලකුගේ හිත වගේ කොයිවෙලේ බැලුවත් ඬන්න ලං වෙලා !

    තෑන්කූ මචං ඒ මතකය ආයේ අලුත් කලාට

    ReplyDelete
  21. පබලු : සුන්දර මතකයන් ගොඩාක් ‍රැදුන තැනක්... සිත නිවන තැනක්.....

    ReplyDelete
  22. නිසුපා : සුදු මැණිකගේ වැඩනේ අක්කෝ

    ReplyDelete
  23. මහේෂ් : අය්යා කලින් කිවා නම් ඇත්තටම ඇස් දෙකෙන් දකින පලවෙනි බ්ලොග් කරුවා ඔබ තුමා වෙන්න තිබුනා

    ReplyDelete
  24. මාතලන් : ඒහෙත් නම් යන්න ඕනා තමයි අය්යේ... එත් ඉතින් අපි දෙන්නගෙම අලුත් අවුරුද්දක්.. ඔය තැන බල බල අපිට වෙන කොහෙවත් යන්න හිතුනේ නැ අය්යේ...
    ගොඩාක් ස්තුතිය් එහෙම තැනක් ගැන කිවට.. අනිවා ආයේ යනකොට ඒ පැත්තටත් යන්නම ඕනා

    ReplyDelete
  25. ඇනෝ : බලන්න ඒ තරම් වටින දේවල් තියනකොට ඕවාට කැමති වෙන්නේ මොකටද මන්දා...

    ReplyDelete
  26. සයුරි : අනිවාර්යෙන්ම... බොම්බ ප්‍රාහාරය ගැන ගොඩාක් ලොකු දුකක් හිතෙනවා... ඒ වගේම ඒ හින්දාම අධි ආරක්ශිත කලාපයක් වෙලා ආරක්ෂාකරිව පවතින එක ගැන ගොඩාක් සතු‍ටුයි..

    ReplyDelete
  27. හංසි : ඇත්තටම හිත නිවන තැනක් තමයි නංගෝ.... මගේ ජිවිතේ වැඩියෙන්ම යන්න කැමති තැනක්

    ReplyDelete
  28. හිස් අහස : ඔන්න අපිට තවත් එහෙමනම් ජිවන අත්දැකිම් ගොඩක් අපිට බෙදාගන්න පුලුවන් වෙයි නේද???

    ඉතින් අපි බලාගෙන ඉන්නවා ඔන්න

    ReplyDelete
  29. ඔය ගිහින් තියෙන්නෙ ඩබලම නුවර සවාරි.කෝ අපිට මොනාවත් ගෙනාවෙ නැද්ද?

    ReplyDelete
  30. ලස්සන පොටෝස් ටිකක්නෙ.. මාත් බැලුවෙ මේකගෙ ඔලුවට මොකෝ වුනේ කියල හික්ස්

    ReplyDelete
  31. තොන්සා : අම්මේ බන් මේ ඔක්කොටම ගෙන්න ගියොත් ඉතින් මට තව ජොබ් එකක් කරන්න වෙයිනේ... ගෙනාපුවා තමා ඔය තියෙන්නේ

    ReplyDelete
  32. හිම කුමාරි : ඒකනේ මාර හැකියාවක් තමා ඉතින්

    ReplyDelete
  33. හිම කුමාරි : ඒකනේ මාර හැකියාවක් තමා ඉතින්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....