ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 February, 2013

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?

ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා....  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි...

ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..

මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් දවස් හතකට කලින් මම දැම්මා පොස්ට් එකක් ජිවිතයක් බෙරගන්න පුංචි උදව්වක්කරන්න පුලුවනිද කියලා...

අදත් ඒ වගේම කතාවක් තමා.... එත්  මේක  අපිට  ගොඩාක් සමීප  කෙනෙක් ගැන.....

අන්තර්ජාලය කියනකොට අපිට  ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් බ්ලොග් වලින් හදන ගැන තවත් ඒ බැදීම්  තහවුරු කරන්නේ  මුණු පොත හරහා... එහෙම ඇති කරගත් ගොඩාක් මම  නතර වෙන තැනක්  තමා  මුණු  පොතේ  වයි ගෘපිය...  අහන හැම  දෙයකම  අවසානයේ ඇයි කියන  වචනේ තියෙන්න ඕන කියන එක  නීතියක් නොවුණු රීතියක් උණු මේ  ගෘපිය  ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් උනත්

අද මේ ගෘපියේ හැමෝගෙම  ප්‍රශ්නේ හසන්ගි ට මෙහෙම උනේ ඇයි  කියන එක....


කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටින විටක පුංචිම පුංචි කෙල්ලක් වගේ දගකාරකම් කරන වයි ගෘපියේ අහිංසකාවිය හසංගි




ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....

ලක්ෂ දහයක් කියන්නේ  තරමක් විශාල ගානක් නම් තමා... සාමාන්‍යන් බ්ලොග් කියවන බලන පිරිස කොහොමත් 4000ක් 5000ක් විතර ඉන්නවා කියන කතාව බ්ලොග් ප්‍රවීණයෝ කියනවා මට ඇහිලා තියනවා දැන් ඊටත් වැඩි ඇති... 

කෙනෙක් රුපියල් 200ක් දෙන්න පුළුවන් උනොත්

5000 * 100 =  1000000 කියන ගාන හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් වෙන්නේ නැ....
අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි.... පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා... අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා...

ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

මොහොතක් හිතන්න... පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න....

 තව දෙයක් ගිය අවුරුද්දේ මෙහෙම දෙයක්  ගැන කියනකොට  මම  තව  පුංචි දෙයක් ඉල්ලුවා.. මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

පැ.ලි  : ලංකාවේ  වෙන හැම මේ වගේ දෙයකටම අපිට උදව් කරන්න අමාරුයි තමා... එත් මේ සොහොයුරිය  අපේ  බ්ලොග් හිතවතුන් ටත් සමීප කෙනෙක්...

බ්ලොග් ලියන කියවන අය  ගේට් වලට සහබාගි උන ය මේ හිතවතාව අදුනනවා ඇති,... නමින් නිමේෂ් ගමගේ...  බ්ලොගය සිතුවිල්ලකට ඉඩක්...

මේ තරම් කතාවක්  කියපු ඒ හසංගි ඔහුගේ නැදැ සොහොයුරියක්.... වැඩි විස්තර ඔහුගේ මේ දුරකත අංක මගින් ලබා ගැනීමට හැක...

නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts

අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
අසංක හෙන්දහේවා  https://www.facebook.com/asankahendahewa 
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  


ජීවිතයක් වෙනුවෙන් පුංචි ආයාචනාවක්....... වේලක් නොකා උන්නත් බඩේ පනුවෝ අපිත් එක්ක තරහ වෙන්නේ නැ... කරන්න පුලුවන්නම් ඇගේ ජීවිතය වෙනුවෙන් යමක්..

ඔබේ පුංචි රුපියල් 100 හෙට ඇගේ ජීවිතය ආලෝකමත් කරාවි...

ප.ප.ලි : මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

17 comments:

  1. ඔයාලා හැමටම ගොඩාක් පින්. මේ අසරන නන්ගියව බේර ගමු අපි...

    ReplyDelete
  2. පුළුවන් උදව්වක් කරන්න යාලුවනේ...
    තෙරුවන් සරණයි ඔයාලට..!!

    ReplyDelete
  3. මේක අපේ යුතුකමක් හැටියට සලකමු

    ReplyDelete
  4. ෆේස් බුක් එකේ මෙසේජ් කරපු විදිහට මම හෙට උදේට වයිෆ්ට කියන්නම් ලංකාවෙන් සල්ලි දාන්න කියලා මල්ලී. ඇත්තෙන්ම පින් සිද්ද වෙන වැඩක්.

    ReplyDelete
  5. අපිට පුළුවන්, අපි කරමු!

    ReplyDelete
  6. මේ මගේ නංගියා .. ඔයාලට පුළුවන් විදිහට උදව්වක් කරන්න .. ගොඩක් පිං

    ReplyDelete
  7. මම මට පුළුවන් විදිහට රු.200.00 ක් දැම්මෝ....
    ඉක්මන් සුවය පාර්ථනා කරමි!!!!!!!

    ReplyDelete
  8. Deposited small amount.

    ReplyDelete
  9. මටත් පුලුවන් විදියට දාන්නම්. මමත් පොඩි බැනරයක් හදලා දැම්මා අඩවි රජාගේ පෝස්ට් එක ලින්ක් කරලා. ගොඩක් පින් ඔයාලට.

    ReplyDelete
  10. අදයි මේ ලිපිය දැක්කේ.
    අනිවාර්යෙන්ම හෙට උදේ සල්ලි දාන්නම්.
    ඉක්මන් සුවය පතමි !

    ReplyDelete
  11. අද දාල තියෙන බ්ලොග් වල පෝස්ට් වල ගොඩාක් තියෙන්නෙ පිං අතේ වැඩ කරන ඒවමනේතකමක් නැහැ මේකටත් පොඩි හෙල්ප් පාරක් දාමු.

    ReplyDelete
  12. BLOG LIYANA AYAGE MEWAN SATH KRIYA AGAYA KALA YUTHUI. KAKKA, CHOO, PADA, JOKKU ADIYA GENA NOLIYA.

    ReplyDelete
  13. අනිවා කරන්න පුළුවන් දෙයක් කරන්නම්

    ReplyDelete
  14. හෙට උදේ අපි දෙන්න යන ගමනෙදි බැංකුවක් ඇරල තියෙනව දකින පළමුවෙනි විනාඩියෙදිම මේ වැඩේ කරනව.
    ස්තුතියි උඹට
    ඇයට ඉක්මන් සුවය.

    ReplyDelete
  15. අනිවා. උඹ මේ වගේ දෙවලට ප්‍රසිද්දයි. මම පින්තූරයක් දාලා උඹගෙ පෝස්ට් එකට ලින්ක් එකක් දාන්නම්..
    මම දාන්නේ පින්තූරේ විතරයි.. අනිවාර්යයෙන් ඕන එකෙක් ක්ලික් කරනවා කෑල්ල දැක්ක ගමන්. මුදල් ආධරයකුත් කරන්නම් අනිවාර්යයෙන්. මොකක්ද ඉතින් බොතලයක් නොබී හිටියාම හරි...

    ReplyDelete
  16. බේරා ගන්න බැරි තරම් අපි පව් කාර නැ.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....